Home Blog Page 211

අලවතුගොඩ තරුණිය ඝා#තනයේ අභිරහස මාස 5 කට පසු හෙළි වෙයි – සැමියා අත්අඩංගුවට.

0

අලවතුගොඩ ඇල්ලකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි විසිහය හැවිරිදි කාන්තාවක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිසිය අලවතුගොඩ සිද්ධියෙන් මාස පහකට පසු ඇගේ සැමියා ඊයේ (23) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ධනුෂිකා මධුවන්ති නමැති කාන්තාවගේ මළ සිරුර පසුගිය මාර්තු 11 වැනිදා සොයා ගනු ලැබුවේ ඇගේ නිවෙස ආසන්නයේ කුඹුරක මඩේ සඟවා තිබියදීයි.

මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ඒගර් නිල සුනඛයා යොදා පරීක්ෂණ පැවැත්වීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

එම පුද්ගලයා ඝාතනයට ලක් වූ කාන්තාවට අයුතු යෝජනා කළ බවටද තොරතුරු අනාවරණය තිබෙනවා.

මියගිය කාන්තාවගේ සිරුර ආසන්නයේ කුඹුරේ මඩ තුළ එරී තිබියදී සෙරෙප්පුවක් සොයා ගත් අතර එය අදාළ කාන්තාවගේ සැමියාගේ බව හෙළි වීමත් සමඟ ඔහු දෙසටද සැකය යොමු වුණා.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත්තද විමර්ශන අඛණ්ඩව කළ පොලිසියට මියගිය කාන්තාවගේ සැමියාගේ සම්බන්ධයක්ද මෙම ඝාතනයට ඇති බවට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව පොලීසිය ඊයේ (23) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලකගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ කෙරෙනවා.

රන් මිල තවත් උඩ නගී..

ඊයේ (23) දිනට සාපේක්ෂව අද (24) දිනයේත් රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.622,974.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,980.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,800.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,150.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,200.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,240.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,900.00

එච් අයි වී ආසාදිතයින් වාර්තාගත ලෙසින් ඉහළ යයි.

2021 වසරට සාපේක්ෂව ගතවූ වසරේදී එච් අයි වී ආසාදිතයින් සියයට 48ක් දක්වා වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

වයස අවුරුදු 15ත් 49ත් අතර කාණ්ඩයට එච් අයි වී ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට මෙරට සිටින සමස්ත එච් අයි වී ආසාදිතයින් සංඛ්‍යාව 4,100 කි.

එමෙන්ම මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති එච් අයි වී ආසාදිතයින් සංඛ්‍යාව 347කි.

කාන්තාවන්ට එචි අයි වී ආසාදනය වීමේ අවදානම පහළ මට්ටමක පවතින අතර පුරුෂයින් සමග අනුපාතයක් ලෙස ගත්විට එය 7ට 1ක්.

මේ අතර ගැබිණි මව්වරුන්ගෙන් දරුවාට එච් අයි වී ආසාදනය වීමේ අවදානම ඉතා අවම අගයකට පැමිණ තිබේ.

යොවුන් සංචාරක රූ රැජන නෙළුනී දිවයිනට.

ඝානා රාජ්‍යයේ පැවැති 04 වැනි යොවුන් සංචාරක රූ රැජන (Miss Teen Tourism) කිරුළ දිනූ නෙළුනී සෞන්දර්යා ඊයේ (23 වැනිදා) උදෑසන මෙරටට පැමිණියාය.

රටවල් 20ක තරගකාරිනියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 01 වැනිදා සිට 20 වැනිදා දක්වා ඝානා රාජ්‍යයේ අක්‍රා නුවරදී මෙම තරගාවලිය පැවැත්විණි. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ජයග්‍රහණය හිමි කරගත්තේ පළමු වරටය.

මෙම තරගාවලියට ඇය යොමු කළ නෙක්ස්ට් ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතනයේ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර, එම ආයතනයේ සහෝදර නිරූපිකාවෝ සහ ඇයගේ දෙමාපියෝ ඇය පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

පුරප්පාඩු 32,000ක් – ගුරු පුරප්පාඩු ගැන විශේෂ තීරණයක්.

උපාධිධාරී ගුරුසේවයේ පුරප්පාඩු පිරවීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ අනුව ගුරුසේවයේ විශ්‍රාම ගිය සහ සේවය හැරගිය පිරිස් හේතුවෙන් ඇති වී ඇති පුරප්පාඩු පිරවීමට අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් පළාත් සභා සඳහා බලය ලබාදෙන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසීය.

ගණිත, විද්‍යා සහ තාක්ෂණ ගුරුවරුන් 5,400ක් බඳවා ගැනීමට මේ වනවිටත් පළාත් සභා සඳහා අවස්ථාව දී ඇති බව ද ඔහු පැවසීය.

එසේම ගුරු පුරප්පාඩු 32,000ක් පමණ ඇති බවත් එම පුරප්පාඩු පිරවීමට විවිධ බාධක මතු ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරියේ දී රජයේ පාසල් සඳහා ගුරුවරුන් අටදහසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා අවධාරණය කරයි.

මේ අනුව උපාධිධාරී ගුරුවරුන් 5500ක් සහ දෙවන භාෂා ගුරුවරුන් ලෙස ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ලසිත් මාලිංගගේ ජිවීත කතාව රැගත් චිත්‍රපටය ලයිකා මොබයිල් හදයි.

Mali – The Yorker King නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරිමට ස්වර්ණවාහිණි ආයතනයේ හිමිකරු මෙන්ම ලයිකා මොබයිල්හි හිමිකරු සුභාෂ්කර් අලිරාජා විසින් තිරණය කර තිබේ.

මෙම චිත්‍රපටය ලයිකා ප්‍රොඩක්ෂන් මගින් නිෂ්පාදනය වනු ඇත.මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය සදහා ප්‍රියන්ත කොළඹගේ තෝරාගෙන ඇති බව වාර්තා වේ.