Home Blog Page 214

සංචාරක වීසාවලින් රට පනින අයට වැඩ වරදියි.

සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීති විරෝධී විදේශගතවීම් වැළැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ‘ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකය’ කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ඊයේ (21) විවෘත කළේය.

ඕමානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත මෑත කාලීනව විශාල පිරිසක් සංචාරක වීසා යටතේ රැකියා සඳහා පිටත්ව ගොස් ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇති බවත්, ඒවා වැළැක්වීම උදෙසා මෙම නව ඒකකය ස්ථාපිත කළ බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මිනිස් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යය සාධන බලකායේ නිර්දේශ මත මෙම නව ඒකකය පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් එහි සේවයෙහි යොදවා තිබේ.

මාස තුනක නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම ඒකකයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු, එහි සිදු කළ යුතු සංවර්ධන යෝජනා ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කොළඹ අලුත්ම සුපිරි හෝටල් 3ක් විවෘත කිරීමට සියල්ල සූදානම්.

කොළම ගාලුමුවදොර ඉදිකෙරුණු අලුත්ම සුපිරි හෝටලයක් වන ITC One Colombo සහ තවත් හෝටල් දෙකක් වන Sheraton සහ Radisson Blu යන හෝටල් එළඹෙන ඔක්තෝබර් මාසයේ දී විවෘත කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. පසුගිය 19 වනදා හිල්ටන් හෝටල් සමූහයේ අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා,

“මේ ඊළඟ පියවරයි. ශ්‍රී ලංකාව තුල සාමා‍න්‍යෙන් සංචාරකයෙක් ඩොලර් 180ත් 200ත් අතර ප්‍රමාණයක් වියදම් කරනවා. නමුත් එය අපේ රට නිවැරදි මාර්ගයට යොමු කරන්නෙ නැහැ. අපිට තවත් නිෂ්පාදන සහ සන්නාම අවශ්‍යයි. මෙරටට පැමිණෙන සංචාරකයන් තවත් දේවල් මෙහිදී සිදු කරන්න අවශ්‍යයි සහ ඒවා නිවැරදි ආකාරයෙන් එකට එකතු කල යුතුයි. ඔක්තෝබර් මාසය තුල කොළඹ දී ITC හෝටලය, Sheraton සහ Radisson Blu විවෘත වෙනවා. ඉතින් ඔබ හැම දෙනාම එකට කටයුතු කරමින් ශ්‍රී ලංකාව අපේ හදවතේ තිබෙන සන්නාමයක් ලෙස ප්‍රවර්ධනය කලොත්, ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ඇති හැකියාව වගේම 2030 වන විට සංචාරකයන් මිලියන 4ක් ගෙන්වා ගැනීමට ඇති ඉලක්කය වෙත ලගා විය හැකි බව මට පෙනී යනවා.“

කරුණාකරලා,ඇල්කොහොල්වල මිල අඩු කරන්න – ඇමති ඩයනා ගමගේ කියයි.

ලංකාව රජවරු එකසිය ගණනක් ද දොරටු පාලකයෙක් සහ හොරු හත් දෙනෙක් පාලන කළ රටක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය.

එමෙන්ම නිධානයක් උඩ ඇවිදිමින් පැමිණ ගිය අවුරුද්දේ බංකොලොත් වූ රටක් බව ද රාජ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය.

සංචාරක කටයුතු පිළිබඳ පනතට අදාල නියමයන් සම්බන්ධ විවාදය අමතමින් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කීවාය.

කරුණාකර ඇල්කොහොල් වල මිල අඩු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරිය ගල් අරක්කු මිල වැඩි නිසා මිනිසුන් ගෙවල් වල කසිප්පු පෙරාගෙන බොන බවද කීවාය.

රටේ සුරාබදු දෙපාර්තමේන්තුව 40% ක පාඩුවක් ලබා තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරිය මේ සංචාරක පුරවරයක් දැයි ප්‍රශ්න කළාය.

තවත් මාරාන්තික බැක්ටීරියාවක් පැතිර යයි.?

ගාල්ල බන්ධනාගාරයේ කුෂ්ඨ රෝගයක් සමඟ උණ පැතිරීමේ අවදානමක් ඇති බවත් මෙය මෙනින්ගොකොකල් නැමැති මාරාන්තික බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන්නක් බවත් කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ වෛද්‍යවරුන්ගේ මතය වී තිබෙනවා.ඒ වෛරසය පිළිබඳව වැඩි විස්තර මෙන්න.

බොර තෙල් මිල අඩුවෙයි.

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් සැපයුම ඉහළ යාමත් සමග මිල අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.

මේ වනවිට ඔපෙක් රටවල් බොර තෙල් සැපයුම පාලනය කර ඇති නමුත් ඉරාකය බොර තෙල් අපනයනය නැවත ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් බොර තෙල් සැපයුම යථා තත්ත්වයට පත්වෙතැයි පැවසෙයි.

චීන ඉල්ලුම අඩුවීමද බොර තෙල් මිල අඩුවීමට හේතුවී තිබෙන බව සඳහන් ය.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.38ක් ලෙසත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ඩොලර් 80.65ක් ලෙසත් සඳහන් විය.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව හෙළිවෙයි.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයෑමට හේතුව අනාවරණය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසයි.

ඒ අනුව අදාළ මරණ සඳහා හේතුවී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බව අනාවරණය වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

එසේම රෝගී ලක්ෂණ සහිත තවත් රැඳවියන් 7 දෙනෙක් බන්ධනාගාර රෝහලේ රඳවා සිටින බව ඔහු පැවසීය.

එම පුද්ගලයින්ට උණ සහ සමේ ආසාදිත තත්ත්වයක් පෙන්නුම් කරන බව වාර්තා වී ඇති බවද ඒකනායක මහතා පවසයි.

එසේ මියගොස් ඇත්තේ සහ රෝහල්ගත කර ඇත්තේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි රැඳවියන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන්ට 1,023 දෙනෙක් මේ වනවිට රඳවා සිටිති.

විදුලිය විසන්ධි කරන්න ගිය සේවකයෙකුට බලු කූඩුවේ ලෑල්ලකින් ප#හර දෙයි.

ඊයේ (21) තලාව ජයගග ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්ධි කිරිමට ගිය සේවකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ගෙහිමියා විසින් බලු කූඩුවේ තිබූ පිට ලෑල්ලකින් පහරදීමක් සම්බන්ධයෙන් තලාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙදින, කැකිරාව විදුලි අධිකාරී බලප්‍රදේශයට අයත් තලාව ජයගග ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්ධි කිරීම සදහා කටයුතු කරන පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක සේවකයින් දෙදෙනෙක් මෙම නිවසේ විදුලිය විසන්ධි කිරීම සදහා අද දහවල් කාලයේ පැමිණ ඇත.

පසුව නිවසට පැමිණි මොවුන් නිවසේ විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය බව පවසා ඇත.

අනතුරුව මෙම නිවසේ මව සහ පුතා විසින් මෙම නිවසේ විදුලිය විසන්ධි නොකරන ලෙසත් අද දිනයේම හිග විදුල බිල ගෙවා දමන බවටත් දැනුම් දී තිබෙනවා.

එනමුත් විදුලිය විසන්ධි කිරීමට ආ පුද්ගලයින් පවසා ඇත්තේ, ඔවුන්ට ඉහලින් ඇවිත් තිබෙන් නියෝග නිසා විදුලිය ව්සන්ධි කිරීම අනිවාර්යෙන්ම කල යුතු බව‍යි.

ඒ අනුව ඔවුන් නිවසේ විදුලිය විසන්ධි කිරීමට උත්සහ දැරීමේදී තමන්ගේ කීම නොඇසීම සම්බන්ධයෙන් උරන වූ නිවසේ පුද්ගලයෙකු විසින් අසල තිබූ බලු කූඩුවේ වහලය උඩ තිබූ ලෑල්ලකින් ව්දුලිය විසන්ධි කිරීමට උත්සහ දැරූ පුද්ගලයාට පහර දී තිබෙනවා.

