Home Blog Page 224

දේවස්ථානකට ත්‍රස්ත ප්‍,රහාරයක් |එම ස්ථානයේ දර්ශණ මෙන්න.

ඉරානයේ ෂිරාස් නගරයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරය ක් එල්ල වී තිබෙනවා. ත්‍රස්ත්‍ර ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ දර්ශණ මෙන්න.

කුරුණෑගල පාසල් සි#සුවියන් දෙදෙනා නිල ඇදුම් ගලවා කොටට ඇදගෙන Facebook පෙම්වතුන් බලන්න එයි

පාසල් යන බව පවසා නිවසින් පිටත්ව පාසල් නොගොස් පාසල් නිල ඇදුම් සගවා මුහුණු පොතෙන් පමණක් හදුනාගෙන සිටි තම පෙම්වතුන් හමුවීම සදහා කුරුණෑගල නගරයට පැමිණ සිටි දහසය හැවිරිදි ලාබාල පාසල් සිසුවියන් දෙදෙනෙකු පොලිස් බාරයට ගෙන දෙමව්පියන්ට බාර දුන් බව කුරුණෑගල මුලස්ථාන පොලිසිය පවසයි.

කුරුණෑගල මුලස්ථාන පොලිසියේ නිළධාරීන් විසින් දෛනිකව කුරුණෑගල වැව රවුමේ සිදු කරනු ලබන සෝදිසියකදී මෙම ළාබාල සිසුවියන් දෙදෙනා ඔවුන්ගේ මුහුණු පොතේ පෙම්වතුන් සමග හමු වී තිබේ.

තවත් හිමිනමක් 14 හැවිරිදි ද#රුවෙකුට හදි කරන්න ගිහින් කූඩුවටම වැටෙයි.

වයස අවුරුදු 14ක පිරිමි ළමයෙකුට ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන හිමිනමක් ඇහැටුවැව පොලිසිය මඟින් අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝගස්වැව ගල්හින්න රජමහා විහාරස්ථානයේ වැඩවසන හ්මිනමක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

අදාළ පිරිමි ළමයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි සක්කර හිමිනම මෙලෙස අත්දන්ගුවට ගෙන ඇත්තේ.

14 හැවිරිදි ළමයා වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරිම සදහා ගල්ගමුව මූලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සක්කර හිමිනම ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

කොන්දොස්තරලා නැති බස් රථ ධාවනය ළගදීම.. වැඩේ වෙන්නේ මෙහෙමයි.

විද්‍යුත් බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ එම බස් ධාවනයේ දී කොන්දොස්තරවරු අනවශ්‍ය බවය.

එම බස් රථවල ගමන් කළ හැක්කේ විද්‍යුත් කාඩ් පතකින් පමණක් බවත් කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කරගැනීමට එමඟින් හැකියාව ලබෙන බවත් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී වැඩිදුරයත් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න,

“කොන්දොස්තරවරයෙක් නෑ මේ බස්රථවල. විශේෂයෙන්ම මේ බස්රථවල යන්න පුළුවන් විද්‍යුත් කාඩ් පතකින් පමණයි. අපි ළිං මැඬියෝ වගේ ඉන්නේ. අපි විද්‍යුත් තාක්ෂණයට යා යුතුයි. ඉදිරියේ දී බස්රථ ආයෝජනය කරන්නේ ඒ උපකරණ සමඟ. ඒ කියන්නේ බස් රථයට නැංගහම අපිට අලුතින් ටිකට් මැෂින් අවශ්‍ය නෑ. ටච් කරන්න පුළුවන් කාඩ් එක හරහා. ලංකාවේ භාවිත කරන ඕනෑම කාඩ් එකක් භාවිත කරන්න පුළුවන්. අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ බස්රථ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට දාන්නේ කොළඹ මාර්ග තදබදය අඩුකර ගන්න. මේ කාර්වලින් යන ජනතාව බස් එකේ යන්න යොමු කරන්න. ආබාධිතයින්ට මේ බස්වල යන්න පුළුවන්. මේ බස්රථ දැම්මහම කොළඹට වාහන ඒම පිළිබඳ යම් තීරණයක් ආණ්ඩුව ගත යුතුයි.”

යකෝ මේක ක්‍රිකට් ගහන වේලාවක්ද..? මර්වින් සිල්වා රාජපක්ෂලාට කියපු කතාව.

මර්වින් සිල්වා මහතා දේශපාලන වේදිකාවක් මත කල ප්‍රකාශයක් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.එහිදී මර්වින් සිල්වා මහතා කල ප්‍රකාශය මෙන්න.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ශ්‍රේණියේ වෙනසක්.

ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

ආරම්භක යුගයේ දී සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දුන්නේ 10 ශ්‍රේණියේ දී වුවත් පසුකලක දී එය 11 වසර දක්වා වසරකින් දිගු වූ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව 10 ශ්‍රේණියේ දී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේ දී අධ්‍යාපන පරිවර්තනයේ දී මෙම කටයුත්ත පිළිබඳව ද සලකා බැලීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙම කාර්යය එක්වර සිදුකළ නොහැකි 1, 6 හා 10 ශ්‍රේණිවලින් ආරම්භ වන සේ ප්‍රාථමික, කණිෂ්ඨ ද්විතීයක, ජ්‍යෙෂ්ඨ ද්විතීයක වශයෙන් වූ වර්ගීකරණ අවස්ථා තුනක යටතේ සිදුකිරීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉතා කෙටි කලක් තුළ අධික වේගයකින් දැනුම දෙගුණ වන දැනුම් සමාජයක අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදුකර නව අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු තමන් ගමන් කළ යුතු අනාගත දිශානතිය තෝරාගැනීමේ ස්වාධීනත්වය ඇති දරු පරපුරට උරුම කර දීමේ පදනම සකස් කළ යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

ජංගම දුරකතනයක් සදහා ලක්‍ෂයක බද්දක් පනවන්නැයි යෝජනාවක්.

ජංගම දුරකථනයක් සඳහා රුපියල් ලක්ෂයක බද්දක් පැනවිය යුතු බවට නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් යෝජනා කර තිබේ.
උන්වහන්සේ මෙම අදහස පළ කර තිබුණේ පන්නිපිටියේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන සුදත් චන්ද්‍රසේකර මහතාගේ නිවසේ පැවති ධර්ම දේශනාවක් අතරතුරදීය.
එම අවස්ථාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතාද සඳහා පැමිණ සිටියහ.
එදී උන් වහන්සේ මෙසේ සඳහන් කර ඇත.
‘මොබයිල් ෆෝන් තමයි අද මේ සමාජ පරිහානියට විශාල ලෙස හේතු වෙලා තියෙන්නේ. අද දෙමාපිය දූදරු සම්බන්ධතාව නැති වෙලා, සැමියා බිරිය අතර සම්බන්ධතාව නැති වෙලා, සමාජය හා පැවැති සම්බන්ධතා නැතිවෙලා. හොරකම්, අපරාධ, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම මේ හැම එකටම මුල හා පහසුකම් සපයන්නේ මේ මොබයිල් ෆෝන්. ඔන්න ඇමැතිතුමා කරනවා නම් වැඩක්. පුළුවන්නම් ඔය මොබයිල් ෆෝන් නැති කරන්න. නැති නම් ඕක හැම එකාටම ගන්න බැරි වෙන්න රු. ලක්ෂයකවත් බද්දක් ගහන්න’