මෙරට සමාගමක් වන ‘වේගා සමාගම’ විසින් නව විදුලි ත්‍රීරෝද රථයක් වෙලදපලට හඳුන්වා දී තිබේ.
එක්වරක් අරෝපනයෙන් පසු කිලෝමීටර 150 ක දුරක් ධාවනය කළ හැකි බව සමාගම සඳහන් කරයි.
පැයක කාලයක් ඇතුළත සියයට අසූවක් බැටරි ආරෝපණය කළ හැකිය.

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නිවස ඉදිරිපිටට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු පිවිතුරු හෙළ උරුමය සාමාජිකයින් පිරිසක් විරෝධතාවයක යෙදී සිටිනවා.මේ එම ස්ථානයේ අලුත්ම තත්වය
ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නිවස ඉදිරිපිටට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු පිවිතුරු හෙළ උරුමය සාමාජිකයින් පිරිසක් විරෝධතාවයක යෙදී සිටිනවා.මේ එම ස්ථානයේ අලුත්ම තත්වය
තලංගම රොබට් ගුණවර්ධන මාවතේ ඊයේ දින කඩා වැදුණු පාතලා සාමාජකයින් දෙදෙනෙක් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ ජානක පුෂ්පකුමාර නමැති පුද්ගලයෙක්.මෙම පුද්ගලයා ගැන මේ වන විට තොරතුරු කිහිපයක් වාර්තා වී තිබෙනවා.
වව්නියාව, තෝනිකල් ප්‍රදේශයේ නිවෙසක පැවැති උපන් දින සාදයක් අතරතුර එම නිවසට ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් 9 දෙනකු තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන සැකකරු විවිධ පුද්ගලයන්ට ජංගම දුරකතනයකින් දින 21 ක් තුළ ඇමතුම් 3,292 ක් ලබා ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සම්පුර්ණ විස්තය පහත වීඩියෝවෙන් නරඹන්න

ශලනි තාරකාගේ විවාහය ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන්ම කතාබහට ලක් වුණානේ.
මොකද ඇයට එල්ල වුන චෝදනා සහ ඒ කාලවකවානුවේම ඇයගේ විවාහය සිදු කිරීමත් නිසා ඇයට ආදරය කරන පිරිස් අතර බොහෝ සෙයින් මේ විවාහය ගැන කතා බහට ලක්වුණා වගේම හැමෝගෙම අවධානයත් ඒ වෙත එල්ල වෙලා තිබුනා.
කොහොම වුනත් ශලනිගේ සැමියා “නිහත” ගැන විවාහය සිද්ධ වන තුරුම කිසිදු පාර්ශවයකින් හෙළිකර තිබුනේ නැහැ.
නිහත-ශලනි හමුව කොහොමද සිද්ධ වුණේ,මේක ප්‍රේම සම්බන්ධයක්ද,නැත්නම් විවාහ යෝජනාවක්ද කියලා දැනගන්න ශලනිට ආදරය කරන ගොඩාක් අය කැමති ඇති.
මේ ඒ ගැන ශලනිගේ මව රංගන ශිල්පිනී නිර්මා කියලා තිබුනේ මෙහෙමයි.
“මගේ යාළුවෙක් තමයි නිහත පුතා ගැන මුලින්ම කිව්වේ.
ඇත්තටම මේක විවාහ යෝජනාවක්.
ශලනිට ආව විවාහ යෝජනා එකකටවත් එයා කැමති වුනේම නැහැ.
මම යෝජනාවක් ගෙනාවොත් මාත් එක්ක හරියට තර්ක කලා.
අඩුම තරමේ ගේන යෝජනාවල ෆොටෝ එකක්වත් බලන්න එයා කැමති වුනේ නැහැ.
ශලනි හිටියෙම එයා විවාහ වෙන්නෙ නැහැ බලකරන්න එපා කියන මතයේමයි.
මම තනියම ඉන්නවා කියලා තීරණය කරලා ඉවරයි අම්මේ කරදර කරන්න එපා කියලා ශලනි මාත් එක්ක හරියට රණ්ඩු කලා.
විවාහ වෙන්නෙ නැහැ කියන තීරණයේ එයා තදින්ම හිටියා.
යෝජනා ගේනවට හරිම තරහයි.
අම්මෙක් විදිහට මට එයාව තනිවෙන්න ඉඩ දෙන්න බැහැනේ.
බැනුම් අහන ගමන් මමත් යෝජනා ගෙනාවා.”
මෙහෙම හිටපු ශලනි නිහතට කැමතිද කියලා අහන්න ෆොටෝ එක ශලනි ලඟට යවලා තියෙන්නෙ ශලනිගේ නංගිගේ අතේ.
ඊට පස්සෙ මේ ෆොටෝ එක දැකපු ශලනි කියලා තියෙන්නේ හිතේ මැවිලා තිබුනා නම් රූපයක් ඒ තමයි මේ කියලා.
ඉතින් දැන් ශලනිගේ ආදරණීය සැමියා නිහත ඇයගේම වෙලා තියෙන්නෙ මෙහෙමයි.
(ලංකාදීප)

