Home Blog Page 247

චීන නාවික හමුදා කඳවුරක් ශ්‍රී ලංකාවේ ඉදිවෙයි..? – ඇමෙරිකා සරසවියක් පවසයි.

ඇමෙරිකා එකසත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ විලියම් සහ මේරි විශ්ව විද්‍යාලය ප්‍රකාශයට පත්කළ නව වාර්තාවකට අනුව ඉදිරි වසර වලදී චීනයේ නාවික හමුදා කඳවුරක් ඉදිකිරිම සඳහා සත්කාරකත්වය දැරිය හැකි රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව බැංකොක් පොස්ට් පුවත්පත වාර්තා කර ඇත.

චීනය දැනමටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.19 ක මුදලක් හම්බන්තොට වාරයේ ආයෝජනය කර තිබීම හේතුවන් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ඒ සඳහා සුදුසුම ස්ථානය විය හැකි බව එම වාර්තාව පෙන්වා දී තිබේ.

චීන මහජන විමුක්ති හමුදාවට දැනට ඇත්තේ නැගෙනහිර අප්‍රිකාවේ රාජ්‍යයක් වන ජුබොටි හි එක් නාවික කඳවුරක් පමණක් බවත් එක්සත් ජනපදය හා චීනය අතර සබඳතා උණුසුම් වීම හේතුවෙන් ඇමෙරිකාවේ සමුද්‍රීය ශක්තියට සමාන වීමට චීනයද තීරණය කර ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.චීනය වරායක් සඳහා මෙතෙක් සිදුකළ විශාලතම ආයෝජනය හම්බන්තොට වරයාට සිදුකර ඇති බවත් චීනය වාරය පාලනය කිරීම චීනයට කළ හැකි බවත් එම වාර්තාව පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය, ශ්‍රී ලංකාව තුළ චීනයේ ජනප්‍රියත්වය සහ චීනය ශ්‍රී ලංකාවේ සිදුකර ඇති ආයෝජන පිළිබඳ සලකා බලන විට චීනයට නාවික හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා සත්කාරකත්වය දැරිය හැකි රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව එම වාර්තාවේ දැක්වේ.

කෝචිචි පාර ආණ්ඩුවට – දුම්රිය සියල්ල පෞද්ගලික අංශයට දෙන්න තීන්දු කරයි.

මෙරට දුම්රිය මාර්ග සියල්ල ධාවනය දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තබා ගනිමින් දුම්රිය සේවය සඳහා විදේශීය ආයෝජකයන්ද එක්කර ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

මේ පිළිබඳ සැලසුම ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන විසින් කැබිනට් මණ්ඩලය හමුවේද පසුගියදා අවධාරණය කර තිබෙන බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙරට දුම්රිය සේවය ශක්තිමත්ව නොපැවැතීමත් විදුලි දුම්රිය සේවය මෙරට ජනතාවටද ලබා දීමේ අරමුණ ඇතිව මෙම සැලසුම් යෝජනා වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවද ප්‍රතිව්‍යුහගත කිරීමටත් අධිකාරියක් කිරීමටත් රජය විසින් තීරණය කර ඇති අතර ඒ සඳහා චීන, ඉන්දීය, ජපාන ආයෝජකයන් සමගින් සාකච්ඡාද සිදුව ඇත. මෙම විදේශීය සමාගම් විසින් ඒ ඒ රටවල්වල දියුණු දුම්රිය සේවාවක් සපයන පාර්ශ්වද වේ.

මේ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ දැනට ධාවනය වන දුම්රියන්ට අමතරව විදේශීය ආයෝජන සමාගම් මගින් යොදවන දුම්රියද ධාවනය කරවීමටත් එමගින් දුම්රිය සේවාව තවදුරටත් වැඩි දියුණු කරමින් තියුණු සේවාවක් මගී ජනතාව වෙත ලබාදීමටත් අවධානය යොමුව ඇත.

මීට සමගාමීව දුම්රිය ප්‍රවේශපත්‍රද විද්‍යුත් ක්‍රමවේදයකට අනුව නිකුත් කිරීමටත්, තදාසන්න දුම්රිය ස්ථානදපුළුල් සංවර්ධනයකට ලක් කිරීමටත් සැලසුම් කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ යටතේ දුම්රිය ගමන්වාර 370ක පමණ දෛනිකව ධාවනය වන අතර මගී සහ භාණ්ඩ ප්‍රවාහන මගින් මාසිකව රුපියල් බිලියන එකක ආදායමක් එම දෙපාර්තමේන්තුවට හිමිවේ. කෙසේ නමුත් රුපියල් බිලියන එකක එම ආදායම මුළුමනින්ම ඩීසල් සඳහා වැය වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු සඳහන් කළේය.

මෙරට ජනතාවට අලුතෙන්ම වාහනයක් ගන්න එක සිහිනයක් වෙයි.

යළි මෙරටට වාහන ආනයනය කළ හැකි වන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඉදිරියේදී හෝ මෙරටට වාහන ආනයනය කිරීමට අවශ්‍ය නම් මේ මොහොතේ ඒ සඳහා ප්‍රතිපත්ති සැලසුමක් සැකසිය යුතු බවයි කළ විමසීකදී එම සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චි පැවසුවේ.

වාහන ආනයනයේදී විශාල විදෙස් මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ගලා ගියේ රටට නොගැලපෙන වාහන ආනයනය කිරීම හේතුවෙන් බවයි ඔහු පෙන්වා දුන්නේ. එම වරද ඉදිරියේදී නිවැරදි කර ගැනීමට බලධාරීන් වගබලා ගත යුතු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

වකුගඩු ප්‍රශ්නයක් නිසා රෝහල්ගත කල තුන් හැවිරිදි පුතුට දිවි අහිමි වෙයි.

වම් වකුගඩුවේ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් රෝහල්ගත කල දරුවෙකුට දිවි අහිමිවූ අවාසනාවන්ත පුවතක් මෙරටින් වාර්තා වනවා..

ඕනම රාත්‍රියක සජිතටත් වඩා දැන් නම් දිදුලන්නේ බුවී. මේ බලන්නකෝ එයාගේ ලස්සන.

දවසින් දවස එන්න එන්නම ලස්සන වෙන බුවී අද වෙද්දී සජිතට වඩා ජනප්‍රියයි කිව්වොත් හරි. ඒ දෙන්නා තවත් රාත්‍රියක් සරසන්න මේ විදිහට එකතු වෙලා. ඒත් එක්කම පුංචි ජේඩන් නම් මේ අවස්ථාවට අම්මයි අප්පච්චී එක්ක එකතු වෙලා නෑ වගේ.