2025 සිට ලන්ච් ෂීට් තහනම්.

ලබන වසරේ (2025) සිට ලන්ච් ෂීට් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.

ඒ අනුව ලබන වසරේ සිට ලන්ච් ෂීට් නිෂ්පාදනය, ආනයනය, අලෙවිය තහනම් කිරීමට අදාළ නීතිමය කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරන්නේය. 

මෙම නීතියට අනුව, දිරන ලන්ච් ෂීට් නිෂ්පාදනය, ආනයනය කිරීමට ද නොහැකි බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පැවසීය. පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් නිෂ්පාදනය, අලෙවිය ඉකුත් 2021 වසරේ අගෝස්තු මස පළමුවැනිදා සිට තහනම් කෙරුණු අතර, එදින සිට ජෛව සායනික ලන්ච් ෂීට් (Biodegradable) භාවිතය අනිවාර්ය කෙරිණි.

නමුත් තත්ත්වයෙන් බාල ලන්ච් ෂීට් අලෙවිය දිගින් දිගටම සිදුවන හානිය ඉහළ යාම හේතුවෙන්, ලන්ච් ෂීට් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු යොදා ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *