Home Blog

විදුලි බිල 9% කට වඩා අඩු වන ලකුණු.

ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයකදී විදුලි බිල අඩු කිරීමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මේ වන විට එම අඩු කරන ප්‍රමාණය පිළිබඳ නිශ්චිතව තීරණයකට පැමිණ නැතත් සියයට නවයකින් පමණ විදුලි බිල අඩු කිරීමට හැකිවේ යැයි දැනට තීරණය කර ඇති බව මණ්ඩලයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විදුලි බල මණ්ඩලය පවසන්නේ මෙම ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳ මේ දිනවල සාකච්ඡා කරන බවය. බොහෝ දුරට සියයට නවයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩු කිරීමට හැකියාව ඇති බව ඔවුහු කියා සිටිති.

කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ ප්‍රධානින් විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විදුලි වෘත්තීය සමිති නායකයන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ [ 10 ] විදුලි බල මණ්ඩලයේදී පැවැත්විණ.

එහිදී විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර මේ සඳහා පැමිණි පාර්ශ්වයන් යෝජනා කර ඇත්තේ ජනතාවට දැනෙන ආකාරයේ විදුලි ගාස්තු අඩුවීමක් අවශ්‍ය බවය. එහිදී විදුලි බල මණ්ඩලය පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා සිදුකිරීමට අවශ්‍ය බවත් ඉන් අනතුරුව විදුලි ගාස්තු අඩු කිරීමේ ස්ථිර ප්‍රතිශතය පවසන බවය.

කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධන‍ය සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඊයේ [ 10 ] සවස් කාලය වන විටත් මහජන උපයෝගීතා කොමිසමට ලැබී නොමැති බව එම කොමිසම කියා සිටියි.

වෙසක් සමයේ දන්සැල් සමග ලිට්රෝ ගෑස් කරුණාව,බෙදාහරිමු

ෙසක් සමය යනු, ආලෝකයේ, සාමයේ, කරුණාවේ මෙත් සහගත හැඟීම් පිරුණු කාලයක්. පොදුවේ ජාති, ආගම් බේදයකින් තොරව ශ්‍රී ලාංකික අපි සැම පින්කම් සිදු කරන කාලයක්. ලංකාවට පමණක් උරුමව පවතින් දන්සැල් දීමේ කරුණාබර සහ දානපති සිතුවිලි සහිත සංස්කෘතියක් අප සතුයි. එමෙන්ම දුප්පත් පොහොසත් බේදයකින් තොරව අපි සියලු දෙනමා දන්සැල් ආහාර භුක්ති විඳීමට කැමතියි

දන්සැල් ආහාර පිසීමේදී මහා පරිමාණයෙන් කෑම සකස් කිරීමක් සිදුවන අතර, වේගවත්, ආරක්ෂිත හා පිරිසිදුව උයන ක්‍රමයක් අවශ්‍ය වේ. මෙතැනදී, ලිට්රෝ ගෑස් අපට උදව් කරනවා.
පැය ගණන් ගිනි තැපීමකින් තොරව ලිට්රෝ ගෑස් සමඟ අඩු කාලයෙන් ආහාර පිසීම වේගයෙන් සිදු කළ හැකියි.

එසේම දුමෙන් පිරුණු අපහසුකාරී පරිසරයෙන් තොරව පිරිසිදුව සහ සුරක්ෂිත ආහාර පිළියෙළ කිරීම ලිට්රෝ ගෑස් මගින් සිදුකළ හැකි වේ.

දන්සැල් පමණක් නොවේ අපි මේ වෙසක් සමයේ අන් අයගේ හිත සුව පිණිස ද කටයුතු කරනවා. දානමාන වැඩි වඩියෙන් සිදු කරනවා. වැඩිහිටි නිවාස, ළමා නිවාස, රෝහල් සහ පීඩිත ප්‍රදේශවලට පිසූ රසවත් ගුණවත් ආහාර බෙදාදීම සඳහා ද අප වෙහෙසෙනවා. ඒ සඳහා වේගවත් සහ ගුණාත්මක පිසීමක් අත්‍යවශ්‍ය වෙනවා.

“යහපත් සිතකින් සිදු කරන එක් කටයුත්තක් ද, වළාකුළින් මිදුණු සඳ වගේ ලෝකයට ආලෝකය ව්‍යාප්ත කරයි” යන බුද්ධ වචනයට එකඟව, අපි කරන මේ පින් කටයුතු අරමුණු සාර්ථක කර ගැනීමට ලිට්රෝ ගෑස් මේ වෙසඟේ අපේ හොඳම සහායකයා වනු බව නිසැකයි. එ නිසා අපි කළු දුම නොව, සුදු ආලෝකය පමණක් ව්‍යාප්ත කරමු!
අපේ කරුණාවත්, ආදරයත්, දානයත්, ලිට්රෝ ගෑස් සමඟ අලුත් අර්ථයක් සමගින් මේ වෙසක් සමයේ සමරමු.

ඉතා දරුණු භූමි කම්පාවක් හා සුනාමියක් ජපානය ඉදිරියේ.. තුන් ලක්‍ෂයක් මියයතැයි මත මත පලකෙරෙයි..

තුන් ලක්ෂයක පමණ ජීවිත අහිමිවිය හැකි ප්‍රභල භූමිකම්පාවක් ජපානයට ඇතිවීමේ හැකියාවක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපාන රාජ්‍ය වාර්තා උපුටමින් එම පළ කර ඇති එම වාර්තා වල දැක්වෙන්නේ ඉදරි වසර 30ක කාලය අතරතුර සිදු වෙතැයි පැවසෙන භූ කම්පනය රික්ටර් මාපාංක ඒකක අටක් නවයක් අතර ඉහළ අගයක් ගනු ඇති බවය.

මෙම කම්පනය සිදුවීමේ සම්භාවිතාව සියයට අසූවක් තරම් තරම් ඉහළ අගයක් ගෙන තිබේ.

පැසිෆික් වෙරළ තීරය ආශ්‍රිතව ඇති විය හැකි මෙම භූ කම්පනයෙන් ජපානයට සුනාමි අවධානමක් ද ඇති විය හැකි බවත් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ විය හැකි බවත් සඳහන්ය.

දැනට පුරෝකථනය කර ඇත්තේ මෙම භූ කම්පනයක් හරහා ඇමරිකානු ඩොලර් ට‍්‍රිලියන දෙකකට ආසන්න මුදලක් ජපානයට අහිමි වනු ඇති බවය.

ශ්‍රීපාද වන්දනාවට මහා ජන සන්නිපාතයක්.. පැය බාගයකට එක අඩියයි…

දිර්ග සති අන්ත නිවාඩුවත් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට අති විශාල පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දැඩි තදබදයක් හට ගෙන ඇති බව නල්ලතන්නිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක බණ්ඩාර මහතා පවසයි.

මේ පිලිබදව දැඩි දුරටත් අදහස් දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ පාසල් නිවාඩුව හා දිර්ග සති අන්තය ‍හේතුවෙන් 28වන දින උදැසන සිටම අති විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද  මාර්ගයේ දැඩි තදබදයක් පවතින බවත්ය.

මේ වන විට ලක්ෂ සන්ඛ්‍යාත  වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙමින් සිටින බවත් එම තත්වයන් මත නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ පවතින දැඩි තදබදය හේතුවෙන් වන්දනාකරුවන්ට එක තැන විනාඩි තිහකට ආසන්න කාලයක් රැදි සිටිමට සිදු ඇති බවද ඔහු පැවසිය.

එමෙන්ම මෙම වන්දනාකරුවන් රැගෙන අති විශාල බස් රථ ඇතුළු රථ වාහන පැමිනිමත් සමග නල්ලතන්නිය රථ ගාල් හතරම පිරි පවතින බැවින් තවත් රථ වාහන විශාල ප්‍රමානයක් නල්ලතන්නිය මස්කෙළිය මාර්ගයේ මාඋස්සාකැලේ දක්වා මාර්ගය දෙපස නවතා තැබිමට සිදුව ඇති බවද බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා –

අනුරාධපුර ස්ත්‍රී දූෂකයාව වෛද්‍යවරිය පෙරට්ටුවේදී හඳුනාගැනේ – රහස් ප්‍රකාශයක් දීමට සැකකරු ඉල්ලයි

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව සිටින සැකකරු අද දින (මාර්තු 28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී අදාළ වෛද්‍යවරිය විසින් හඳුනාගනු ලැබුවාය.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද දින කැඳවූ මෙම නඩුවේදී, පසුගිය නඩුවාර දෙකෙහිදීම අධිකරණයට පැමිණ නොසිටි වෛද්‍යවරිය අද දින අධිකරණයට පැමිණ සිටියාය. මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයේදී පැවැත්වූ හඳුනාගැනීමේ පෙරට්ටුවේදී, අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකාගාරය තුළදී තමා ලිංගික හිංසනයට ලක් කළ සැකකරු වෛද්‍යවරිය විසින් නිවැරදිව හඳුනාගනු ලැබීය.

මෙම සිද්ධියට අදාළ සැකකරු, වෛද්‍යවරිය බිය ගන්වා ලිංගික හිංසනයට ලක් කිරීමේ චෝදනාව මත, සිද්ධිය වාර්තා වී පැය 24ක් ගත වීමටත් පෙර ගල්නෑව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදවා තිබූ අතර, අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත.

පොලිස් වාර්තා අනුව, ළමා රෝග පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන, අවිවාහක හා වයස අවුරුදු 32ක් වන මෙම වෛද්‍යවරිය, සිය පැමිණිල්ලේ විස්තරාත්මකව සිදුවීම පැහැදිලි කර ඇත.

”මම පසුගිය 10 වැනිදා සවස 03.30ට රාජකාරි අවසන් කරලා වෛද්‍ය නේවාසිකාගාරයට පැමිණියා. පසුව ත්‍රිරෝද රථයකින් රුවන්වැලි සෑයට ගිහින් වැඳපුදාගත්තා. ඊට පස්සේ ත්‍රිරෝද රථයකින්ම සවස 06.30ට විතර වෛද්‍ය නේවාසිකාගාරයට පැමිණියා.

ඇවිත් කාමරයට ඇතුළුවීමට දොර අරින අවස්ථාවේ මාගේ පිටුපසින් කිසිවකු සිටින බව දැනිලා මම පිටුපස්සට හැරුණා. ඒ වෙලාවේදී මගේ කාමරයට ඉස්සරහ කාමරයේ දොරට හේත්තු වී සිටි පුද්ගලයකු මගේ බෙල්ලට පිහියක් තියලා මගේ කට ඔහුගේ අතින් වහගෙන කෑ ගහන්න එපා දොර අරින්න කිව්වා. බියට පත්වූ මා දොර විවෘත කළා.”

යනුවෙන් වෛද්‍යවරිය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු යුද හමුදා සෙබළා වන වී. නිලන්ත මධුරංග (34) පොලිස් වදහිංසන සහිත ප්‍රශ්න කිරීම් නිසා ඇතිවූ ගැටලු හේතුවෙන් රෝහල්ගත කරද සිටි අතර ඔහුගේ ගුද මාර්ගයේ ඇතිවූ සංකූලතා මේවනවිට පහවගොස් තිබේ.

මේ අතර, සැකකරුට නවාතැන් පහසුකම් ලබා දෙමින් රැකවරණය ලබාදීමේ හා වෛද්‍යවරියගේ දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාව මත සැකකරුගේ වැඩිමහල් සහෝදරිය වන ගල්කඩවල, කටුගහගරය, ඊතණ ඇළ පාරේ පදිංචි සාලිකා හර්ෂනී රත්නායක ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර මහේස්ත්‍රාත්වරයා ඇය මාර්තු 17 ඇප ලබාදී තිබුණි.

