Home Blog Page 14

දුම් දාන වාහන දැක්කොත් බ්ලැක්ලිස්ට් කරන්න තීරණය කරයි.

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි.

එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් 070 3500 525 යන වට්ස් ඇප් අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බවය.

වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් පමණක් දුම් සහතිකය ලබා ගැනීම සිදුනොකරන ලෙස දසුන් ගමගේ මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ව්‍යාජ උපක්‍රම ඔස්සේ දුම් සහතිකය ලබා ගැනීම ට බොහෝ පිරිස් පෙළඹී සිටිය ද, එම රථ වාහන මාර්ගයේ ධාවනය වන විට පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රදේශවලදී අදාළ පරික්ෂාවන් සිදු කරන බව ඒ මහතා පවසයි.

එම අවස්ථාවක දී අධික දුමක් පිට වන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ රථයේ හිමිකරුට විරුද්ධව නඩත්තු නියෝගයක් එසේත් නොමැති නම් තහනම් නියෝගයක් රථයට ලැබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

රියදුරන්ට වැදගත් පණිවුඩයක්.

මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළා.

මාර්ග ආශ්‍රිත වේග පාලනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් රුපියල් මිලියන 50ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙන බව අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම පාසල් මට්ටමින් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safety Club) පිහිටුවීමට අවශ්‍ය කෙරෙන අත්පොත් ගුරුවරුන්ට ලබාදීමට ද කටයුතු කර තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කලා

ක්ලබ් වසන්ත‌ගේ දේහය තබාගත් මල් ශාලා හිමිකරුට ඇමතුමක්.

අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් මිය ගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය අද (12) බොරැල්ල ප්‍රසිද්ධ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, මහජන ප්‍රදර්ශනය සහ විදේශගතව සිටින සමීප ඥාතීන්ගේ කීපදෙනකු මෙරටට පැමිණීමට නියමිතව තිබීම හේතුවෙන්.

ඉන් අනතුරුව හෙට (13) පස්වරු පහට දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් මෘත දේහය මල් ශාලාව තුළ තබා නොගන්නා ලෙසට තර්ජනාත්මක ඇමතුමක් පෙරේදා (10) රාත්‍රියේ ලැබී තිබෙනවා.

ඒ පිළිබඳව එහි හිමිකරුවන් විසින් පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර ඇති බව සඳහන්.

මල්ශාලාවේ ස්ථාවර දුරකතනයට අදාළ ඇමතුම ලැබී ඇති අතර එහි අංකය සටහන් වන්නේ නැහැ.

ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කර දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බවයි, බොරැල්ල පොලිසිය සඳහන් කර ඇත්තේ.

ඉන් අනතුරුව දුරකතන අංකය සොයාගෙන ඒ අනුව ලිපිනය සොයාගෙන පුද්ගලයා හඳුනා ගැනීමට නියමිතයි.

පසුගිය 08 වැනිදා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඔහුගේ බිරිය මෙන්ම ජනප්‍රිය ගායිකා කේ. සුජීවා සහ ඇගේ සැමියා ඇතුළු කීපදෙනකු ටැටූ කලාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වුණා.

එහි දී කිරිබත් ආහාරයට ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ටී-56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබුණා.

බරපතළ තුවාල ලද ක්ලබ් වසන්ත ඇතුළු පිරිස හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වසන්ත සහ තවත් පුද්ගලයකු ඒ මොහොත වන විටත් මිය ගොස් සිටි බව සඳහන්.

හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රණීත් සෙනෙවිරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබුණා.

හිසට සහ පපුවට මෙන්ම උදරයට එල්ල වී තිබූ වෙඩි උණ්ඩ අටක් ක්ලබ් වසන්තගේ සිරුරේ තැන තැන තිබී හමු වූ බව සඳහන්.

ක්ලබ් වසන්තගේ දේහය ඥාතීන්ට භාරදීමෙන් අනතුරුව බොරැල්ල පෞද්ගලික මල් ශාලාවට රැගෙන එනු ලැබුවා.

මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපෝච්චාරණය සමාජ ගත වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට පොලිස් කොමිෂන් සභාව නියෝග කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසටයි පොලිස්පතිවරයා වෙත දන්වා ඇත්තේ.

මෙම කොමිසම ඊයේ (11) රැස්වූ අවස්ථාවේ දී අදාළ තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

Hello world!

