Thu. Sep 19th, 2024

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව ඉංජිනේරු විද්‍යාංශය මගින් සිදුකළ උපකරණ මිලදී ගැනීම් සම්බන්ධව අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කිරීම සතුටට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව කියා මිටියා.

එමෙන්ම බාල ඖෂධ මෙන්ම බාල වෛද්‍ය උපකරණ හේතුවෙන් මිනිස් ජීවිතවලට විශාල හානියක් සිදුවන බවද ඒ මහතා පෙන්වා දුන්නා.

මීට පෙර තමන් විසින් අල්ලස් කොමිසමට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිලි මත දැනට සිදු කරන පරීක්ෂණ තවදුරටත් කඩිනම් කිරීම වැදගත් බවයි ඔහු එහිදී කියා සිටියේ.

වසර 17ක් පැරැණි තාක්ෂණික ලක්‍ෂණවලින් සමන්විත හෘද කැටීතකරණ යන්ත්‍රයක් බදුල්ල රෝහලට මිලදී ගන්නා බවට තමන් අනාවරණය කළ නමුත් එම කරුණු නොසළකා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රශ්න සහගත ලෙස එම සමාගමටම ප්‍රසම්පාදනය ලබා දී ඇති බවට වාර්තා වන බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධව වාරණ යෝගයක් ලබා ගැනීමට අධිකරණමය ක්‍රියාමාර්ගයක් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *