Home Blog Page 208

ළමයි මහ මග දාන්න එපා..! අපිට දෙන්න, ඇමති ගීතා කියයි.

මව්වරු බිළිඳුන් මහමඟ දමා යනවා. එහෙම නොමැති නම් ඝාතනය කරනවා. එහෙම කරන්න එපා. බිළිඳුන් අපට දෙන්න යැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඉල්ලා සිටියි . ඇය මෙම ඉල්ලීම කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවේදීය. රටේ පවතින ආර්ථික තත්ත්වය මත ළමයින් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් අලුතින් නිර්මාණය කිරීම අසීරු කටයුත්තක්. නමුත් රජයේ රෝහල්වල වෙනම ම ස්ථාන සකස් කර ළමුන් රැක බලා ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරනවා.මේ රටේ කාන්තා හිංසනය මෙන්ම ළමා අපචාර ප්‍රතිශතය යම් මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා. ළමා අපචාර සම්බන්ධයෙන් පාසල් මට්ටමින් ළමුන් දැනුම්වත් කිරීමට යෝජනා කර තිබෙනවා. පාසල් දැරියකට හෝ දරුවෙකුට ලිංගික අතවරයක් සිදු වූ විට අම්මාට හෝ තාත්තාට කීමට පැකිළෙනවා. ඇතැම් විට ඒ බව හොඳම යෙහෙළියට හෝ යහළුවාට කියන්න ඉඩ තිබෙනවා.

ඒ නිසා පාසල් ළමුන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන උපදේශන වැඩසටහන් පැවැත්විය යුතුයැයි ද රාජ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළාය.

පිරමීඩ ප්‍රචාරය කරන අය වරෙන්තු නැතුව අල්ලන්න යයි.

නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රම වලට ජනතාව පොළඹවන්නන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඒ අනුව එවන් පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවද පැවසූ ඔහු එය නීතිමය වශයෙන් ඇප දිය නොහැකි වරදක් බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රම නීත්‍යානුකූල ඒවා බව හුවා දැක්වීම සඳහා විවිධ උපක්‍රම යොදමින් ඇති බව නිරීක්ෂණය වන බව ද හෙතෙම කියා සිටියේය.

මෙම පිරමීඩ ක‍්‍රම වෙනුවෙන් පෙනී සිටින්නන් සම්බන්ධයෙන් මහජනතාව විසින් මහ බැංකුවට පැමිණිලි කර ඇති බවද පැවසූ ඔහු මාර්ගගත ක්‍රම හරහා මෙම යෝජනා ක්‍රම නීත්‍යානුකූල බව පෙන්වීමට කූට ලෙස කටයුතු කරන බවත් පැවසීය.

අනුරට සුබ පණිවිඩයක්.. ඉදිරියේදී ලොකු පෙරලියක්

ඩලස් අලහප්පෙරුම ඇතුළු නිදහස ජනතා සභාවේ නියෝජිතයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට නිදහස ජනතා සභාව නියෝජනය කරමින් එහි නායක ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, චරිත හේරත් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ නායක අනුර දිසානායක, විජිත හේරත් මෙන්ම කේ. ඩී. ලාල්කාන්ත ද සාකච්ඡාවට එක්වුණා.

මේ සම්බන්ධව වාර්තා වන අලුත්ම තොරතුරු මෙන්න.පහත වීඩියෝව තුලින් ගෙන එන්නේ මේ කාරණාවන් පිළිබඳවයි.

පොලිස් පුතා මවට ප්‍රතිකාර කිරීමට සේවය අත්හැර යයි.

රෝගාතුරව නිවසේ සිටින මවට ප්‍රතිකාර ලබාදීමට යාමට නිවාඩු ලබා නොදුන් බව පවසමින් හලාවත පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන ආරච්චිකට්ටුව පොලිස්ථානයේ රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු අද (25)පොලිස් පොතේ සම්බන්ධව සටහනක් තබා රාජකාරියෙන් බැහැරව ගිය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ආධුනික පොලිස් කොස්තාපල් වරයෙක් එසේ බැහැරව ගොස් ඇති අතර රෝගාතුරව සිටින බව මව බැලීමට යාමට නිවාඩු ඉල්ලා සිටියත් එම නිවාඩු අනුමත නොකිරීම නිසා තමාට තවදුරටත් රාජකාරි කරගෙන යෑමට තරම් මානසික තත්ත්වයක පසු නොවන බවයි ඔහු පොලිස් පොතේ පිටු අතර සටහන් කර තිබුණේ.

දින 60ක කාලයක් නිවාඩු ලබා නොගෙන රාජකාරි කර ඇතත් රෝගාතුරව සිටින සිටින මව බැලීමට යෑමටනිවාඩු අනුමත කර නොදුන් නිසා ආධුනික පොලිස් කොස්තාපල් වරයා සිත් වේදනාවෙන් පසුවූ බවද වාර්තා වෙනවා.

කෙසෙල්වත්තේ “පොඩි කවී” ඝා#තනය කලේ මේ නිසා..?වෙඩිතැබූ පුද්ගලයා හෙළිකරයි.

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පසුගිය ජුනි මස 30 වැනිදා සිදුවූ අපරාධයක් රටේම අවධානයට යොමු වුනා.ඒ පොඩි කවී නමැති 20 හැවිරිදි තරුණයාගේ ඝාතනය පිළිබඳවයි.

මෙම තරුණයා පාතාලයේ පුද්ගලයින් සමග සම්බන්ධයක් ඇති නමුත් පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ නැති අයෙක් බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේවෙතත් මෙම තරුණයා ඝාතනය කලේ කුමන අරමුණකින්ද යන වග බොහෝ අයට ප්‍රශ්නයක් වී තිබුණා.කෙසේවතත් මේ වන විට එම ඝාතනය පිළිබඳව තොරතුරු රාශියක් හෙළිව තිබෙනවා.ඝාතනය කිරීම සඳහා කුමන පුද්ගලයාටද අවශ්‍යව තිබුනේද යන වගත් මේ වන විට තොරතුරු ලැබී තිබෙනවා..

මේ සම්බන්ධව වාර්තා වන අලුත්ම තොරතුරු මෙන්න.පහත වීඩියෝව තුලින් ගෙන එන්නේ මේ කාරණාවන් පිළිබඳවයි.

සැකකරු අල්ලන්න මහජන සහය පතයි.

බණ්ඩාරවෙල පොලිස් වසමේ හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතතනය කර පලාගොස් සිටින ඉහත සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මුලස්ථානය මහජන සහය පතයි.

ඉහත ඡායාරූපයේ සිටින සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වොතොත් බණ්ඩාරවෙල මුලස්ථාන පොලිස් පරීක්ෂක (0718591523) හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති (0718710108, 07185994033) යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස මුලස්ථානය ඉල්ලා සිටියි.

පා#තාලයේ කලු සල්ලි සුදු කරන නිරූපණ ශිල්පිනියන්ගේ ලිස්ට් එක මධුමාදව හෙළිකරයි.

ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ.

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දැන් ‘මධූ’ යූටියුබ් නාලිකාවක් හරහාත් ප්‍රේක්ෂකයින් වෙත සමීප වෙනවා.

පසුගිය දවසක මධූ ඉන්දීය නිළි ජැකලින් ගැනත්, ලංකාවේ ඉන්න ‘කලු සල්ලි සුදු’ කරන ‘උත්තමාවීයෝ’ ගැනත් හෙළිදරවුවක් කර තිබුණා.

‘ජැකලින් පාවිච්චි වෙනවා කලු සල්ලි සුදු කරන්න. ගෙවල්, ඉඩම්, මුදු රත්තරන්, මැණික් ඒවාට යොදවනවා.. නමුත් ඉන්දියානු පොලිසිය බොහෝ සූක්ෂමව මේක හොයාගන්නවා. අද ඇයට රටින් යන්න පවා තහනම්.. ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම නෑ…’

‘අපි කලාවට එන කාලෙත් අපි දැක්කා, බඩුවක්… (ගණිකාව කියන වචනේ තමයි බඩුවක් කියන්නෙ..) බඩුවක් කියන නම එන්න ඇත්තේ විකිණෙන නිසා වෙන්නැති. ඇඟ විකුණන කෙනාට අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නෙ බඩුවක්..’

‘මෙහෙම අය ඉන්නවා සමාජය ඇතුළේ. කලා ක්ෂේත්‍රයේ ඉන්නකොට මිනිස්සු කතාවෙනවා. අන්තිමට හැදෙන්නෙ සියලු නිළියන් බඩු කියලා. මගේ ඉතිහාසයේ මම විවාහ වෙලා හිටියෙත් කලා ශිල්පිනියක් සමඟ. අමතරව මගේ ප්‍රේම සම්බන්ධතා තිබිලා තියනවා නිරූපණ ක්ෂේත්‍රයේ අය එක්ක එහෙමත්. මේක ඔවුන්ට කරන අසාධාරණයක්. වෘත්තීයට ඒ නම යොදන එක වරදක්….’

රඟපානවා කියන එක ‘මල් යහනාවක්’ නෙවෙයි කියලත් ‘මධූ’ කියනවා.

‘වුණේ මොකද්ද, ඉස්සර අපි දැනන් හිටියා ගොඩක් අය පාවිච්චි වුණා. හැබැයි දැන් ඒ අය ඒවයෙන් අයින් වෙලා ඉන්නවා. නමුත් දැන් කතාව ඒක නෙවෙයි.. නිරූපණ ශිල්පිනියන් ගෙනල්ලා බඩු කරනවා නෙවෙයි. බඩු ගෙනල්ලා නිරූපණ ශිල්පිනියන් කරනවා. ඒ අය කිසිම කලා නිර්මාණයක්වත් නෑ…’

‘රඟපාන එක හිතන තරම් ලස්සන නෑ. රෝස මල් යහනාවක් නෙවෙයි ඒක. දැන් ඔය කියන අය වාහන ගන්නවා. ඇවිදින්න ගන්නවා….. මේ කරන්නෙ කලු සල්ලි සුදු කරන එක. මේ ඔක්කොම කරලා කයිවාරුත් ගහනවා. අරයද මෙයා ද කියලා හිතන්න එපා.. ගොඩක්….’

බේරේ වැව සුවඳ කරන්න සමාගමකට දෙයි.

කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් නඩත්තු කටයුතු දිගටම සිදු කිරීම සඳහාත් පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර තිබේ.

එම කටයුතු Groepo Pte. Ltd සමාගම වෙත සහ එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd. වෙත පැවරීමට මෙලෙස තීරණය කර ඇත.

මෙම යෝජනාවට අනුව බේරේ වැවේ දුගද නැති කොට එය පිරිසුදු කිරීමටත් බේරේවැව සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමටත් නියමිත ය.

මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අදාළ සමාගම අධිතාක්ෂණ උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරයි.

අදාල  යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති අතර මෙම ව්‍යාපෘතියට සමගාමීව බේරේ වැවට මලාපවහන අපජලය සහ අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට ද කටයුතු කරන ලෙස කැබිනට් මණ්ඩලය ඊට අදාළ රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත.

මෙහි මෙහෙයුම් කටයුතු  සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය ,මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (පුද්ගලික) සමාගම සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් අධීක්ෂණ කමිටුවක් ද නම් කර ඇත.