Home Blog Page 3

කාපීරින් රදවා තිබුණු එදා වහල් දූපත තමයි අද කොම්පඤ්ඤවීදිය. ගොඩක් දෙනෙක් නොදන්න ඉතිහාස කතාව.

0

1630 වසරේදි ශ්‍රී ලංකාවට මුලින්ම වහල් සේවය සදහා මොසැම්බික්, මැඩගස්කර් වැනි රටවල් වලින් කාපීරි ජනතාව රැගෙන ආවේ පෘතුගීසීන් විසිනුයි. 1796 වසරේදී ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග්‍රීසින්ගේ පාලනයට යටත් වීමත් සමගම වහල් සේවය සදහා රැගෙන ආ මෙම කාපිරී ජනතාව රාජ්‍ය සේවයේ පහළ කම්කරු තනතුරුවලට යෙදවීමට බලධාරීන් කටයුතු කලා. වර්තමානයේ කොම්පඤ්ඤවීදිය නමින් හඳුන්වන ස්ථානය අතීතයේ හැදුන්වූයේ කාපීරි ජාතිකයන් රදවා තිබුනු වහල් දූපත ලෙසයි. බ්‍රිතාන්‍ය රජය විසින් පසුකාලීනව මෙම කාපීරි ජනතාව වෙනුවෙන් සේනාංකයක් නිර්මාණය කල අතර එම සේනාංකය වෙනුවෙන් 1875 වසරේදී බැරැක්කයක්ද ඉදි කර තිබුණා. මේ බැරැක්කයේ එක් මායිමක් ලෙස බේරේ වැව සලකා තිබූ බව සදහන්. පසුකාලීනව මෙම සේනාංකය ගාල් කර තිබූ බැරැක්කය කාපීරි මුඩුක්කුව ලෙස ව්‍යවහාර වෙන්නට පටන් ගත්තා.
කාපීරි මුඩුක්කුවේ වාසය කල පිරිස් අතරින් බහුතරය නූගත් පුද්ගලයන් වූ අතර ඔවුන් එදිනෙදා ජීවනෝපාය සරි කර ගත්තේ මුට්ට කරගැසීමෙන් හෝ නගරසභාවේ කුණු ඇදිමේනුයි. මුළු මුඩුක්කුවටම පැවතුනේ එක් ජල පයිප්පයක් පමණක් නිසා පැය 24 පුරාම එම පයිප්පය ඉදිරියේ ජල පෝලීම් දකින්නට ලැබුණා.


ඒවගේම චන්ඩින්ගේ රජදහනක් වූ මෙම මුඩුක්කුවේ ඩේවිඩ් අයියා, රෙජි අයියා, කෝට් සෙල්ලයියා, ගෝරිල්ලා, බණ්ඩා, මුර්ග විලේ අයියා වැනි නම් රැගත් චන්ඩීන් විශාල ප්‍රමාණයක් වාසය කර තිබෙනවා. ඔවුන්ගේ බල පුළුවන්කාරකම කොතෙක්ද යත් පොලීසිය පවා මෙම ප්‍රදේශයට යාමට දක්වා තිබුනේ විශාල බියක්. ඒවගේම මේ කාපීරි මුඩුක්කුවල තවත් ජයටම සිදු කෙරුණු ව්‍යාපාරයක් වුනේ පරණ කෝට් සහ ඇදුම් වෙළදාමයි.


කෙසේ වෙතත් අතීතයේ කාපීරි මුඩුක්කුව ලෙස හැදින්වූ මෙම ප්‍රදේශය වර්තමානයේ හැදින්වෙන්නේ රෝහිණි පටුමග සහ කෝසල පටුමඟ ලෙසටයි. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ මෙම කාපීරි ජනතාව දකින්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනුයි. කෙසේ වෙතත් අදටත් අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව පුත්තලමේ සහ මඩකළපුවේ වාසය කරන බව වාර්තා වී තිබෙනවා

මාලිමාව අප රැවටුවා.. බලාපොරොත්තු සුණු විසුනු කලා.. රාජ්‍ය සේවක වෘත්තිය සංගම් විරෝධයේ

0

රාජ්‍ය සේවකයින් නව රජය තැබූ විශ්වාසය සිය මංගල අයවැය මගින් කඩා බිඳ සුණු විසුණු කර ඇති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය පවසයි.

එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය අමතමින් මෙසේ පැවසුවේය.

“රජයේ පළමු අයවැය ගැන ඉතා බලාපොරොත්තු සහිතව තමයි රාජ්‍ය සේවකයින් අයවැයට කන් දුන්නේ. නමුත් රාජ්‍ය සේවකයින් ඉතාමත් කලකිරීමකට පත් වන අයවැයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ.රාජ්‍ය සේවකයින් රවටන අයවැයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ.රාජ්‍ය සේවකයින් පසුගිය කාලවල පාරට බැහැල එක හඩින් කිව්වේ රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් ලබා දෙන්න කියලා. ඒ අරමුණ ඉටු කර ගන්න තමයි රාජ්‍ය සේවකයින් බහුතරයක් මේ ආණ්ඩුව පත් කර ගන්න මූලිකත්වය ගත්තේ.

රුපියල් 20,000 ක වැටුප් වැඩි කර ගැනීමේ අරගලවලට නායකත්වය දුන්නෙත් මේ පත් වෙලා ඉන්න ආණ්ඩුවමයි. ඒ රාජ්‍ය සේවකයින්ගේ බලාපෙරොත්තු අද සුනු විසුණු කරල දැම්මා. මේක රාජ්‍ය සේවකයින්ට ගැසූ බරපතල කණේ පාරක් හැටියයි අපි දකින්නේ.

රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා වැඩි කරනව කිව්වා. අපි හිතුවේ ඒක ජනවාරි මාසයේ ඉඳලම වැඩි කරලා හිඟ වැටුපත් එක්ක ලැබෙයි කියලා. එහෙම වැඩි වුනත් වැඩි වෙන්නේ 15,750 කින් ඒකත් දාල තියෙනවා 2027 වසර වෙනකම්. රාජ්‍ය සේවකයින්ට උඩ බලාගෙන ඉන්න වෙනවා මේ 15,750 ගන්න 2027 වෙනකකල්.

ඒ වගේම රාජ්‍ය සේවකයින්ට එල්ලල තිබුණා රුපියල් 7,500 ක් මේකටත් තට්ටු කරල දාල තියෙනවා.ඒකත් එකතු කරල තමයි මේ 15,750 හදල තියෙන්නේ.ඒ අනුව රාජ්‍ය සේවකයින්ට හම්බ වෙන්නේ ඉතාමත් සොච්චම් වැටුප් වැඩි වීමක්. මේක රාජ්‍ය සේවකයින් කිසි සේත්ම බලාපොරොත්තු වුන දෙයක් නෙවෙයි.

රාජ්‍ය සේවකයින් අන්දලා තියෙනවා ලොවෙත් නැති විදිහටම. මේ අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කළා කියල අපි පිළිගන්නේ නෑ. ඒ නිසා රුපියල් 25,000 කට වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවකයිකයින්ට අවශ්‍ය වෙනවා.එහෙම නොවුනොත් අපිට අරගලවලට යන්න සිද්ධ වෙනවා කියලා අපි අනතුරු ඇඟවීම් කරල තිබ්බා.

මේක මිට පෙර අරගල කරල රනිල් වික්‍රමසිංහ අපි ආණ්ඩුවට පවසපු දේ. ඒ නිසා මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එහෙම අවබෝධයක් තියාගෙන තමයි මේ විදිහට රාජ්‍ය සේවකයින් නොමඟ යවල තියෙන්නේ.”

