Home Blog Page 248

“දෙවනි දරුවා, “සිංහසීවලී” බලාපොරොත්තුවෙන් සිටීම”මේක ඇත්තක් වෙන්න වගේ යන්නේ.

ලැබෙන්න යන ආරංචිය නම් ලස්සනම ලස්සන ආරංචියක් වගේ.

අකිලයි,එමියි චූටි රෝස මලගේ පාළුව මකන්න පුංචි සුරංගනාවියක් අරන් එන්නද මේ යන්නේ?.

පහුගිය දවස්වල ඉඟි දුන්නෙ මේකටද කියන සැකය අපිට නොආවත් නෙවෙයි.

මේ සුවිශේෂි දවසක පළවෙනි දවස කියලා මේ අඟවන්නේ එමී ආයෙත් අම්මා කෙනෙක් වෙලා කියන එකද?

මොනවා වුනත් මේ පුංචි පවුලට තියෙන රසික ආදරය නම් ඉමහත්.

අධිවේගී මාර්ගයේ වේගය අඩාල කල උපන් ඇඳුමෙන් වැඩපෙන්වූ ගැහැනියගේ අලකලංචිය.

අමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර ඕක්ලන්ඩ් බේ පාලම අසල කාර්යබහුල වේලාවකදී එකවරම අමුතු සිදුවීමක් සිදු වුණා.

ඒ, එතැනදී සිය මෝටර් රථයෙන් බැස ගත් නිරුවත් කාන්තාවක් සෙසු මෝටර් රථ පසුකරමින් තුවක්කුවක් එල්ල කොට ගෙන වාහනවලට වෙඩි තබන්නට පටන් ගැනීමයි.

මෙහිදී කිසිවකුට කිසිදු තුවාලයක් සිදු වී නොමැති බවත් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙනවා.

මේ සිදුවීම සැකෙවින් මෙසේයි, California Highway Patrol වෙත සවස 4.40 ට පමණ ඇමතුම් 911 ක් ලැබී තිබුණා. ඒ, නොසැලකිලිමත් රියදුරකුගේ නොහොඹිනා වැඩක් ගැන කියමින්.

මෝටර් රථයක් පදවාගෙන පැමිණි කාන්තාවක් ඇය ගමන් ගත් මංතීරුව මැද රිය නතර කර ඉන් බැස පිහියක් සහ තුවක්කුවක් රැගෙන අනෙක් රියැදුරන්ට තුවක්කුව පෙන්වමින් කෑ ගැසීමට පටන් ගෙන තිබෙනවා.

පසුව එම කාන්තාව මෝටර් රථයට ඇතුළු වී මඳ දුරක් ගොස් ටෝල් ප්ලාසාහිදී නැවතත් නිරුවත්ව රියෙන් බැස තුවක්කුවක් අතැතිව ගමන් කර තිබෙනවා.

ඇය වෙනත් වාහනවලට කෑගසමින් අහසට වෙඩි තැබීමට පටන් ගෙන තිබෙනවා, අනෙක් වාහනවල රියැදුරන් මේ සිදුවන්නේ කුමක්දැයි වික්ෂිප්ත වී ඇති අතර ඔවුන් තුළ පෙනෙන්නට ලැබුණේ ව්‍යාකූල වූ බවක්.

“ඔවුන්ගේ සිත් තුළ වූයේ කිසියම් අනතුරක් සිදුවී ඔවුන් ඒ වටා ධාවනය කරනවා වැනි හැඟීමක්. ” යැයි CHP ප්‍රකාශක ඇන්ඩෲ බාර්ක්ලේ ප්‍රකාශ කර තිබෙනවා.

“ඔවුන් එහා මෙහා ධාවනය කිරීමට උත්සාහ කරන විට, ඇය අනෙක් වාහන දෙසට වෙඩි තැබීමට පටන් ගත්තා. පසුව කාන්තාව බිම වාඩි වී අනෙක් මෝටර් රථවලට වෙඩි තියන්න පටන් ගත්තා.” ඇන්ඩෲ බාර්ක්ලේ වැඩිදුරටත් පැවසුවා.