එල්.පී. ගෑස් සමගින් ලෝකයේත්, රටේත් දියුණුව සොයා යමු

ලෝකය ක්‍රම ක්‍රමයෙන් දියුණු වන අතර, එය බලශක්ති මූලාශ්‍ර වල වෙනස්කම් සහ නවෝත්පාදන සඳහා මුහුණ දිය යුතු අලුත් විදි අපට සිහිපත් කරයි. මෙහිදී LP ගෑස්, පරිසරය ආරක්ෂා කරමින්, ව්‍යාපාරික ක්ෂේත්‍රයන් දියුණු කරමින්, මිනිසුන්ට සහ රටේ ආර්ථිකයට වාසි ලබාදෙන බලශක්ති මූලාශ්‍රයක් බවට පත් වී තිබේ.

එල්.පී. ගෑස් පාවිච්චිය යටතේ, පාරිසරික වාසි කිහිපයක් ලබා ගත හැකියි. එය කාබන් මෝනොක්සයිඩ් සහ වායු දූෂණය අඩු කරන අතර, ප්‍රථිපලයක් ලෙස වායුගෝලීය දූෂණය අඩු කරයි. මෙය පරිසර හිතකාමී විකල්පයකි. දිවයිනේ ගෘහස්ථ, ව්‍යාපාරික, සහ කර්මාන්ත සඳහා එල්.පී. ගෑස් භාවිතය කළ හැකියි.

එසේම එල්.පී. ගෑස් ලෝකයේ බොහෝ කර්මාන්තයන් සහ ව්‍යාපාර වලට මූලික බලශක්තියක් ලබාදෙයි.
එමගින් ගිණුම් සහ වියදම් අඩු කරන අතර, විශේෂයෙන්ම හෝටල්, අවන්හල්, කර්මාන්තශාලා සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට ලාභදායක වේ.

බලශක්ති පරිභෝජනයේ කාර්යක්ෂමතාව වැඩි කරමින් එල්.පී. ගෑස් විශේෂයෙන් සීනි සහ සහ සහල් වැනි කෘෂිකර්මාන්ත නිෂ්පාදන කාර්‍යන් සඳහා කාර්යක්ෂම බලශක්තියක් සපයයි. නවකර්මාන්ත මැෂින් භාවිතා කරන ව්‍යාපාර රැසකට ද එල් පී ගෑස් වැදගත් වේ.
එසේම එල්.පී. ගෑස් මිනිසුන්ගේ දිවිය පහසු කරයි. පොදු ජනතාවගේ ගෘහස්ථ ජීවිතය පහසු කරම්න් පැරණි ක්‍රමවලට වඩා සෞඛ්‍යදායක ලෙස උණුසුම් ආහාර පිළියෙල කිරීම ඇතුළු ආහාර සැපයුම් ක්‍රියාවලිය සඳහා LP ගෑස් භාවිත වේ. එබැවින් LP ගෑස් භාවිතය නිසා විශාල පිරිසකට ඉන්ධන සෙවීමේ වෙහෙස මඟහැරිය හැකි වේ. එල්.පී. ගෑස් බෙදාහැරීම, ප්‍රවාහනය, සහ ආශ්‍රිත කර්මාන්තය තුළ රැකියා අවස්ථා වැඩි වීම නිසා එයින් ධජ ජීවිතය එළි පෙහෙළි වේ.

පාරිසරික සහ ආර්ථික ප්‍රතිලාභයන් වෙනුවෙන් එල්.පී. ගෑස් භාවිතය තවදුරටත් දියුණු කර පරිසර හිතකාමී ලෝකයක් උදාකරගැනීමට වෙරදරමු.

ගෑස් අර පිරිමැස්මෙන් භාවිතා කරන්න ඔබ දැනගත යුතුම පුංචි ටිප්ස් කිහිපයක්.

