ටයිටැනික් චිත්‍රපටයේ “කපිතාන් එඩ්වඩ් ස්මිත්” ජීවන රඟ මඩලින් බැස යයි

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් ඊයේ (5) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවයි.

බර්නාඩ් හිල් ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වූයේ, සම්මානනීය ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපට මාලාවේ රොහාන් හි තියෝඩන් රජු ලෙසත්, ජේම්ස් කැමරන් අධයක්ෂණය කළ සම්මානනීය ටයිටැනික් චිත්‍රපටයේ ටයිටැනික් නැවේ කපිතාන් එඩ්වඩ් ස්මිත් ලෙසත් කළ රංගනය නිසායි.

බර්නාඩ් හිල් උපත ලැබුවේ 1944 දෙසැම්බර් 17 වැනිදාය. බර්නාඩ් හිල් විවාහ වූයේ රංගන ශිල්පිනියක වන ජනප්‍රිය මරියානා සමගය.

බර්නාඩ් හිල් චිත්‍රපට නළුවකු පමණක් නොව, රූපවාහිනී නළුවකු ද වුණා. ද ගෝස්ට් ඇන්ඩ් ද ඩාක්නස්, ස්කෝපියන් කිංග් යන චිත්‍රපවලට ද බර්නාඩ් හිල් රංගනයෙන් දායකවී තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *