Home Blog Page 210

ලංකාවේ පොල් ලෝකය හොල්ලන්න යයි.

ලංකාවේ ව්‍යාපත්ව ඇති පොල් ශාකයේ ජානමය ලක්ෂණ පිළිබඳ අධ්‍යනයක් සිදුකර සිලෝන් ටී මෙන් මෙරට පොල් ද සිලෝන් කොකනට් ලෙස ලෝක වෙළෙඳපොල වෙත හඳුන්වාදීමට හැකියාව පවතින්නේද යන්න පිළිබඳ මේ වන විට සොයාබලමින් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මේ වන විට පවතින තාක්ෂණයේ දියුණුවත් සමඟ සිලෝන් කොකනට් යන්න ප්‍රවර්ධනය කිරීමට හැකිනම් එය මෙරට පොල් කර්මාන්තයේ දියුණුවට වැදගත් වන බවත් ඒ සඳහා මේ වන විට පොල් ශාකයේ ජානමය ලක්ෂණ සලකා බලමින් මෙරටට ආවේණික බව තහවුරු කර ගැනීමට හැකියව පවතින්නේද යන්න පිළිබඳ අවධානය යොමුව ඇති බවත් ඔවුන් සඳහන් කළේය.

අනෙකුත් රටවල හටගන්නා පොල්වල ඇති ගුණාත්මක බවට සාපේක්ෂව මෙරට පොල්වල අඩංගු ගුණාත්මක සංඝටක ඉහළ මට්ටමක පවතියි.ඉන්දුනීසියාව වැනි රටවල පොල් ගෙඩියෙන් ලබාගත හැකි පොල් කිරි ප්‍රමාණය මෙරට පොල්වලින් ලබාගතහැකි පොල් කිරි ප්‍රමාණයට වඩා 30%කින් පමණ අඩුය. එමෙන්ම මෙරට පොල් වල අඩංගු ප්‍රාථමික සහ ද්විතීක සංඝටක ප්‍රමාණය ඉහළ බැවින් එහි ඇති ඖෂධීය බවද ඉහළ මට්ටමක පවතියි.

මෙරට ජනප්‍රිය නිළියගේ නි#රු ව ත් වීඩියෝවක්? 15 හැවිරිදි දරුවෙක් පොලිස් අත්තඩංගුවට.

ජනප්‍රිය ළමා නිළියකගේ ඡායාරූපයක් වෙනත් නි රු ව ත් වීඩියෝ පටයකට එක්කර සංස්කරණය කරන ලද වීඩියෝවක් වට්සැප් සමූහයකට මුදා හැරී පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රදේශ කීපයකට අද දැඩි උණුසුමක් එයි

ප්‍රදේශ කීපයකට අද (25) උණුසුම් කාලගුණ තත්වයක් පවතින බවත් එම උණුසුම් තත්වය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව්, වවුනියාව සහ මෙරණරාගල යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමේ පැවතිය හැකි බවත් එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

මාස හයෙන් පා#තාලය සම්පූර්ණයෙන්ම මර්දනය කරනවා – දේශබන්දු තෙන්නකෝන්.

මාස හයක් ඇතුළත, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මර්දනය කරන බව, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ.

මේ සදහා විශේෂ කාර්ය සාධක බලකායේ සහාය ලබාගන්නා බවද ඔහ පවසා තිබේ.

මෑත කාලීනව රට තුළ ඝාතන සහ මංකොල්ලකෑම් නව ප්‍රවණතාවයක් ලෙස ඉහළ යමින් පවතී. වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තබා සිදු කර තිබෙන මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය හතලිහකට ආසන්නය.

පාතාල ක්‍රියාකාරකම් මර්දනය සදහා ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීම සදහා, පොලිස්පතිවරයා විසින්, බස්නාහිර පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ. මෙම කමිටුවට, උතුරු පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, දකුණු පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, විශේෂ කාර්ය සාධක බලකා ප්‍රධානී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ඇතුළත් ය.

පිරමිඩයට දැමූ මුදල් ගන්න හැටි මහ බැංකු අධිපති කියා දෙයි.

පිරමීඩාකාර ව්‍යාපාරවල කිසිවකු හෝ මුදල් ආයෝජනය කර ඇත්නම් එම මුදල් ආපසු ලබා ගන්නා ක්‍රමය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කරයි.

ඒ අනුව එම ව්‍යාපාරය මුදල් යොදවන්න යැයි පැවසූ අයගෙන් නැවත මුදල් ඉල්ලා ගන්නැයිද මහ බැංකු අධිපති ජනතාවට කියා සිටියේය.

ඒ හැර වෙන කළ හැකි දෙයක් නැති බව පැවසූ ඔහු එසේ නොවන්නේ නම් පැමිණිල්ලක් දමා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසද පැවසීය.

කෙසේ වෙතත් පිරමිඩාකාර ව්‍යාපාරවල කිසිසේත්ම ආයෝජනය කර තමන්ගේ මුදල් නැති කර නොගන්නා ලෙසද ඔහු ජනතාවට අවධාරණය කලේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විශේෂ නිවාඩුවක්.? ආරම්භ වෙන පාසල් ගැන හදිස්සියේම ගත්ත තීරණය මෙන්න.

විභාග ප්‍රශ්න පත්‍ර පරික්ෂා කල ගුරුවරුන් හට විශේෂ නිවාඩු දිනයක් ලබා දිය යුතු බව ජෝසප් ස්ටර්ලින් පවසනවා.ඔහු වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කළා.

සක්විති තවත් රුපියල් ලක්ෂ 50ක් තැන්පත් කරයි

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගේ මුදල් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා විසින් අද (24) තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් කොළඹ මහාධිකරණය හමුවේ තැන්පත් කර තිබේ.

අදාළ චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ විසින් තැන්පත්කරුවන්ගෙන් ලබා ගත් මුදල්, රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික 20කින් ගෙවා අවසන් කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබිණි.

ඒ අනුව ඉකුත් නඩු දිනයේ දී සක්විති රණසිංහ මහතා රුපියල් ලක්ෂ 50ක මුදලක් අධිකරණය හමුවේ තැන්පත් කළේය.

ඒ අනුව නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ දී එහි දෙවන වාරිකය වන තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් විත්තිකරු විසින් අධිකරණය හමුවේ තැන්පත් කරනු ලැබීය.

ඒ අනුව නඩුවට අදාළ මීළඟ වාරිකය ගෙවීම සඳහා නඩුව නැවත සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

2006 වසරේ ජනවාරි මස සහ 2008 වසරේ සැප්තැම්බර් මාසය අතර කාලසීමාව තුළ ‘සක්විති හවුසිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්’ සමාගම පවත්වාගෙන ගොස් මහජනතාවගෙන් තැන්පතු මුදල් ලබාගෙන රුපියල් මිලියන 160කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් සක්විති රණසිංහ මහතා සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබිණි.

ඒ අනුව එම චෝදනාවලට ඔවුන් වරද පිළිගත් අතර, ඔවුන් විසින් සෑම මසකම රුපියල් ලක්ෂ පනහ බැගින් වාරික විස්සකින් අදාළ මුදල ගෙවා අවසන් කළ යුතු බවට අධිකරණය විසින් නියෝග කර තිබිණි.

දිඹුලාගල පන්සලේ විදුලිය විසන්ධි කරයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩවාසය කරයි.

මේ වනවිට විදුලිබිල රුපියල් ලක්ෂ 57 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ පැවසූහ.