Home Blog Page 238

මෙරට ආහාර වර්ග 07ක් ගැන විශේෂ වාර්තාවක්.

මෙරට ආහාර වර්ග 07ක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙහෙයවීමෙන් සකස් කළ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාරදී තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වත් මණ්ඩලයක් විසින් සකස් කරන ලද මෙම වාර්තාව දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය.

මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා විසින් අදාළ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයාට භාරදී ඇති අතර එම අධ්‍යයනයට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුවන ආහාර අපතේ යෑම රටේ ජාතික වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාම කෙරෙහි බලපාන ආකාරය පැහැදිලි කර තිබේ.

මේ අතර නියං සමය හේතුවෙන් පීඩාවිඳින කලාපවල ගොවීන්ට අවශ්‍ය අවම ජල ප්‍රමාණයක් හෝ මුදාහැරීමට බලධාරීන් පියවර ගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ කෘෂි භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පැවසීය.

ඔහු පෙන්වාදෙන්නේ මෙරට කෘෂිකර්මාන්තය ප්‍රතිසාධන අවධියක පවතින බැවින් මෙම ගැටලුවට බලධාරීන් කඩිනම් පියවර ගැනීම ඉතා වැදගත් බවය.

ගෑස් මිල අඩුවෙයිද..? වැඩි වෙයිද..? මෙන්න අද විස්තරේ..

ලිට්‍රෝ ගෑස් මිල අද (04) දිනයේ සංශෝධනය කිරීමට නියමිතව තිබේ.

මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

කෙසේවෙතත් මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.

එම තත්ත්වයන් සලකා බලා ගෑස් මිල සංශෝධනය සිදුවන ආකාරය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පසුගිය මස සිදුවූ මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204කින්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37කින් පහත දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගනු ලැබීය.

සෞඛ්‍යයේ තවත් දැවැන්ත ජාවාරමක් එළිපිට හෙළිකරයි.

සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ සිදුවූ දැවැන්ත වංචාවක් පිළිබඳව වෛද්‍ය චමල් සංජීව විශේෂ හෙළිදරව්වක් කර සිටියා..ලිපි ගොනු සහ චෙක් පත් වල පිටපත් පෙන්වමින් මාධ්‍ය ඉදිරියේ කල විශේෂ අනාවරණය මෙන්න.

ජාතික ගීය ගායනා කරමින් දැඩි කතා බහට ලක්වූ උමාරා ගැන තීරණයක් ගනී..?

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් අද (02) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගොස් තිබෙනවා.

පාරේ ඉන්න එපා යටකරලා දානවා – පොලීසියට පාට් දාන බස් චන්ඩි.

වැලිකඩ පොලීසියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට මරණ තර්ජනය කළ පුද්ගලයෙකු වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත බස්රථ හිමිකරුවෙක් බව පොලිසිය පවසයි.

තමාගේ බස් රථයට දඩකොලයක් ලබාදීම නිසා උරණ වූ මෙම පුද්ගලයා මෙලෙස මරණ තර්ජනය සිදු කර තිබෙන බව පොලිසිය වැඩිදුරටත් පවසනවා අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝ පටයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය හුවමාරු වෙමින් පවතිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ වැලිකඩ පොලීසිය විසින් සැකකාර බස් රථ රියදුරා මහරගම නීලම්මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

වීඩියෝ උපුටා ගැනීම අද දෙරණ නිවුස්.

නව උපාධිධාරීන් 5,450ක් ගුරු සේවයට.

උපාධිධාරීන් 5,450ක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා සඳහා පළාත් නමයට අදාළ ව මෙම ගුරුවරුන් බඳවා ගැනෙන අතර පළාත් මගින් එම බඳවාගැනීම් ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවත් ජාතික පාසල් සඳහා ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් බඳවාගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර තිබෙනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින්.

මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ඉදිරියේ දී සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ යෝජනාව ද සංකල්ප පත්‍රිකාවක් වශයෙන් ඉදිරිපත් කර ඇති බවයි.

තවද 2024 වර්ෂයේදීත් පාසල් නිල ඇඳුම් හා පෙළපොත් නියමිත දිනයන්හි දී සිසුන් අත‍ට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙරට වාහන මිල දැවැන්ත ලෙස කඩා වැටෙයි.

පසුගිය කාලය පුරාවට වාහන මිල ගණන් පිළිබදව ජනතාව තුළ දැඩි කතාබහක් තිබූ නමුත් මේ වන විට එය කතාබහෙන් තරමක් දුරට ඈත්ව තිබෙනවා.

වාහන සිහිනය සැබෑ කර ගැනීමට කැමති අයට නම් මේ වසර තරමක් දුරට සුබදායි වසර කියන්නට පුළුවන් බව වාහන අලෙවිකරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ අනෙකුත් විවිධ කාරණා පසෙක තබා භාවිතා කරන ලද වාහනයක මිල බැලුවහොත් තරමක් දුරට අඩුවී ඇති බවයි.

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 60යි
පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි විසිහය ලක්ෂයයි
පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – කෝටි එකහමාර ඉක්මවයි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 51යි
පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60 ඉක්මවයි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 45යි
පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80 ඉක්මවයි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 40 යි
පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 60 ඉක්මවයි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 70යි
පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 85 ඉක්මවයි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – ලක්ෂ 85යි
පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – කෝටිය ඉක්මවයි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 37යි
පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 45 ඉක්මවයි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 24යි
පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 34 ඉක්මවයි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 30යි
පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45 ඉක්මවයි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 21යි
පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 25 ඉක්මවයි

මෙරටට බාල ඖෂධ ගෙන්වීම යට දේශපාලනඥයෙකු ගෑවුණු සමාගමක් බව අනාවරණය වෙයි.

මෙරට ඖෂධ සැපයුම් කරුවන් අතුරින් තත්ත්වයෙන් අසමත් වැඩිම ඖෂධ ප්‍රමාණයක් පසුගිය වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයා ඇත්තේ විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ බෑණාට අයත් සමාගමකින් බව මේ වනවිට අනාවරණය වෙමින් පවතී.

ඒ අනුව පසුගිය වකවානුවේ සැපයුම් කරන ලද ඖෂධවලින් 10% -24% ප්‍රමාණයක් තත්වයෙන් අසමත් බව තහවුරු වී ඇත.

මෙම සමාගම පසුගිය වකවානුවේ සපයන ලද ඖෂධවලින් සැලකිය යුතු ප්‍රමාණයක් තත්ත්වයෙන් අසමත් ඖෂධය.

2015-2022 වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යංශයට ඔවුන් විසින් සපයන ලද ඖෂධ පිළිබඳ සොයා බැලීමේදී මේ බව තහවුරු වේ.

වර්ෂය – සැපයුම් -තත්ත්ව -අසමත්වීම

2015 70 7 – 10.0%
2016 69 8 11.5%
2017 96 6 6.20%
2018 86 13 15.1%
2019 99 14 14.1%
2020 80 19 23.7%
2021 120 23 19.1%
2022 86 10 11.6%

මෙම දැවැන්ත බලවේගය අසමත් වූ ඖෂධ සැපයුම් සමාගමද යන්න බරපතළ ගැටලුවක් වී පවතින අතර තවත් පැත්තකින් සිය ඥාති සමාගමේ ඖෂධ වෙනුවෙන් අනිසි බලපෑමක් සෞඛ්‍ය බලධාරීන්ට කිරීමේ ඩීල් ව්‍යාපෘතියක ඔහු නියැළෙන්නේද බරපතළ පිළිබඳව සැකයක් මතුවේ.

උපුටා ගැනීම – නෙත් නිව්ස්