Home Blog Page 219

බිලියණ ගණනක දැවැන්ත වංචාවක් සිදු කරමින් MTFE නතර කරයි.

පිරමිඩාකාර ව්‍යාපාරක යෙදෙන්නේ යයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමීප නිරීක්ෂණයක යෙදෙන MTFE ආයතනයේ අන්තර්ජාල යෙදවුම ඊයේ රාත‍්‍රියේ සිට බිඳ වැටීමකට ලක්ව තිබේ.

මෙම යෙදවුම හා සම්බන්ධ වී සිටි එහි ගණුදෙනුකරුවන් සියලු දෙනාගේම පාහේ ගිණුමේ සියලු මුදල් සෘණ අගයක් පෙන්නුම් කරමින් ඇතැයි සමාජ ජාල ඔවුන් වාර්තා කරමින් කියා සිටිති.

මෙම සමාගමේ ප්‍රධානීන් පස් දෙනකුට එරෙහිව විදෙස් ගමන් වාරණ නියෝගයක් පනවා ඇති අතර එක් පුද්ගලයෙක් පමණක් රටින් පිටව ගොස් තිබේ.

ශලනි තාරකා සැමියා සමඟ ප්‍රේමණීය නර්තනයක යෙදුනේ මෙහෙමයි (VIDEO)

හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් වුණ ශලනි තාරකා යුග දිවියට එළඹුනා.

කොහොම වුණත් ඇගේ විවාහය වෙනතුරුම සැමියාව පෙන්න ශලනි ටිකක් අදිමදි කළා නේ.

ඒත් දැන් නම් තවත් ඒක රහසක් නෙවෙයි.

මේ බලන්නකෝ විවාහයේ චාරිත්‍ර අවසන් වෙලා පැවැත්වෙච්ච සැඳෑ සාදයේදී සැමියත් එක්ක කළ ප්‍රේමණිය නර්තනයක යෙදුනා.

යළිත් බදු වැඩි කිරීමට රජයේ තීරණයක්…?

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ බදු ප්‍රතිසංස්කරණය ප්‍රධාන අංගයක් බවත් බදු සංචිතය පුළුල් කිරීම රජයේ බදු ආදායම් ඉහළ නැංවීමේ ප්‍රධානතම ක්‍රියාමාර්ගයක් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි.

රට තුළ නව බදු නීති ක්‍රියාවට නැංවීමත් සමග පසුගිය මාස 6ක, මාස 8ක කාලසීමාව තුළ බදු සංචිතයේ වර්ධනය රජයට සතුටුදායක නොවන බැවින් බදු පරිපාලනය ශක්තිමත් කරලීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රාජ්‍ය බදු ආදායම තීරණාත්මක සාධකයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කොළඹ පැවැති උත්සවයකදී මේ බව සදහන් කරයි.

එහෙත් බදුකරණය දැන් ඉහළ මට්ටමක පවතින බැවින් වැට් බද්ද සියයට 15%කට වඩා වැඩි කිරීමට බැරි බවත් ආදායම් බදු සියයට 36%ට වඩා වැඩි කිරීමට නොහැකි බවද ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ආචාර්ය දුමින්ද හුලංගමුව සදහන් කරයි.

තවද ආයතනික බදු සියයට 30%ට වඩා වැඩි කිරීමට නොහැකි බවත් සියලුම ක්ෂේත්‍රයන්වල උපරිම බදු මට්ටම් දැන් ක්‍රියාත්මක කරන බැවින් බදු අනුපාත ඉහළ නංවන තරමට, ප්‍රතිලාභ ලැබීම් මෙන්ම ආදායම්ද පහත වැටෙන බවද උප සභාපති ආචාර්ය දුමින්ද හුලංගමුව සදහන් කරයි.

ලබන වසරේ මැතිවරණ වසරක් හේතුවෙන් සියලුම දේශපාලන පක්ෂ පොහොර නොමිලේ දෙන බවට, සමෘද්ධි දීමනාව රුපියල් දසදහසේ සිට පනස්දහස දක්වා ඉහළ නංවන බවට හෝ ඉන්ධන ලීටරයක් රුපියල් 200කට දෙන බවට පොරොන්දු ලබා නොදෙන ලෙසට ඉල්ලා සිටින බවද ආචාර්ය දුමින්ද හුලංගමුව සදහන් කරයි.

