Home Blog Page 206

ගාල්ලේ බන්ධනාගාර වෛරසය සමාජයට ගිහින් ද ? අටේ දැරියගේ මරණය ගැන සැකයක් එයි.

ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වූ ළදරු මරණයක මරණ පරීක්ෂණයේදී සැකයක් ඇති වී තිබේ.

ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේ පදිංචි මාස 08ක් වයසැති දැරියක් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (25) මියගොස් ඇති අතර එම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසන්නේ එම මරණය බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් රෝගය හේතුවෙන් සිදු වූ බවට සැකයක් පවතින බවයි.

එසේම, මියගිය දැරියගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු හැකි ඉක්මණින් සිදුකරන ලෙසත්, දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට සහ ඥාතීන්ට යම් රෝග ලක්ෂණයක් ඇත්නම් හැකි ඉක්මණින් රෝහල්ගතවන ලෙසත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ජී.බී.ජයරත්න මහතා මියගිය දැරියගේ ඥාතීන්ට උපදෙස් ලබා දී තිබේ.

අයිස්වලට ඇබ්බැහි වූ ළාබාල තරුණිය පෙම්වතා සහ මස්සිනාව අවසන් ගමන්ර යයි.

මධුශංක කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු විසිතුනකි. පසුගිය 13 වැනිදා මධුශංක තම පෙම්වතිය වන චතුරි මුණගැසීමට ඇය පදිංචි හේනමුල්ල, රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණියේය.

එලෙස පැමිණි මධුශංකව එදින සවස ඔහුගේ පෙම්වතිය විසින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කරන ලදී. එලෙස තම පෙම්වතාව ඇතුළත් කළ පසු රෝහල් කාර්ය මණ්ඩලයට ඇය මෙලෙස පැවසුවාය.

“මේ ඉන්නේ මගේ පෙම්වතා. එයා මාව බලන්න අපේ ගෙදර නිතරම එනවා. ඉතින් අදත් ආවා. අපි පදිංචි වෙලා ඉන්නේ හේනමුල්ල, රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ දහවැනි තට්ටුවේ.”

“එයත් එක්ක ටිකක් වෙලා කථා කර කර ඉඳලා මම එළියට ගියා පොඩි වැඩකට එයාට ඉන්න කියලා. ඒ ගිහින් ආපසු එනකොට මධුශංක සාලයේ පේන්න හිටියේ නැහැ. මම හිතුවා කාමරේ ඇතුළේ ඇති කියලා. කාමරය ඇතුළෙත් බැලුවා. එහෙත් පේන්න හිටියේ නැහැ. පස්සේ නිවසේ අනික් තැන් වලත් බැලුවා. ඒත් පේන්න හිටියේ නැහැ. මට ටිකක් පුදුමත් හිතුනා. වෙනදා කවදාවත් එයා නොකිය ගෙදරින් පිට වෙන්නේ නැහැ.”

මම හිතුවා හදිස්සියක් වෙලා එයත් එළියට යන්න ඇති කියලා. එහෙම හිතලා විනාඩියක් යන්න ගියේ නැහැ. පහළ කට්ටියක් කෑ ගහනවා ඇහුණා. කවුද උඩ ඉඳන් බිමට වැටිලා ඉන්නවා කියලා. මමත් ගිහින් බැලුවා. අනේ ඒ වැටිලා හිටියේ මගේ රත්තරන් අයියා. (එලෙස පැවසුව ඇය ඉකිබිඳිමින් හැඬුවාය. එලෙස නොනවත්වා විනාඩි කිහිපයක් හැඬූ ඇය යළිත් කතාව මෙලෙස පටන් ගත්තාය.)

“මට හිතාගන්න බැරි වුණා එකපාරටම මොකද වුණේ කියලා. මගේ රත්තරන් අයිය වැටිලා තියෙන්නේ අපේ ගෙදර ඉඳන්. කොහොම බිමට වැටුණ ද කියලා හිතාගන්න බැහැ. අනේ ඩොක්ටර් මගේ රත්තරන් අයියව බේරලා දෙන්න. මට එයා නැතුව ජීවත් වෙන්න බැහැ.”

එතනින් නොනැවතුණු ඇය හඬා වැළපෙමින් තවත් බොහෝ දෑ පැවසුවාය.

