Home Blog Page 239

ඡන්දදායකයන්ගේ ඉල්ලීම් ඉටු නොකළාටමන්ත්‍රී තමන්ටම සෙරෙප්පුවෙන් ගසා ගනියි.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නාගරික මන්ත්‍රිවරයකු තමන්ට සිය ඡන්දදායකයන්ගේ ඉල්ලීම් ඉටුකර දීමට නොහැකිවීම ගැන තැවෙමින් තමාටම සෙරෙප්පුවෙන් ගසාගෙන ඇත.

මුලපති රාමරාජු නම් මේ මන්ත්‍රිවරයා සිය නගර සභා රැස්වීමේදී තමන් මුහුණට වේගයෙන් සෙරෙප්පුවෙන් ගසන දර්ශන එරට මාධ්‍ය ජාලාවල සංසරණය වේ.

තමා නාගරික මන්ත්‍රිවරයකු ලෙස පත්වී මාස 31 ක් ගතවී ඇතත් සිය ඡන්දදායකයින් මුහුණ දෙන විදුලි ප්‍රශ්න, මාර්ග පිළිබඳව ඇති ප්‍රශ්න කානු මෙන්ම සනීපාරක්‍ෂක ප්‍රශ්න කිසිවක් විසඳීමට නොහැකි වු බව කියමින් ඔහු මුහුණට වේගයෙන් සෙරෙප්පුවෙන් ගසාගෙන තිබේ.

චතුර පමුණුව

වේයන්ගොඩ පුතෙක් පොහොය දිනයේම වැදූ මව එපා කියයි.

වැදූ මව ප්‍රතික්ෂේප කළ පුතෙකු පිළිබඳව ඊයේ (01දා) ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ දී වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි වයෝවෘද්ධ මවට දියණියක සහ පුතකු සිටින අතර ඔවුහු දෙදෙනාම මේ වනවිට විවාහ වී වෙනම ජීවත් වෙති.

වයෝවෘද්ධ මවගේ සැමියා මීට වසර ගණනාවකට පෙර මියගොස් ඇති අතර අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි සිය දියණියගේ රැකවරණය යටතේ වයෝවෘද්ධ මව වසර ගණනාවක් කල්ගෙවා ඇත. නමුත් දියණිය මෙන්ම දියණියගේ සැමියාද අසනීප වීම නිසා මීට මාස තුනකට පෙර වේයන්ගොඩ තල්ගස්කොටේ ප්‍රදේශයේ පදිංචිව සිටින සිය පුතා ළඟට පැමිණ ඇත්තේ පුතාගේ රැකවරණය බලාපොරොත්තුවෙනි.

නමුත් එදා සිට ලේලියගේ සහ පුතාගේ කෙණෙහිළිකම් මැද හැඬූ කඳුළින් දිවි ගෙවූ මෙම වයෝවෘද්ධ මාතාව යම් පිහිටක් පතා වේයන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණ ඇත. සිද්ධිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වේයන්ගොඩ පොලිසිය විසින් වයෝවෘද්ධ මවගේ පුත්‍රයා පොලිස් ස්ථානයට කැඳවා විමර්ශන සිදු කළහ. එහිදී දිගින් දිගටම මෙම පාපතර පුත්‍රයා පවසා ඇත්තේ මව භාර භාර ගැනීමට නොහැකි බවත් මින් ඉදිරියට මව සමග කිසිදු ඥාතිත්වයක් නොපවත්වන බවත්ය. වේයන්ගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා විසින් මවකගේ ඇති වටිනාකම පිළිබඳව පුත්‍රයාට කොතෙකුත් පැහැදිලි කිරීම් කළත් ඉන් පලක් නොවීය. අවසානයේ වයෝවෘද්ධ මව ඇගේ නැගණියගේ පුත්‍රයා විසින් භාර ගෙන ඇත.

LPL ක්‍රීඩකයින්ට බද්දක්. දේශීය 15% යි. විදෙස් ක්‍රීඩකයින්ට 20% ක්.