දරවලින් උයනවට වඩා අරපිරිමැස්මයි ලිට්රෝ ගෑස්වලින් උයන එක. ගෙදර තියෙන හොඳම මැස්ම අරපිරිමැස්ම කියලා ඉතිං ඕනම ගෘහණියක් දන්නවා. ඉතිං අද අපි ඔබට නැවත මතක් කරන්නෙ මේ වියදම් වැඩි කාලෙ කොහොමද ගෑස් ටික පිරිමහගන්නෙ කියලා. ගෑස් ලිප හැමවෙලේම සුළඟේ දිශාවට ප්‍රතිවිරුද්ධව තියාගන. එවිට දැල්ල ඉවත යන්නේ නෑ. ගෑස් එකේ නිල් පාට දැල්ලෙන් තමයි ඔබේ ආහාර පිසීම කාර්‍යක්ෂම වෙන්නෙ. ඒ නිසා නිල් පාට දැල්ල ගැන සැලකිල්ලෙන් ඉන්න. කහ දැල්ලක් වැඩිපූර නිකුත් වෙනවා නම් ගෑස් උඳුනේ ඇති වා කවූළු නැවත සකසා නිල් දැල්ලක් ලබාගන්න කහ දැල්ලේ තාප ශක්තිය නිල් දැල්ලට වඩා ගොඩක් අඩු නිසා කෑම පිසීම කාර්‍යක්ෂම වන්නෙ නෑ.

අනෙක් අතට ගෑස් උඳුන නිතරම පිරිසිදුව තබාගන්න ඕන. උඳුනේ දැල්ල පිටවන සිදුරු කුණූ රොඩූවලින් වැහිලා ගියාමත් ගෑස් දහනය අකාර්යකෂම වෙනවා. ඒ නිසා ගෑස් පිටවන සිදුරු නිතර පිරිසිදු කරන්න. එමෙන්ම එම සිදුරු විශාල වී ඇත්නම් හෝ කැඞී බිඳී ඇති විට එම කොටස (බර්නරය) අලූතින් සවි කරන්නත් අපේ ගෘහණියො මතක තියා ගන්න ඕන.
ඒ වගේම උඳුනට සරිලන බඳුන් භාවිත කරන්නත් ඕන. පීඩන උඳුන් (Pressure Cooker) භාවිතයෙන් ඉතා අඩුම කාලයකදි අඩුම ගෑස් ප්‍රමාණයකින් පීසීම සිදු කළ හැකියි. ඒ වගේම ආහාර බඳුන හා දැල්ල අතර අවම පරතරයක් තබා ගන්න.මැටි බඳුන් යොදාගෙන ආහාර පිසිනවා නම් ගෑස් උඳුන් සඳහාම නිපදවූ විශේෂ මැටි වළං භාවිත කරන්නත් වග බලාගන්න ඕන. මොකද ගෑස් ව ලං ඉතා තුනීවට හදන නිසා ඉක්මනට රත් වෙනවා.

ගෑස් සිලින්ඩරයේ සිට උඳුන කරා ගෑස් ගෙන යන නලය පළුදු වී ඇත්දැයි නිරතුරුවම පරීක්ෂාවෙන් සිටීමත් හරිම වැදගත්. එම නලය උඳුනට හරියාකාරව සම්බන්ධ වී ඇත්දැයි නිරීක්ෂණය කරන්න. සිලින්ඩරය මාරු කරන සෑම අවස්ථාවකදීම, රෙගි‍යුලේටරය නිසියාකාරයෙන් තිබේදැයි බලන්න.ගෑස් උඳුන දැල්වෙන අවස්ථාවේ ගෑස් සුවඳ වහනය වේ නම් වහාම උඳුන අලුත්වැඩියා කළ යුතුයි. එසේ නොවුණහොත් ගෑස් නිකරුණේ අපතේ යන එක තමයි වෙන්නෙ.

සංජීව මරපු මිනිමරුවාට ලංකාවේ කොල්ලෝ පිස්සු වැටුනේ ඇයි? ඔයාටත් මේ ලෙඩේ තියෙනවද කියලා බලන්න.

