Home Blog Page 237

මිහින්තලේ විදුලි බිල සජිත් ගෙවයි..!

ඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලි කප්පාදුවක් සිදු වූ බවත් බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක් වැනි මිහින්තලා පුදබිමට රජය සිදු කළ මේ නින්දිත දුර්දාන්ත ක්‍රියාව තරයේ හෙළා දකින බවත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති මොහොතක එම උත්තරීතර නීතිය පවා උල්ලංඝනය කරමින් රජය සිදු කළ මෙම පහත ක්‍රියාව තරයේ හෙලා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයත් සමගි බෞද්ධ උපදේශන කමිටුවත් එකට එකතු වී මේ පිරිවැය ගරු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද උපදෙස් මත දැරීමට තීරණය කළ බවත් රජය විසින් සිදු කළ මේ ක්‍රියාව පරාජය කළ යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපති අරමුදලින් හෝ බුද්ධසාසන අරමුදලින් මේ මුදල් පියවීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියේය.

මෙරට ගොඩගන්න නම් ව්‍යවසායකත්වට මුල්තැන දිය යුතු බවත් වෙළෙඳපොළ බලවේග හරහා නිර්මාණය වන ප්‍රාග්ධන සම්පත අවහිරයකින් බාධාවකින් තොරව නිදහස් වෙළෙඳපොළ ආර්ථික බලවේග තුළ නිර්මාණය විය යුතු බවත් ඒ සදහා මානුෂීය ධනවාදී ප්‍රතිපත්තිය හෙවත් මැද මාවත හරහා ඉඩකඩ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මානුෂීය ධනවාදය තුළ වෙළෙඳපොළ බලවේග සදහා ධන උත්පාදනයට අවස්ථාව ලබා දෙනවා සේම මෙහි දී ඇති වන විෂමතා බෙදීම් මගහරවා ගෙන දුකට පත් අයත් ශක්තිමත් කර වැඩ කරන ජනතාවට සාධාරණ නීති රාමුවක් තුළ සේවය කළ හැකි සේවක සුරක්ෂිතභාවය මෙන් ම තමන්ගේ මහන්සියට නිසි වේතනයක් ලැබිය යුතු බවත් ඒ සදහා කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

නිදහස් වෙළෙඳපොළ බලවේගවලට පමණක් මෙරට කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ වගකීම ලබා දිය නොහැකි බවත් මෙකී මැදමාවත තුළ නිදහස් පෞද්ගලික ව්‍යවසායකත්වයට උපරිම තැන ලබා දී ප්‍රග්ධන උත්පාදනය කළ හැකි බවත් පැවසීය. ආණ්ඩුවලට තනිවම ව්‍යාපාර කළ නොහැකි බැවින් ඒ සඳහා පෞද්ගලික ව්‍යවසාය යොදා ගත හැකි බවත් එසේ උත්පාදනය කරන ධනය සැමට සාධාරණව සමානව බෙදිය හැකි ලෙස භාවිත කළ යුතු බවත් එය සමගි ජන බලවේගයේ එකම අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අන්ත සමාජවාදය තුළවත් අන්ත කොමියුනිස්ට් වාදය තුළවත් රටක් සෞභාග්‍ය කරා ගෙන යා නොහැකි බවත් එය මිත්‍යාවක් බවත් පෞද්ගලික ව්‍යවසායකත්වය සහ මානුෂීය ධනවාදය රටක ධන උත්පාදනයට අත්‍යාවශ්‍ය බවත් එසේ නිපදවන ධනය ඇති හැකි අයට මෙන්ම නැති බැරි අයටත් සමසේ බෙදිය හැකි මානුෂීය ධනවාදී ක්‍රමය වඩාත් සාර්ථක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමගි සේවක සංගමයේ අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි. දේශපාලන පක්ෂයකට අයත් වෘත්තීය සමිතියක සමාජ සුබසාධන වැඩසටහනක් ප්‍රථම වතාවට ක්‍රියාත්මක වීමක් ලෙස මෙය හැදින්විය හැකි යි.