0

Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!

ක්ලබ් වසන්ත ඝා#තන තැත දෙපාරක්ම වැරදිලා – තොරතුරු රැසක් එළියට

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ ටැටූ ව්‍යාපාරික ස්ථානයක ගෙන්වා ගැනීමට දෙවරක්ම උත්සහ කළද ඒවා ව්‍යාර්ථ වී ඇතැයිද ඔහුව එම ව්‍යාපාරික ස්ථානයට ගෙන්වා ගෙන ඇත්තේ තෙවැනි වතාවට උත්සහ කිරීමෙන් බව ප්‍රශ්න කිරීමේ දී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අනාවරණය කර තිබෙන බව වාර්තා වනවා.

පළමු උත්සහයන් දෙකේදීම ක්ලබ් වසන්ත කාර්යබහුල වීමත් වරෙක ඔහු විදෙස් ගත වීමට තැත් කිරීමත් නිසා ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණ නැත. ඔහු තෙවැනි වතාවට පැමිණි මොහොතේ දී මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

පොලිස් විමර්ශන අනුව ඝාතකයන් පැමිණි මෝටර් රථය දුලාන්ට නැතහොත් ටැටූ ව්‍යාපාරික ස්ථානයේ අයිතිකරුට ලොකු පැටීව හඳුන්වාදුන් මහේෂ් විසින් සිද්ධිය වූ දින අලුයම තුනට කඩුවෙල ගල්පොත්ත පාරට ගෙනැවිත් තිබෙනවා. අනතුරුව මෝටර් රථය භාරගෙන ඇත්තේ නාඳුනන පුද්ගලයකු විසින්.

ඝාතකයන් පළාගොස් අතහැර දමා තිබූ වෑන් රථය ලීසිං නොගෙවීම මත අත්පත් කරගත් රථයක් වන අතර එය මාස එකහමාරකට පෙර බෙලිඅත්තේ අයකුට භාරදී ඇත්තේ ලොකු පැටීගේ උපදෙස් මතයි.

එය ඔහු භාරයේ තබාගෙන සිටීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක් ගෙවා ඇති අතර ඔහුට පැවරී තිබූ රාජකාරිය වී ඇත්තේ සෑම දිනකම එක් වරක් වෑන් රථය පණගන්වා එහි බැටරිය බැසීම වළක්වාගැනීමයි. මෙලෙස වාහන පහසුකම් සැලසීමට සම්බන්ධවූවන් අතර සීසර්වරයකු ද සිටින බව පොලීසිය පවසනවා.

මේ ආකාරයට අත් අඩංගුවට ගත් සෑම සැකකරුවෙකුටම විටෙන් විට රුපියල් ලක්ෂ පනහකට වැඩි මුදලක් ඩුබායි පාතලයෙන් ලැබී ඇති බවත් මෙසේ මුදල් ලබා දෙමින් සිදු කර ඇත්තේ ඔවුන් තමන් වෙත නම්මා ගැනීම බවත් විමර්ශනයේ දී පෙනී ගොස් තිබෙනවා.

එම සැකකරුවන් සියලු දෙනා ඝාතකයන්ට අවශ්‍ය වාහන සැපයීම හා ඒවා සම්බන්ධීකරණය සඳහා අතරමැදි පහසුකම් සැලසූවන් වන නමුත් ඝාතකයන් දෙදෙනා තවමත් සොයාගෙන නැත.

ඝාතකයින් පළපුරුදු වෙඩික්කරුවන් බවත්, ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් භාවිතා කළ තුවක්කුව LTTEය පාවිච්චි කළ ගිනි අවියක් බව පෙනී යන බවත් පොලීසිය පවසනවා.

ඝාතකයන් මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට පළායාම වැළැක්වීම සඳහා මන්නාරම් මුහුදු තීරයේ ආරක්ෂාව දැනටමත් තර කර තිබෙන අතර ඔවුන් පිළිබඳ විශ්වසනීය තොරතුරක් ඇත්නම් 0718 59 16 87 අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලයි.

මේ අතර ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (13) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරිමට නියමිතයි.

දේහය හෙට (12) පෙ.ව. 8.3 සිට මහජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කර තැබෙනවා.

බඩ අඩු කරන අලුත්ම මැජික් එක.