රෝහල් පොලිස් නිලධාරීන් ඇයගෙන් කටඋත්තරයක් ලබා ගත්තේය. එහිදී පවා ඇය කිසිදු සැකයක් ඇති නොවන අයුරින් “මගේ පෙම්වතා අපේ නිවාස සංකීර්ණයේ දහවැනි මහලේ සිට බිමට වැටී ඇති බව” පැවසුවාය. පොලිස් නිලධාරීහුද දෙවරක් නොසිතා ඇයගේ එම කට උත්තරය පිළිගත්හ.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනවිටත් මධුශංක අවසන් හුස්ම පොද ද වා තලයට මුසු කර තිබුණි. එම නිසා අදාළ නිලධාරීහු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූහ. එහිදී මධුශංකගේ මරණය පිළිබඳ කිසිදු සැකයක් ඇති නොවූ හෙයින් සිරුර ඥාතීන්ට භාර දුන්හ.

මධුශංකගේ සිරුර බාර ගත් ඥාතීහු එය භූමදානය කිරීමට සියලු කටයුතු සූදානම් කළහ. එහෙත් මධුශංකගේ මාමා කෙනෙකුට මුල සිටම මෙම මරණය පිළිබඳව සැක සිතුණි. ඒ අනුව ඔහු “මධුශංකට මෙහෙම වැටිලා මැරෙන්න තරම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මෙතන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවා. කවුරුහරි මේක පිටිපස්සෙ ඉන්නවා. කොහොම හරි මේක හොයාගන්න ඕනා” යැයි සිතුවේය.

ඒ අනුව ඔහු මේ මරණය පිළිබඳව විවිධ කෝණ වලින් කල්පනා කර බැලුවේය. අවසානයේ ඔහුට මධුසංඛගේ පෙම්වතිය ගැන සැකයක් නැගුණි. ඒ අනුව ඔහු දන්නා කියන අයගෙන් ඇය ගැන තොරතුරු සොයා බැලුවේය. එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ මධුශංකගේ පෙම්වතිය ඇයගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයා සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවත් තදින්ම අයිස් නමැති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණියක් බවයි. සොයා ගත් ඵම තොරතුරුවලට අනුව මධුශංකගේ මරණයට ඇයගේ සම්බන්ධයක් ඇති බවට ඔහු සැක කළේය. අවසානයේ ඔහු ඒ පිළිබඳව පොලිසියට පැවසුවේය.

ඔහුගෙන් ලැබුණු තොරතුරුවලට අනුව පොලිස් නිලධාරීහු මධුශංකගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළහ. එහිදී ඇයට සත්‍ය වසන් කරගෙන සිටීමට නොහැකි විය. ඒ අනුව සිදු වූ සියල්ල ඇය අකුරක් නෑර පොලිස් නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කළේ මෙලෙසින්ය.

“සර් මගේ නම චතුරි. වයස අවුරුදු 19යි. මට නංගී කෙනෙකුයි, අක්කා කෙනෙකුයි ඉන්නවා. නංගිට වයස 18යි. අක්කට වයස 23යි. අපි තුන්දෙනා පදිංචි වෙලා ඉන්නේ හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ දහ වෙනි තට්ටුවේ.”

“අපේ අක්කා කසාද බැඳලා හිටියේ ග්‍රෑන්ඩ්පාස් වැලිගොඩ ප්‍රදේශයේ පදිංචි නිෆ්ලාන් නමැති මුස්ලිම් තරුණයකු සමග. ඔහුගේ වයස 26 යි. ඵයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්. අක්කා ඒක දැනගත්තේ පස්සේ. කසාදයෙන් පස්සේ එයත් අපේ ගෙදර තමයි ජීවත් වුණේ.”

“බැඳල සති කිහිපයක් ගතවුණාට පස්සේ අපේ අක්කත් එයත් එක්ක අයිස් ගහන්න පුරුදු වුණා. අන්තිමට දෙන්නටම අයිස් නැතුව බැරි වුණා. ඒ කාලය අතරතුරදී මස්සිනා හරහා මමයි නංගියිත් අයිස් ගහන්න පුරුදු වුණා. අන්තිමට අපි හතර දෙනාම එකට අයිස් ගැහුවා.”

“එතනින් නැවතුනේ නැහැ. එයා අක්කා නැති වෙලාවට මායි නංගියි එක්ක සෙක්ස් කරන්නත් පුරුදු වුණා. මටත් තේරුමක් තිබුණෙ නැහැ. අයිස් ගහලා වෙනම ලෝකෙක හිටියේ. අපි ඒවට කැමති වුණා.”