ඉන්පසු, කැලිෆෝනියාවේ අධිවේගී මාර්ග මුර භටයින් එම ස්ථානයට ළඟා වී ඇති අතර, ඔවුන් ඇයගේ ආයුධය බිම තබන ලෙස එම කාන්තාවගෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

එළෙස කිරීම ප්‍රතික්ෂේප කළ එම කාන්තාව පසුව සිය ගිනි අවිය බිම දමා පොලිස් භාරයට පත් වූ බව නිව්යෝර්ක් පෝස්ට් වාර්තා කරනවා.

අදාළ කාන්තාව ප්‍රාදේශීය රෝහලක මානසික සෞඛ්‍ය අංශයේ රඳවා තබා ඇති බවයි මාධ්‍ය ආයතන වාර්තා කළේ.

ඇය මානසික රෝහලෙන් මුදා හැරෙන දිනයක් ගැන නිශ්චිතව සඳහන් නොකරන අතර අදාළ චෝදනා යටතේ ඇයට නඩු පවරනු ඇති බව පොලිසිය
සඳහන් කරනවා.

වසරකට මිලියන 40 ක පමණ ජනතාවක් මෝටර් රථවලින් එහා මෙහා යන මෙම මාර්ගය පැයකට වඩා වැඩි කාලයක් වසා දමා තිබුණු බවයි වාර්තා වන්නේ

පුංචි පුතාගේ දෙවෙනි උපන්දිනේ.. දැන් නම් මුළු ගෙදරම එළියයි. මේ අමතක නොවෙන මතක සටහනක්.

සිනාව දැකලා හරියටම දැන් අවුරුදු දෙකක් පිරිලා. නොදැනීම කාලය ගියා වගේම තමයි මේ පුංචි තියෝන්ගේ හුරතල් වැඩවලින් දැන් ඒ ගෙදරම එළිය වෙලා. මේ වතාවේ තියෝන්ගේ උපන්දිනය ජයටම සමරලා තිබුණා.

මේ අපට හමු වූ ආදරණිය රූ එකතුවක්. පුංචි පටියට සුබ උපන්දිනයක් කියන්නත් අමතක කරන්න එපා..!

ගෝල්ෆේස් වඩේ කනවද..? මේක බැලුවොත් නම් ආයේ වඩේ කන්න ගෝල්ෆේස් යන එකක් නෑ.

විනෝදාස්වාදයෙන් සහ නිදහසේ කාලය ගතකිරීම සඳහා ලොකු කුඩා විශාල පිරිසක් දෛනිකව ගාලුමුවදොර පිටියට පැමිණෙයි.

ඉන් බහුතරයක්, එහි ඇති වීදි ආහාර රසවිඳින්නට අමතක කරන්නේ නැත.

කෙසේවෙතත් එම ආහාර නිසි ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කෙරෙන බවට ලද තොරතුරකට අනුව කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කොම්පඤ්ඤවීදිය සහ වොක්ෂෝල් වීදිය යන ප්‍රදේශවල එම ආහාර සකස් කරන ස්ථාන කිහිපයක හදිසි වැටලීමක් සිදුකර ඇත.

ඊට අද දෙරණ උකුස්සාද එක්විය.

අප එහි යන විටත් ඇතැම් ස්ථානවල ආහාර පිළියෙල කරමින් සිටියේ, අල්ප මාත්‍රයකවත් සෞඛ්‍යාරක්ෂිත බවක් නොමැතිවය.

එමෙන්ම ඉස්සෝ වඩේ නිෂ්පාදනය කිරීමට වර්ණක යොදන බවද මෙහිදී අනාවරණ විය.

හෝටල්වලින් ඉවතලන පොල්කුඩු, වඩේ සෑදීම සඳහා යොදා ගන්නා අයුරුත් මෙහිදී දැකගත හැකි විය.

පුස් බැඳුණු ලූනු, රොටී සෑදීම සඳහා භාවිත කරන බවද තහවුරු විය.

