Home Blog Page 246

මෙවර යළිත් ඉන්ධන මිල ඉහළ යන ලකුණු..!

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 85 දක්වා අද තවදුරටත් ඉහළ ගියා.

බ්‍රෙන්ට් බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 84 ශත.99 ලෙසයි. මෙය මාසයක කාලයක් තුල වාර්තා වුණු ඉහළම බොරතෙල් මිලද වනවා.

ඒ අනූව ඉන්ධන මිල ලබන මාසයේ යළිත් ඉහළ යනු ඇති බව වෙළදපොල ආරංචි මාර්ග වාර්තා කර සිටී.

චැනල් අයි නාලිකාව ස්වර්ණවාහිනියට විකුණයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව ස්වර්ණවාහිනියට විකුණා දැමීමට සුදානම්වන බවට තොරතුරු වාර්තා වේ.

විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කළේ ඒ සඳහා මේ වන විට අනුමැතිය ලැබී ඇති බවය.

චැනල් අයි නාලිකාව ස්වර්ණවාහිනිය පවත්වාගෙන යන lyca mobile ආයතනයට රුපියල් මිලියන විසි පහකට අලෙවි කිරීමට සූදානම් වන බව ද තතු දත් ආරංචි මාර්ග පවසයි.

ස්වර්ණවාහිනිය පවත්වාගෙන යන lyca mobile ආයතනය දෙමළ ඩයස්පෝරාවේ හිතවතෙක් විසින් මිල දී ගත්තේ මීට මාස කිහිපයකට පෙරයි.

මේ මාසය අවසන් වීමට පෙර අදාළ ගනුදෙනු සිදු කෙරෙනු බව ද පැවසෙයි.

ගම්පහත් පාසල් සිසුවියන් දෙදෙනෙක් ඊයේ රාත්‍රීයේ අතුරුදහන් වෙයි.

ගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනකු ඊයේ (28) සිට අතුරුදහන් බවට ගම්පහ සහ වැලිවේරිය පොලිස්ථාන වෙත පැමිණිලි ලැබී ඇත.

අවුරුදු 16 සහ 18 වයසේ පසුවන 11 වෙනි ශ්‍රේණිය හා 12 වන ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනකු මෙලෙස අතුරුදහන්ව ඇති අතර ගම්පහ නගරයේ පාසල් සිසුවිය පාසල නිමවී යන විට අතුරුදහන්ව ඇති බවත් අනෙක් සිසුවිය ඊයේ පාසල් නොගොස් වෙනත් පාසලකට යන බව නිවසට පවසා ගොස් ඇති බවත් පොලීසිය පවසයි.

වැලිවේරිය සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථානය පොලීසියත් වැලිවේරිය පොලීසියත් පරීක්ෂණ සිදු කරයි.

කාගෙවත් ෂුගර් බේබි විදිහට මැච් බලන්න ගියේ නැහැ – ශලනි තාරකා

තරුණයන්ගේ සිහින කුමරිය වුණ ශලනි තාරකා එළැඹෙන අගෝස්තු මාසයේදී විවාහවීමට සිටින බව අපිට ආරංචිවුණා. විවාහය අත ළඟ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අයථා පරිහරණයට සම්බන්ධ සිද්ධියකටද ඇයගේ නම ඈදී තිබෙනවා. ඉතින් මේ සියලු දේවල් ගැන වගේම ඇයගේ අලුත් කලා කටයුතු ගැන දැනගන්න ශලනි එක්ක කතා කරන්න අපි හිතුව

මේ දවස්වල චූන් එකේ ඉන්නවා කියලා ආරංචියි?

සුපුන් රත්නායකගේ 4චූන් ටෙලිනාට්‍ය නිසා මේ දවස්වල චූන් එකේ ඉන්නවා. 4චූන් කියන්නෙ අපි ⁣හැමදාම බලන සාම්ප්‍රදායික ආදර කතාවලින් මිදුණු කොල්ලො හතර දෙනෙක්ව ප්‍රධාන කරගෙන ගොඩනැගුණ ටෙලි නාට්‍යයක්. ඒ අතර ඉන්න එක කොල්ලෙක්ගේ පෙම්වතිය විදිහටයි මම කතාවට සම්බන්ධ වෙන්නෙ. ඒ විදිහට මම 4චූන්වලට සම්බන්ධවෙන්නෙ මල්ෂා කියන චරිතයෙන්. මල්ෂා කියන්නෙ ගමෙන් කොළඹට ඇවිත් ටිකක් පොෂ් විදිහට ජීවත් වෙන්න හදන කෙල්ලෙක්. ඉතින් මේ දේවලුත් එක්ක 4චූන් කියන්නෙ ප්‍රේක්ෂකයන්ට චූන් එකේ බලන්න පුළුවන් ටෙලි නාට්‍යයක් කිව්වොත් හරි.

සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරපු අඩෝ ටෙලි නාට්‍යයේ ඔබ ඉදිරිපත් කරපු රංගනය වෙනුවෙන් හොඳම නිළියගේ සම්මානය හිමිවුණා. 4චූන්වල රංගනය වෙනුවෙනුත් සම්මාන ගන්නද බලාපොරොත්තුව?

සම්මානවලට ⁣වැඩිය 4චූන් කියන්නෙ මම රඟපාපු වෙනස් විදිහෙ ලස්සන ටෙලි නාට්‍යයක්. ඒ තෘප්තිය මට ඇති. ටෙලි නාට්‍යය හොඳයි ඒක සම්මාන සඳහා පාත්‍රකරවන එක ප්‍රේක්ෂකයන්ගේ වැඩක් මිසක මට අයිති කාර්යක් නෙමෙයි.

චරිතාංග නිළියක් විදිහට එකිනෙකට වෙනස් චරිත රඟපාන්න පුළුවන් වුණ රහස මොකක්ද?

මම එක සමාජ පන්තියකට විතරක් කොටුවෙලා ජීවත්වෙන කෙනෙක් නෙමෙයි. සමාජයේ ඉන්න හැම තරාතිරකම මනුස්සයො ආශ්‍රය කරලා සහයෝගයෙන් ඉන්නවා. ඒ දේවල් නිසා මට මිනිස්සු ගැන ගැන ⁣හොඳ අවබෝධයක් තියනවා. ඒ අවබෝධය වගේම රංගනය ගැන තියන පුහුණුව නිසා ඕනෑම විදිහෙ චරිතයක් කිසිම කෘත්‍රිම බවක් නැතුව සාර්ථකව කරන්න පුළුවන් හැකියාවක් ම⁣ට තියනවා.

හදිස්සියෙම කියාදෙන්න ආදරේ තරම් සහ හීනයකි මේ ආදරේ තරම් ටෙලි නාට්‍යවලින් අයින් වුණේ ඇයි?

හදිස්සියෙම නෙමෙයි, මම ගිය අවුරුද්දෙ ටෙලි නාට්‍ය දෙකේම නිෂ්පාදක කණ්ඩායම්වලට කියලා තිබුණා මේ වසරේ මැයි මාසයේදි අයින් වෙනවා කියලා. ඒ වගේම මම අයින්වුණ නිසා සමහරු හිතනවා ටෙලි නාට්‍යයවල පිටපත වෙනස් කරන්න වුණා කියලා. චැනල්වල අවශ්‍යතාව මත පිටපත වෙනස්වීම්වලට ලක්වුණා මිසක මම අයින් වුණ එකෙන් කිසිම වෙනස්කමක් සිදුවුණේ නැහැ.

කලාව තුළ තවදුරටත් කරන්න බලාපොරොත්තුවෙන දේවල් මොනවද?

මේ තාක් මම රඟපාපු චරිත නැතුව වෙනස් විදිහෙ අභියෝගාත්මක චරිත ලැබෙනවා නම් මම කැමැතියි ඒවා උත්සාහ කරලා බලන්න.

ඊළඟට යන්න තියෙන්නෙ ජාත්‍යන්තර කලා ක්ෂේත්‍රයට නේද? අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවද?

බලමු. හැබැයි ඒ විදිහෙ අවස්ථාවක් අහම්බෙන් හරි ලැබුණොත් මට පුළුවන් උපරිමයෙන් කරනවා. මොකද ඒක කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.

රංගන ජීවිතයේ ඉලක්ක ඉටුකරගෙන අවසාන හින්ද ද විවාහ ජීවිතයක් පටන් ගන්න ලෑස්ති වෙන්නෙ?

රංගන ශිල්පිනියක් විදිහට මම හොඳ වැඩ කොටසක් කළා වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරය සහ සම්මානත් ලැබුවා. අද වෙද්දි රංගන ජීවිතයේ හොඳ සාර්ථක තත්ත්වයකට ඇවිත් ඉන්නවා. ඉතින් තව පියවරක් ඉස්සරහට තියලා ජීවිතය පිළියෙල කරගන්න හොඳම කාලය මේක කියලා මම හිතනවා.

විවාහ වෙනකන්ම පෙම්වතාව හංගගෙන ඉන්නද හදන්නෙ?

එයා ගැන කවුරුත් දන්නෙ නැති නිසා තමයි මේ තාක් කාලයක් අපේ ආදරය ආරක්ෂා වෙලා තිබුණෙ. හැමෝම දැනගත්තාම කේලම් කියලා සම්බන්ධය කඩන්න උත්සාහ කරනවා. ඒ වගේ තත්වයකට මුහුණදෙන්න මට ඕන නැහැ. ඒ නිසා මම මගේ පෞද්ගලිකත්වයත් මගේ පෙම්වතාගේ පෞද්ගලිකත්වයත් ආරක්ෂා කරගෙන සම්බන්ධතාව පවත්වාගෙන යනවා.

