Home Blog Page 233

මේක බැලුවොත් නම් ආයේ සැමන් කන එකක් නෑ..

මෙරටට ආනයනය කර ඇති මිනිස් පරිභෝජනයට නුසුදුසු සැමන් වර්ගයක් පිළිබඳව තොරතරු මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ජාතික පාරිභෝගික පෙරමුණ විසින් ඊයේ (05) මධ්‍ය හමුවක් පවත්වමින් මෙම අනාවරණය සිදුකළා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම සැමන් වර්ගය චීනයෙන් ආනයනය කර ඇති බවයි එම පෙරමුණේ මූල්‍ය කළමනාකරු වසන්ත කුමාර හරිස්චන්ද්‍ර පැවසුවේ.

මෙලෙස ආනයනය කර ඇති චීන සැමන් වර්ගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා දී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එවැනි තත්ත්වයක් උඩ අධිකරණ නියෝග පවා උල්ලංඝනය කරමින් වෙනත් ලේබලයක් යටතේ මෙම සැමන් වර්ගය වෙළෙඳපොළට නිකුත් ඇතිකර බව ඔහු පැවසුවා.

“චීනයෙන් ආනයනය කරනවා සැමන් වර්ගයක් ඒවායේ මාළු වෙනම වළලන්නත්, ටින් වෙනම වළලන්නත් නියෝග කරලා තියෙනවා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය, මේ වෙනකොට ඒක වෙනත් ලේබලයකින් කොහොමද වෙළෙඳපොළට ආවේ. ආනයනික චීන සැමන් එක 2021.03.28 තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2024.03.28 තමයි කල් ඉකුත්වීමේ දිනය තියෙන්නේ. මේකේ ලේබල් එකත් මාරු කරලා තියෙන්නේ.”

හඳුනානොගත් උණ රෝගයකින් දරුවෙකු අවසන් ගමනේ.

හඳුනා නොගත් උණ රෝගයකට ගොදුරුවීමෙන් වයස අවුරුදු 13ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තීබේ.

එම දරුවාට උණ රෝගය වැළදීමෙන් පසු මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී එම දරුව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අබ්දුල් අසීස් නැමැති 08 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙකි.

දරුවාගේ මළසිරුර මීගමුව මහ රෝහලේ මතෘ ශරීරාගාරයේ තබා ඇති අතර, මීගමුව රෝහල් පොලිසිය මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

19 හැවිරිදි පාසල් සිසුවියට පන්තිභාර ගුරුවරයා කල අපරාදය

පන්තිභාර ගුරුවරයා විසින් ලිං,ගික අ,තවර සිදුකිරීම නිසා කම්පනයට පත්ව ඇති පාසල් සිසුවියක් කිසියම් පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් පෙරේදා (04) ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බව කටුපත පොලීසිය පවසනවා.

විදුලි බිල යලිත් වැඩි කරයි.?

විදුලි බල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තුව නැවත වරක් වැඩි කිරීමට කටයුතු කල යුතුව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දීමක් කර තිබෙනවා.

කොන්දොස්තර නැති බස්වලිනුත් දහස් ගණන් මාටියා ගහලා අතටම අහු වෙයි.

කොන්දොස්තරවරුන් නොමැතිව අධිවේගී මාර්ගයේ ධාවනය කළ බස් රථයකින් දිනකට රුපියල් දාහත්දහස් පන්සීයක් (රු. 17,500ක්) සොරකම් කිරීමේ ජාවාරමක් අල්ලාගනු ලැබූ බව ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට පැවසීය.

මෙලෙස අල්ලාගනු ලැබුවේ ඇඹිලිපිටිය සිට අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුර බලා ධාවනය වන බස් රථ දෙකකි. එම බස් රථවලට මගීන් නංවාගෙන ටිකට්පත් නිකුත් කර අධිවේගී මාර්ග පිවිසුම තෙක් කොන්දොස්තර පැමිණ එතැනදී මුදල් සහ ටිකට් පොත් භාරදී ඔහු සේවය නිම කරයි. එහෙත් මෙම වංචාව සිදුකර ඇත්තේ එලෙස ටිකට්පත් නිකුත් කිරීමේදී ලංගම ටිකට්පත් වෙනුවට හොර ටිකට් පොතකින් ව්‍යාජ ටිකට්පත් නිකුත් කර එම මුදල් සොරකම් කිරීම මගිනි. මෙලෙසෙ අල්ලාගනු ලැබූ ඇඹිලිපිටිය මාකුඹුර බස් රථයක මගීන් 24 දෙනකු ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් 17 දෙනකුට හොර ටිකට්පත් නිකුත් කර ගසාකන ලද මුදල රු. 17595/- ක් බව අමාත්‍ය ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙලෙස අල්ලාගනු ලැබූ කොන්දොස්තරවරුන්ගේ වැඩ තහනම් කර හොර ටිකට් ජාවාරම ගැන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී දැඩි නීතිමය ක්‍රියාමාර්ගයක් ගනිමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

