Home Blog Page 215

දවසකට හාට් ඇටෑක් 166 – 170ක් වගේ දෙනෙකුට හැදෙනවා. හේතුව මෙන්න.

මෙරට දෛනිකව වාර්තාවන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දෛනිකව හෘද රෝගීන් 170ක් පමණ මේ වන විට වාර්තා වන බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

“ලංකාවේ හෘද රෝග හැදෙන ප්‍රමාණය පහුගිය අවුරුදු 10 ඇතුළත සීඝ්‍ර වැඩිවීමක් තියෙනවා. දවසකට හාට් ඇටෑක් 166 – 170ක් වගේ දෙනෙකුට හැදෙනවා. ඒක තමයි දැනට තියෙන දත්ත අනුව අපිට පෙන්නුම් කරන්නේ. මේ එන ගාන ඇත්තෙන්ම පහුගිය අවුරුදු කිහිපය ඇතුළත එන්න එන්නම වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ වැඩිවීම බොහෝ විට අපිට දකින්නට ලැබෙනවා. එදිනෙදා රෝගීන් පරීක්ෂා කරන කොට. ඒ වගේම අපි ළඟ දත්ත තියෙනවා බස්නාහිර පළාතේ හාට් ඇටෑක් සංඛ්‍යාව. ඒ දත්ත දිහා බලද්දි අපිට පේනවා පහුගිය අවුරුදු කිහිපය තුළ හෘද රෝග වැඩිවීමේ ප්‍රවණතාවය.”

හෘද රෝගීන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව ආහාර රටාවේ පවතින අඩුපාඩු බව විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සඳහන් කළේය.

“හාට් ඇටෑක් වැඩිවෙලා තියෙන්නේ, අපේ ජීවන රටාව නිසා. අපේ ජීවන රටාවේ වෙනස් වීම නිසා. විශේෂයෙන්ම අපි භාවිත කරන ආහාර. ආහාරවල ලොකු වෙනසක් තියෙනවා. ඒවා පහුගිය අවුරුදු කිහිපය ඇතුළත සීඝ්‍ර වෙනස්වීමක් තියෙනවා. අපි කන බොන විදිය, අපේ ජීවන රටාව විශාල වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස තමා ඇත්තෙන්ම ස්ථීර වශයෙන්ම මම කියනවා මේ හාට් ඇටෑක් ලංකාව ඇතුළේ වැඩිවීමට හේතුව. විශේෂයෙන්ම ගත්තොත් අපි කන ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය‍ ඉතාම වැඩියි. එක පුද්ගලයෙක් ලංකාවේ කිලෝ 30ක් පමණ වසරකට සීනි භාවිත කරනවා. අනිත් එක තමා අපි වැඩියෙන්ම ආහාරවලට තෙල් පාවිච්චි කරනවා. අපි කන ආහාරවල වැඩියෙන්ම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ ආහාර රටාව තමා ප්‍රධාන වශයෙන් බලපාන්නේ.”

උමාරා ජාතික ගීය ගායනා කල අයුරු ව්‍යවස්ථා වීරෝධි බව කමිටුව තීන්දු කරයි.

ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේදී ඊට අපහාස කරමින් ගායනා කළේ යයි චෝදනා එල්ල වන ගායන ශිල්පිනි උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරදි ආකාරයෙන් බව අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුව විසින් තීරණය කර තිබේ.

ඒ අනුව ‍ව්‍යස්ථාව විරෝධී ආකාරයෙන් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳව නීතිපති උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම කණ්ඩායම සිය වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුව විසින් මෙම නිර්දේශ ලබා දී ඇත.

මෙම කමිටුව විසින් උමාරා සිංහවංශ ගෙන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද අදාළ සිදුවීම පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය.

ව්‍යවස්ථාව අනුව ජාතික ගීය පද මාලාව මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු වුවත් ඇය එය උච්ච ස්වරයෙන් ගායනා කරන ලද බව විමර්ශකයන් තහවුරු කරගෙන තිබේ.

මෙරට උද්ධමනය තවත් පහළට යයි. අලුත්ම වාර්තාව මෙන්න.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක් ලෙසට ය

මේ අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -2.5% දක්වා පහළ වැටී තිබේ.

දරුණු රිය අ#නතුරක් – මව සහ දියණිය එතනම අවසන් සුසුම් හෙලයි.

අනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී අද ( 21 දා) දහවල් සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සමගි මාවත, යාය 14 කොලනිය, කළා ඔය  පදිංචි ඩබ්ලිව් පී. සශිකා දුලානි වීරසිංහ 36, සහ කේ. තිසනි ප්‍රියංසා නැමැති 8 හැවිරිදි ඇගේ දියණිය බව පොලිසිය කියයි. 

එම මාර්ගයේ කඩ 30 දෙස සිට ජයන්ති වට රවුම දෙසට ගමන් කල යතුරු පැදියක්, එම දිශාවටම ගමන් කළ ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

මේ සම්බන්ධව මැදවච්චිය, කැලෑගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි  ටිපර් රථ රියදුරා අත්අඩංගුවට  ගෙන ඇත.

සහල් මිල වේගයෙන් ඉහළට.

සහල් හිඟයක් ඇති නොවුනත් ඉදිරි කාලසීමාව තුළ වෙළෙඳපොළේ සහල් මිල යම් ප්‍රමාණයකට ඉහල යෑමට හැකියාවක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ අම්බලන්තොට වී පර්යේෂණායතන ගොවිපොළේ ක්ෂේත්‍ර දින වැඩසටහනට සහභාගී වෙමින්.

නියඟය නිසා යල කන්නයේ කුඹුරු අක්කර ලක්ෂයක වී අස්වනු විනාශ වුවත් ඉදිරියේ දී සහල් හිඟයක් ඇති නොවන බවත් වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම ආරම්භ කළ නමුත් ගොවීන් අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකිරීම නිසා රජය සතුව අමතර සහල් හෝ වී තොග නොමැති බවයි ඔහු සඳහන් කර සිටියේ.

එමෙන් ම දැනට වී තොග පවතින්නේ පෞද්ගලික අංශයේ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

පෞද්ගලික අංශය සතුව වී තොග පවතින හෙයින් සහල් මිල ඉහළ ගියහොත් ඊට මුහුණ දීමට මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයට සිදුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

විදේශගත වෙන්න ඉන්න අයට සුබ ආරංචියක්.

විදෙස් රටක අධ්‍යාපනය සඳහා විදෙස් ගත වෙන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබට හෝ ඔබේ දරුවාට මෙන්න අනගි අවස්තාවක්..කිසිඳු වියදමකින් තොරව අවශ්‍ය ලිපි ලේඛන ඇතුළුව තවත් බොහෝ දේවල් මෙම ආයතනය මගින් කරගැනීමට හැකියාව මේ වන විට තිබෙනවා.මෙන්න පහත වීඩියෝව තුලින් සියල්ල දැනගන්න.