“ඔය කාලය අතරතුර තමයි මධුශංකව මට හම්බ වුණේ. අපි දෙන්නා ආදරය කරන්න පටන් ගත්තා. එයා මට ගොඩක් ආදරෙයි. හැබැයි එයා මම අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ කෙනෙක් කියලවත්, අක්කගේ මහත්තයා එක්ක ලිංගිකව හැසිරෙන එකවත් දැනගෙන හිටියේ නැහැ. අපි දෙන්නට දෙන්නා හොඳින් ආදරේ කළා. ටික කලක් ගත වෙද්දී අපේ සම්බන්ධයට මස්සිනා කැමති වුණේ නැහැ. එයා නිතරම මට බල කරා ඒක නවත්තන්න කියලා. ඒත් මං නැවැත්තුවේ නැහැ.”

“මස්සිනාගෙ තාඩන පීඩන ඉවසන්න බැරිම තැන අක්කා එයාව අතහැර දමලා රට ගියා. ඊට පස්සේ නංගියි මමයි ගෙදර තනිවුණා. ඊට පස්සෙ මස්සිනාට ලොකු නිදහසක් හම්බවුණා. එයාට ඕන ඕන වෙලාවට ඇවිත් අපිත් එක්ක ලිංගිකව හැසිරුණා. ඇත්තටම එයා අපිව බලෙන් හිර කරල වගේ තියාගෙන හිටියේ.

“ඔය අතර මගෙ නංගිට ළමයෙක් හම්බෙන්න හිටියා එයාගෙන්. අපි ලොකු ප්‍රශ්නෙකට මුහුණ දීලා හිටියේ. මේවා කියන්නවත් කවුරුත් හිටියේ නැහැ. මේ ප්‍රශ්න කල්පනා වෙනකොට ඒවා අමතක වෙන්න අපි අයිස් ගහන්න පුරුදු වෙලා හිටියා. පුළුවන් වෙලාවට මධුශංකත් එනවා මාව බලන්න ගෙදර. ඉතින්, අපි ඔහොම ජීවත් වුණා.

“දිනය හරියටම පසුගිය 13 වැනිදා. එදා මස්සිනයි මමයි අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හිටියේ. ගෙදර දොර වහන්නත් අමතක වුණා. ටික වේලාවක් ගතවුණාට පස්සේ මස්සිනයි මමයි කාමරයේ ලිංගිකව හැසිරෙමින් සිටියේ. ඒ අතරතුර මධුශංක අපේ ගෙදරට ආවා. එයා දැක්කා කාමරය ඇතුළේ මස්සිනයි මමයි ඉන්න විදිහ. ඒක දැකලා එයාට ගොඩක් කේන්ති ගියා. මට බැනලා ගහන්න හැදුවා.”

“ඒ සමගම කේන්ති ගිය මස්සිනා මධුශංකට බිම පෙරළගෙන ගැහුවා. ඊට පස්සේ රෙදි කෑල්ලක් අරගෙන හුස්ම හිරවෙන තුරු බෙල්ල මිරිකළා මරලා දැම්මා. ඒ වෙලාවේ මං ගොඩක් බය වුණා.”

“මස්සිනා ඒ වෙලාවේ කිව්වා දැන් කරන්න දෙයක් නැහැ. වුණ දේ වුණා. දැන් අපිට මේකෙන් බේරෙන්න තමයි තියෙන්නේ. ඒක නිසා අපි මේ බොඩිය ජනේලයෙන් පල්ලෙහට දාමු කියලා. ඒ අනුව මමයි මස්සිනයි එකතු වෙලා ප්‍රාණය නිරුද්ධ මධුශංකගේ සිරුර ජනේලයෙන් පල්ලෙහාට දැමුවා.”

“ඊට පස්සේ මස්සිනා මෙයාව උඩ ඉඳන් බිමට වැටිලා කියලා හොස්පිට්ල් එකට ඇතුල් කරන්න කීවා. මස්සිනා කියපු විදිහටම කියලා මධුශංකව මම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. පශ්චාත් මරණ පරීක්ෂණයත් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව අවසන් වුණ නිසා අපි හිතුවේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා.” ඇය එලෙස පැවසුවාය.

ඇයගේ ප්‍රකාශයට අනුව මධුශංකගේ ඝාතනයට සැක පිට නිෆ්ලාන් නමැති පුද්ගලයාව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට
ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.

