Home Blog Page 244

මාස දෙකක් තුළ ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කරන්න සාකච්ඡා.

ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මේ අතර ඊයේ දවස වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 101 ක් ඔක්ටේන් 92 පෙට්‍රල් අවම තොග පවත්වාගෙන යාමට අපොහොසත්ව ඇති අතර පිරවුම්හල් 61 ක් ලංකා ඔටෝ ඩීසල් අවම තොග පවත්වාගෙන යාමට පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇතැයි අමාත්‍යවරයා අනාවරණ කළේය.

ජනතාවට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග තෙල් සංස්ථාව සතු බැවින්, නිසි පරිදි අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මාතර පැවති බලමණ්ඩල රැස්වීමකදී අමාත්‍යවරයා ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද මෙලෙස අදහස් පළ කළේය.

“අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමත්, මුදල් අමාත්‍යාංශයත්, කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරලා ඊළඟ මාස දෙක ඇතුළේ සම්පූර්ණයෙන්ම කෝටා ක්‍රමය අවසන් කරන්න පුළුවන් ද කියන තීන්දුව ගන්න. හැම මාසයේම මිල සංශෝධනයක් වෙනවා. ඉදිරි සතියේ පළමු සතිය ඇතුළේ අපි ඉන්ධන මිල සංශෝධනය කරනවා. මිල සංශෝධනය කරන එකට ඉන්ධන පිරවුම්හල් තියෙනවා කිහිපයක් හැමදාම ඉන්ධන තොග තියාගන්නේ නැතුව ඉන්නවා. සමහරු ඇනවුම් කරන්නේ නෑ. මම ඊයේ බැලුවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකාවේ තියෙන ඉන්ධන පිරවුම්හල් 1,200න් පිරවුම්හල් 101ක් පෙට්‍රල් තොග තියා ගන්න ඕනේ ප්‍රමාණය තියාගන්නේ නෑ. ඉන්ධන පිරවුම්හල් 62ක් අද උදේ බලද්දි ඩීසල් ප්‍රමාණවත් තොග තියාගෙන නැති. අපි පහුගිය මාසයේ ඉන්ධන පිරවුම්හල් 4ක් අපි පවරා ගත්තා. තොග තියාගෙන යන්නේ නැති නිසා. මම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කිව්වා ඇනවුම් කරලා තොග පවත්වාගෙන යන්නේ නැතුව ජනතාව අපහසුතාවට පත් කළොත් කවුරු වුණත් කමක් නෑ පිරවුම්හල පවරා ගන්න.”

මහින්ද කහදගම එජාපය හා එක්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහදගම මහතා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වී ඇත.

ඔහු මෑතක දී පැවති එක්සත් ජාතික පක්ෂය උතුරු කොළඹ බලමණ්ඩල රැස්වීමටද සහභාගි වී තිබේ.

කහඳගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු වන කහදගම මහතා මෑතක් වන තුරුම ඔහු එම පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළේය.

පැතිරෙන කතාව ගැන පළමු වරට ශලනි මාධ්‍යට ඇත්ත කියයි “තව නිලියෝ කිහිපදෙනෙක් ඇවිත් හිටියා..”

පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියාවේ පැවති 20-20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා තමන් ගියේ තම පෞද්ගලික මුදලින් බව රංගන ශිල්පිනී ශලනි තාරකා සඳහන් කර සිටියා..පැතිරෙන කතාවක් පිළිබඳව රංගන ශිල්පිනී ශලනි තාරකා පුවත්පතකට සිය අදහස් පළකර තිබෙනවා.

මිනිස්සු මොනවා හිතන් හිටියත් අපිට ටික්ටොක් වලින් ලැබෙන ආදායමෙන් අපේ අදායම ශක්තිමත් කරගන්නවා.

මේ දිනවල ගොඩක් මිනිස්සු ඉන්නේ පීඩනයෙන් . එයලා ටික්ටොක් බලලා එයලාගේ පීඩනය නැති කර ගන්න්වා. අපේ ටික්ටොක් එකට ගිහින් බලන්න අපි දෙන්නා ගොඩාක් සිංහල සින්දු වලට ටික්ටොක් කරනවා. ඒවා ඔක්කොම ඇඩ්වර්ටීස්ට්මන්ට්. ඒකෙන් අපිට ආදායමක් ලැබෙනවා.

ඇත්තටම අපි නම් ටික් ටොක් කරන්නේ අපේ ආදායම ශක්තිමත් කරගන්න. ඒක එළියෙන් බලන අයට පේන්නේ නෑ. එයාලා හිතනවා ඇති නිකම්ම නිකං ටික් ටොක් කරන ගෑනු ළමයි දෙන්නෙක් කියලා.. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. පසුගිය දිනෙක රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් වන අනුෂ්ක සහ කනුශ්කි ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය ගැන පවසා තිබුණේ මෙවැනි අදහසක්.

කඩදාසි නැති අධිකරණයක්..!

මෙරට සියලු අධිකරණ ඩිජිටල් තාක්ෂණයෙන් සවි බල ගැන්වීමට රජය සැලසුම් කර තිබේ.

එහි පළමු පියවර වශයෙන් කඩදාසි භාවිතයෙන් තොර ඩිජිටල් තාක්ෂණයෙන් යුත් උසාවියක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට මේ වන විට කටයුතු යොදා තිබේ.

මහාධිකරණ විනිසුරු සංගමයේ යෝජනාවක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කඩදාසි රහිත ඩිජිටල් තාක්ෂණයෙන් යුතු උසාවියක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට සුදුසු මහාධිකරණයක් යෝජනා කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්. සංජීව සෝමරත්න වෙත දැනුම් දී තිබේ.

ගුරුවරු 500ක් නීතියට පිටින් රට ගිහින්

ගුරුවරු පන්සිය දෙනෙක් පමණ මේ වන විට නීත්‍යනුකූල අනුමැතියකින් තොරව විදෙස් ගත වී සිටින බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

පස් වසරකට නිවාඩු ගෙන විදෙස් රැකියා සඳහා යාමට රාජ්‍ය සේවකයන්ට ලබා දී තිබෙන සහනය යටතේ මෙම ගුරුවරු අයැදුම්කර ඇති නමුත් ඔවුන්ට ඒ සඳහා අනුමැතිය ලබා දී නැත. අනුමැතිය ලබා ගැනීමට නොහැකි වී ඇති නමුත් විදෙස්ගත වීමට අවශ්‍ය අනෙකුත් සියලු කටයුතු අවසන් කර තිබී ඇති හෙයින් ඔවුන් විදෙස් ගත වී ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. එලෙස විදෙස් ගතව සිටින බස්නාහිර පළාතේ ගුරුවරුන් සංඛ්‍යාව සියයකට ආසන්නය.

නිවාඩු ලබා ගෙන විදෙස් ගතවීමට සියලු රජයේ සේවකයන්ට ඇති අවස්ථාව ගුරුවරුන්ට නොලැබීම අසාධාරණයක් යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය. පවතින තත්ත්වය මත තවත් ගුරුවරුන් විදෙස්ගත වීමට සැලසුම් කරමින් සිටින බවත් එය පද්ධතියට බරපතළ තත්ත්වයක් බවත් ඒ මහතා කීවේය.

විදෙස්ගත වන සෑම නිලධාරියකුම මෙරට බැංකු පද්ධතිය හරහා විධිමත්ව තමන්ගේ නමින් ආරම්භ කරන ලද එක් අනේවාසික විදේශ මුදල් ගිණුමකට මාසිකව මුදල් ප්‍රේෂණය කළ යුතුය.