Home Blog Page 218

හෙදියක් ළදරුවන් හත් දෙනෙකුට කල අහස පොලොව නුහුලන අප#රාධය.

නව ජන්ම ඒකකයක ළදරුවන් හත් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ හෙද නිලධාරිනියක වැරදිකාරිය වී තිබේ.

රෝහලේ දී නොමේරූ ළදරුවන්ගේ මරණ විශාල ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් Cheshire Police විසින් සිදු කළ වසර දෙකක විමර්ශනයකින් පසුව මෙසේ ඇය වැරදිකාරිය වී ඇති බවයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඇය වර්තමානයේ එක්සත් රාජධානියේ ළමා මරණ කිහිපයක් අඛණ්ඩව සිදු කළ ඝාතකයා ලෙසයි.

මෙසේ වැරදිකාරිය වී ඇත්තේ ලුසී ලෙට්බි යන වයස අවුරුදු 33ක කාන්තාවකි.

අදාළ හෙදිය හිතාමතාම ළදරුවන්ට එන්නත් කර, බලහත්කාරයෙන් අන් අයගේ කිරි පොවා ඇති අතර ළදරුවන් දෙදෙනෙකුට ඉන්සියුලින් එන්නත් කර ඇති බවයි වාර්තා වේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ මේ සමබන්ධයෙන් නඩු විභාගය මාස 10 කට වැඩි කාලයක් පැවති අතර එය එක්සත් රාජධානියේ දීර්ඝතම මිනීමැරුම් නඩු විභාගය බවයි.

තෙල් සංස්ථාවෙන් ඉරානයට පොලුක් – ගිවිසුමත් කඩ කරයි

ආර්ථික අර්බුදය ආරම්භ වූ ඉකුත් වසරේ ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාවය මත ඉරානයෙන් ඉන්ධන ලබාගත්ත ද එරටට මෙතෙක් තේ ලබාදී නැති බව හෙළිදරව් වී තිබේ.

මෙම කාරණය හෙළිදරව් වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරුන් තේ අපනයනකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම ගැටලුවට මැදිහත් වූ සාගල රත්නායක මහතා මසකට ඩොලර් මිලියන පහක වටිනාකමින් යුතු තේ ඉරානයට යැවීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාව ඉරානයෙන් ඩොලර් මිලියන 250 ක ඉන්ධන ලබාගෙන ඇති නමුත් ඊට සමානව තේ ලබාදී නැත.

ඊට හේතුව වී ඇත්තේ තෙල් සංස්ථාව ඊට අදාල මුදල් තේ මණ්ඩලයට ලබා නොදීමයි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැදිහත්වී තෙල් සංස්ථාව සමඟ සාකච්ඡා කොට මසකට ඩොලර් මිලින පහක වටිනාකමින් යුතු තේ ඉරානයට යැවීම වෙනුවෙන් මුදල් තේ මණ්ඩලය වෙත ගෙවීමට එකඟ වී තිබේ.

මේ අනුව පළමු තේ තොගය ඉකුත් සතියේ ඉරානය වෙත යැවීමත් සමඟ පහත බැස තිබූ තේ දළු කිලෝවක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බව තේ වෙළෙදුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම – ලංකාදීප

අක්කර 419ක් හා බංගලාවක් බලෙන් අල්ලාගනී – ප්‍රකට හිමිනමක් අත්අඩංගුවට ගනියි.

මාතලේ උකුවෙල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක් සහ බංගලාවකට බලහත්කාරයෙන් ඇතුළු වී එය අත්පත් කර ගත්තේ යැයි චෝදනා එල්ල වන ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාතලේ පොලිසිය සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගත්තේ මහනුවර පල්ලේ කොටුව ශ්‍රී විජයසුන්දරාරාම විහාරාධිපති මාවතගම ධම්මරතන හිමියන් ඇතුළු පස් නමක් බවයි.

ම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අදාළ පෞද්ගලික දේපල හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය.

එම බංගලාව සාසනික ව්‍යාපෘතියකට ලබාදෙන ලෙස අත්අඩංගුවට ගත් හිමිනම ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයට පසුගියදා ඉල්ලීමක් කර තිබිණි.

නමුත් අක්කර 419 කින් යුතු මෙම ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයට අයත් නොවන බව එම මණ්ඩලය විසින් වාර්තා කර තිබිණ.