හෝමාගම ජනතාවට මුව ආවරණ පළදින ලෙස දැනුම් දෙයි.

හෝමාගම කර්මාන්ත පුරයේ ඊයේ රාත්‍රියේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක හටගත් ගින්න හේතුවෙන් පරිසරයට එල්ල වී ඇති බලපෑම නිසා අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා එම ඒකකය මෙම විශේෂ ඉල්ලීම සිදුකර ඇත.

සිමෙන්තිවලින් රුපියල් 700ක ලාභයක් ලබන බව අනාවරණය වෙයි.

පාන්පිටි කිලෝවක විකුණුම් මිල රුපියල් 198ක් බව දන්වා පාරිභෝගිකයා දැනුම්වත් කරමින් නිවේදනය නිකුත් කරන ලෙසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව පාන්පිටි කිලෝවක මිල රුපියල් 198කි.

එබැවින් පාන්පිටි සම්බන්ධ මෙරට ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකිවන පරිදි පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මේ බව දන්වා ඇත.

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙනුවට තාවකාලිකව පත්වූ සභාපතිවරයා වන පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව සාකච්ඡා කෙරිණි.

2023.06.14 ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රය, මෙරටට පාන්පිටි ආනයනය කරන සමාගම් තොග වැඩිපුර රඳවා අතිරේක ලාභයක් ලැබීම වැළැක්වීම අරමුණු කරගනිමින් නිකුත් කළ බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පැවසු බව කමිටු සභාපතිවරයා පැවසීය.

එහෙත් මෙම තත්ත්වය තුළින් මෙරට පාන්පිටි සම්බන්ධයෙන් සියයට අසූවක වෙළෙඳපොළ අධිකාරීත්වය හිමි ප්‍රධාන සමාගම් ද්විත්වයට තිරිගු ධාන්‍ය ලෙස ගෙන්වීමට අවස්ථාව හිමිවූ බැවින් අතිරේක ලාභයක් ඉපයීමට හැකියාව ලැබී ඇත්දැයි සොයාබැලිය යුතු බව කමිටුව විසින් පෙන්වා දෙන ලදි.

මේ අනුව 2023.06.14 දින ප්‍රකාශයට පත්කරන ලද ගැසට්පත්‍රය මගින් අපේක්ෂිත අරමුණු කෙ‍තරම් දුරට ඉෂ්ට වී ඇති ද යන්න තහවුරු කිරීම සඳහා පැවති පාන්පිටි තොග සහ වත්මන් තොග පිළිබඳ නිවැරදි දත්ත ලබාදෙන ලෙස මෙහිදී උපදෙස්දී තිබේ.

මේ අනුව මෙහිදී යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්දැයි සොයාබැලීම සඳහා අවකාශය ලැබෙනු ඇති බවද කමිටු සභාපතිවරයා පැවසීය.

මේ අතර සිමෙන්ති අමුද්‍රව්‍ය ආනයනයේදී අය කරන සෙස් බද්ද සිමෙන්ති අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රුපියල් 02කින් වැඩිකිරීමට අදාළ මෙම නියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ ‍සිමෙන්ති අමුද්‍රව්‍යවල සෙස් බද්ද වැඩිකිරීම හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ලවිය හැකි බවය.

තවද වරායට ගොඩබාන සිමෙන්ති මිල සහ විකුණුම් මිල අතර සියලු බදු අඩුකළ විට රුපියල් 700කට ආසන්න ලාභයක් ඇති බවද කමිටුව පෙන්වා දුන්නේය.

සිමෙන්ති හා යකඩ ගොඩබාන මිල සහ අදාළ සියලු බදු අඩු කළ විට විකුණුම් මිල අතර විශාල පරතරයක් තබා ගනිමින් අයථා ලාභයක් ලබන බව පෙනීයන බැවින් ඒ පිළිබදව වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නිලධාරීන්ට කමිටු සභාපතිවරයා නියෝග කළේය.