කවදාද විවාහ වෙන්නෙ?

මේ අගෝස්තුවෙදි අපි විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. එදාට මගේ සැමියා ගැන වගේම ආදර කතාව ගැන පිනිපලසට කියන්නම්.

විවාහ වෙන එකට අක්ෂි ටෙලි නාට්‍ය කණ්ඩායමෙන් වෙනස් විදිහෙ පාටියක් දීලා තිබුණා නේද?

ඔව්. අක්ෂි ටෙලි නාට්‍යයේ දෙවැනි අදියරේ රූගතකිරීම්වලට ගියවෙලේදී මටත් හොරෙන් එයාලා මට පාටියක් දුන්නා. මනාලියක් වෙන්න ඉන්න කෙනෙක්ට ගරා වැටිච්ච ගොඩනැගිල්ලක් ඇතුළෙ මාල වළලු මුදු නැති වෙනස් විදිහට දුන්න පාටියක් ඒක. ඒ විදිහෙ දුන්න එකට මට ඇත්තටම සතුටුයි.

විවාහ වුණාට පස්සෙ දිගටම රඟපානවද?

විවාහ වුණාට පස්සෙ කලා ක්ෂේත්‍රයෙන් අයින් වෙනවා කියලා තීරණයක් අරගෙන නැහැ. හැබැයි මම වැඩි කාලයක් මගේ සැමියා වෙනුවෙන් සහ පවුල් ජීවිතය වෙනුවෙන් වෙන් කරන්න තීරණය කරලා තියනවා.

රඟපෑම සම්බන්ධයෙන් පෙම්වතාගෙන් කොන්දේසි මුකුත් නැද්ද?

අනේ නැහැ. මගේ වෘත්තීය ජීවිතය සීමාවෙන විදිහෙ කිසිම කොන්දේසියක් එයා දාන්නෙ නැහැ. එයා මාව හොඳට තේරුම් අරන් ඉන්න කෙනෙක්.

ඇඟේ හැඩය සිහින් කරගත්තෙ විවාහය වෙනුවෙන්ද?

පහුගිය අවුරුදු කීපය පුරාවට මම ටිකක් මහතට හිටියෙ. මහත පෙනුම නිසා ළඳබොළඳ පෙම්වතියගේ චරිතයෙන් ඔබ්බට ගිහින් වෙනස් විදිහෙ අභියෝගාත්මක චරිතවලින් පවා මට ආරාධනා ලැබුණා. හැබැයි විවාහ වෙන දවසට මහතට ඉඳලා හරියන්නෙ නැහැනේ. ඒ නිසා විවාහය වෙනුවෙන් ඇඟ අඩුකරගත්තා.

විවාහය අත ළඟ තියෙද්දිත් හැදෙන කතාවලින් නම් අඩුවක් නැහැ නේද?

ක්‍රිකට් මැච් එකක් බලන්න ගියා කියලා තමයි මේ දවස්වල මට හැදිලා තියන ලොකුම කතාව. නළු නිළියන්ට ක්‍රිකට් මැච් බලන්න තහනම්ද කියලයි ඒ විදිහෙ කතා හදන අයගෙන් මට අහන්න තියෙන්නෙ. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න මම ගියා. හැබැයි ඒ මගේ පෞද්ගලික මුදලින් ටිකට් අරගෙන මිසක ක්‍රිකට් ආයතනයේ මුදල්වලින්වත් කාගෙවත් ෂුගර් බේබි විදිහටවත් නෙමෙයි. මම වගේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න තවත් නළු නිළියො කීපදෙනෙක් ඇවිත් හිටියා. ඒ අවස්ථාවේදි ගත්ත ඡායාරූපයක් තමයි මේ බොරු ප්‍රවෘත්තිය නිර්මාණය කරන්න යොදාගෙන තිබුණෙ. ඒ ඡායාරූපයෙ මාත් එක්ක තවත් නළු නිළියො හිටියට සමාජ මාධ්‍යවල වගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලදි මගේ නම විතරයි මේ සිද්ධියට ඈඳලා ප්‍රකාශ කරන්නෙ. ඒ නිසා හොඳටම පැහැදිලියි මේක මට විරුද්ධව එල්ල කරන මඩ ප්‍රහාරයක් කියලා.

සරාගී පෙනුමක් තියන නිසාද මේ තරම් කතා හැදෙන්නෙ?

මට සරාගී පෙනුමක් නැහැ. සමහර වෙලාවට අඳින ඇඳුම් සහ ෆොටෝවලට ඉන්න ඉරියව් නිසා සරාගී කියලා ⁣පේනවා ඇති. හැබැයි බාහිර පෙනුමෙන් නම් මම සරාගී කෙනෙක් නෙමෙයි. ඒ නැතත් කතා හැදෙන්න සරාගී වෙන්න ඕන නැහැ. මානසිකව වට්ටලා මම යන ගමන නවත්තන්න ඕන නිසා තමයි ගොඩක් දෙනා කතා හදන්නෙ.

හැමදාමත් ඔබත් එක්ක දැවැන්ත රසික පිරිසක් ඉන්න එක ගැන මොකද හිතන්නෙ?

ඔව්. ඇත්තෙන්ම මට හැමවෙලේම සහයෝගය දෙන රසිකයො පිරිසක් ඉන්න එක ගැන සතුටු වෙනවා වගේම නිහතමානීව ආඩම්බර වෙනවා. මම මේ ක්ෂේත්‍රයේ ලේසි පහසු ගමනක් නෙමෙයි ආවේ. කට්ට කාගෙන නිදි මරාගෙන මහන්සිවෙලා කැපවීමෙන් වැඩ කරලා මේ තැනට මම අද ආවෙ. ඒ හැම තැනකදීම මාව වැටෙන්න නොදී කොහොමහරි ඉස්සරහට යන්න කියලා තල්ලු කළේ මගේ රසිකයො. ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙ ඉඳලා මාත් එක්ක ඉන්න අය වගේම මගේ හැකියාවන් දැකලා මගදි මාත් එක්ක එකතුවුණ හැමෝමවත් මේ මොහොතෙදි මම මතක් කරනවා වගේම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.

රෝහලට ඇතුල් කල මවකගේ කුස තුල තිබී හමුවූ දේ | වෛද්‍යවරුන්ගේ පවා ඇස් උඩ යයි

මුලතිව් රෝහලේදී සිදුකළ සැත්කමකින් පසුව මවකගේ උදරයේ තිබී සොයාගත් දෙයක් පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් ඒ සඳහා යොම්වී තිබෙනවා..
මෙන්න සොයාගත් දේ..වීඩියෝව තුලින් සියල්ල දැනගන්න.

අංගොඩ රෝහලේදී ලිස්සා වැටී අවසන් ගමන් ගිය ගෙදර එවූ කළමනාකරුගේ දේහයේ කැපුම් හමු වෙයි.

ලිස්සා වැටීමකින් මියගියේ යැයි අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතන බලධාරීන් කී මරණයක් ගැන කළ මරණ පරීක්ෂණයේදී මරණකරුගේ සිරුරේ කැපුම් හා තැළීම් තිබූ බව හෙළිවී තිබෙනවා.

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පසුගිය 20 වනදා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් කළ මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී තිබෙනවා.

මරණය සැක සහිත බව ත් සිය ඥාති පුත්‍රයා එම රෝහලේ සුළු සේවකයන් පිරිසක් කරන ලද පහර දීමකින් මියගිය බව ත් මරණකරුගේ ඥාතීන් පැමිණිලි කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 45 හැවිරිදි ඔස්වී නානායක්කාර නමැත්තෙක්.

පාදුක්ක, වටරැක, සමනල තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පුද්ගලයා වසර කිහිපයක සිට මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගන්නා බව ත් පසුගිය 20 වන දා රෝහල්ගත කළ ඔහු 25 වන දා මියගිය බවට රෝහල තමන්ට දැනුම් දුන් බව ත් ඥාතීහු පැවසූවා.

සිරුරේ තිබුණු සැක සහිත සලකුණු හා ලේ පැල්ලම් හේතුවෙන් මරණය සම්බන්ධයෙන් සැකයක් මතු වූ බව ත් ඒ අනුව පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පැවති අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට අනුව මෙය අනාවරණය වූ බව ත් මියගිය පුද්ගලයාගේ ඥාතියෙක් සඳහන් කළා.

ඒ අනුව, සිදුකරන ලද මරණ පරීක්ෂණයෙන් මරණය සිදුව ඇත්තේ පහරදීම් සහ ලේ ගැලීම් හේතුවෙන් බවත් පපුව ඉදිරි පස ද විශාල කැපුම් පාරක් හා පහරදීම් හේතුවෙන් තැළීම් සලකුණු 35ක් තිබෙන බව ත් හෙතෙම සඳහන් කළා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලද පොලිසියට ලැබුණු සී.සී.ටි.වී. දර්ශනවලට අනුව පුද්ගලයන් කිහිප දෙනෙකු පහර දෙන දර්ශන තිබෙනවා යැයි පොලිසිය සඳහන් කළ බව ද ඔහු කියා සිටියා.