ලෝකය දියුණුට එල් පී ගෑස් දායකත්වය

0

LPG කියන්නෙ ලික්විෆයිඩ් පෙට්‍රෝලියම් ගෑස් කියන එකට. L P G. ගෑස් කියන්නෙ පහසුවෙන් සහ කාර්‍යක්ෂම ව භාවිතා කළ හැකි දියරමය වායුවක්. එයින් කාබන්ඩයොක්සයිඩ් උපදවන්නේ නැති තරම්. ඇමරිකානු ජාතික ඩොක්ටර් වෝල්ටර් ස්නෙලින් තමයි 1912 දි මේ අරුම පුදුම සොයාගැනීම කළේ. ඒ නිසා දැවීම් වෙනුවෙන් ක්ලෝරොෆ්ලෝරො කාබන් වෙනුවට සොයාගත් හොඳම විකල්පය LPG ගෑස්. ඕසෝන් වියනේ සුරක්ෂාවට මේ සොයාගැනීම ඉතා වැදගත්. ඒ නිසා ගෑස් භාවිතය පරිසර හිතකාමි අදහසක්.
ඒ වගේම දර කිලෝ 116කින් කරන වැඩේ එක ගෑස් සිලින්ඩරයකින් කරන්න පුළුවන්.

ඔබ දන්නව ද ලංකාව පුරා LPG ගෑස් උඳුන් මිලියන දෙකයි දශම හතරක් දැල්වෙන බවට වාර්තා වෙනවා. ඒ කියන්නෙ තත්පරයකට ගෑස් උඳුන් 70ක්! මේ දැල්වෙන ගෑස් උඳුන් ගණන වැඩි වෙන තරමට ලිට්රෝ ගෑස් අපි කැමති යි.

මොකද අපිට තියෙන්නෙ මේ ග්‍රහලෝකෙ විතරයි. මේ පෘථිවිය රැක ගන්න අපිට අංශුමාත්‍රයකින් හරි දායක වෙන්න පුළුවන් නම් ඒක මනුෂ්‍යත්ව උදෙසා තබන එක් ඉදිරි පියවරක්.
ලිට්රෝ ගෑස් වෙතින් ගෙන ආ මේ දැනුවත් කිරීම අපේ නූපන් අනාගතයට පවා වැදගත් බව ඔබ දැන් දන්නවා ඇති. ඉතිං ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් ගෙදර ගෙනල්ලා හරි, සිය ව්‍යාපාර වෙනුවෙන් භාවිතා කිරීමෙන් හරි ඔබ සිදු කරන්නෙ ස්වල්ප දෙයක් නම් නොවෙන බව දැන් ඔබට වැටහෙනවා නේද?


ඒ නිසා ම LP ගෑස් භාවිත ලංකාවේ ජනප්‍රිය කරවීමට ලිට්රෝ සමාගම දැරූ උත්සාහය ප්‍රශංසනීයයි වගේම අතිසාර්ථකයි. මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගන්වීමට ද ලිට්රෝ සමාගමෙන් පුළුල් ප්‍රවේශයක් ලැබුණා. එමගින් සාමාන්‍ය ජනජීවිතවල වගේම රටේ දේශීය ආර්ථිකය නගා සිටුවීමටක් ඉමහත් පිටුවහලක් ලැබුණා.පසුගිය වසරේ ආර්ථික උද්දමනයකින් ද පීඩා විඳි රටක් හැටියට නැගී සිටීමේදී මහ ජනතාව වෙනුවෙන් ලිට්රෝ ආයතනය LP ගෑස් දේශීය වෙළඳපොළ තුළ පූළුල් ලෙස ව්‍යාප්ත කිරීමට මහත් පරිශ්‍රමයක් දැරූ අතර මේ වන විට ඒ සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කොට ඇත. ප්‍රජාවට ගෑස් සිලින්ඩර පමණක් ලබා නොදී පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් ලෙස LP ගෑස් භාවිතයේ ප්‍රතිලාභ ගැන අවබෝධයක් ලබාදීමට ද ලිට්රෝ සමාගම කටයුතු කරනවා.

