Home Blog Page 235

වතුර බිල් කරදරේ ඉවරයි..! ආයේ වතුර බිල් එන්නේ නෑ.

2024 වසරේ ජනවාරි මාසයේ සිට ජල පාරිභෝගිකයන්ට හිමිවන මාසික ජල බිල්පත විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ සේවා හරහා ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එම සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙසයි ජල පාරිභෝගිකයින්ට ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ.

එමෙන්ම එළඹෙන ජනවාරි පළමු වනදා ජල පාරිභෝගිකයන් සඳහා ස්ථානීය ගාස්තු අඩු කිරීමේ විද්‍යුත් බිල්පත් සේවාවක් ද හඳුන්වා දීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා.

මේ අතර විදුලි ගාස්තුව ඇතුළු ජල පිරිපහදුවට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල අඩු වුවහොත් ඉදිරි මාස 06 තුළ ජාල ගාස්තු අඩුකළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ සඳහන් කළා.

විදුලි ගාස්තු නැවතත් ඉහලටද..? කොමිසමේ විශේෂ දැනුම්දීමක්.

විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද දෙරණ කළ විමසීමක දී පැවසුවේ, මාස 06කට වරක් ලෙස වසරකට අවස්ථා දෙකක දී පමණක් විදුලි ගාස්තු සංශෝධනය සිදුවන බවයි.

මේ වසරේ දී තෙවන වරටත් විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී අවධාරණය කළේය.

කෙසේවෙතත් මේ වසරේ යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.

“තෙත රෙදි දමන්න කම්බි වැට ලඟට ගියා..”25 හැවිරිදි මවට අත්වූ අවාසනාවන්ත ඉරණම මෙන්න.

වලස්මුල්ල විජේසිරිපුර ප්‍රදේශයේ, නිවසකට ඇද තිබූ විදුලි රැහැනකින් විදුලි සැර වැදීමෙන් 25 හැවිරිදි එක්දරු මවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.ඉහත වීඩියෝව තුලින් විස්තරය දැනගන්න.

දකුණට විදුලිය දෙන්න පෞද්ගලික තේ වත්තක් හරස් වෙයි.

පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා සමස්ත දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලිය දීමට නොහැකි වීමේ ගැටලුව විසඳීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුවට එළැඹ ඇත .

දකුණු පළාත ද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යාන්ත්‍රණයට සම්බන්ධ කිරීම සඳහා පොල්පිටිය සිට හම්බන්තොට දක්වා කිලෝවොට් 220 ක ධාරිතාවයක් ගෙන යා හැකි විදුලි රැහැන් ඇදීමට යෝජිත වී තිබේ.

ආසියා සංවර්ධන බැංකුවේ ණය ආධාර මත මෙම ව්‍යාපෘතිය ආරම්භ වුව ද එය ඉටු කිරීමට නොහැකිව ඇත්තේ පෞද්ගලික තේ වත්තක් මැදින් මීටර් 600 ක දුරක් සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට සිදු වීමත් ඊට වතු හිමිකරුගේ අනුමැතිය අවශ්‍ය වීමත් නිසා බව හෙලි වී තිබේ.

එම වත්තේ හිමිකරු විසින් අදාල ඉඩම උඩින් විදුලි රැහැන් ඇදීමට විශාල වන්දි මුදලක් ඉල්ලා සිටීමත් එම වන්දියේ වටිනාකම වරින් වර වෙනස් කිරීමත් නිසා මෙම ගැටලුව පැන නැගී ඇත.

එම පෞද්ගලික ඉඩම මතින් විදුලි රැහැන් ඇදීම වෙනුවෙන් රජයේ තක්සේරුව අනුව රුපියල් මිලියන 1.6ක් ගෙවීමට නිර්දේශ වී ඇතත් තේ වතු හිමිකරුවා මේ මුදල වෙනස් කරමින් මේ වන විට රුපියල් මිලියන 9.6 ක් ඉල්ලා සිටීම මත මෙම කටයුත්ත ප්‍රමාද වී තිබේ.