මෙරට සමහර කම්කරුවා රකින නීති රීති සහමුලින්ම විනාශ කරන යුගයක් උදා වි ඇති මේ මොහොතේ කම්කරුවාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් එහි එක් වැඩසටහනක් ලෙස වැඩ කරන ජනතාවගේ සුබසාධනය උදෙසා මෙම ඓතිහාසික වැඩපිලිවෙළ ආරම්භ කරන බවත් මේ තුළින් මෙරට වැඩ කරන ජනතාව වෙනුවෙන් කට වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද කටයුතු කරන්නේ සමගි ජන බලවේගය බව ඔප්පු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අමාරුවේ වැටුණ රට ගොඩගන්නවා කියන රටේ ජල ගාස්තුව පවා වැඩි කර ඇති බවත් මේ රටේ ජනතාව යම් කිසි ප්‍රේඩාවකින් රවටා මෙසේ ජල බිල සියයට 50කින් වැඩි කිරීම ජන පීඩක අත්තනෝමතික ක්‍රියාවක් ලෙසත් මෙසේ ජනතාවගේ කරපිට බර පටවා රට ගොඩ ගත හැක්කේ කෙසේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හෙට අනිද්දා දින ගෑස් මිලත් වැඩි වූ පසු ජනතාව කබලෙන් ලිපට වැටෙන බවත් රජයට ජනතාව ගැන කිසිදු හැගීමක් නොමැති බවත් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා රජය උල්ලංඝනය කර ඇති බවත් මෙය ජනතා විරෝධී ජන ඝාතක ආණ්ඩුවක් ද කියා සැකයක් මතුවන බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙසේ වැඩිකල ජල බිල අඩුකළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

ලිට්‍රෝ ගෑස් සභාපතිගෙන් රටටම සුබ ආරංචියක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.වැඩිදුරටත් ඒ මහතා කල ප්‍රකාශය පහතින් නරඹන්න.

ලිට්‍රෝ ගෑස් සභාපතිගෙන් රටටම සුබ ආරංචියක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.වැඩිදුරටත් ඒ මහතා කල ප්‍රකාශය පහතින් නරඹන්න.

පිළිකාකාරක පැණි රසකාරකයක් වෙළදපොලට – හදුනාගන්න හැටි දැනුම් දෙයි.

ශ්‍රි ලංකාවේද භාවිත කරන පැණිරස කාරකයක් වන ඊ – 951 දරන ඇස්පාටේම් පිළිකාකාරකයක් බවට ලෝක සෞඛය සංවිධානය මගින් තහවුරු කරගෙන ඇතැයි ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විධායක සභික රෝෂන් කුමාර මහතා පවසයි.

එම පැණි රස කාරකය අඩංගු ආහාර මේ වනවිට මෙරට වෙළදපොළේ බහුලව තිබෙන බව ඔහු කියා සිටී.
කොළ පැහැති වර්ණයෙන් යුත් පැණි බිම වර්ග බොහෝමයක අඩු සිනී සහිත පැණි රස නිෂ්පාදනයවල මෙම රසකාරකය අඩංගු බව ද ඔහු කියා සිටී.

විදේශ රටවලින් ආනයනය කරන චොක්ලට් වර්ග,ලොලිපොප් හා වෙනත් රස ආහාරවල ද මෙම රසකාරකය අඩංගු බව ඔහු කියා සිටී.

මෙම රසකාරකය භාවිතය තහනම් කිරිමට සෞඛ්‍ය බළධාරීන් වගබලාගත යුතු බව ද හෙතෙම සදහන් කර සිටී.

ලිට්රෝ සමාගමෙන් මෙවරත් ජනතාවට රුපියල් 470ක සහනයක්.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. කෙසේවෙතත් මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.

මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මීට පෙර පවසා තිබුණි. කෙසේ නමුත් නොවෙනස් වූ මිල පිළිබඳව සභාපති මුදිත පීරිස්ගේ මාධ්‍ය නිවේදනය පහතින්..

විශ්වවිද්‍යාලයක් උණුසුම් වෙයි. සරසවි සිසුවියක් සැකසහිත ලෙස අවසන් ගමනේ.

සැකසහිත ලෙස මියගිය 22 හැවිරිදි සරසවි සිසුවියකගේ මළසිරුරක් හමුවී තිබේ.

ඇය නවාතැන් ගෙන සිටි නවාතැන්පොලේ කාමරයක් තුළ තිබී ඊයේ (03) පස්වරුවේ සිරුර සොයාගෙන ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ ඇය යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලද සිසුවියක් බවය.