මෙම පහර දීමේදී ලෑල්ල කැඩී යාම නිසා මොහු තවත් මොහුට පහරදීම සදහා නිවසේ, තිබූ සවලක් රැගෙන් ඒම නිසා මොවුන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් තලාව පොලිසිය වෙත පැමිනිල්ලක් යොමු කිරීමටත් පහර කෑමට ලක් වූ පුද්ගලයා තලාව රෝහට ප්‍රතිකාර ගැනීම සදහා ඇතුලත් වීමටත් කටයුතු කර ඇත.

පසුව මෙම පුද්ගලයින් ගෙහිමි කාන්තාවටද පහර දුන් බව පවසමින් ගෙහිමි කාන්තාවද තලාව රෝහලේ ප්‍රතිකාර ගැනීම සදහා ඇතුලත්ව ඇත.

පහරීම සිදුකල පුද්ගලයා මේවන විට තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

දවසකට හාට් ඇටෑක් 166 – 170ක් වගේ දෙනෙකුට හැදෙනවා. හේතුව මෙන්න.

මෙරට දෛනිකව වාර්තාවන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දෛනිකව හෘද රෝගීන් 170ක් පමණ මේ වන විට වාර්තා වන බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

“ලංකාවේ හෘද රෝග හැදෙන ප්‍රමාණය පහුගිය අවුරුදු 10 ඇතුළත සීඝ්‍ර වැඩිවීමක් තියෙනවා. දවසකට හාට් ඇටෑක් 166 – 170ක් වගේ දෙනෙකුට හැදෙනවා. ඒක තමයි දැනට තියෙන දත්ත අනුව අපිට පෙන්නුම් කරන්නේ. මේ එන ගාන ඇත්තෙන්ම පහුගිය අවුරුදු කිහිපය ඇතුළත එන්න එන්නම වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ වැඩිවීම බොහෝ විට අපිට දකින්නට ලැබෙනවා. එදිනෙදා රෝගීන් පරීක්ෂා කරන කොට. ඒ වගේම අපි ළඟ දත්ත තියෙනවා බස්නාහිර පළාතේ හාට් ඇටෑක් සංඛ්‍යාව. ඒ දත්ත දිහා බලද්දි අපිට පේනවා පහුගිය අවුරුදු කිහිපය තුළ හෘද රෝග වැඩිවීමේ ප්‍රවණතාවය.”

හෘද රෝගීන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව ආහාර රටාවේ පවතින අඩුපාඩු බව විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සඳහන් කළේය.

“හාට් ඇටෑක් වැඩිවෙලා තියෙන්නේ, අපේ ජීවන රටාව නිසා. අපේ ජීවන රටාවේ වෙනස් වීම නිසා. විශේෂයෙන්ම අපි භාවිත කරන ආහාර. ආහාරවල ලොකු වෙනසක් තියෙනවා. ඒවා පහුගිය අවුරුදු කිහිපය ඇතුළත සීඝ්‍ර වෙනස්වීමක් තියෙනවා. අපි කන බොන විදිය, අපේ ජීවන රටාව විශාල වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස තමා ඇත්තෙන්ම ස්ථීර වශයෙන්ම මම කියනවා මේ හාට් ඇටෑක් ලංකාව ඇතුළේ වැඩිවීමට හේතුව. විශේෂයෙන්ම ගත්තොත් අපි කන ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය‍ ඉතාම වැඩියි. එක පුද්ගලයෙක් ලංකාවේ කිලෝ 30ක් පමණ වසරකට සීනි භාවිත කරනවා. අනිත් එක තමා අපි වැඩියෙන්ම ආහාරවලට තෙල් පාවිච්චි කරනවා. අපි කන ආහාරවල වැඩියෙන්ම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ ආහාර රටාව තමා ප්‍රධාන වශයෙන් බලපාන්නේ.”