එම නිසා ස්වාධීන තක්සේරුකරුවකු වෙත මෙම තක්සේරුව ලබාදීමටත් එම කටයුතු සම්බන්ධීකරණය කොට ගැටළුව විසදීමටත් කමිටුවක් පත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව අදාල කමිටුව පත් කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇත.

විදුලි ගාස්තු ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය අවසර ඉල්ලයි.

හදිසි විදුලි ගාස්තු සංශෝධනයකට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පසුගිය මස 21 වැනි දින මහජන උපයෝගීතා කොමිෂන් සභාවට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට හා මුදල් අමාත්‍යාංශයට ලිපියක් ​යොමු කරමින් මෙම ඉල්ලීම කර තිබේ.

වාර්ෂිකව රුපියල් බිලියන තිස් තුනක ආදායමක් ලැබෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු වන්නේ නියඟය හේතුවෙනි. ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ලැබීම අවම වීම නිසා ඉන්ධන මගින් විදුලිය නිෂ්පාදනය කිරීම වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇත. මේ නිසා සිදුවන අමතර වැය බර උපයා ගැනීම සඳහා විදුලි ගාස්තු සංශෝධනයකට යා යුතු බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. මීට මාස දෙකකට පෙර විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කළද ගාස්තු සංශෝධනය නිසි පරිදි සිදු නොවූ බව මණ්ඩලයේ අදහස වී තිබේ. අධික නියඟය හේතුවෙන් විදුලි ඉල්ලුමද ගිගාවොට් පැය 44කින් ඉහළ ​ගොස් තිබේ.

එම නිසා විදුලි ගාස්තු සංශෝධනයක් හෝ වෙනත් සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙස මණ්ඩලය සිය ලිපියෙන් ඉල්ලා ඇත. එසේ නොමැති වුවහොත් හදිසි විදුලිය මිලදී ගැනීමකටද ලංකා විදුලි බල මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ.

එකවරම මාළු ලක්ෂ ගණනක් මැරෙයි.මේ මාළු කන්න එපා.!හේතුව මෙන්න.

මුලතිව් මල්ලාවි වැවේ මසුන් ලක්ෂ ගණනක් දැඩි අව් රශ්මිය නිසා මියගොස් ඇති අතර බොහෝ දෙනකු එම මසුන් එකතු කොට අලෙවි කිරීමට පටන් ගෙන තිබේ.වැඩි විස්තර පහත වීඩියෝව තුලින් නරඹා දැනගන්න..

සරාගී බව හැමෝටම පිහිටන්නේ නැහැ. ෂෙහානිගේ අලුත්ම කතාව එලියට.

මේ දවස්වල සල්ලි පොකුරු එක්ක වැඩකටයුතු කොහොමද ?

මම රංගනයෙන් සම්බන්ධවෙලා ඉන්න අලුත්ම ටෙලිනාට්‍යය තමයි සල්ලි පොකුරු කියන්නෙ. සද්දාමංගල සූරියබණ්ඩාරගේ තිරරචනයෙන් සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගෙ අධ්‍යක්ෂණයෙන් තමයි සල්ලි පොකුරු නිර්මාණය වෙන්නෙ.

චණ්ඩි චරිතයක්ද රඟපාන්නෙ ?

ඔව්. මගේ චරිතයේ නම මිශී. ටිකක් කටකාර රණ්ඩුවට බර චරිතයක් තමයි මිශී කියන්නෙ.

සැබෑ ජීවිතයේදිත් රණ්ඩුවට බරයිද ?

අනේ නැහැ. මම පාඩුවෙ අහිංසක විදිහට ජීවත්වෙන ගෑනු ළමයෙක්. හැබැයි මට වැරැද්දක් කරන්න ආවොත් කේන්තියන වෙලාවල් තියනවා.

කොණ්ඩෙ ක්‍රේල්කරේ සල්ලි පොකුරුවලටද ?