අවසානයේ සිදුවූයේ වයස අවුරුදු විසිතුනක් වූ අහිංසක තරුණයෙකුට නිස්කාරණයේ තම ජීවිතයෙන් වන්දි ගෙවීමටත්, අවුරුදු දහ නමයක් වූ තරුණියකට රක්ෂිත බන්ධනාගාර ගතවීමටත්, වයස අවුරුදු දහ අටක් වූ තරුණියකට ගැබිනියක් වීමටත්ය. මේ සියල්ලට මුල වූයේ අයිස් නමැති අති භයානක මත්ද්‍රව්‍යයි. අයිස් භාවිතයට ඇබ්බැහි වූ යෞවන වයසේ සිටින තරුණ තරුණියනි මෙම සිද්ධියවත් උදාහරණයකට ගෙන අයිස් නමැති භයානක මත් රකුසාට බිලි නොවී තම ජීවිතය සාර්ථක කර ගැනීමට අද සිටවත් අදිටන් කරගන්න.

ගයාන් සමරසිංහ

හෘද්‍යාබාධවලට ලක්ව මිය යන්නේ කොරෝනා එන්නත ගත් අයද..?

හෘදයාබාධ හේතුවෙන් වර්ථමානයේ මියයන පුද්ගලයන්ගෙන් බහුතරයක් කොරෝනා එන්නත් ලබාගත් අය බව පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව වෛද්‍යවරුන් පවසනවා.

මෙරට ඖෂධ සහ විවිධ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් සෙවීමට පත් කරන කමිටු රැසක සාමාජිකත්වය දරා ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ එම එන්නත් ලබාගත් පුද්ගලයන්ට විවිධ සංකූලතා ඇතිවීමේ ඉඩකඩ ඉතාම අවම බවයි.

වර්ථමානයේ හෘද්‍යාබාධ ඇතුළු විවිධ රෝගවලට ලක්වන්නේ එම එන්නත් ලබානොගත් අය බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙරට පවතින එන්නත්වලට විරුද්ධ පිරිසක් සංවිධානාත්මකව මෙලෙස අසත්‍ය ප්‍රචාර සිදුකරන බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ.

මේ අතර දුම්පානය, ආහාර රටාව, ව්‍යායාම අඩුකම හා ආතතිය හෘද රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපාන බව කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ නෙත් නිවුස් කළ විමසීමකදී ඉකුත්දා ප්‍රකාශ කළා.

දැනට පාසැල් වයසේ පසුවන දරුවන් පවා ආතතිය හේතුවෙන් අඩු වයසින් හෘදයාබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බවයි ඔහු සදහන් කළේ.

ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමුකර කටයුතු කිරීමෙන් අඩු වයසින් හෘදයාබාධ තත්ත්වයන්ට මුහුණදීමේ අවදානම මගහරවා ගත හැකි බවයි කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Source – Neth News

විද්‍යාපීඨ 19ම එක සරසවියක් බවට පත් කරයි

විද්‍යාපීඨ 19ම එකතු කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ගුරු අධ්‍යාපනඥ සේවා කැබිනට් යෝජනාව සහ සංකල්ප පත්‍රිකාව ඇමැති මණ්ඩලයට යොමු කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.

ඒ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරුන් ලෙස බඳවාගනුයේ දෙවැනි පන්තියේ ඉහළ සාමර්ථ්‍යයක් ඇති උපාධිධාරීන් බවත්, මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. අධ්‍යාපන පරිපාලන සේවාව, ගුරු අධ්‍යාපනඥ සේවාව, විදුහල්පති සේවාව, ගුරු උපදේශක සේවාව, ගුරු සේවය ලෙස අධ්‍යාපනයේ ක්ෂේත්‍රය තුළ සේවා 5ක් පවතින බවත්, විද්‍යාපීඨවලින් බිහි වන ගුරුවරුන් ගුරු අධ්‍යාපනඥ සේවාවට අයත් බවත් ඇමැතිවරයා මෙහිදී කීවේය.