LP ගෑස් යනු අනෙකුත් පොසිල ඉන්ධනවලට සාපේක්ෂව අවම හරිතාගාර වායු විමෝචනයක් සහිත අඩු කාබන් ප්‍රතිශතයකින් යුත් ඉන්ධනයක්. එමගින් සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභවයන් සඳහා විකල්පයක් ලෙස LP ගෑස් ප්‍රවර්ධනය කිරීමෙන් කාබන් විමෝචනය අඩු කිරීමට සහ දේශගුණ විපර්යාංශයන්ට එරෙහිව සටන් කිරීමටද ලිට්‍රෝ ලංකා සමාගම සක්‍රීයව දායක වෙනවා ඒ නිසා ශ්‍රී ලංකාවට තිරසාර අනාගතයක් ඇති කිරීමේ ක්‍රමවේදයන් ලිට්රෝ සමාගම අනුගමනය කරමින් සිටින බව දන්වන්නේ ආඩම්බරයෙනි. ලෝක දියුණුවට LP ගෑස් දායකත්වය දක්වන්නෙ කොහොමද කියලා දැන් ඔබට වැටහෙනවා ඇති.

ජන ජීවිතය පහසු කරවන ලිට්රෝ හා බැඳුණු ජීවිත.

ලිට්රෝ ගෑස්වලින් කුස්සියෙ වැඩ කෙරෙනවට අමතරව තව බොහෝ දේවල් සිදුවන බව,අපි ඔබව දැනුවත් කළා.. ලිට්රෝ ගෑස්,බෙදාහරින්නන්ට එය ඉන්ධනයක් පමණක් නොවේ. සිය පවුල ජීවත් කරවන ජීවන වෘත්තීයක්. මීගමුවේ දළුපත වෙසෙන ශාමා කාන්තිද සිල්වාා එවැන්නියක්. මීගමුව සිරකඳවුර පාරෙ ඇගේ ලිට්රෝ ඩීලර් පොයින්ට් එක විවෘතයි. 1998 වසරේ සිට මේ වෙන තෙක්ම දශක දෙකකට අධික කාලයක් ලිට්‍රෝ සමාගම හා බැඳී ඇය සිය මෙහෙය ඉටු කළා. එයින් නොනැවතී ඇගේ සාර්ථකත්වය දුටු ඇගේ ස්වාමි පුරුෂයාද ලිට්රෝ ඩීලර් පොයින්ට් එකක් ආරම්භ කළ අතර මේ ඔවුන්ගෙ පුතා ද මේ ලිට්රෝ ජීවන ගමනට සම්මාදම් වී තිබෙනවා. ඒ නිසා ඔවුන් දැන් ලිට්රෝ පවුලක් බවට පත් වී ඇති බව ඔවුන් දන්වන්නේ ආඩම්බරයෙන්. ලිට්රෝ ගෑස් සිලින්ඩර ගෙදරටම ගෙනත් දීමේ හෝම් ඩිලිවරි සේවය සිය පුතා විසින් ආරම්භ කොට ඇති අතර මුළු ගමේම ඉල්ලුම, ප්‍රසාදය සහ පිළිගැනීම තම ලිට්රෝ පවුලට ලැබී ඇති බව ශාමා කාන්තී මහත්මිය පවසයි. එදා සිට අද සසඳා බැලීමේදී ලිට්රෝ සමග සම්බන්ධ වීම නිසා අද තමාගේ ජිවන රටාව ඉතා උසස් වී ඇති බව ඇය දැනුම් දෙන්නේද ඉතා ආඩම්බරයෙන්.
බහුවිධ සත්කාර්‍යයන්හී නිරත වෙමින් ලිට්රෝ සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුබසිද්ධිය සඳහා කටයුතු කිරිම මෙයින් නොනැවතී තවත් ඉදිරියට යන බව නිසැකයි.

ගිය වසරේ ආර්ථිකය ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක්

මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත් එය මෙරට ආර්ථිකය වසර හතකින් වර්ධනය වූ වැඩිම ප්‍රතිශතය බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (08) ප්‍රකාශ කළේය.

මහ බැංකුවේ 2025 වසර සහ ඉන් ඔබ්බට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ න්‍යාය පත්‍රය පිළිබඳ මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මහ බැංකු පරිශ්‍රයේදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනේදී මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2024 වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව පුරෝකථනය කර ඇති බවත් 2017 වසරින් පසුව වසරකදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වූ ඉහළම ප්‍රතිශතය මෙය බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී පැවැසුවේය. 2017 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.46 කින් වර්ධනය විය.