එලෙස සකස් කොට අලෙවියට සූදානම් කර තිබූ කකුළු වඩේ සහ රොටී තොගයක් ද මෙහිදී සොයාගත්තේය.

තවත් ස්ථානයක් පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ට දැකගත හැකිවුණේ, හූනන් සහ කැරපොත්තන් සිටින ස්ථානයක කිසිදු පිරිසිදුකමක් නොමැතිව ආහාර පිළියෙල කරන අයුරුය.

එම වෙළෙඳසල් පවත්වාගෙන යන පුද්ගලයන්ට දැඩිව අවවාද කළ කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කර දැමීය.

මුදලට ලොබ බැඳ මිනිසුන් කන කෑමට පවා නිගරු කරන මෙවැනි ක්‍රියා ඉදිරියේදීත් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සීරුවෙන් සිටියි.

පෙට්‍රල්වලට බවුසර්වලින්ම භුමිතෙල් කවලම් කරන ඡාවාරම අනාවරණය වෙයි.

පෙට්‍රල් බවුසර් මගින් සූක්ෂම ලෙස ඉන්ධන පිටතට ගෙන අනතුරුව එම ප්‍රමාණයට භූමිතෙල් කලවම් කර විකිණීම සඳහා බෙදාහරින මහා පරිමාණ ජාවාරමක් වැටලීමට පොලීසිය සමත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .

ඒ ඔවුන් ඉන්ධන බවුසර් මාබිම ප්‍රදේශයේ රහසිගත ස්ථානයක් වෙත රැගෙනගොස් ඉන්ධන කලවම් කිරීමට සූදානම් වූ අවස්ථාවේදීය.

සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් එහි සිටි එක් සැකකරුවෙකු එම ස්ථානයෙන් පලාගිය අයුරු පහතින් දැක්වේ.

වීඩියෝ උපුටා ගැනීම අද දෙරණ නිවුස්.

සාමාන්‍ය පෙල 10 වසරදී, උසස් පෙල 12 වසරදී. උපාධිය අඩු වයසින් ?

පාසැල් සිසුන් සඳහා සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත්, උසස් පෙළ විභාගය 12 වසරේ දීත් පැවැත්විය යුතු බවට තමන් අධ්‍යාපන අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේදී යෝජනා කරන ලද බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි. රූපවාහිනි නාලිකාවක පැවති වැඩසටහනක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

‘මම අධ්‍යාපන ඇමතිතුමාගෙන් පාර්ලිමේන්‍තුවෙදී ප්‍රශ්න කලා උසස් පෙල පිලිබදව එහිදි අනාවරණය වුනා උසස් පෙල අවසන්කොට විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා ආසන්න වශයෙන් මාස 14ක් ගතවන බව.

ජාත්‍යන්තර පාසල් යනව ලමයි වයස 21 වෙද්දි උපාදිය ලබාගන්නවා නමුත් රජයේ පාසල් වලට යන ලමුන් විශ්ව විද්‍යාලවලට ඇතුල් වෙන්නෙ වයස 21දී උපාධිය ගන්න 25 හා 26 වෙනවා

ඉතින් මේ තත්වය විසදන්න නම් පෙර පැවති පරිදි අ.පො.ස. සාමාන්‍ය පෙල 10 වසරදීත් උසස් පෙල 12 වසරදිත් කරන්න ඕනේ අන්වශ්‍ය ලෙස උත්තර පත්‍ර බලන්න යන කාලය අඩුකරන්න ඕනේ.

එවිට ලමයින්ගේ ජීවිත කාලයේ වඩා වටිනා කාලයක් ඉතුරු කරන්න පුලුවන් රජය වහාම මේ වෙනස්කම් කල යුතු යැයි මා යෝජනා කරනවා

අධ්‍යාපනයේ ඇති විය යුතු වෙනස්කම් වගේ හරවත් දේවල් කතා කරමු

අධ්‍යාපනයේ ඇති විය යුතු වෙනස්කම් වගේ හරවත් දේවල් කතා කරමු

Posted by Swarnavahini on Thursday, 27 July 2023

Hello world!

Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!