අනියම් බිරිඳෑවරු දෙදෙනා සමඟ එක්ව බිරිඳ #මැරූ සැමියෙක්.

ළිඳකට පැන සියදිවි හානි කරගත් බව කියන කාන්තාවගේ මරණය ඝාතනයක් බවට තහවුරු වීමෙන් පසු ඇයගේ සැමියා ඇතුලු තිදෙනෙක් මුල්ලියාවලෙයි පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව්, මුල්ලියාවලෙයි, බූටන්වයල් ගම්මානයේ කාන්තාවක් ළිඳකට පැන සියදිවි නසා ගත් බවට ඇගේ සැමියා පොලිසියට ප්‍රකාශ කර ඇත.

වව්නියාව, ආච්චිපුරම් ගම්මානයේ පදිංචිව සිටි 23 හැවිරිදි එස්. සුදර්ශනී නැමැති කාන්තාව මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයෙකු සමඟ විවාහ වී ඇති අතර, කලක් ගතවීමේ දී ඇගේ සැමියා එම ප්‍රදේශයේම වෙනත් කාන්තාන් දෙදෙනෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඔහු එම කාන්තාවන්ගේ බහට අවනත වී සිය බිරිඳගේ ගෙල සිරකොට ඝාතනය කර සිරුර ළිඳට දමා ඇති අතර පසුව ඇය ළිඳට වැටුණු බව කියමින් කෑ ගසද්දී අසල පිරිසක් පැමිණ ඇයව මුල්ලියාවලෙයි රෝහලට ඇතුලත් කර ඇත.

දේහය පිළිබඳ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කාන්තාව ළිඳට වැටීමට පෙර හුස්ම හිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වීමෙන් පසු එය ඝාතනයක් බවට අධිකරණ වෛද්‍යවරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව සැකපිට ඇයගේ සැමියාව අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සිදුවීම පාපොච්චාරණය කර ඇත.

එහිදී සැකපිට අනියම් ඇසුර පැවැත්වූ කාන්තාවන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *