Home Blog Page 209

හෙලකුරු ඉවත් කිරීම වේගවත් වෙයි – සමාජජාලවල රැල්ලක් එයි.

ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සිංහල ටයිපින් සේවාවක් වෙන හෙලකුරු සමාගම සිය වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම හෙලකුරු ප්‍රෝ සමාජිකයින්ට පමණක් ලබා දීම හේතුවෙන් හෙලකුරු ඉවත් කිරිමට සමාජ මාධය තුළ රැල්ලක් ඇතිව තිබේ.

මෙම වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම තවදුරටත් නොමිලේ ලබා ගත නොහැකි අතර එය මුදල් ගෙවා ලබා ගත යුතු වේ.

මේ පිළිබදව හෙලකුරු සමාගමේ නිර්මාතෘ ධනික පෙරේරා සිය සමාජ මාධ්‍ය ගිණුමේ ඒ බව පැහැදිලි කර තිබෙන අයුරු පහතින්

නුවර පෙරහර බලන අයට පොලිසියෙන් අවවාදයක්.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා මාර්ග දෙපස එක්රොක්ව සිටින ජනතාවට දැඩි ඝෝෂාකාරී අයුරින් විවිධ නළා හැඬවීම සහ අධික විද්‍යුත් ධාරා සහිත එළිදැල්වීම නොකරන ලෙසට පොලිසිය ඉල්ලීමක් කරයි. මෙම අධික ශබ්දයෙන් යුත් නළාවක් හැඬවීමෙන් හා එහි කොටසක් හොඬයේ සංවේදී ස්ථානයක ගැටීමෙන් කලබලයට පත් වූ අලියකු පසුගියදා කලබලකාරීව හැසිරීම හේතුවෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් පොලිසිය මෙම ඉල්ලීම කරයි.

පෙරහැර මාර්ගයෙන් බැහැරව නගරයේ අවැසි තැනක මෙම විවිධ ශබ්දයෙන් යුත් නළා වර්ග හැඬවීම හා විද්‍යුත් ආලෝක ධාරා සහිත කෙළිබඩු භාවිත කිරීමට තහනමක් නොමැති බවද පොලිසිය පවසයි.

ගෑනු ගොඩක් අසාධාරණවලට ලක් වෙන්නේ බය නිසා.

ගීත රූප රචනාවලින් සහ නිවේදිකාවක් ලෙස කලා ගමන ආරම්භ කර මේ වන විට පුංචි තිරය හැඩගන්වන ශෙහානි කහඳවල ප්‍රේෂක හදවත්වලට ඉතා කෙටි කලකින්ම සමීප වූ රංගන ශිල්පිනියක්. කාලෙන් කාලෙට විවිධ චරිත හරහා මුණ ගැසෙන, සමාජ මාධ්‍යයේ කතා මවන ශෙහානි මේ දිනවල සල්ලි පොකුරු ටෙලි නාට්‍යයෙන් කරළියට එන්නේ වෙනස්ම මුහුණුවරකින්. මේ කතා බහ හැඩකාර කටකාර ශෙහානි සමගයි.

පහුගිය කාලේ මොකද වුණේ?
අවුරුදු දෙකකට විතර පස්සේ තමයි ටෙලි නාට්‍යයකට එකතු වුණේ. කොහොමත් මම ගොඩාක් වැඩවල ඉන්න කෙනෙක් නෙමෙයි. හැබැයි පහුගිය කාලෙත් නිර්මාණ කිහිපයක් කළා. ඒවා ඉදිරියට විකාශය වෙන්න තියෙනවා. ඒ අතරතුර තමයි සල්ලි පොකුරු ටෙලියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ.

වැඩිපුර කැමති පැත්තකට වෙලා ඉන්නද?
එහෙමත්ම නැහැ. කාලෙකදි සද්දෙට ඉන්නවා. කලෙකදි සද්දේ වහලා ඉන්නවා. ඒක තමයි ස්වභාවය. වැඩක් ලැබුණොත් මට ඒක සෙට් වෙනවා නම් ඒ වගකීම හරියටම කරනවා. බොරුවට දඟලලා ප‍්‍රසිද්ධ වෙන්න මම කැමති නැහැ. මේ දවස්වල නම් මාව කාලෙකින් දකින නිසාද මන්දා ලැබෙන ප‍්‍රතිචාර හරිම වෙනස්. ඒ වෙනස් ප‍්‍රතිචාරය ලැබෙන්නේ සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ නිශීට. නිශී කියන්නේ හරිම කටකාර, වලියට බර, විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්න හැබැයි හරියට කේන්ති යන චරිතයක්. ඇත්තටම නිශී වගේ චරිතයකින් මාව මිනිස්සු අතරට ගිහින් තිබුණේ නැහැ. ඒ විදිහට මට මාව වෙනස් කරගන්න අවස්ථාව දීපු එකට සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාටත්, ශිවගුරුනාදන් මහතාටත් ස්තූතිවන්ත වෙනවා.

කැමරාව ඉස්සරහ සීරියස් වෙන්න ලැබිලම නැද්ද?
චරිතයක් ඇතුළෙ සීරියස් වෙන්න අවස්ථාව ලැබිලම නැහැ. දඟකාර, කටකාර පෙම්වතිය තමයි මට හැමදාම ලැබිලා තියෙන්නේ. හැබැයි ඒ පැකේජ් එක අස්සේ බෝනස් එකක් තමයි සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ නිශී කියන්නේ. ඒත් මම සැබෑ ජීවිතේ නම් පට්ට සීරියස් චරිතයක්. ගොඩක් වෙලාවට මම සද්ද නොකර පාඩුවේ ඉන්න කෙනෙක්. මම ක්ෂේත‍්‍රයේ ලොකුවට යාළුවෝ ආශ‍්‍රය කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ හැම කෙනෙක්ම මගේ ජීවිතේ ඉන්නවා. ඇත්තම කියනවා නම් මම කැමති නැහැ බැඳීම් ඇති කරගන්න. මම කැමති මගේ ලෝකය නිදහසේ විඳින්න.

ශෙහානිව අපි පහුගිය කාලේ දැක්කේ ටිකක් අමුතු විදිහකට? මොකද්ද ඒ වෙනස?
මම පොඩි කාලේ ඉඳලා හරි කැමතියි ලස්සනට අඳින්න. විවිධ විලාසිතා කරන්න. වෙනස් වෙනස් දේවල් කරන්න. මුලදි එහෙම වෙනස් වුණොත්, සමාජය කොහොම වැලඳගනීවිද කියන සංස්කෘතිය ඇතුළෙ කොටු වෙලා හිටියා. නමුත් පස්සේ කාලේදි මම හිතුවා මම, මමම වෙන්න ඕනෑ කියලා. ඒ කියන්නේ අනෙකාගේ මත වලට ගරු කරන්නේ නැහැ කියන එක නෙමෙයි. මගේ දක්ෂතාවලින් මට තව ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතුවා. මම මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙමෙයි කියලා හිතුණා. එතැනදි තමයි මම නැගිට්ටේ. මට හිනාවෙන්න පුළුවන්, මගේ හිත සතුටු වුණොත් විතරයි. ඒ නිසා මම මගේ නිදහස විඳිනවා කියන තැනට ආවා. මම වැඩිපුරම ආස වෙස්ටන් විදිහට විලාසිතා කරන්න. මගේ ස්වාභාවික කැරලි කොන්ඬේ තමයි මට මුලින්ම වෙනසක් ගෙනැල්ලා දුන්නේ. ඒ අතරේ මගේ ඩාන්සින් සහ ගායනය ප්‍රේෂකයෝ වෙනස් විදිහට වැලඳගත්තා.

ශෙහානි කියන ගායිකාව එළියට එන්නේ වෙනස්ම තැනකදි නේද?
මට පොඩි කාලේ ඉඳලම සින්දු කියන්න පුළුවන්. නමුත් ඒ ගායිකාව මම ඒ කාලේ ඉස්මතු කළේ නැහැ. ශෙහානි කියන ගායිකාව එළියට දාන්නම ඕන කියලා හිතුණේ මීට අවුරුදු දෙකකට කලින්. ඒක කොච්චර ඇඟේ තිබුණත් එළියට දාන්න වෙලාව එන්නම ඕනෑ. ඒක වාසනාව නෙමෙයි, ඒක කරන්න පුළුවන් කියලා විශ්වාසය එන වෙලාව තමයි හරිම වෙලාව. ඒ විදිහට තමයි මම ගායිකාවක් විදිහට කරළියට ආවේ. මේ දවස්වල ගායනය පැත්තෙන් අලුත් වැඩ ටිකක් කරගෙන යනවා. මගේ ගායන ජීවිතේ පැත්තෙන් මට තියෙන්නේ එක හීනයයි. ඒ කවදාහරි දවසක අශාන්ති එක්ක ගීතයක් කරන එක.

ශෙහානිගේ ඩාන්ස්වලට සමාජ මාධ්‍ය කුලප්පු වෙන්නේ ඇයි?
අනේ මන්දා ඉතින්. මගේ නිදහසේ මං කැමති දේ කරනවා. ඒවා කට්ටිය විවිධ විදිහට විඳිනවා. ඇත්තටම මගේ ඩාන්සින්වලට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. නරක ප‍්‍රතිවාර නැහැ. ඒවා හරිම ආදරණීය ප‍්‍රතිචාර ඒ වගේ ආදරයක් ලැබෙන්නේ කෙනෙකුට හරි අඩුවෙන්. මට ඒ ආදරය උපරිමයෙන්ම ලැබෙනවා.

ගොසිප් සම්බන්ධයෙන් මොකද්ද අදහස?
ඇඳුමක් ඇන්දත්, හැරුණත් සමාජයේ ගොසිප් හැදෙනවා. ගොසිප්වලට හේතු ඕන නැහැ. සමහරු මගෙන් ඒ ඒ ගොසිප්වල යන කතා ඇත්තද කියලා අහනවා. මම කිසිම ගොසිප් එකකට උත්තර දෙන්න යන්නේ නැහැ. මම ඒවා හොයන්න ගිහින් කාලය කාදාන්න කැමති නැහැ. මොකද මම ජීවත් වෙන්නේ මට ඕන විදිහට.

කලා ක්ෂේත‍්‍රය ඇතුළෙ ලිංගික අල්ලස්වලට මුහුණ දෙන්න වෙලාම නැද්ද?
ක්ෂේත‍්‍රයට ආපු මුල් කාලේ ඕනැම කෙනෙකුට නොහිතන අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙනවා. ඒක අපි අපේ වාසනාව කොතනද තියෙන්නේ කියලා හොයාගෙන යන කාලයක්. හරියට ලොතරැයියක් හූරනවා වගේ. ඒ ගමනෙදි අනවශ්‍ය මිනිස්සු මටත් මුණ ගැහිලා තියෙනවා. ඒ වගේ දෙයක් මගේ ඇඟට දැනුණු ගමන් මම එතැනින් අයින් වෙනවා. මම කෙළින් කතා කරන කෙනෙක්. මම බයට හිතේ හිරකරගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ගෑනු ගොඩක් අසාධාරණවලට ලක් වෙන්නේ බය කියන දේත් එක්ක. හැබැයි මම මට අසාධාරණයක් වෙන තැනකදි කටපියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඇත්තම කියනවා නම් කටයි මොළෙයි නැත්නම් මේකේ ඔළුව ගහගෙන ඉන්න බැහැ. ඕනම තැනක තමන්ට තමන් වෙනුවෙන් කතා කරන්න ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනෑ. අද වෙනකම් දෙයියනේ කියලා දරුණු විදිහට ඒ වගේ බලපෑම් එල්ලවෙලා නැත්තේ මම කෙළින් කතා කරන නිසා.