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
කෙසේ වෙතත් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අධිඅවදානම් කලාප සංඛ්‍යාව 34ක් දක්වා පහත වැටී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ඒ අනුව අද (26) දිනය දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,225ක් බව වාර්තා වේ.
ජනවාරි සිට ජුලි මාසය හා සංසන්ධනය කර බැලීමේ දී අගෝස්තු මාසයේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ඒ අනුව ජූලි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,369 දෙනෙකු වාර්තා වී තිබුණ ද අගෝස්තු මාසයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ, ඩෙංගු රෝගීන් 4,536 දෙනෙකු පමණි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, එම සංඛ්‍යාව 13,053ක් බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 12,963 දෙනෙකු, මහනුවරින් රෝගීන් 4,976 දෙනෙකු සහ කළුතරින් ඩෙංගු රෝගීන් 3,949 දෙනෙකු වාර්තා වී තිබේ.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 38ක් වාර්තා වී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ, තවත් සති 04ක කාලයකට බව ලංකා විදුලි බල මණ්ඩලය අවධාරණය කරයි.
පවතින වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය සියයට 15 දක්වා පහත වැටී ඇති බව ද වාර්තා වේ.
තාප විදුලි නිෂ්පාදනය හේතුවෙන් කප්පාදුවකින් තොරව මේ වන විට විදුලි බලය ලබා දීමට හැකියාව පවතින බව ද එම මණ්ඩලය සඳහන් කරයි.
සමනල වැව ජලාශයේ ජල ධාරිතාව සියයට 01ක් දක්වාත් කාසල්රී ජලාශයේ ජල ධාරිතාව සියයට 21ක් දක්වාත් මාවුස්සාකැළේ ජලාශයේ ජල ධාරිතාව සියයට 35 දක්වාත් වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව සියයට 25 දක්වාත් මේ වන විට පහත වැටී තිබේ.
ඒ අනුව ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ, ගිගාවොට් පැය 300ක් පමණක් බව සඳහන්ය.
මේ අතර, තාප බලාගාරවලින් සියයට 65ක ධාරිතාවක් දක්වා විදුලි නිෂ්පාදනය ඉහළ නංවා තිබේ.
එසේම සෝලා භාවිතයෙන් සහ සුළං බලයෙන් සියයට 11ක පමණ විදුලි නිෂ්පාදන ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර ඇත.
මේ අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඒ අනුව පවුල් 84,664කට අයත් පුද්ගලයන් 291,720 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු පළාතට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, එහි පවුල් 23,688කට අයත් පුද්ගලයන් 75,607 දෙනෙකු පිඩාවට පත්ව සිටියි.
නැගෙනහිර පළාතේ පවුල් 18,981කට අයත් පුද්ගලයන් 63,265 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර, සබරගමුව පළාතේ පවුල් 13,705කට අයත් පුද්ගලයන් 55,096 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.
වයඹ පළාත තුළ ද පවුල් 7,143කට අයත් පුද්ගලයන් 23,534 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව සඳහන්ය.
මේ අතර, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොවිබිම් හානියට ලක්ව ඇති අතර, අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ගොවීන්ට ලබා දෙන වන්දි මුදල ඉහළ නැංවීම සඳහා තමා අමාත්‍ය මණ්ඩලයට යොජනාවක් ඉදිරිපත් කරන බවයි.