ජනප්‍රිය නිලි ශලනි තාරකා ඊයේ දින සිය විවාහ ජිවතයට ඇතුලත් වුණා..එහි සොඳුරු දර්ශන කිහිපයක් මෙන්න.
ශලනිගේ විවාහයේ නොදුටු අලුත්ම දර්ශණ
ජනප්‍රිය නිලි ශලනි තාරකා ඊයේ දින සිය විවාහ ජිවතයට ඇතුලත් වුණා..එහි සොඳුරු දර්ශන කිහිපයක් මෙන්න.
හෙට පෙන්ෂන් යන ලංවිම ඉංජිනේරුවරියට අද ප්‍රමෝෂන් දෙයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විශ්‍රාම යෑමට එක් දිනක් තිබිය දී එහි නිලධාරිනියකට ඉහළ තනතුරක් ලබාදී ඇතැයි වාර්තා වේ.
එම නිලධාරිනිය අතිරේක සාමාන්‍යාධිකාරි ධුරයට ඉකුත් 14 වැනිදා පත්කර ඇති අතර, ඇය ඊට පසු දින (15) විශ්‍රාම ගොස් ඇතැයි පැවසේ.
එම නිලධාරිනියට ඉහළ තනතුරක් ලබා දී ඇත්තේ ලංවිම ඉංජිනේරු සංගමයේ දැඩි බලපෑම මතය.
එම නිලධාරිනිය අතිරේක සාමාන්‍යාධිකාරි ධුරයට පත් කරන ලෙස ඉල්ලමින් ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා ලංවිම සභාපතිවරයාට ලිපියක් ද යවා ඇත.
මෙම නිලධාරිනිය පත්වීම ලැබූ දිනට පසු දින විශ්‍රාම ගොස් ඇත්තේ නව තනතුරට හිමි සියලුම වරප්‍රසාද ලබා ගනිමිනි.

වෛද්‍යවරු රටින් පිට වීම නතර කරන්න ආණ්ඩුව තීරණයක් ගනියි.
වෛද්‍යවරුන් පෞද්ගලික අවශ්‍යතා මත විදෙස්ගත වීමේදී සීමා කිහිපයකට යටත්ව පමණක් ඊට අවසර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ, ගතවූ වසර දෙක ඇතුළත වෛද්‍යවරුන් 2000කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බවට වාර්තා පළ වන පසුබිමකයි.
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පෙන්වා දෙන්නේ, තවත් වෛද්‍යවරුන් 5000ත් 6000ත් අතර පිරිසක් රට හැරදා යෑමේ සුදානමක් ඇති අතර හෙද නිලධාරීන් රැසක්ද රට හැර යාමේ සූදානමක් පවතින බවයි.
වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරුන් රට හැරයාම මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව නීත්‍යානුකූල නොවන අයුරින් රට හැරයන වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීයික සත්කාරක සේවා පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පසුගියදා ප්‍රකාශ කළා.
මේ අතර විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන් රෝහල් රැසක සී.ටී. ස්කෑන්, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ කටයුතු කිහිපයක් නැවතීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
මෙවන් පසුබිමක වෛද්‍යවරුන් පෞද්ගලික අවශ්‍යතා මත විදේශ ගතවීමේදී සීමා කිහිපයකට යටත්ව පමණක් අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
නිවාඩු අවශ්‍යතාව, ඉල්ලුම් කරන කාලසීමාව සහ අදාළ වෛද්‍යවරයා වෙනුවෙන් ආදේශක වෛද්‍යවරයෙකු සිටීද යන්න කරුණු මෛහිදී විශේෂයෙන් සලකා බැලෙනු ඇති.
රට තුළ ඇතැම් ක්ෂේත්‍රවල වෛද්‍යවරුන්ගේ පවතින හිඟය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹ තිබෙනවා.
සේවා අවශ්‍යතාව සලකා වෛද්‍යවරුන් විදේශගත වීමේදී වෛද්‍යවරුන් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තීරණය කරනු ඇති.
කෙසේවෙතත් විශේෂඥ වෛද්‍යවරු රටින් පිටවීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පවසනවා.
මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.
එහි නව සභාපතිවරයා වශයෙන් වෛද්‍ය අජිත් මෙන්ඩිස්, සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
වෛද්‍ය අජිත් මෙන්ඩිස් මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තනතුරු රැසක් හොබවා තිබෙනවා.
යාත්‍රාවක් පෙරලී පුද්ගලයින් රැසකට අත්වූ ඉරණම
සංක්‍රමණයින් රැගත් යාත්‍රාවක් පෙරළී තිබෙනවා.බටහිර අප්‍රිකානු මුහුදු ප්‍රදේශයේ මෙම අ නතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
උණට ගත්ත බෙහෙතින් හොඳට හිටිය දරු#වාගේ ඇස් පෙනීම නැතිව යයි.
මාධ්‍යයට කියනවා හැරෙන්න අපට වෙන කියන්න කෙනෙක් නැහැ – දියණියගේ මව
ඖෂධ නිසා ඇස් අඳ වුණු තවත් අනුවේදනීය කතාවක්
රත්නපුර, මොරතොට, හුණුවල ප්‍රදේශයේ පදිංචි එකොළොස් හැවිරිදි නිමන්සා සත්සරණි දියණිය මේ වන විට ඇස් නොපෙනීම ඇතුළු රෝගාබාධ රැසකින් පෙළෙමින් සිටින බව ඇගේ පියා හර්ෂ දිනිත් කුමාර මහතා පවසයි. පවුලේ එකම දරුවා වන ඇය හුණුවල ධර්මරාජ විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි.
මෙයට හේතු ලෙස ඔහු පවසන්නේ පසු ගිය අප්‍රේල් මාසයේ 6 වැනිදා තම දියණියට උණ රෝගී තත්ත්වය හටගැනීම හේතුවෙන් මොරතොට ප්‍ර දේශයේ පෞද්ගලික බෙහෙත් ශාලාවක වෛද්‍යවරයකු ලබා දුන් බෙහෙතක් විෂවීම ලෙස පෙන්වා දෙමිනි.
වැඩිදුරටත් කරුණු දැක්වූ දැරියගේ පියා,
මගේ දියණිය ඉගෙනීමට දක්ෂ දරුවෙක්. ඇය හුණුවල ධර්මරාජ විද්‍යාලයේ ශිෂ්‍යනායිකාවක් ලෙසද කටයුතු කරමින් සිටියා. ඉකුත් අප්‍රේල් 5 වැනිදා දියණියට උණ රෝගය හට ගත්තා. පසුව 6 වැනිදා උදේ මොරතෙට හන්දියේ තියෙන පෞද්ගලික බෙහෙත් ශාලාවකින් බෙහෙත් ගත්තා. එහි වෛද්‍යවරයා රජයේ රෝහලක සේවය කරන අයෙක්. එහෙත් පසු දින එනම් අප්‍රේල් 7 වැනිදා උදේ වන විට දියණියගේ සිරුර පුරා රතුපාට ලප මතුවී තිබුණා. ඇස් පියවී තිබුණා. ඇඟ මලානික වෙලා. ඒ අනුව එම වෛද්‍යවරයාටම නැවත දියණිය පෙන් වූ විට වෛද්‍යවරයා පැවසුවේ දියණියට සරම්ප රෝගය වැළදී ඇති බවයි. එයට ඔහු ඔසුසලකින් ගැනීමට බෙහෙතක් ලියාදී සතියකින් නාවන ලෙසද උපදෙස් දුන්නා. එහෙත් පසුදින එනම් අප්‍රේල් 8 වැනිදා දියණියගේ තත්ත්වය බරපතල නිසා රත්නපුර ශික්ෂණ රෝහලට රැගෙන ගියා. එහිදී වෛද්‍යවරු පැවසුවේ දියණියට බෙහෙතක් විෂ වී ඇති බවයි. ඉන්පසු වහාම ගිලන් රථයකින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළා.
දියණියගේ මව වන අයෝමී උත්පලා මහත්මිය,
අප්‍රේල් 8 වැනිදා සිට මාසයකට අධික කාලයක් දුවට කොළඹ ළමා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා දුන්නා. ඇඟ පුරා ඇතිවූ තුවාල එහිදී යම් තරමකට සුව අතට හැරුණා. එහෙත් ඇස් පෙනීමක් වුණේ නැහැ. ඉන් පසුව ටිකට් කැපුවා. මේ වන විට සතියකට වරක් කොළඔ සායනයට සහභාගි වෙනවා. ඇසට දමන එක බෙහෙක් රුපියල් එකොළොස් දහසක් වෙනවා. පෞද්ගලික ඔසුසල්වලින් එය ලබා ගන්න ඕනි. අපට සිටින එකම දරුවාට තමයි මෙහෙම වුණේ. මේ නිසා අපි මානසිකවත්, ආර්ථිකවත් වැටුණු තත්ත්වයකයි ඉන්නේ. අප්‍රේල් 6 වැනිදා සිට කළ ප්‍රතිකාරවල විස්තර අප සතුව තියෙනවා. අපි ඉල්ලා සිටින්නේ පුළුවන් අයෙක් ඉන්නවා නම් මගේ එකම දරුවා සුවපත්කර දෙන්න කියලයි. එය මහඟු පුණ්‍ය කර්මයක්. මෙය මාධ්‍යට කියනවා හැරෙන්න අපට වෙන කියන්න කෙනෙක් නැහැ. පියාගේ දුරකථන අංකය – 0779601114.
