Home Blog Page 222

අඩු මිලට තෙල් දෙන්න අවසර ඉල්ලූ සිනොපෙක් සැප්තම්බර් 20 රට පුරා විවෘත වෙයි.

SINOPEC සමාගම සැප්තැම්බර් 20 දින සිට සිය සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරනු ලබනු ඇති බවත්, අද උදෑසන වන විට බෙදුම්කරුවන් 109 දෙනෙකු සිය සමාගම සමඟ ගිවිසුම්ගත වී අවසන් බව පැවසූ බවත්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව අනාවරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,

“SINOPEC ආයතනය දන්වලා තියෙනවා, අද උදෑසන වන විට ඔවුන්ගේ තියෙන බෙදුම්කරුවන් 150 න් 109 ක් එක්ක ගිවිසුම්ගත වෙලා අවසන් කියලා. අද හවස අවසන් වෙන කොට මම හිතනවා 115ක් විතර වෙයා. ලබන සතිය වෙනකොට 150 ම අවසන් කරන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.“

“ඔවුන් අපිට දැනට දැනුවත් කරලා තියෙනවා, සැප්තැම්බර් 20 ඔවුන් සියලුම බෙදුම්කරුවන් එක්ක ඔවුන්ගේ සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න තමයි දින වකවානු වෙන්කරගෙන තියෙන්නේ කියලා.“

මීට පෙර සිනොපෙක් සමගාම පවතින මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් අවසර ඉල්ලා තිබූ අතර ඒ සදහා ප්‍රතිචාරයක් නොලැබුණු බව පසුගියදා අරුණ පුවත්පත වාර්තා කරනු ලැබීය.

ඔය ඇමතිකම මොකටද ? – අටමස්ථානාධිපති හිමි ඇමති බන්දුලගේ මූණටම කියයි.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ආරක්ෂාව සැපයීමට බැරි නම් ආණ්ඩුවේ ඇමැතිකමක් දරන්නේ කුමටදැයි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියෝ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට දෝෂාරෝපණය කළ බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි හමු වී ආශිර්වාද ගැනීමට ඊයේ(14) පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මෙසේ දෝෂාරෝපණය කළහ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන මඟින්ට එතැන් සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ලංගම බස් රථයක් ලබා දෙන්නැයි දීර්ඝ කලක සිට ඉල්ලීම් කළත් තවමත් බස් රථයක් යොදවා නැතැයිද මේ නිසා දුම්රියෙන් පැමිණෙන මඟීන්ට ත්‍රීරෝද රථවලට විශාල මුදලක් ගෙවන්නට සිදුව ඇතැයිද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

එහිදී උන්වහන්සේ මෙසේ ද අදහස් දක්වා සිටියා.

“ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට වැඩිම බැති මතුන් පිරිසක් පැමිණෙන්නේ දුම්රියෙන්. එතැන් සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගමන් කිරීමට කිසිදු ලංගම බස් රථයක් යොදවලා නැහැ. දිගු කාලයක සිට කොයි තරම් ඉල්ලීම් කළත් ලංගම බස් රථ දුවන්න දෙන්නේ නැහැ. දුම්රිය ස්ථානයට දුම්රියක් ආපු ගමන්ම ත්‍රිරෝද රථ පෝලිමේ ඇවිත් එතන ආක්‍රමණය කරනවා. සමහර බැතිමතුන් ත්‍රිරෝද රථවලට නඟින්න අකමැති වුනත් බලහත්කාරයෙන් ඒ අය ත්‍රිරෝදවලට පටව ගන්නවා. ඊට පසු ත්‍රිරෝද රථය වට ගණනාවක් ගිහින් ජය ශ්‍රී මහා බෝධියට ඒ අයව එක්කගෙන ගිහිල්ලා රුපියල් හත්සිය පනහක්, දාහක් ඒ අයගෙන් අය කරනවා. පොලිසියට පමණක් නෙමෙයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලංගම සේවකයන්ට ඔක්කොටම මේ අය මැර තර්ජනත් එල්ල කරනවා. දෙවතාවක් සී.ටී.බී බස් රථ ධාවනය කරන්න උත්සහ කළත් ඒ අයට කරපු පහරදීම් හේතුකොට ගෙන ඒ අයට තුවාල සිදු වූ අවස්ථාත් තියෙනවා. ඒ නිසා බැතිමතුන්ට විශාල අගතියක් වෙනවා කියන එක එන අය පැහැදිලි කරනවා. මේ ගැන දේශපාලන නායකයන්ටත් දැනුම් දී තිබෙනවා. නමුත් මේ සියලුදෙනා මට පේන්නේ මේ මැර කණ්ඩායම්වලට බිය වෙලා තිබෙනවා. දුම්රිය මගින් ජය ශ්‍රී මහා බෝධිය වඳින්න එන අයට ආරක්ෂාව දෙන්න ආණ්ඩුවට බැරිනම්, අමතර බස් දාලා හරි ඒ අයට පහසුකම් දෙන්න බැරි නම් ඇමැතිකමක් කරන්නේ මොකටද කියලා මම බන්දුල ඇමැතිතුමාගෙන් අහන්න කැමැතියි.”

මෙම අවස්ථාවට උතුරු මැද හිටපු මහ ඇමැති රංජිත් සමරකෝන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්, පළාතේ උසස් නිලධාරීන් සහභාගී වී සිටි අතර උන්වහන්සේ ඇමැතිවරයා ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ පොලිසියට කියලා ඵලක් නැත්නම්, ජනාධිපතිතුමාට කියලා හමුදාව හරි යොදලා බැතිමතුන්ගේ ආරක්ෂාව සලසන්න වැඩපිළිවෙළක් ඉක්මනින් සකස් කරන ලෙසයි.

සෑම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙන්ම පොහෙය දිනවලටත් අනුරාධපුරයට එන බැතුමතුන් වෙනුවෙන් දුම්රිය හා ලංගම ඒකාබද්ධ බස් සේවාවක් ඇති කිරීමට සඳහා කෙසේ හෝ බස් රථ දෙකක් ලබා දෙන බවට ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අටමස්ථානාධිපති හිමියන් හමුවේ පොරොන්දු වූ බවද වාර්තා වෙනවා.

අහිංසක ජීවිත වලට වඩා ශිෂ්‍ය නායකත්වය ලොකු වූ ශිෂ්‍යාවක් පාසලේදී කරපු පාපතර වැඩේ.

“දැනගත්ත ගමන් කට්ටියම රෝහල්ගත කරලා..” නාරම්මල ප්‍රදේශයේ පාසලක 10 වසරේ ඉගෙනුම ලබන සිසුවියක් කල අශෝබන ක්‍රියාවක් පිළිබඳවයි මේ තොරතුරු ගෙන ආවේ.

පාසලේ ශිෂ්‍ය නායක පදවිය ගන්න සිසුවියක් – සිසුවියන් 06 දෙනෙකුට ව#ස පොවයි

නාරම්මල ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක වල් නාශක කුඩු වර්ගයක් පානීය ජලයට කළවම් කර බීමට දීමෙන් රෝගාතුරවූ සිසුවියන් හය දෙනකු ප්‍රතිකාර සඳහා නාරම්මල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටින බව නාරම්මල පොලීසිය පවසයි.

ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටින සිසුවියන් අතරේ වල් නාශකය ජලයට මිශ්‍ර කළ බව කියන සිසුවියද සිටින බව පැවසේ.

පාසල් කාලයේදී මෙය සිදුව ඇත. සැකකාර සිසුවිය සඳුදා උදෑසන රැස්වීමට සහභාගි නොවී පන්ති කාමරයේ රැඳී සිට වල් නාශකය සිසුවියන් කීප දෙනෙකුගේ පානීය ජල බෝතලවලට මිශ්‍ර කර ඇති බව අනාවරණය කරගෙන තිබේ.