පොලීසිය පැවසුවේ ඇය නවාතැන් ගෙන ඇත්තේ යාපනය, කලඩ්ඩිප් ප්‍රදේශයේ බවත් ඇය මන්නාරම ප්‍රදේශයේ ස්ථීර පදිංචිකාරිනියක් බවත්ය.

ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටීම හේතුවෙන් එම තරුණිය සියදිවි නසාගෙන ඇති බවට ආරංචියක් පැතිර යන බවය.

මියගිය සිසුවියගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

වෛද්‍යවරයෙකු කරගත් අහස පොලොව නුහුලන අපරා#ධය.

මොණරාගල දිස්ත්‍රික් රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකු ගෙළවැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වැලියාය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේදී ඊයේ මෙම සියදිවි හානි කර ගැනීම සිදුකරගෙන ඇති බවයි.

මියයෑමට පෙර, 42 හැවිරිදි මෙම වෛද්‍යවරයා තමාගේ මරණය සම්බන්ධයෙන් කිසිවකු සැක නොකරන ලෙසට ලියන ලද ලිපියක්ද සොයාගැනුනා.

පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදු කර ඇති අතර එහිදී මෙය ගෙළවැළලාගෙන සිදුකරගත් සියදිවි හානිකර ගැනීමක් බව සනාථ වී තිබෙනවා.

විදුලි කප්පාදුව අනිවාර්යයි..! තෙල්වලින් දුවන්න සල්ලි නෑ..

ඇති වී තිබෙන දැඩි වියළි කාලගුණය හේතුවෙන් ඉතා නුදුරේදීම නැවතත් විදුලි කප්පාදුවක් ප්‍රකාශයට පත් කිරීම සිදු වන බව ලංකා විදුලිබලමණ්ඩල බලධාරීන් කියා සිටිති.
සමනල වැව ජලාශයෙන් ගොවිතැන් කටයුතු සඳහා ජලය මුදා හැරීමෙන් දකුණු පළාතට දිනකට පැය හතරක් විදුලිය කපා හැරීමට සිදුවන බව විෂය භාර අමාත්‍යවරයා දැනටමත් ප්‍රකාශකර ඇත්තේ ජල විදුලි නිෂ්පාදනය දිනෙන් දින අඩු වෙමින් තිබෙන නිසා බවද ඔවුන් පෙන්වා දෙති.
මේ වන විටත් පුද්ගලික බලාගාරවලින් ඇතුළු අනෙක් තාප බලාගාරවලින් විදුලිය ලබා ගනිමින් පැය 24 පුරා අඛණ්ඩ විදුලියක් ලබා දෙමින් සිටියද ඉන්ධන මඟින් විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමෙන් මෙම වසරේ මණ්ඩලයේ පාඩුව කෝටි 500 සීමාව ඉක්මවා යනු ඇති බවද ඒ හේතුවෙන් පවතින නියං තත්ත්වය මත විදුලිය කපා හැරීම මත වෙනත් විකල්පයක් නැති බවත් ඔවුන් අවධාරණය කරති.

කඩුවෙල තරුණයා ඝා,තනය කලේ මෙන්න මේ හේතුව නිසා..”නිවසින් දැවැන්ත සාක්ෂියක්..”

කඩුවෙල වැවපාරේ ලඳු කැලෑවක තිබී පසුගිය 02 උදෑසන කැ,පුම් තුවාල සහිත නාඳුනන මළ සි,රුරක් පොලිසිය විසින් සොයාගනු ලැබුවා..එම සිරුරේ වැදගත් සාක්ෂියක් මේ වන විට සොයාගෙන තියෙනවා..

කඩුවෙල තරුණයා ඝා,තනය කලේ මෙන්න මේ හේතුව නිසා..”නිවසින් දැවැන්ත සාක්ෂියක්..”

කඩුවෙල වැවපාරේ ලඳු කැලෑවක තිබී පසුගිය 02 උදෑසන කැ,පුම් තුවාල සහිත නාඳුනන මළ සි,රුරක් පොලිසිය විසින් සොයාගනු ලැබුවා..එම සිරුරේ වැදගත් සාක්ෂියක් මේ වන විට සොයාගෙන තියෙනවා..