භාණ්ඩ 9ක මිල දැනෙන ගානකින් පහළ දමයි.
ලංකා සතොස විසින් අද (17දා) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 9ක මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇත.
මේ අනුව එල්එස්එල් ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රු. 979 දක්වා රු. 29 කින්ද, සෝයාමීට් කිලෝවක තොග මිල රු. 625ක් දක්වා රු. 25කින් ද, තායි හාල්මැස්සන් කිලෝවක මිල රු. 1160 දක්වා රු. 15ක් ද, බාස්මතී හාල් කිලෝවක මිල රු. 675ක් දක්වා රු. 15කින් ද, දුඹුරු සීනි කිලෝවක මිල රු. 350 දක්වා රුපියල් දහයකින් ද, රතු කැකුළු සහල් කිලෝවක මිල රු. 147ක් දක්වා රු. 2 කින් ද පහත දමා ඇත.
එසේම දේශීය අර්තාපල් කිලෝවක් රු. 325 දක්වාද, කඩල කිලෝවක් රු. 555ක් දක්වා ද, සුදු ලූනු කිලෝවක් රු. 630ක් දක්වා ද වශයෙන් මිල අඩුකර තිබේ. මිල ගණන් කිලෝවකට රු. 5 බැගින් අඩුකර ඇත.

පෙර පාසලේ සිටම ලිං#ගික දැනුම ලබා දීමට තීරණය කරයි.
පෙර පාසලේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ආරම්භ කිරීමට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය තීරණය කර තිබේ.
ලිංගික දැනුම ලබා දීම සඳහා පෙර පාසල් දරුවන්ට මෙන්ම සෙසු ශ්‍රේණිවල සිසුන්ට අදාළව පොත් දාහතරක් ජාතික අධ්‍යාපන ආයතනයෙන් මේ වන විට සකස් කෙරෙමින් පවතී. වෛද්‍යවරු,ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු ඒ සඳහා සහය දක්වති. ඒ ඒ ශ්‍රේණිවලට අදාළව සකස් කෙරෙන පොත්වල අන්තර්ගත කරුණු එකිනෙකට වෙනස් වෙයි. මෙම පොත් ලබා දෙන්නේ අතිරේක කියවීම් පොත් වශයෙන් යැයි එම සංසදයේ සභාපතිනී , පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කුමාරි විජේරත්න ‘අරුණ’ට ඊයේ ( 16 වැනිදා) පැවසුවා ය.
සියලුම දරුවන් වෙනුවෙන් එකවර පොත් මුද්‍රණය කිරීම අසීරු හෙයින් ප්‍රථමයෙන් ම අන්තර්ජාලය ඔස්සේ පොත පරිශීලනයට සිසුන්ට අවස්ථාව දෙන බවත් පොත් මුද්‍රණය කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතනවල සහය ලබා ගන්නා බවත් සභාපතිවරිය කීවාය.
විෂය නිර්දේශ සකස් කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එම ප්‍රගතිය අනුව වැඩපිළිවෙළ ආරම්භ කරන නිශ්චිත දිනයක් තීරණය කරන බවත් මන්ත්‍රිවරිය සඳහන් කළාය. ළමා අපයෝජනවලට මූලිකම හේතුව ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජයේ ඉතාම අවම දැනුමක් පැවතීම බව ද සභාපතිවරිය කීවාය.
ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා 2019 වසරේ දී හත්වැනි ශ්‍රේණියේ සිසුන්ට ‘හතේ අපේ පොත’ට විරුද්ධව ඇතැම් පිරිස් අදහස් පළ කිරීම නිසා එම පොත දරුවන්ගෙන් ඉවත් කිරීමට පියවර ගැනිණි.