කුසලතා සහ දිස්ත්‍රික් පදනම යටතේ විද්‍යාපීඨවලට බඳවාගැනීම් සිදු කරන බවත් පසුගිය සමයේ 7,500ක් බඳවාගෙන ගුරු පුහුණුවීම් දෙන බවත් ඇමැතිවරයා පැවසීය. මීට පෙර බඳවාගැනීම් කිරීමේදී වාර්ෂිකව 4,000ක පමණ පිරිසක් පුහුණුවට බඳවාගත්තේ යැයිද ඇමැතිවරයා කීය. ගුරු අධ්‍යානඥ සේවාවට 2,100ක පමණ පිරිසක් බඳවාගැනීමට පියවර ගන්නා බවත්, මීට වසරකට පමණ පෙර අමාත්‍යාංශය භාර ගන්නා විට මේ සේවාව සඳහා සිටියේ 866ක පිරිසක් බවත් ඇමැතිවරයා පැවසීය. ගුරු අධ්‍යාපනඥ සේවාව සඳහා 705ක් බඳවාගැනීමේ පරීක්ෂණ මීට සති 2කට පමණ පෙර අවසන් වූ අතර, එහි ප්‍රායෝගික පරීක්ෂණ හැකි ඉක්මනින් පවත්වන බවද ඇමැතිවරයා කියා සිටියේය. වැටුප් තල 12 ඉහළ නැංවීමට අදාළ කටයුතු සැලසුම් කරමින් තිබෙන බවත්, ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව සකස් කර අවසන් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. භාණ්ඩාගාරයේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ඒ සඳහා අවශ්‍ය වන බවත්, එළැඹෙන අගඟහරුවාදා හෝ බ්‍රහස්පතින්දා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කමිටුවේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ප්‍රතිපත්තිමය තීරණයක් බවට පත් කරගැනීම සඳහා ඊළඟ සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ඉක්මණට පලාත් සභා ඡන්දය තියන්න – ඉන්දියාව ලංකාවට කියයි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය බෙදීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි.

ඉන්දීය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සහ මෙරට දේශපාලන පක්‍ෂ නායකයන් අතර ඉකුත් 23 වැනිදා බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති හමුවේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ අමතමින් මේ බව සඳහන් කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 කට අධික පිරිසක් සහභාගිවී ඇත.

ඉන්දියාව සිය අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය මත කටයුතු කරන බවත් දෙරට අතර සෞභාග්‍යමත් අනාගතයක් උදෙසා සමුද්‍රීය, ගුවන්, බලශක්ති, වෙළෙඳ ආයෝජන සහ ඩිජිටල් වැනි ක්‍ෂේත්‍රවල සම්බන්ධතා අතිශය වැදගත් බවත් මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව තුළ බහු වාර්ගික, බහු භාෂාමය සහ බහු ආගමික අනන්‍යතාවය සුරැකීම සඳහා ඉන්දියාවේ සහයෝගය ලබාදෙන බවද පවසා තිබේ.

එසේම ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාවය, යුක්තිය සහ ආත්ම ගරුත්වය උදෙසා දමිළ ජනතාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කරන සංහිඳියා ක්‍රියාදාමයක් අපේක්‍ෂා කරන බවද ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටි සේවිකාවගේ මරණය මිනීමැරුමක් බව අධිකරණය කියයි.

සුධර්මා නෙත්තිකුමාරගේ පැමිණිල්ලකට අනුව, වැලිකඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීමෙන් පසුව, පොලිස් අත්අඩංගුවේ සිටිය දී මියගිය රාජ්කුමාරි නම් තැනැත්තියගේ මරණය, මිනීමැරුමක් ලෙස, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව, අදාල අපරාධයට සම්බන්ධ සියළු පාර්ශ්වයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝගකොට තිබේ.

රාජ්කුමාරිගේ මරණය සිද්ධ වී තිබුනේ මේ වසරේ මැයි මාසයේ 11 වන දා හෝ ඊට ආසන්න දිනයක දී ය.

පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිද්ධ වූ මෙම මරණය යට ගැසීම සදහා වැලිකඩ පොලිසිය උත්සාහ දැරූ නමුත්, ඇගේ මරණයට සාධාරණය ඉෂ්ඨ කිරීමට ඉදිරිපත් වූ නීතීඥ කණ්ඩායමක් විසින් නීති කටයුතු ඉදිරිහයට ගෙන යාම නිසා, මේ කරුණු අනාවරණය වී ඝාතකයන්ට දඩුවම් ලැබෙන තත්ත්වයක් උදා වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ නිපදවූ ‘වේගා’ විදුලි ත‍්‍රීවීලය වෙලදපලට එයි.

මෙරට සමාගමක් වන ‘වේගා සමාගම’ විසින් නව විදුලි ත්‍රීරෝද රථයක් වෙලදපලට හඳුන්වා දී තිබේ.

එක්වරක් අරෝපනයෙන් පසු කිලෝමීටර 150 ක දුරක් ධාවනය කළ හැකි බව සමාගම සඳහන් කරයි.

පැයක කාලයක් ඇතුළත සියයට අසූවක් බැටරි ආරෝපණය කළ හැකිය.