ළඟඳීම පිටසක්වල අපේ ලෝකෙට එයි, ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..!

2023 ලෝක විනාශය ගැන භයානක අනතුරු ඇඟවීමක්!

“වසර 2858 අනාගතයේ සිට කාල තරණය කරන්නෙකු” යැයි කියාගන්නා ටික්ටොක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු, මේ වසරේ සිදුවිය හැකි අද්භූත ලෝක විනාශයක් ගැන භයානක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මෙයට පෙර නොස්ත්‍රදාමුස් මෙන්ම බාබා වන්ගා යන අනාවැකිකරුවන්ද මේ කාලයේ සිදුවිය හැකි ලෝක විනාශයක් ගැන අනතුරු අඟවා තිබුණි.

අනාගත සිදුවීම් පිළිබඳ අමුතු ප්‍රකාශයන් පළ කිරීමෙන් සරුසාර අනුගාමිකයන් සංඛ්‍යාවක් උපයාගෙන ඇති @darknesstimetravel යන පරිශීලක නාමය යටතේ පෙනී සිටින මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාගේ නවතම ටික්ටොක් වීඩියෝවේ, අනතුරු අඟවා ඇත්තේ “සතුරු පිටසක්වල විශේෂයක්” පෘථිවිය විනාශ කිරීමට මහ පොළොව බලා ගමන් කරන බවත්, “අපගේ විශේෂය සුරුකීමට” මිනිසුන් සූදානම් විය යුතු බවත්ය.

පැයකටත් වඩා අඩු කාලයක් තුළ ලයික් 30,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති මේ වීඩියෝවේ, මේ ස්වයං-ප්‍රකාශිත කාල සංචාරකයා මෙසේ ලියා ඇත:

“අවධානය යොමන්න! ඔව්, මම සැබෑ කාල සංචාරකයෙක්, මම ඔබට කියන්නට යන්නේ ලෝකය අවසන් වන්නේ කෙසේද යන්නයි. “මාස 3කට අඩු කාලයකින්, ඔක්තෝබර් 3 වැනිදා, පිටසක්වල ජීවියකු පෘථිවියට පැමිණෙනු ඇත, ඔහු “The Vanguard” ලෙසින් හඳුන්වනු ලබන අතර, ඔහු දැනට The Distants ලෙස හඳුන්වන සතුරු පිටසක්වල ජීවී විශේෂ සමූහයක් විසින් හඹා යාමකට ලක්ව සිටියි. “Distants විසින් ආලෝක වර්ෂ 20 ක් ඈතින් පිහිටි The Vanguard ගේ නිවස විනාශ කර ඇති අතර ඉන් තවමත් ජීවතුන් අතර සිටින්නේ “The Vanguard” පමණි. ඔවුන් ඊළඟට පෘථිවියට පැමිණෙන්නේ එය විනාශ කිරීමටයි.

“Vanguard මුලින්ම පෘථිවියට ළඟා වනු ඇත, අපට අනතුරු ඇඟවීමට සහ මිනිසුන් 12,000 ක් ‘Kepler-186f’ නමැති වාසයට සුදුසු ග්‍රහලෝකයකට රැගෙන යාමටය. Distants හෙවත් දුරස්ථයන් පෘථිවිය අයිති කර ගන්නා අතර, එහි හිමිකාරිත්වයේ සලකුණක් ලෙස පිරමිඩ මෙහි තබා යයි. ඔවුන් එය ජීවය සහිත සෑම ග්‍රහලෝකයකටම සිදු කරයි”. සත්‍යයට වඩා මිත්‍යාවට බර වුවද මේ එළිදරව්ව හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් හටගෙන ඇති බව වාර්තා වේ.