2023 වසරේ දෙවැනි බාගයේදී මෙරට ආර්ථිකය ධනාත්මක ගමනක් ආරම්භ කළ බවත් පසුගිය වසරේදී මෙරට ආර්ථිකය ශක්තිමත්ව යථා තත්වයට පත්වූ බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එයට අඩු උද්ධමන පරිසරය සහ මහ බැංකුව ක්‍රියාත්මක කළ මුදල් ප්‍රතිපත්තිය සහායක් වූ බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

පසුගිය වසරේ මුල් කාර්තු තුනේදී මෙරට ප්‍රධාන ආර්ථික අංශ වර්ධනයක් වාර්තා කරමින් සියයට 5.2 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ බවද ඔහු ප්‍රකාශ කළේය. පළමු කාර්තු තුනේ ගොඩ නගාගත් ආර්ථික ක්‍රියාකාරකම්වල ගම්‍යතාව අඛණ්ඩව සිව්වැනි කර්තුවතෙක් ඉදිරියට ගෙන ගොස් ඇති බව කර්මාන්ත සහ සේවා අංශවල ප්‍රමුඛ ආර්ථික දර්ශක පෙන්නුම් කරන බවද ඔහු පැවැසුවේය

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා බලශක්ති කර්‌මාන්තයේ ලිට්රෝ ගෑස් ඉහළම තැනක.

LP ගෑස් භාවිත ලංකාවේ ජනප්‍රිය කරවීමට ලිට්රෝ සමාගම දැරූ උත්සාහය ප්‍රශංසනීයයි වගේම
අතිසාර්ථකයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්
බලගන්වීමට ද ලිට්රෝ සමාගමෙන් පුළුල් ප්‍රවේශයක් ලැබුණා. එමගින් සාමාන්‍ය ජනජීවිතවල වගේම
රටේ දේශීය ආර්ථිකය නගා සිටුවීමටක් ඉමහත් පිටුවහලක් ලැබුණා. පසු ගිය වසරේ ආර්ථික
උද්දමනයකින් ද පීඩා විඳි රටක් හැටියට නැගී සිටීමේදී මහ ජනතාව වෙනුවෙන් ලිට්රෝ ආයතනය LP
ගෑස් දේශීය වෙළඳපොළ තුළ පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට මහත් පරිශ්‍රමයක් දැරූ අතර මේ වන විට ඒ
සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කොට ඇත. ප්‍රජාවට ගෑස් සිලින්ඩර පමණක් ලබා නොදී පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් ලෙස LP ගෑස් භාවිතයේ ප්‍රතිලාභ ගැන අවබෝධයක් ලබාදීමට ද ලිට්රෝ සමාගම කටයුතු කරයි.


LP ගෑස් යනු අනෙකුත් පොසිල ඉන්ධනවලට සාපේක්ෂව අවම හරිතාගාර වායු විමෝචනයක් සහිත
අඩු කාබන් ප්‍රතිශතයකින් යුත් ඉන්ධනයකි. එමගින් සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභවයන් සඳහා
විකල්පයක් ලෙස LP ගෑස් ප්‍රවර්ධනය කිරීමෙන් කාබන් විමෝචනය අඩු කිරීමට සහ දේශගුණ
විපර්යාංශයන්ට එරෙහිව සටන් කිරීමටද ලිට්‍රෝ ලංකා සමාගම සක්‍රීයව දායක වේ. ඒ නිසා ශ්‍රී ලංකාවට
තිරසාර අනාගතයක් ඇති කිරීමේ ක්‍රමවේදයන් ලිට්රෝ සමාගම අනුගමනය කරමින් සිටින බව
දන්වන්නේ ආඩම්බරයෙනි. එනිසා රාජ්‍ය ආයතන මෙන්ම, පෞද්ගලික අංශයේ ආයතන, සහ රාජ්‍ය
නොවන සංවිධාන ද ඇතුළත් කර ගත් විවිධ පාර්ශවයන් හා එක්ව පුළුල් උපායමාර්ග සහිතව
රට පුරා ලිට්රෝ ගෑස් ප්‍රවර්ධනය අරඹා තිබේ.


වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙසින් ලිට්රෝ ගෑස් ලංකා ගෙන ඇති ඉදිරි පියවරයන් තුළින් පොදුවේ
රටක් හැටියට ඉදිරියට යාමට අවශ්‍ය ගාමක බලයක් දේශීය ආර්ථිකයට ලැබෙන විශ්වාසයෙන් කිව
හැකියි.

එල් පී භාවිතා කිරීමේදී ඔබ විශේෂයෙන්ම සැලකිල්ලක් දැක්විය යුතු කරුණු.

LP ගෑස් යනු වර්තමානයේ බොහෝ දෙනාගේ එදිනෙදා කාර්යයන් සාර්ථකව කරගෙන යාම සඳහා සහාය දක්වන
අත්‍යවශ්‍ය භාණ්ඩයක්. කර්‌මාන්ත අංශයට, නිෂ්පාදන අංශයට ඒවගේම වගේම දෛනික ජීවිතය පවත්වා ගෙන යාමටත්
LP ගෑස් මූලික වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ගෘහස්ථ ගෑස් සිලින්ඩරය භාවිතා කිරීමේදී බහුතරයක් දෙනා, වැරදි
පිළිවෙත් අනුගමනය කිරීම නිසා පහුගිය කාල සීමාවේ විවිධ අනතුරු පිළිබඳව අපිට අහන්නට ලැබුනා. ඔබත් LP ගෑස්
භාවිතා කරන පුද්ගලයෙක් නම්, අනිවාර්‌යෙන්ම දැනගත යුතු ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි
මේ සුදානම.
සාමාන්‍යයෙන් ගෑස් ලිපක් භාවිතා කරන්නේ මුළුතැන් ගෙය ඇතුලේ, ඒ නිසා උදේට මුළුතැන්ගෙයි දොර ජනෙල් විවෘත
කිරීමට ප්‍රථම ගෑස් ලිප ක්‍රියාත්මක කිරීම නොකළ යුතුයි. හේතුව රාත්‍රී කාලයේ ගෑස් කාන්දු වීමක් සිදුවී තිබුනොත් එමඟින්
අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ වගේම ගෑස් ලිප සහ ගෑස් සිලින්ඩරය ස්ථානගත කරන විට විදුලි රැහැන් විදුලි
පේනු වගේ දේවල් ඇති ස්ථානවලින් ඈත් කරලා තමයි ලිප සහ සිලින්ඩරය ස්ථානගත කරන්න ඕන.
ඊට අමතරව බහුතරයක් දෙනා නිසි පරිදි ක්‍රියාත්මක වන ප්‍රමිතියෙන් යුත්ත රෙගුලේටර් භාවිතා කිරීම පිළිබඳව දැනුවත්
නැහැ. ඒ හේතුව නිසාත් ගෑස් කාන්දු වීමක් සිදුවෙන්න පුළුවන්. එම නිසා ගෑස් භාවිතා කිරීමේදී රබර් නලය රෙගුලේටරය
නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වේද එහි පැවැත්ම කෙසේද යන්න පිළිබඳවත් ඔබ අවධානය යොමු කළ යුතුය.

එමෙන්ම ගෑස් උදුනේ දැල්ල නිල් පැහැයෙන් යුක්ත විය යුතුය. කහ හෝ තැඹිලි පාටින් ගෑස් දැල්ල පවතී නම් ඔබ වහාම
ඔබේ ගෑස් උඳුන පරීක්ෂා කරවා ගත යුතුය. ඊට අමතරව ඔබ ගෘහණියක් නම් ගෑස් සිලින්ඩරය අසල ආහාර පිසීමේදී දුහුල්
සිනිදු ඇඳුම් ඇඳීමෙන් වැළකිය යුතුය. ඒ තුළින් ගෑස් කාන්දු වීමකදී ඇතිවෙන ගින්නකදී ඔබටම ඔබේ ආරක්ෂාව තහවුරු
කර ගැනීමට හැකියාව ලැබේ. ගෑස් උඳුනක් භාවිතා කිරීමේ දී ගෑස් කාන්දු වීමක් සිදු වුනහොත් එයින් වැළකෙන්නේ
කෙසේද යන්න පිළිබඳවත් ඔබ දැනුවත් වීම මගින් අමතර ආරක්ෂාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

කොතලාවල ආරක්ෂක සරසවි සිසුන් ගිය බදුල්ලේ බස් අනතුර ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

අද (1) උදෑසන බදුල්ල අඹගස්හන්දිය ප්‍රදේශයේ සිදුවූ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පිරිසක් රැගත් බස් රථ අනතුර සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින්

 කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ (සූරියවැව) පිරිසක් රැගත් බස්රියක් බදුල්ල ප්‍රදේශයේදි රිය අනතුරකට භාජනය වීම සම්බන්ධවයි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පිරිසක් ගමන් ගනිමින් සිටි බස් රථයක් දුන්හිඳ – බදුල්ල මාර්ගයේ අඹගස් හන්දිය ප්‍රදේශයේදී අද (නොවැ 01) දින උදෑසන 0745 ට පමණ අනතුරට ලක් විය.  කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් 03 දෙනෙක්,

එම කණ්ඩායම භාරව කටයුතු කල උපදේශකවරයෙක්, බස් රථය භාරව ගමන් කල ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයෙක් හා බස් රථයේ රියදුරා ඇතුළු 42 දෙනෙක් මෙම පිරිසට අයත් වූහ.

සිදු වූ අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තවත් 40 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇත. මියගිය සිසුවියන් දෙදෙනා කුරුණෑගල හා නිවිතිගල පදිංචිකාරියන් වන අතර, තුවාල ලබා ඇති සිසුන් මේවන විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඉන් 07 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇති බව හා එක් අයෙකුගේ තත්වය බරපතළ වන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.

තවද, ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගීන් කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේවන විට දියතලාව ගුවන් හමුදා කදවුරේ ස්ථානගත කොට ඇත.

ලැබී ඇති තොරතුරු අනුව, බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදු වී ඇතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම අනතුර සිදුවූ මොහොතේ අනතුරින් තුවාල ලැබූවන් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමටත් ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමටත් ක්‍රියාකළ ප්‍රදේශවාසීන් ඇතුළු සියලු දෙනාට හා වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත ආරක්‍ෂක අමාත්‍යාංශය සිය ස්තූතිය පුදකර සිටී.

ලිට්රෝ සමාගම ට අලුත් සභාපතිවරයෙක්.

දංකොටුව පෝසිලෙන් සමාගමේ නවකතෘ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ ප්‍රධාන විධායක නිලධාරී චන්න ගුණවර්ධන මහතා ලිට්රෝ සමාගමේ නව සභාපති ලෙස පත් තේරී පත්විය. ව්‍යාපාර ආයතන රැසක ප්‍රධාන පෙළේ තනතුරු දැරූ එතුමා Aitken Spence සමූහයේ Aitken Spence Garmentd Ltd හි අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කෙරූ අතර 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයෙන් පසු royal Ferneood Porcelain පී.එල්.සී හී ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්විය.

එතුමා ව්‍යාපාර සම්බන්ධයෙන් විදෙස් කටයුතුවලදීත් විශාල අත්දැකීම් ලැබූ පුද්ගලයෙක් .Maldives හි Ernst and Young හි රටේ කළමනාකරු ලෙසත් බංගලාදේශය ඇඟලුම් මෙහෙයුම්වල ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙසත් එතුමා කටයුතු කර ඇත. ඊට අමතරව 2015 දී අප්‍රිකාවේ උද්යෝගික වෙළඳපළේ පුරෝගාමී නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමටද ඔහු විශාල සහයෝගයක් ලබාදුන් පුද්ගලයෙක්. ඊට අමතරව එතුමා Hirdaramani සමූහයේ වසර දොළහක් සේවය කළ පුද්ගලයෙකු අතර සම්මානයට පාත්‍ර වූ විශිෂ්ටයෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. 2022 වසරේදී කොළඹ නායකත්ව අධ්‍යයන පද්ධතිය විසින් චන්න මහතාට නායකත්ව විශිෂ්ටතා සම්මානය ලබාදුන් අතර 2022 වසරේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ හොඳම ප්‍රධාන විධායක නිලධාරී සම්මානයටද ඔහු පත් කෙරුණි. එතුමා එංගලන්තයේ chartered institute of management accountants සහ ඕස්ට්‍රේලියාවේ southern queensland විශ්ව විද්‍යාලයේ MBA පාඨමාලාව හැදෑරූ පුද්ගලයෙක්.