නැහැ. ගොඩක්දෙනෙක් හිතාගෙන ඉන්නවා මම සල්ලි පොකුරුවලට කොණ්ඩෙ ක්‍රේල් කරලා කියලා. ඇත්තටම මේ මගේ ස්වභාවික කොණ්ඩය. ක්‍රේල් විදිහට තමයි මගේ කොණ්ඩය පිහිටලා තියෙන්නෙ.කාලෙකට පස්සෙ නේද ටෙලිනාට්‍යයක රඟපාන්නෙ ?

ඔව්. අවුරුදු එකහාමාරකට විතර පස්සෙ තමයි මම රඟපාන ටෙලි නාට්‍යයක් විකාශය වෙන්නෙ. අන්තිමට මම රඟපෑවෙත් සද්දාමංගල සූරියබණ්ඩාර තිරරචනය කරපු ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරපු පාර වසා ඇත ටෙලිනාට්‍යයේ.

ක්ෂේත්‍රය තුළ කැපිලි කෙටිලි තියන නිසාද වැඩිය පේන්න නැත්තෙ ?

නැහැ. මට කැපිලි කෙටිලිවත් ඊර්ෂ්‍යාකාරයොවත් නැහැ. නිර්මාණවලින් ආරාධනා ලැබෙනවා. හැබැයි මම ඒ හැම නිර්මාණයක්ම භාරගන්නෙ නැහැ. මගේ හැකියාවන් හොඳට ඉදිරිපත්කරන්න පුළුවන් නිර්මාණ විතරයි මම භාරගන්නෙ. පහුගියකාලෙදි මම හොඳ ටෙලිනාට්‍යය කිහිපයක් භාර අරගෙන රඟපෑම් කටයුතුකළා. ඉදිරියෙදි ඒ ටෙලිනාට්‍යය විකාශය වෙයි.

ඊර්ෂ්‍යාකාරයො නැහැ කිව්වට ව්‍යාජ ඡායාරූප යොදාගෙන සමාජ මාධ්‍යවලින් මඩ ප්‍රහාර එල්ලකරනවා නේද ?

මගේ හැඩරුවට සමාන විදිහට සංස්කරණයකරලා හදපු නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරලා තිබුණා. ඇත්තටම ඒ දේවල් අපිට පාලනය කරන්න බැහැ. තමන්ගෙ සතුට වෙනුවෙන් හෝ පේජ් ජනප්‍රියකරගන්න හෝ මගේ ඡායාරූප සංස්කරණය කරලා ප්‍රසිද්ධ කරන්න ඇති. කලා ක්ෂේත්‍රයේ කටයුතු කරනකොට ඔහොම දේවල්වලට මුහුණ දෙන්නවෙනවා. හැබැයි මම ඒවයින් කවදාවත් මානසිකව වැටුනෙවත් යන ගමන නැවැත්තුවෙවත් නැහැ.

දැන් සිංදු කියන්නත් පටන් අරගෙන නේද ?

ඔව්. මේ වෙද්දි මම ගායන ක්ෂේත්‍රයේ ගායිකාවක් විදිහට කටයුතු කරනවා. උන්මාදෙන් තමයි මගේ අලුත්ම ගීතය. ඇත්තටම ඒ ගීතය මම නිර්මාණය කරන්න හිතුවෙ 2021දි. නමුත් කාර්යබහුලත්වය නිසා 2023 දී තමයි ගීතය නිර්මාණයකරලා එළිදක්වන්න අවස්ථාව ලැබුණෙ.

වැඩිය පේන්න නැතිවුණාට ජනප්‍රියත්වයනම් අඩුවක් නැහැ නේද ?

ඒක ඇත්තටම හරි පුදුම දෙයක්. කලා ක්ෂේත්‍රයේ ඉන්න සමහර නළුනිළියන්ගෙ ජනප්‍රියත්වය කාලෙකදි වැඩිවෙනවා තවත් කාලෙකදි අඩුවෙනවා. හැබැයි මම ක්ෂේත්‍රයට ආපු දා ඉඳලා ජනප්‍රියත්වය දවසින් දවස ඉහළගියා මිසක පොඩ්ඩක්වත් අඩුවුණේ නැහැ.

පිරිමි ළමයින්ගෙන් වැඩි ආකර්ශනයක් තියනවා නේද ?

