Home Blog Page 213

ප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිෂ්පාදනය හා විකිණීම තහනම් කරයි.

ශ්‍රී ලංකාව තුළ, එක් වරක් භාවිත කරන ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, හැඳි සහ ඉඳිආප්ප තැටි, මල්මාලා ආදිය නිෂ්පාදනය කිරීම සහ විකිණීම තහනම් කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේ, මේ වසරේ ඔක්තෝබර් 1 වනදා සිට මෙය බලපැවැත්වෙන බවය.

71 පෙම්වතිය පොරොන්දු කඩලා – 43 අවිවාහකයාගෙන් පොලිසියට පැමිණිල්ලක්.

තමන් සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ 71 හැවිරිදි කාන්තාව ඥාතීන්ගේ කීම අසා විවාහය ලියාපදිංචි කිරීමට අකමැත්ත ප්‍රකාශ කරන බවට 43 හැවිරිදි අවිවාහක පුද්ගලයකු කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇති 43 හැවිරිදි අවිවාහක පුද්ගලයා සිය මව සමඟ නිවෙසේ පදිංචිව සිටියි. මොහුට ස්ථීර රැකියාවක් නැති අතර නිවෙසේ සිට කිලෝමීටර 4ක් පමණ ඈතින් තනිවම සිටින අවිවාහක 71 හැවිරිදි කාන්තාවකගේ නිවෙසට කලකට ඉහතදී ගොස් තිබුණේ පොල් කැඩීමටය. එහිදී කාන්තාව හඳුනාගෙන එදා සිට උදේට කාන්තාවගේ නිවෙසට ගොස් කුඹුරු වතුපිටි වැඩ කර හරක්, බල්ලෝ නාවා කවා පොවා හවසට ගතමනාව රැගෙන නිවෙසට පැමිණෙයි. කාලයක් යද්දී පැමිණිලිකරු කාන්තාවගේ නිවෙසේ නතර වී ඇති අතර දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ද ගොඩනඟාගෙන ද තිබිණ.

මෙසෙ සිටියදී කාන්තාවට අයත් කුඹුරු හා ගොඩ ඉඩම් ද රැකබලා ගන්නා පැමිණිලිකරු කුඹුරු වැඩ කර ගන්නා වී වලින් කොටසක් කොටා සහල් ද පොල් ගස්වල කඩන පොල්වලින් කොටසක් ද සිය 62 හැවිරිදි මවට ගිහින් දෙන පිරිමි දරුවාගේ අසම්මත සම්බන්ධතාව පිළිබඳ මව ද දැනගෙන සිට තිබේ. සම්බන්ධතාව නවත්වන ලෙසත් ගැළපෙන කාන්තාවක සොයා ගන්නා ලෙසත් මව අවස්ථා කිහිපයකදී අවවාද කර තිබුණ ද පැමිණිලිකරු ගණන් නොගෙන ඇගේ නිවෙසේ නතර වී සිට ඇත.

කාන්තාව මෑතක් දක්වා විවාහ වෙන බව කියා සිටි බවත් දැන් ඥාතීන්ගේ කීම අසා විවාහය අතහැර දැමීමට කටයුතු සිදු කරමින් සිටින බවත් දන්වා 43 හැවිරිදි පුද්ගලයා කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් දින කිහිපයකට ඉහතදී ඉදිරිපත් කර තිබිණි.

පැමිණිල්ලට අනුව දෙපාර්ශ්වය කැඳවූ පොලිසිය පැමිණිලිකරු එහිදී හඬා වැළපෙමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් කාලයක සිට කාන්තාව සමඟ සබඳතාවක් පැවැත් වූ බවත් ඇය දැන් ඥාතීන්ගේ කීම අසා සබඳතාව ටිකෙන් ටික නතර කරමින් යන බවත්ය. තමන්ට කාන්තාව නැතිව සිටිය නොහැකි බව පැවසූ පැමිණිලිකරු තමාට යහපතක් වන විසඳුමක් ලබා දෙන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ. එහිදී විත්තිකාරිය පොලිසිය හමුවේ කියා සිටියේ තමන් කිසිසේත්ම පැමිණිලිකරුගේ කීමට එකඟ නොවන බවත් තමන්ට පාඩුවේ ජීවත් වීමට අවස්ථාව උදා කර දෙන ලෙසත් ඉල්ලීමක් කර ඇත. පසුව කාන්තාවගේ ඉල්ලීමට මුල්තැන දුන් පොලිසිය පැමිණිලිකරුට කරුණු පැහැදිලි කර දීමෙන් පසුව හිස් අතින් ආපසු පොලිසියෙන් බැස ගිය බවත් පොලිසිය පැවසීය.

අනෝමා ජනාදරී සහ ශලනි තාරකා සමග ප්‍රසිද්ධියේ ඇවිලෙන්න යයි. සම්පුර්ණ විස්තරේ මෙන්න

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවල්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇයගේ විවාහය. උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු ඇයගේ විවාහ ගැන හැමෝම කතා කරනවා. ශලනිගේ විවාහය ගැන මුහුනුපොතේ හරි හරියට කතා වෙනවා. ශලනිගේ විවාහයත් එක්ක හුඟක් අයගේ ඇහැ ගැටුණේ අනෝමා ජනාදරීගේ ෆේස්බුක් පෝස්ට් එකකට. ජනාදරී ඒක ඇතුළේ ‌දෙපාරක් නොහිතාම ශලනිව තදින්ම විවේචනය කරලා තිබුණා. මේක එහෙම් පිටින්ම ඔවුන් අතරම වුණූ ඉපැරණි සීතල යුද ගැටුමක් කියලත් කෙනෙක්ට කියන්න බැරි නැහැ. එහෙම වුණත් ජනාදරී මේ දැනුත් තර්ක කරන්නෙ ශලනිට රංගන හැකියාවක් නැහැ කියන තැන ඉඳලයි.ශලනි වෙනුවෙන් හිටගත්ත උනුන් ජනාදරීගේ පෝස්ටුව ඇතුළේ නිර්බයව කතා කරලා තිබුණා.

පාසැල් දරුවන්ටත් හෘදයාබාධ ඇතිවීමේ අවධානක්. – හේතුව අනාවරණය වෙයි

දුම්පානය, ආහාර රටාව, ව්‍යායාම අඩුකම හා ආතතිය හෘද රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපාන බව කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ පවසනවා.

දැනට පාසැල් වයසේ පසුවන දරුවන් පවා ආතතිය හේතුවෙන් අඩු වයසින් හෘදයාබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ සඳහන් කළේ.

ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමුකර කටයුතු කිරීමෙන් අඩු වයසින් හෘදයාබාධ තත්ත්වයන්ට මුහුණදීමේ අවධානම මගහරවා ගත හැකි බවයි කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප වසර 20කින් වැඩි කළේ නැහැ – රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර.

වසර 20ක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කර නොමැති බවත් ඔවුන් ඉතා අසීරුවෙන් එම තත්ත්වය කළමනාකරණය කරන බවත් එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම තීරු බදු රහිත වාහන ගෙන්වන ලෙස ඉල්ලා ඇති බවට මාධ්‍ය අසත්‍ය වාර්තා කර ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර අද (22) කියා සිටියේය.
තීරුබදු රහිත වාහන ගෙන්වන ලෙස මන්ත්‍රීවරුන් ඉල්ලා ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබූ බවත් එය අසත්‍ය බව පවසමින් එම වාර්තා ප්‍රතික්ෂේප කළ බවත් එම වාර්තා ප්‍රචාරය කිරීමට වගකිවයුත්තන් වරප්‍රසාද කාරක සභාව හමුවට ඉදිරිපත් කළ යුතු බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක සහ පවතින වියළි කාලගුණය හේතුවෙන් ගොවීන් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දී සිටින විට කිසිදු මන්ත්‍රීවරයකු එවැනි ඉල්ලීමක් නොකරන බව ඔහු පැවසීය.

දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ සිට තීරුබදු රහිත වාහනයක් ගෙන්වීමේ වරප්‍රසාදය මන්ත්‍රීවරුන්ට හිමි වූ බව පැවසූ අමාත්‍යවරයා, රටේ වත්මන් තත්ත්වය සලකා බැලීමේදී කිසිදු මන්ත්‍රීවරයකු එවැනි ඉල්ලීමක් නොකළ බවද පැවසීය.

දෙවෙනි කුඹල් පෙරහැර මධ්‍යයේ ඇතුන් දෙදෙනෙක් නොසන්සුන් වෙයි.. එම විදුවීමේ දැන් තත්වය මෙන්න.

මහනුවර ඇසල මහා පෙරහැරේ දෙවෙනි කුඹල් පෙරහැර අද (22) දිනයේ පෙරහැර අතරතුර නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඒ එම පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් ගත් ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන්.

එම අවස්ථාවේ පෙරහැර නැරඹීමට පැමිණි පිරිස් හිස් ලූ ලූ අත දිව ගොස් ඇති අතර නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේදී වැවට පැනීම නිසා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුන් බේරාගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කර සිටියේ.

කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කරවීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

සංචාරක වීසාවලින් රට පනින අයට වැඩ වරදියි.

සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීති විරෝධී විදේශගතවීම් වැළැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ‘ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකය’ කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ඊයේ (21) විවෘත කළේය.

ඕමානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත මෑත කාලීනව විශාල පිරිසක් සංචාරක වීසා යටතේ රැකියා සඳහා පිටත්ව ගොස් ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇති බවත්, ඒවා වැළැක්වීම උදෙසා මෙම නව ඒකකය ස්ථාපිත කළ බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මිනිස් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යය සාධන බලකායේ නිර්දේශ මත මෙම නව ඒකකය පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් එහි සේවයෙහි යොදවා තිබේ.

මාස තුනක නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම ඒකකයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු, එහි සිදු කළ යුතු සංවර්ධන යෝජනා ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.