ලංකා ප්‍රීමීයර් ලීග් (LPL) තරඟාවලියට එක් වන දෙස් විදෙස් ක්‍රීඩකයින් සිය තරඟ ආදායමෙන් බද්දක් ගෙවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ එහිදී අවම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් සියයට 20ක හා දේශීය ක්‍රීඩකයින් සියයට 15 ක බද්දක් ගෙවිය යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,

මේ රටේ ක්‍රීඩා පනතට අනුව ඔ්නෑම ක්‍රීඩා තරඟාවලියක් පවත්වද්දී ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගන්න ඔ්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවත්, එල් පී එල් සංවිධානයවත් ඒ සඳහා අනුමැතිය අරගෙන නැහැ.

මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම සෑම ක්‍රීඩකයෙක්ම ලැබෙන මුදලින්, විදේශීය ක්‍රීඩකයෝ අවමය මම අපේක්ෂා කරනවා සියයට 20 ක බද්දක් ගෙවන්න ඔ්නේ. දේශීය ක්‍රීඩකයෝ සියයට 15ක බද්දක් ගෙවන්න ඕනේ.

ජනපතිගෙන් ගැසට් නිවේදනයක්…!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ශීර්ෂය යටතට ගෙන ඇති බවය.

සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් මීට පෙර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශීර්ෂය යටතේ පැවතියේය.

එසේම ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මීට පෙර පැවතියේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය යටතේය.

එම ගැසට් නිවේදනය පහතින්,

උදේම අහන්න ලැබුන දුක්බර කතාවක්.අනේ අපොයි. තවත් දරුවෙකුට වෙච්ච දෙයක්.

නොච්චියාගම පොලිස් වසමේ කලාඔයේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (01) සවස දරුවා දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 12ක සාලියවැව ප්‍රදේශයේ පාසල් සිසුවෙකි.

මියගිය දරුවා මිතුරන් කිහිපදෙනෙකු සමග කලාඔය ආසන්නයේ දේවස්ථානයකට යන බව දෙමාපියන්ට දන්වා නිවසින් පිටව ගොස් ඇත.

පසුව කලාඔයේ දියනෑමට ගොස් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

පැය 04ක විදුලි කප්පාදුවක් කරන්න යයි – දිස්ත්‍රික් 05ට රතු එළි.

සමනලවැව ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය මුදා හැරීමට ආරම්භ කළහොත් එදින පටන් දිස්ත්‍රික්ක පහක (05) පැය හතරක පමණ විදුලි කප්පාදුවක් ආරම්භ කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර සිටිනවා.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ, ගොවිතැනට ජලය නිකුත් කිරීමට හැකි වන්නේ ද දින හතරකට පහකට පමණක් බවයි.

එසේ කලහොත් ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙසේ පැය 4 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව, විදුලි කප්පාදුවකින් තොරව නිකුත් කළ හැකි උපරිමය ජල ප්‍රමාණය නිකුත් කරමින් ඉදිරියට යාමට තීන්දුවක් ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

ඒ මහතා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින්.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ, පැයක දෙකක විදුලි කප්පාදුව දරාගනිමින් ගොවිතැන සඳහා අවශ්‍ය ජලය නිකුත් කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කාරණාවක් බවයි.

එසේ නොකළහොත් ඉදිරියේදී රට තුල ආහාර හිගයක් ඇති වනු ඇති බවයි අමරවීර මහතා කියා සිටියේ.

දොස්තරලාගේ පඩියත් ඉහල නගී.

වෛද්‍යවරුන් සඳහා ලබාදෙන වැටුපට අමතරව වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබේ.

ඉදිරි අයවැයෙන් මෙම වැටුප් වර්ධකය ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍යවරුන් රට හැර යාමට පෙළඹී ඇති බවත් මෙයට විසඳුමක් ගැනීමට රජය කටයුතු නොලහොත් වෛද්‍ය හිගයක් ඇති විය හැකි බවත් ඔහු පැවසීය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමෙන් පසු ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.

ජීවිත16ක් අහිමි කරමින් අධිවේගී මාර්ගයක දැවැන්ත දොඹකරයක් කඩා වැටෙයි.

ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ඉදිකිරීම් අතරතුර දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රිමියර් ලීග් උළෙලේ ජාතික ගීය කියූ උමාරාට වැඩ වරදින ලකුණු.?

ශ්‍රී ලංකා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා..

නිවේදනයක් නිකුත් කරමින් එහි ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක මේ බවා පැවසුවා..