දැනුණු ප්‍රේමයක් තාම නැද්ද?

දැනුණු ප්‍රේමයන් හමුවෙලා තියෙනවා. නමුත් ඒවා හිමි වුණේ නැහැ. මිනිස්සු අපේ ජීවිතේට එනවා, ආදරෙන් ඉන්නවා, ඒවා මග ඇරෙනවා. ආයේ අලුත් මිනිස්සු අපට හමු වෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. මම පේ‍්‍රමය නම් හොයාගෙන යන්නේ නැහැ. ළඟට ආවොත් භාරගන්නවා. මම මගේ ජීවන සහකරුවා විදිහට හොයන්නේ හිත හොඳ, තමන්ගේ මවුපියන්ට ගරු කරන, ජීවිතේ ගැන හොඳ අවබෝධයක් තියෙන, තමන්ට සහ අනුන්ටත් ආදරය කරන කෙනෙක්.

– නදීශා අතුකෝරළ

අනේ කවුරුවත් නැද්ද මාව බේරගන්න – දෙනෝදාහක් බලා සිටියදි බස් රථය තුළට ඇවිත් රූමත් කත පැහැරගෙ.න යයි

වතුපිටිවල ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක සේවිකාවක මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම පැහැරගැනීම 20 වැනිදා සවස 6.30 ට පමණ වතුපිටිවල වල්ගම්මුල්ල ප්‍රදේශයේදී සිදුවී තිබෙනවා.

මෙලෙස පැහැරගැනීමට ලක් වූ 34 හැවිරිදි ඇඟලුම් කම්හල් සේවිකාව සම්බන්ධයෙන් ඊයේ (24) සවස් වනතුරුත් කිසිදු හෝඩුවාවක් දැන ගන්නට නැතැයි ද පොලිසිය පැවසුවා.

එක්දරු මවක වන මෙම ඇඟලුම් සේවිකාව සේවය නිමවා සේවා බස් රථයෙන් නිවෙස බලා එමින් සිටියදී ඇය සිටි බස් රථයට හරස් වන ලෙස නවත්වා ඇති මෝටර් රථයක පිරිසක් ඉන් බැසවිත් බස් රථයේ සිටි ඇඟලුම් සේවිකාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

ඇය පැහැරගෙන ගිය මෝටර් රථයේ අංකය පරීක්‍ෂා කිරීමේදී එම අංකය ව්‍යාජ එකක් බව ද පැහැරගැනීමට ලක් වූ ඇඟලුම් සේවිකාව සැමියාගෙන් වෙන් ව සිටින බව ද හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

මැය වෙනත් විවාහයක් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියදී මෙලෙස පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඇය පැහැරගෙන ගියේ කවුදැයි මෙතෙක් හෙළි වී නැති අතර ඇයගේ ජංගම දුරකථනය ද මේ වනවිට විසන්ධි වී ඇතැයි පොලිසිය පවසයි.

කුකුල් මස් මිල නිල වශයෙන් පහළ දමයි.

කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම කර්මාන්තකරුවන් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබේ.  

රජය විසින් බඩඉරිඟු ආනයන බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 75 සිට රුපියල් 25 දක්වා පහත දැමීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීම මෙහි අරමුණ වේ.

එසේම ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය වැඩි වන අවස්ථාවන්හිදී එම වාසියද පාරිභෝගිකයන්ට ලබාදීමට අදාළ කර්මාන්තරුවන් එකඟතාව පළ කර ඇත. 

මෙරට වාර්ෂික ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය කිලෝග්‍රෑම් 11 දක්වාත්, වාර්ෂික ඒක පුද්ගල බිත්තර පරිභෝජනය 138 දක්වාත් මේ වනවිට ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේය.

රාජකුමාරිගේ මර#ණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්.

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ බව කියන රාජන් රාජකුමාරි නමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස නියෝග කර ඇත.

එම මියගිය කාන්තාවගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව ලබාදෙමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.