වෙන කෙනෙක් කසාද බදින්න බෑ කියා සිය දිවි න#සාගත් පෙම්වතියගේ දේහය ළඟට පෙම්වතා හොරෙන් ඇවිත් බෙල්ලේ රත්‍රං පළඳවලා.

ප්‍රේම සම්බන්ධයකට දෙමව්පියන් බලවත් සේ විරුද්ධ වීම නිසා සිත් තැවුලට පත් යාපනයේ තරුණියක් ගෙළ වැලලාගෙන මිය යාමෙන් පසුව ඇගේ පෙම්වතා තරුණියගේ නිවසට හොර රහසේ පැමිණ විවාහයේදී ගෙළ පළදවන රත්තරන් තාලි කොඩියක් බැදීමේ සිද්ධියක් යාපනයේ මට්ටුවිල් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

වසර දෙකක පමණ කාලයක් මේ දෙදෙනා පෙමින් වෙලී සිටි අතර ඊට තරුණියගේ දෙමව්පියන් විරුද්ධ වීම නිසා විවාහයට බාධා එල්ල වී තිබෙනවා.

නව වසරට පෙර මේ දෙදෙනා යාපනය නගරයේදී හමු වී අවන්හලකින් දිවා ආහර ලබා ගැනීමේ සිද්ධියක් තරුණියගේ දෙමව්පියන්ට සැලවීමෙන් පසුව ඒ ගැන දැඩි ලෙස කිපුණු දෙමව්පියෝ ඇයට පහර දී තරවටු කොට තිබෙනවා.

සිත් තැවුලට පත් තරුණිය සිය දිවි හානි කර ගැනීමෙන් පසුව නිවසට පැමිණි තරුණයා තරුණියගේ මළ සිරුරේ ගෙලට තාලි කොඩියක් බැද නිවසින් පිටව ගොස් තිබෙනවා.

බියර් බීලා ඉස්කෝලේ ගිය පාසල් දැරියට පුරුදු කරලා තියෙන්නේ සීයා බව හෙළි වෙයි.

වාර්තා වෙන්නේ අනුරාධපුරයෙන්.

වයස අවුරුදු 14ක දැරියක් අද උදෑසන මත්පැන් පානය කර පාසල් පැමිණ ඇති බවට වාර්තා වෙනවා.

රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිසියේ නිලධාරින් දෙදෙනකු සිසුවිය පිළිබඳව සැක සිතී මෙම සිසුවිය සිය භාරයට ගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය බියර් පානය කර පාසලට පැමිණ ඇති බවයි.

මේ පිලිබඳව සැක සිතී ඒ ගැන වැඩිදුරටත් ප්‍රශ්න කරන පොලීසියට පසුව දැනගන්න්නට හැකි වී ඇත්තේ දැරියගේ මවගේ දෙවැනි විවාහයේ සැමියාගේ පියා විසින් මෙසේ ඇයට මත්ද්‍රව්‍ය භාවිතය පුරුදු කර ඇති බවයි.

කෙසේ වෙතත් දැරිය බියර් පානය කර පාසලට පැමිණීමට හේතුව සහ ඇයට බියර් පානය කිරීමට පුරුදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙම දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර මෙම සිදුවීමට අදාළ විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරියා දැරියගේ පාසලේ විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකතනය විසන්ධි කර තිබෙනවා.

කරාපිටිය රෝහලට විශේෂඥ වෛද්‍යවරයෙක් නෑ – ළමයි කොළඹටම යවයි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා විශේෂඥ වෛද්යවරයකු නොමැතිවීම හේතුවෙන් එම රෝගීන් අදාළ පරීක්ෂණ සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර යවන බව වාර්තා වී තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් මෙම පරීක්ෂණ නියමිත වෙලාවට නොකිරීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇතැයි ද පැවසේ.එමෙන්ම මෙම කටයුත්ත සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව ද කියැවේ.

මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ උසස් නිලධාරියෙකුගෙන් විමසූවිට පවසා සිටියේ ළමා හෘද කැතීටකරණය ඒකකයේ සිටි වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයකු රට හැරදා විදේශගතව ගිය බවත් අනෙක් වෛද්‍යවරයා මේ වන විට පුහුණුව සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

රෝගීන් ගේ දෙමාපියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා වෛද්‍යවරයකු පත් කරන ලෙසයි.