ඔව්. ⁣පිරිමි ළමයින්ගෙන් ගොඩක් ලොකු ආකර්ශනයක් වගේම ආදරයක් මට ලැබෙනවා. ඉතින් ඒ ආදරේට මාත් ආදරෙයි. හැමදාම මගෙත් එක්ක ඉන්න කියලා ඒ අයට මම ආරාධනා කරනවා.

ඒ අය අතරින් හිතගිය කෙනෙක් නැද්ද ?

හිතගිය කෙනෙක් ඉන්නවා හැබැයි දැන්මම ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න මට අදහසක් නැහැ. දැන් ආදරය කරන්න පටන්ගත්තොත් මගේ කලා කටයුතුවලට බාධාවෙනවා. කවුරුත් වැඩිය නොදන්වාවුනාට රඟපානවට, සිංදු කියනවට අමතරව මම තවත් කලාකටයුතුවල නිරතවෙනවා. ඒ නිසා තව ටිකක් මගේ වෘත්තීය ජීවිතයෙන් ඉස්සරහට ගිහින් ආදරයක් ගැන හිතනවා.

මොනවද ඒ වැඩිය කවුරුත් දන්නෙ නැති කලා කටයුතු ?

මම නර්තනශිල්පිනයක් විදිහට කටයුතුකරනවා. ඒ වගේම චිත්‍රශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. පුංචිකාලෙ ඉඳලා මේ සියලුම කලා හැකියාවන් තිබුණා. හැබැයි දැන් තමයි මම ඒ දේවල් හරියට අඳුරගෙන වෘත්තීය මට්ටමින් අත්හදාබලන්නෙ.

විලාසිතාවලට ගොඩක් කැමතියි නේද ?

ඔව්. මම හරි ආසයි වෙනස් විදිහෙ විලාසිතා කරන්න. ලෝකෙ අනිත් රටවල විලාසිතා මොනවිදිහෙ ඒවද කරන්නෙ කියලා බලලා ම⁣ට ගැළපෙන විදිහට මාව ලස්සනට පේනවිදිහෙ වෙනස් විලාසිතා මම කරනවා.

විලාසිතාවලට සමාජයෙන් එල්ලවන විවේචනවලට මුහුණ දෙන්නෙ කොහොමද ?

සමාජයෙන් එල්ලවන විවේචන මම බැහැර කරනවා. මම කරන විලාසිතා මට ලස්සනයිනම් ඒක සමාජයට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. ඒ නිසා සමාජය කියන දේවල් මම ගණන්ගන්නෙ නැහැ.

ඇඟ ලස්සනට තියාගෙන ඉන්නෙ කොහොමද ?

මට තියෙන්නෙ ස්වභාවිකව හැඳුණ සිහින් ඇඟක් මිසක කෘතිම දේවල් කරලා හදාගත්ත ඇඟක් නෙමෙයි. නැටුම් තමයි ව්‍යායාමයක් විදිහට කරන්නෙ. ඒ ඇරෙන්න ලස්සන වෙන්න කියලා විශේෂ දෙයක් කරන්නෙ නැහැ.

පෙනුම නිසා ගොඩක්දෙනා අතර සරාගී රංගනශිල්පිනියක් විදිහට ප්‍රසිද්ධවෙලා තිබීම ගැන මොකද හිතන්නෙ ?

සරාගීකම හැමෝටම පිහිටන්නෙ නැහැ. ඉතින් ඒ විදිහෙ දුර්ලබ ලස්සනක් සහ ආකර්ශනයක් මට තියනඑක ගැන සතුටුවෙනවා.

පෙනුමට ගැළපෙන සරාගී චරිතයක් ලැබුණොත් රඟපානවද ?

මගේ ප්‍රතිරූපයට හානිවෙන්නෙ නැති යම්කිසි සීමාවක ඉඳගෙන කරන්න පුළුවන් තත්ත්වයෙන් උසස් නිර්මාණයක අඩනිරුවත් හෝ සිපගැනීම් දර්ශන තියන සරාගී චරිතයක් ලැබුණොත් මම රඟපානවා.