Home Blog Page 204

රටටම අභිරහසක් වූ විවාහ උත්සවය අතරතුර මියගිය මංජරීගේ මර,ණයට හේතුව හෙළිවෙයි

මංගල උත්ස­ව­ය­කට සහ­භාගී වී නර්ත­නයේ යෙදී සිටි­යදී හදි­සියේ අස­නී­පව රෝහල් ගත කිරී­මෙන් පසුව මිය ගිය මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නම් 25 හැවි­රිදි අවි­වා­හක තරු­ණි­යගේ ම,රණයට හේතුව මේ වනවිට හෙළිව තිබෙනවා.ඒ මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි..කෙසේ වෙතත් මිය ගිය දියණියගේ මවද විශේෂ අනාවරයක් කළා.සම්පුර්ණ තොරතුරු පහතින් නරඹන්න.

දැවැන්ත විදුලි අර්බුදයකට රට කැදවමින් ජල විදුලිය 12% දක්වා පහළ බසියි.

ජල විදුලි නිෂ්පාදනය සියයට 12ට අඩුවී ඇතැයි විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී හේමන්ත රණසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) පැවසීය.

ඔක්තෝබර් මස පමණක් මෙම මට්ටමින් ජල විදුලිය නිපදවා ගැනීමට අපේක්‍ෂා කරන අතර එම කාලය වනවිට වර්ෂාව අපේක්‍ෂා කරන බවත් ඒ මහතා කීය.

මේ වනවිට ඩීසල්, දැවිතෙල්, ගල්අඟුරු භාවිතයෙන් සියයට 65 ක් පමණ ද, සුළං බලයෙන් සියයට 6 ක් පමණ ද සූර්ය බලයෙන් සියයට 5 ක් පමණ සහ අනෙකුත් කුඩා බලාගාරවලින් ඉතිරි විදුලිය අවශ්‍යතා ද සපයා ගැනීමට කටයුතු කර තිබේ.

උසස් පෙළට විශ්‍රාමික ගුරුවරුන් කැදවන්න යයි – කොන්ත්‍රාත් කාලය වසර දෙකයි.

උසස් පෙළ ගුරු පුරප්පාඩු සඳහා විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.මෙමගින් කොන්ත්‍රාත් කාලය වසර දෙකක් ලබා දීමට ද යෝජිත වී තිබේ.

දිස්ත්‍රික්ක 09ක උෂ්ණත්ව දර්ශකය වේගයෙන් ඉහළට යයි

අද (28) දිනයේ ද දිවයිනේ දිස්ත්‍රික්ක 09ක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අද දිනයේ සෙල්සියස් අංශක 39ත් 45ත් අතර වනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම සිදුකළ යුතු අතර කුඩා ළමුන්, වැඩිහිටි හා රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අද සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දහවල් 12:11ට කොවිලන් තුඩුව සහ මල්ලාකම් (යාපනය දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

මේ අතර වියළි කාලගුණ තත්ත්වයත් සමග දිවයින පුරා බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 290,000 ඉක්මවා ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 19ක පවුල් 84,646කට අයත් පුද්ගලයින් 291,720 දෙනෙකු වියළි කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

එමෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

රුක්ෂාන් බෙල්ලන රෝහල්වල අලුත්ම තත්වය කියයි

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුර රෝගියෙකු ඊයේ (26) මියයාම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.අද දින මාධ්‍ය හමුවේදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ පිළිබඳව අදහස් දැක්වුයේ මෙලෙසින්

පිරමීඩ ඡාවාරම්කරුන්ට ආයේ කිසිම සමාවක් නෑ.

පිරමීඩ ක්‍රමය යනු, ව්‍යාපාරික ක්‍රමයක් නොවන එය අපරාධමය ක්‍රියාවක් බවත් පිරමීඩ ජාවාරම් ක්‍රමය ක්‍රියාත්මක කරන්නන්ට හෝ ඒවාට සම්බන්ධ අයට අපරාධ නීතිය යටතේ පියවර ගැනීමට රජය තීරණය කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
1988 අංක 30 දරන බැංකු පනත ප්‍රකාරව මහ බැංකුව විසින් පිරමීඩ ජාවාරම තහනම් කර ඇති බැවින් පිරමීඩ ක්‍රමය සඳහා බලපාන්නේ අපරාධ නීතිය බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එබැවින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව හෙතෙම අවධාරණය කරයි.

පිරමීඩ් ජාවාරමක මහමොළකරුවෙක් පොලිසිය අල්ලයි.

කොළඹ වරාය නගරයේ ආයෝජකයෙකු බව පවසමින් ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරමක් හරහා උපයාගෙන කැසිනෝ ගසා වැය වූ කෝටි හතරකට අධික මුදල කොල්ල කෑ බව ගණුදෙනුකරුවන්ට හැගවීමට ව්‍යාජ පැමිණිල්ලක් කළ පිරමීඩ ජාවාරමේ චීන ජාතික මහ මොළකරුවකු ඇතුළු සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

ආයුධ අතැතිව පැමිණි තිදෙනකු මරණීය තර්ජනය කොට රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් සිය නිවසින් කොල්ල කා පලා ගිය බවට ඔහු පසුගියදා පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි.

විමර්ශනය කිරීමේ දී අදාළ පැමිණිල්ල ව්‍යාජ එකක් බවත් පිරිමීඩ ජාවාරමෙන් උපයා ගත් මුදලින් කැසිනෝ ගසා පරාද වීම නිසා එම මුදල කොල්ලකෑ බව ගනුදෙනුකරුවන්ට හැඟවීමට ව්‍යාජ පැමිණිල්ලක් කළ බවට අනාවරණය වී තිබේ. ඒ අනුව චීන ජාතිකයින් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.