ස්ථුලතාවයකින් පෙලුනත් නැතත්, උදරය ඉදිරියට නෙරා ඒමේ තත්ත්වයෙන් බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. එයින් වැළකීමට නිරන්තර ව්‍යායාම කිරීම, ආහාර පාලනය වැනි දේ අනුගමනය කළත්, උදරය ඉදිරියට නෙරා ඒම වළක්වා ගත නොහැකි යැයි බොහෝ දෙනා මැසිවිලි නගනවා. රාත්‍රි ආහාර ප්‍රමාණය අඩු කිරීම, මස් කෑමෙන් වැළකීම, බියර් ආදිය පානයෙන් සම්පූර්ණයෙන්ම වැළකීම, නිරන්තරයෙන් ජිම් එකටම වී සිටීමෙන් පමණක්ම බඩ අඩුකර ගැනීමට හැකි යැයි පැවසෙනවා. එහෙත් මේ සියල්ල කළත්, උදරය ඉදිරියට නෙරා ඒම වැළැක්විය නොහැකි බවට සමහරෙක් පවසනවා. ඒ නිසාම නිවසේ සිටම වැඩි මහන්සියකින් තොරව ඔබේ එදිනෙදා දින චර්යාවට එක්කර ගත හැකි පුරුදු කිහිපයක් පිළිබඳවයි මේ සටහන.

  1. උදෑසනට මී පැණි හැන්දක් පානය කරන්න.

උදෑසන අවදි වූ විගස හිස්බඩ මී පැණි හැන්දක් පානය කර ජලය වීදුරුවක් පානය කරන්න. ඉන් පසුව පැයක් පමණ ගතවනතුරු කිසිවක් ආහාරයට ගැනීමෙන් හෝ පානය කිරීමෙන් වළකින්න.

  1. හැකිතාක් ඇවිදින්න.

සාමාන්‍යයෙන් අපි බොහෝ දෙනා ඇවිදීමට හැකි දුරත්, ඇවිදිනවා වෙනුවට වාහනයකම ගමන් කිරීමට පුරුදුව සිටිනවා. මෙය ඔබේ සෞඛ්‍යයට විවිධ ආකාරවලින් අහිතකර බලපෑම් එක් කරනවා. සාමාන්‍යයෙන් ඔබ කාර්යාලයට යන විට කාර්යාලය ආසන්නයේම ඇති බස් නැවතුම්පොල භාවිත නොකර ඊට බස් නැවතුම් තුනක් හතරක් ඈතින් ඇති බස් නැවතුමකින් බැස කාර්යාලය දක්වා ඇවිදින්න. එකවිටම මෙය සිදුකළ නොහැකි නම්, බස් නැවතුම් ගණන එකින් එක වැඩි කරන්න. මෙවිට ඔබ නොදැනුවත්වම ඇවිදීම තුළින් ශරීරයට ව්‍යායාමයක් ලබාගත හැකියි. මෙය කාර්යාලයෙන් පිටවන විටත් අනුගමනය කළ හැක්කක් නම් වඩා උචිතයි.

  1. බත් පිඟානට සුදු ළූණු බික් දෙක තුනක් එක් කර ගන්න.

සුදු ළූණු යනු බඩ අඩු කර ගැනීමට ඉතාමත්ම හොඳ ඖෂධයක්. සාමාන්‍ය ආහාර වේලට සුදු ළූණු බික් දෙක තුනක් එක්කර ගැනීමට හැකිනම් එය ඉතා යහපත්. සුදු ළූණු ව්‍යාංජනයක් ලෙස ආහාරයට එක්කර ගන්නා අවස්ථාද තිබෙනවා. ඊට අමතරව අමු සුදු ළූණු කුඩා කැබලි ලෙස කපා දහවල් ආහාරයට එක්කර ගැනීමෙන් කෙටි කාලයක් ඇතුළත ඔබේ උදර ප්‍රමාණය අඩු කරගත හැකි බව කිව යුතුමයි.

  1. රාත්‍රි හතෙන් පසු ආහාර ගැනීමෙන් වැළකීම.

පස්වරු 06.30 සිට 07 දක්වා කාලය තුළ රාත්‍රි ආහාරය ගෙන ඉන් පසු කිසිවක් ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමෙන්ද ඔබගේ උදර ප්‍රමාණය අඩු කරගත හැකි බව කිව යුතුයි.