පාසලේ සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සිසුවිය හඳුනාගෙන තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සිසුවියද එම පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබන අතර ඇය තම සමීපතම මිතුරියන් පිරිසකගේ පානීය ජල බෝතලයකට වල් නාශකය මිශ්‍ර කර ඇති බව අනාවරණය වී තිබේ. වල් නාශක සහිත ජලය පානය කිරීමෙන් පසුව වමනය ඇතිවී රෝගාතුරවූ සිසුවියන් පිරිස දැක බියපත්ව ඇයද එම ජලය පානය කර ඇති බව කියයි.

එම විදුහලේ ශිෂ්‍ය නායක පදවිය සඳහා ඇතිවී තිබෙන තරඟයක් මෙම සිදුවීමට පාදකවී ඇති බව විදුහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජලයට මිශ්‍ර කළ වල් නාශකය එතරම් ප්‍රබල නොවීම හේතුවෙන් සිසුවියන්ගේ ජීවිත වලට අනතුරක් වී නැති බව පොලීසිය පවසයි.

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 6447ක්.

ජනාධිපති කාර්යාලය, අමාත්‍යාංශ 27ක් සහ කොමිෂන් සභා හතරක් සඳහා අනුමත කාර්ය මණ්ඩල සීමාව තුළ පුරප්පාඩු 6447ක් පවතින බව සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අගමැති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද කමිටුව සිය අතුරු වාර්තාවෙන් පෙන්වා දෙයි.

එම සමස්ත පුරප්පාඩු අතරින් 4071ක් සම්පූර්ණ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය සේවයේ සියලු බඳවා ගැනීම් අත්හිටුවා ඇති නමුත්. රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සඳහා ඇතිවන බාධාකාරී තත්ත්වයන් අවම කර ගැනීම උදෙසා අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු බඳවා ගැනීම් සම්බන්ධව මෙම කමිටුව විසින් සමාලෝචනය කර ඇත.

අගමැති ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක, එම අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න සහ මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කළුතන්ත්‍රි මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

රාජ්‍ය පරිපාලන ​ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන අදාළ කමිටුවේ අතුරු වාර්තාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කළේය.

අදාළ කමිටුව විසින් තාක්ෂණ අමාත්‍යාංශය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, ජාතික පොලිස් කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, රාජ්‍ය ​සේවා කොමිෂන් සභාව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආදියේ පුරප්පාඩු පවතින බව එම කමිටු වාර්තාවේ සඳහන්ය.

ඒ අනුව අනුමත කාර්ය මණ්ඩල සීමාව තුළ වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක් ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ වාරිමාර්ග අමාත්‍යාංශයේය. එම පුරප්පාඩු සංඛ්‍යාව පිළිවෙළින් 1637, 1290 ක් සහ 1084කි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පුරප්පාඩු අතරින් 1089ක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ පුරප්පාඩු 871ක් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ පුරප්පාඩු අතරින් 384ක් පිරවීමටද කමිටුව නිර්දේශ කර තිබේ.

පාසල් ළමුන්ට විශේෂ නිවේදනයක්.

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු මස 17 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ සම්බන්ධව වැඩිදුර විස්තර පහත වීඩියෝව තුලින් දැනගන්න,

වෙඩිං කපල් එක ඇඳ උඩ ඉද්දී හපුතලේ සුපිරි හෝටලේ ඇඳ යටින් අමුතු සද්දය පොලිසිය දක්වා යයි.

“ආයෙමත් හබී මගේ ළඟ, ඒත් සද්දෙ යන්තමින් ඇහෙනවා, අපරාදේ කියන්න බෑ හොටලේ අය ලස්සනට ඇඳ හදලා තිබුණා.”

“අපි පොලිසියේ පැමිණිල්ලක් දැම්මා, මොකද අනුකම්පා කරන්න දෙයක් නෙවෙයිනේ. මේක බරපතල දෙයක්.

අද මටයි හබීටයි වුණා වගේ හෙට තව කෙනෙක්ට වෙන්න පුළුවන්. මොකද්ද මේ හිරිකිත වැඩේ.?

මට මාර අවුල් ඒක මතක් වෙනකොටත්.

ඇයි මිනිස්සු මෙච්චරම තිරිසනුන් වගේ හැසිරෙන්නෙ, මගෙන් නම් කිසිම සමාවක් නෑ

හස්බනුත් ඉන්නෙ මගේ මතයේ, මුන්ට රජ කාලේ දඬුවම් දෙන්න ඕනි”‍

මේ හපුතලේ හෝටලේකට ගිය මනාලියක් අපිත් එක්ක කියපු කතාව

හනිමූන් කපල් එකක් විතරක් ම නෙවෙයි, සාමාන්‍ය කපල් එකකටත් මේ දේම සිද්ධ වෙන්න පුළුවන්.

පරිස්සමින්, ඔබ මොහොතක සතුට විඳින්න යන හැම මොහොතකදීම ඔබ පරිස්සම් වෙන්න.

අපි දැන් ඒ කථාවට ආයෙත් යමු,

“අපි හනිමූන් එකට ගියේ හීන ගොඩක් එක්ක.

ඒ වගේ ලස්සන වෙලාවක් ලයිට් එළියට වැහිලා යනවට හබී කැමති වුණේ නෑ

අපරාදේ කියන්න බෑ හොටෙල් එකේ අය ලස්සනට ඇඳ හදලා තිබුණා’

මම වෙඩින් ඩ්‍රස් එක පිටින්මයි හබීට තුරුළු වුණේ අපි ආදරෙන් ඒ විදිහට ඉන්නකොට අමුතු සද්දයක් ආවා, අපි හිතුවා සතෙක්වත් වෙන්නැති කියලා, ඒත් නෑ, හස්බන්ට සැක හිතුණා.

එයා එකපාරම ඇඳයට බැලු‍වා, ඒත් නෑ, ඇඳ වටේට පෙට්ටි, ආයෙමත් හබී මගේ ළඟ ඒත් සද්දෙ යන්තමට ඇහෙනවා හබී බයෙන් පෙට්ටි ටික එළියට ඇද්දා.

හත්වලාමේ මෙන්න එකපාරම මිනිහෙක් මතුවුණා ඇඳ යටින, මට කෑගැස්සුණා.

හස්බන් පිටිපස්සට පැනලා ළඟ තිබ්බ මොකක් හරි එකක් ගත්තා ගහන්න, අර මිනිහා ඇඳගෙන හිටියේ වේටර් ඇඳුමක්.

අතේ ෆෝන් එකකුත් තිබුණා

හොටෙල් එකේ මැනේජර්ට අපි ඒ වෙලාවෙම සිද්ධිය දැනුම් දුන්නා.

පස්සෙ දැනගත්තෙ ඒ මිනිහා ඉන්නෙ මේ හොටෙල් එකේමයි, මේ හොටෙල් එකේම වේටර් කෙනෙක්.”‍

”‍අම්මෝ, ඒ මිනිහා සයිකෝ පොරක්, ඒ කියන්නෙ කපල් දිහා බලලා සතුටු වෙන කෙනෙක්.

මිනිහාගේ ෆෝන් එකෙන් වීඩියෝ එහෙමත් හම්බෙලා. මැනේජර් ඉල්ලීමක් කළා මේක ගොඩින් බේරගන්න, මොකද හොටෙල් එකේ නම කැත වෙන නිසා.

ඒත්, මමයි හබීයි ඒකට කැමති වුණේ නෑ, මොකද ඒක ඒ තරම් හිරිකිතයි.

අපි පොලිසියට කිව්වා ඒ මනුස්සයා නඩුවෙන් පස්සෙ රිමාන්ඩ් කළ

පොලිසියේදි මිනිහා කියලා තියෙනවා තව දෙතුන් දෙනෙක්ගෙ ඒවා මෙහෙම බැලු‍වා කියලා,

අසහානකාරී හැත්ත, ඉතින් අපි කරපු වැඩේ හරි නේද ඔහොම උන්ට ඊට වඩා දඬුවම් දෙන්න ඕනි හරිනම්