බංගලියන්ට එරෙහි තීරණාත්මක තරගය අද – තරගයටත් පෙර එරට උණුසුම් කළ ධනංජයගේ ප්‍රකාශය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය චැටොග්‍රෑම් හිදි අද (30)ආරම්භ වනවා.

මෙම තරගාවලිය තරග 2කින් සමන්විතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගය ලකුණු 328කින් ජය ගනිමින් 1-0ක් ලෙස මේවනවිට ඉදිරියෙන් පසුවනවා.

අද තරගයට ශකීබ් අල්හසන් යළි බංග්ලාදේශය පිලට කැඳවීම සම්බන්ධයෙන් ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ධනංජය ද සිල්වා ලබාදුන් පිළිතුරක් පිළිබඳව එරට මාධ්‍යත් මේවනවිට කතාබහට ලක්කර තිබෙනවා.

ශකීබ් තරගයට කැඳවීම ගැන මොකද හිතන්නේ? යැයි මාධ්‍යවේදියෙක් විමසු විට

ධනංජය ද සිල්වා – “මට දැන් කිසිදෙයක් කියන්න බැහැ.”

මාධ්‍යවේදියා – ඔයා දැන් ශකීබ් ගැන කිසිම දෙයක් කියන්නේ නැද්ද?

ධනංජය ද සිල්වා – “මම මොකටද කියන්නේ? එයා මගේ කණ්ඩායමේ නෙමෙයි. බංග්ලාදේශ කණ්ඩායමෙන් තමයි අහන්න ඕනේ.”

මාධ්‍යවේදියා – ශකීබ් ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයෙක්

ධනංජය ද සිල්වා – “මම මොකටද ඔහු ගැන කතා කරන්නේ. එයා මගෙන් ශකීබ් ගැන අහනවා. සමහර විට ඔයා මාව වැරදියට තේරුම්ගෙන ඇති.”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *