Home Blog Page 217

එල්.පී.එල් අවසාන මහා තරගය අද.

සිව්වන වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (20) පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සමාප්ති උලෙළ පස්වරු 06ට ආරම්භ වීමට නියමිත අතර, බී ලව් කැන්ඩි සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිත ව තිබේ.

එම කණ්ඩායම් දෙකම එල්.පී.එල් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්තාව මෙය වීම විශේෂත්වයකි.

මේ දක්වා පැවති තරගාවලි තුනේදීම ශූරතාව හිමිකරගැනීමට සමත්වූයේ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.

මේ අතර, මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම වැඩිම ලකුණු ලාභියා බවට බී ලව් කැන්ඩි කණ්ඩායමේ වනිඳු හසරංග පත්ව තිබීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තුවේ ඉන්නේ දියවන්නාවේ පිනට කන එවුන් ටිකක්.මාධ්‍ය සකච්චාවත් රත් කරපු කාන්තාව.

එක්සත් ජාතික ස්වයං රැකියා සංවිධානයේ ලේකම් දිල්මි ගුණරත්න මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ අද වන විට ජනතාව මුහුණපා තිබෙන තත්වයන් පිළිබඳව.”දැන් මෙයාලා අතිසාරේට අමුඩ ගහනවා වගේ”
“පාර්ලිමේන්තුවේ ඉන්නේ දියවන්නාවේ පිනට කන එවුන් ටිකක්.” යන සැර වචන භාවිතා කරමින් ඇය කෝපයෙන් සිය අදහස් දැක්වු ලැබුවා..මෙන්න ඇයගේ සම්පුර්ණ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න.

ජංගම දුරකතනය කණේ ගසාගෙන ගිය කාන්තාවක් දුම්රියේ ගැටෙයි.

ජංගම දුරකථයක් කණේ ගසාගෙන දුම්රිය මාර්ගයේ ගමන් ගත් කාන්තාවක දුම්රියේ ගැටිමෙන්  මිය ගොස් ඇත‍ැයි පොලිසිය කියයි.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු  දුම්රියට කොටගල හැටන් අතර අඩි 60 පාලම අසලදි මෙම කාන්තාව ගැටී ඇත.

එසේ මිය ගිය කාන්තාවගේ මල සිරුර එම දුම්රියෙන් කොටගල දුම්රිය ස්ථානයට ගෙනවිත් ඇති බවත් එම මල සිරුර කොටගල රෝහල ගෙන යාමට පියවර ගන්නා බවත්ය.

මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බවට මේ වන විට තොරතුරු ලැබි

මෙරට තෙල් මිල යළිත් වරක් ඉහළ යන ලකුණු. සම්පුර්ණ විස්තරේ මෙන්න.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 84 යි ශත 80 ක් ලෙස සටහන් වුණා.

ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 යි ශත 25 ක් ලෙසයි වාර්තා වූයේ.

පසුගිය මාස කිහිපය හා සැසඳීමේදී ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක වැඩිම මිල පසුගිය 9 වනදා වාර්තාවූ අතර, එය ඩොලර් 84 යි ශත 40 ක්.

මේ අනූව මෙරට තෙල් මිල යළිත් වරක් ඉහළ යනු ඇති බව වෙළදපොල ආරංචි මාර්ග වාර්තා කර සි

වැරදි ඖෂධය දීලා – තවත් අයෙක් අවසන් ගමනේ.

ඉංගිරිය ප්‍රදේශයේ පුද්ගලික ඖෂධ හලකින් නිකුත්කළ  ඖෂධයක් පාවිච්චියට ගැනීමෙන් පසු පුද්ගලයෙකු අද  (20) මියගොස් ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය, ඌරුගල  පදිංචි ඩබ්ලිව්.ලීලාරත්න නම් 65 හැවිරිදි අයෙකි.

මොහුට වෛද්‍යවරයෙකු විසින් කොලෙස්ටෙරෝල් සඳහා නිකුත්කරන ලද ඖෂධ වට්ටෝරුවකට අනුව ඖෂධ නිකුත්කිරීමේදී අදාළ ඖෂධහල විසින් ලබාදී ඇත්තේ පිළිකා සදහා ලබාදෙන ඖෂධ බවත්, ඔහු එම ඖෂධ ලබාගෙන ඇත්තේ මීට  සතියකට පමණ පෙර බවත්  මූලික පරීක්ෂණ වලදී හෙළිව ඇත.

මෙය වැරදි ඖෂධය හේතුවෙන් සිදු වූ මරණයක්ද යනන පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.