තවද නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිවලින් අඩු ආදායම්ලාභී නිවාස, මධ්‍යම පාන්තික නිවාස ඇතුළු නිවාස ගණනාවක වැඩ නැවතී ඇති බව හෙළිවූ අතර ඒ පිළිබඳව මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුවී ඇති බලපෑම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසද දැනුම් දුන්නේය.

මීට පෙර ලක්ෂ 12ක පමණ වියදමකින් ඉදිකළ නිවසක් ඉදිකිරීම සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 24ක් පමණ වියදමක් යන බවද නිලධාරීන් මෙහිදී පෙන්වා දුනි.

රජයේ ආදායම වැඩි කරගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන වැඩිකිරීම් මගින් සිදුවන සමාජ බලපෑම පිළිබඳ නිසි ඇගයීමක් සිදු නොකිරීම විශාල ගැටලුවක් බවද කමිටුව විසින් අවධාරණය කරන ලදි.

එසේම සිමෙන්ති මිල නියාමනය සඳහා අදාළ අංශ මැදිහත්විය යුතු බව කමිටුව ‍විසින් පෙන්වා දෙන ලදි.

2021 අංක 11 දරන වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2343/60 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සහ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ 2339/08 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සලකාබැලීම ද සිදුවිය.

ආයෝජන ගෙන්වා ගැනීම සඳහා සහනදායි පියවර අනුගමනය කිරීම ඇතුළු කරුණු පිළිබඳව වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සහ ආ‍යෝජන මණ්ඩලයේ නිලධාරීන් මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ.

මේ අනුව උක්ත දක්වා ඇති නිර්දේශවලට යටත්ව මෙම ගැසට් පත්‍ර හතර සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

පාඩු පිට පාඩු ලැබූ විදුලිබල මණ්ඩලේට මාස 03 කදී රු. කෝටි 2,000 ක ලාභයක්.

ලංකා විදුලිබල මණ්ඩලය 2023 ජුනි 30න් අවසන් කාර්තුව සඳහා රු. බිලියන 20.65 (රු. කෝටි 2,065) ක ලාභයක් ලබා ඇති බව වාර්තා වේ. මණ්ඩලේ නවතම මූල්‍ය වාර්තා පිරික්සීමේ දී මේ බව අනාවරණය වන අතර 2022 සමාලෝචිත කාර්තුවේ අලාභය වූ රු. බිලියන 38.49 හා සැසඳීමේ දී මෙය සුවිශේෂී කාර්යසාධනයක් වේ.

එසේම 2023 වසරේ මුල් කාර්තුව තුළ දීද ලංකා විදුලිබල මණ්ඩලයට අලාභයක් විඳීමට සිදුව ඇති අතර එය රු. බිලියන 34.37 ක් වේ. මේ අනුව 2023 මුල් භාගය තුළ මණ්ඩලය වාර්තා කර ඇති සමස්ත අලාභය රු. බිලියන 13.71 ක් වේ. 2022 මුල් මාස 06 තුළ විදුලිබල මණ්ඩලයේ සමස්ත අලාභය රු. බිලියන 71.47 ක් විය.

මේ අතර විදුලිබල මණ්ඩලය මෙම කාර්තුව තුළ දී රු. බිලියන 175.62 ක ආදායමක් ලබා ඇති අතර එය 2022 වර්ෂයේ අදාළ කාර්තුවේ වාර්තා වී ඇති රු. බිලියන 60.12 ක ආදායම හා සැසඳීමේ දී 192% ක ඉහළ යාමකි.

දරුවෝ 17, මුණුපුරු මිනිපිරියෝ 100යි. – අද අවසන් ගමන් යයි.

දරුවන් 17 දෙනකු මෙලොවට බිහි කළ උදාර මාතාවක් දිඹුලාගල මලියදේවපුර ප්‍රදේශයේ දී මිය ගියාය.

ඇය පොළොන්නරුව දිඹුලාගල මලියදේවපුර ලිපිනයේ පදිංචිව සිටි දියණිවරුන් හත් දෙනකු සහ පුතුන් 10 දෙනකු වැදූ හැදූ ඇය එස්. පූමනි මාතාව වූවාය.

පූමනි මාතාව දහතුන් වන වියේ දී විවාහ වී ඇති අතර ඇය බිහිකළ දරුවන් දාහත් දෙනාගෙන් තිදෙනකු මේ වන විට මියගොස් ඇත.

දිඹුලාගල පරණ මිල්ලානේ පදිංචිව සිටි ඊ.ඩී. විමලදාස මහතා සමග මීට වසර 75 කට පෙර පූමනි මහත්මිය විවාහ වී ඇති අතර 1990 වර්ෂයේ දී මියගියේය.

මෙම මාතාව දරුවන් දාහත් දෙනාම දිඹුලාගල පරණමිල්ලාන ගම්මානයේ නිවස තුළම බිහිකිරීම විශේෂත්වයක් වන අතර ඇය දීර්ඝ කාලයක් වින්නඹු මාතාවක ලෙස ද කටයුතු කළාය. එමෙන්ම ඇයට මුනුපුරු මිනිපිරියන් සිය දෙනෙකි.

ඇයගේ දරුවන් අත‍රින් කීප දෙනෙක් යුද හමුදාවේත්, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේත්, මාර්ග සංවර්ධන අධිකාරියේත් සේවය කරයි. සෙසු දරුවෝ ගොවි ගෙවිලියෝ වෙති.

පූමනි මාතාව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනසේ සඟරුවනගේ සිවුරු සෝදමින් කටයුතු කළ අතර බොහෝ විට රෝගී භික්ෂූන් වහන්සේලාට වෙදහෙදකම් ද කළාය.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන දායිකාවක් වූ පූමනි මහත්මියගේ අවසන් කටයුතු ඊයේ (16) පස්වරුවේ සිදුකෙරුණු අතර එම අවස්ථාවට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාත්, පොලොන්නරුව ප්‍රදේශයෙන් භික්ෂූන් වහන්සේලාත්, දෙසීය නමකට ආසන්න පිරිසක් වැඩම කර ඇයට අවසන් ගෞරව දක්වා පාංශුකූල දී පැන්වැඩීම ද විශේෂත්වයක් විය.

මෙහිදී අනුශාසනාවක් කරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පාලනාධිකාරි මහනුවර විචිත්‍රලංකාර නාහිමියන් සඳහන් කළේ පූමනි මාතාව සමස්ත ලංකාවටත්, ලෝකයටත්, පූර්වාදර්ශයක් දුන් වීර මාතාවක් බවත්, පොලොන්නරුවේ මෙන්ම දිඹුලාගල ඉතිහාසයේ වැඩිම දරුවන් පිරිසක් නිවස තුළ බිහි කළ පූමනි මාතාව පූජනීයත්වයට සහ ඉතිහාසගත වන මාතාවක් බවයි.

ඈත අතීතයේ කිසිදු පහසුකමක් නොමැති යුගයක මෙතරම් දරු පිරිසක් හදා වඩා අධ්‍යාපනය ලබා දී රටට යහපත් පුරවැසියන් පිරිසක් බවට පත් කිරීම වර්තමානයේ මවුවරුන්ට ලබාදෙන ආදර්ශයක් බව ද උන්වහන්සේ සිය අනුශාසනාවේ දී සඳහන් කළහ.

පූමනි මාතාවගේ දරු පවුලේ අටවැනියා වන හතළිස්පස් හැවිරිදි ඊ. ප්‍රියන්ති මහත්මිය පැවසුවේ තම මව දරු, දැරියන් දහහත් දෙනකු නිවස තුළ බිහි කරමින් විශාල කටුක ජීවිතයක් ගත කරමින් පළාතේ ගම් රැසකට අතීතයේ දිගු කලක් වින්නඹු මාතාවක ලෙස ද කටයුතු කර ඇති බවයි.

වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට.

වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ, වී කිලෝ ලක්ෂ 45 ක් වැනි ප්‍රමාණයක් දැනට වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවයි.

වී නොලැබීම හේතුවෙන් වසා ඇති හම්බන්තොට වී ගබඩා, ගොවි සංවිධානවලින් ඉල්ලීමක් ලැබුණොත් විවෘත කිරීමට සලකා බලන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට හෙට (18) දින අමාත්‍ය මහින්ද අමරවීර සාකච්ඡාවක් කැඳවා ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පැවසීය.