0

ගණේමුල්ලේ සංජීව ඝාතනය වීමෙන් පසුව මාධ්‍ය හරහා අලුත් කඩේ උසාවියේදී ඔහුගේ ඝාතනය සිදු කර පලා ගිය පුද්ගලයාගේ ජායාරූප සහ විඩීයෝ පට කිහිපයක් විකාශය කර තිබුනා. සමාජ මාධ්‍ය වල සංසරණය වුණු මේ වීඩියෝ පට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුනා. කෙසේ හෝ මෙහිදී ඇති වුණු සුවිශේෂී තත්වයක් වුනේ අතිශයින් දරුණු අපරාධයක් සිදු කර පලා යමින් සිටි මෙම ඝාතකයාට ඉතා ඉහල ආකර්ෂණයක් හිමි වීමයි. ෆේස්බුක් සමාජ මාධ්‍ය පුරාම බොහොමයක් යුවතියන් ඔහුට පක්ෂපාතීව විවිධාකාරයේ කමෙන්ට් දමා තිබුනා. මෙය සාමාන්‍ය තත්වයක් වූවත් මෙම තත්වය වෛද්‍ය විද්‍යාත්මකව හදුවන්නේ Hybristophilia යන නමිනුයි.

අපරාධකාරී ඉතිහාසයක් සහිත හෝ ප්‍රචන්ඩකාරී හැසිරීම් දක්වන පුද්ගලයන් වෙත රෝමාන්තික හැගීම් හෝ ලිංගිකමය ආකර්ශණයක් ඇතිවීමේ මානසික තත්වය ලෙස මෙය සරලව හදුන්වන්නට අපිට පුලුවන්. මෙම තත්වය “Bonnie and Clyde Syndrome” යන නමිනුත් හදුන්වනවා. එය එසේ හදුන්වන්නට හේතුව වුනේ ඇමෙරිකාවෙ 20 වන සියවසේ සිටි Clyde Barrow සහ Bonnie Parker කියන පෙම්වතුන් යුවල අතර තිබුණු නොබිදිය හැකි තරමේ ආදර සම්බන්ධයයි. ඔවුන් දෙදෙනා බැංකු මංකොල්ලකෑම් ආදී සාහසික අපරාධ රැසකට සම්බන්ධ වුනු දෙදෙනෙක් බව වාර්තා වෙනවා.ඔවුන් දෙදෙනා අතර කොතරම් නම් ආදරණීය සම්බන්ධයක් පැවතියේද යත් Clyde සිරගත වී සිටින අවස්ථාවේ ඔහුට හිරෙන් පැනීමට පවා Bonnie අවශ්‍ය කටයුතු සැලසුම් කරනවා.ඔවුන් දෙදෙනාගේ මේ ආදර කතාව අලලා පසුකාලීනව චිත්‍රපටයක් පවා නිර්මාණය වුනා.

කෙසේ හෝ මේ මානසික තත්වය ඇති වීමට බලපාන ප්‍රධානම කාරණා ලෙස තමන් පිලිබද තිබෙන අඩු ආත්ම අභිමානය,කුඩාකාලයේ ඇතිවෙන කම්පන තත්ව,අපයෝජන තත්ව,චිත්‍රපටි හෝ කලා නිර්මාණ මගින් ඇතිවෙන බලපෑම වැනි තත්වයන් හදුන්වන්නට පුළුවන්. ඒවගේම ඩු සහකම්පනයක් සහිත,සමාජ සම්මතයන්ට එකග නොවන ලක්ශන තිබෙන අයත් මේ ආකාරයට අපරාධකාරයන්ට ආකර්ශණය වීමේ ප්‍රවණතාවයක්ද දකින්නට ලැබෙනවා. ඒවගේම මෙහි ඇති සුවිශේෂි ලක්ෂණය වන්නේ කාන්තාවන් අපරාධකාරී පිරිමින් වෙත ආකර්ශනය වීම වගේම අපරාධකාරී කාන්තාවන් වෙත පිරිමින් ආකර්ශනය වීමත් සිදු වීමයි.