අලුත උපන් බිලිඳුන් 07 දෙනෙක් ඝා,ත,නය කල වරදකට හෙදියක් වැරදිකාරිය වෙයි

බ්‍රිතාන්‍ය රෝහලකදී අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝා,ත න ය කිරීම සම්බන්ධයෙන් එම රෝහලේ හෙදියක් වරදකාරියවී තිබේ.

ඒ බ්‍රිතාන්‍යයේ දරුණුතම ළමා ඝා,ත ක යා බවට පත්වෙමිනි.

මෝල් හිමියන් වී තොග සඟවා සහල් මිල ඉහළ දැමීමේ සූදානමක්..

ඉන්දියාව සහල් අපනයනය නතර කිරීමත්, මෙරට පවතින වියළි කාලගුණික තත්ත්වය සහ යල කන්නයේ වී අස්වැන්න යම් ප්‍රමාණයක් අඩුවීමත් සමගම මහා පරිමාණ වී මෝල් හිමියන් වී තොග සඟවා සහල් මිල ඉහළ දැමීමේ සූදානමක් පවතින බව අනාවරණය වේ.

රටේ පුද්ගලික අංශය සතුව පවතින වී සහ සහල් තොග සම්බන්ධව රජයේ කෘෂිකර්ම අංශ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් විමසීමක් කර ඇතත් එම තොග සම්බන්ධව කිසිදු තොරතුරක් ලබා දී නැතැයි අනාවරණය වේ. එමෙන්ම මෙම සහල් සංචිත පිළිබඳව ජනාධිපති කාර්යාලයේවත් තොරතුරු නොමැති බවද සඳහන්ය.

එමෙන්ම, වියළි කාලගුණික තත්ත්වය බරපතළ වේයැයි බියෙන් ගොවීන් වී තොග අලෙවි නොකර සිය නිවාසවල ගබඩා කරගෙන සිටින බවද අනාවරණය වේ.

ඉන්දියාව ඇතුළු රටවල් සහල් අපනයනය නතර කර ඇති අතර මේ වන විට මෙරටද ආනයනික සහල් තොග ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

වියළි කාලගුණික තත්ත්වය නිසා යල කන්නයේ සමස්ථ අස්වැන්නෙන් සියයට දහයක (10%) පමණ ප්‍රමාණයක් අඩුවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස අමරසිංහ පැවැසීය.

නියඟය නිසා දැනට කුඹුරු අක්කර 37100ක පමණ ප්‍රමාණයකට හානියකට ලක්ව ඇතැයිද ලේකම්වරයා කීවේය. කෘෂි රක්ෂණ මණ්ඩලයේ රක්ෂණය වී නොසිටියද නියඟය නිසා වී වගාව විනාශ වූ ගොවීන්ගේ කුඹුරුවලටද අක්කරයක් සඳහා රුපියල් 40000ක වන්දි මුදලක් රජය ගෙවන බවද ඔහු කීවේය.

නියඟය නිසා වී අස්වැන්නේ යම් අඩුවීමක් සිදු වුවත් ඉදිරියේ දී විශාල සහල් අර්බුදයක් පැන නොනගින බවද ලේකම්වයා කීවේය. පසුගිය කන්නවල වී අස්වැන්නෙන් ඉදිරි මාස දහයක පමණ කාලයකට ප්‍රමාණවත් සහල් තොග රට තුළ පවතින බවද ඔහු පැවසුවේය.

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවි භාරකාර අරමුදල මගින් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන පන්සීයක මුදලක් ලබා දුන්නද ගොවීන් මණ්ඩලයට දී ඇත්තේ කිලෝග්‍රෑම් ලක්ෂ දෙකක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා කීවේය. මණ්ඩලය සතුව වී සංචිත නොතිබූ බවද ඔහු කීවේය.

දැනට මාසයකට පමණ ඉහතදී රුපියල් 60ත් 65ත් අතර මිලකට අලෙවි කෙරුනු නාඩු වී කිලෝවක මිල මේ වන විට රුපියල් 95ත් 98ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ. සහල් මිල ඉහළ යතැයි අපේක්ෂාවෙන් ගොවීන් වී තොග අලෙවි නොකර ගබඩා කරගෙන සිටින බවද ලේකම්වරයා සඳහන් කළේය.

බතලගොඩ වී පර්‌යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජේ.බී. සේනානායක කියා සිටියේ පුද්ගලික අංශ සතුව විශාල සහල් තොගයක් පවතින බවත්, එම තොග පිළිබඳ දත්ත පර්යේෂණායතනය සතුව නොමැති බවය.

බී.ජී. 314, බී.ජී. 377, බී.ජී. 300 යන වී වර්ග වියළි කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන බවත්, එම වී වගා කිරීමට අවශ්‍ය බිත්තර වී පර්‌යේෂණායතනයේ තිබෙන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.