ඊට අමතරව ඔහු ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණ හා මූල්‍ය කළමනාකරන අංශයේ පළමු පන්තියේ උපාධිධාරියෙක් වීමත් විශේෂයක්. අධ්‍යාපන සුදුසුකම් සහ අත්දැකීමෙන් පරිපූර්ණ වූ එතුමා ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා පත් වුනා. ලිට්රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතා නව රජය බලයට පත්වීමත් සමගම ඉන් ඉල්ලා අස්විය. ඉන් අනතුරුව ඒ තනතුර බාරගත් ඔහුට අපේ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වූ ගෑස් අවශ්‍යතාව සාර්ථකව සපුරාලීමට හැකියාව ලැබෙයි කියා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඔහුගේ අලුත් තනතුට අපගේ හදපිරි සුබපැතුම් එකතුකරමු.

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති තරුණ හමුවකට සහභාගි විය. මෙහිදී ජනාධිපතිවරයා තරුණයන් සමග උරෙන් උර ගැටී අසුන් ගැනීම කාගේත් අවධානයට යොමු විය. තමන් සමග එකට අසුන් ගෙන සිටින ජනාධිපතිවරයාගෙන් එහි සිටි තරුණ තරුණියන් ප්‍රශ්න ඇසුවේ ඔහු රටේ ජනාධිපතිවරයා නොව තමන්ගේ මිත්‍රයකු ලෙස සලකමිනි. එහි සිටි එක් තරුණියක් ජනාධිපතිවරයාගෙන් විමසුවේ ‘‘සර්, කැමැති ගායක ගායිකාවන් සිටිනවා ද?’’ යනුවෙනි. මහ හඬින් සිනාසුනු ජනාධිපතිවරයා සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේය. ‘‘මම හොඳට සින්දු කියන හැමෝටම කැමැතියි’’ ජනාධිපතිවරයා පැවැසීය. ‘‘මම කැමැති සින්දුවක් මට ඇහෙනකෙට මට ඉබේම උරුවම් බෑවෙනවා. මම ඒක ඒ තරමටම මගේ ඇඟට ගන්නවා’’ යනුවෙන්ද ඔහු ඊට ඌනපූර්ණයක්ද එක් කළේය. එහිදී තවත් තරුණියක් ජනාධිපතිවරයාගෙන් ඇසුවේ ‘‘සර්, කවදාද අපිව පෝසත් කරන්නේ’’ යනුවෙනි.

“ඔයාට පොසත් වෙන්න ඕන නම් මේ රට පෝසත් වෙන්න ඕන. එතකොට මට පුළුවන් ඔයාලා හැමෝම පෝසත් කරන්න. ඒකට තමයි මම මේ ඡන්දේ ඉල්ලන්නේ’’. සිනා සෙමින් ඇය දෙස බැලූ ජනාධිපතිවරයා පැවැසීය.

හීනෙන්වත් ජනපති නොවන ලොක්කා

රත්නපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට දෙදිනකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු විය. ‘‘සර්, මම අනිද්දාට මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස් වෙනවා. මම කැමැති නෑ හරින්ටයි, මනූෂටයි වගේ අධිකරණයෙන් තීන්දුවක් අරන් මන්ත්‍රි ධුරයෙන් නෙරපනවාට. මම තව ටික දවසකින් ඔබතුමාට සහය දෙනවා. මම අවුරුදු 16ක් සර් ගාව හිටියා. ඒත් මට පොඩි ප්‍රශ්නයක්වත් වුණේ නෑ. ඒත් මම අපේ ලොක්කත් එක්ක අවුරුදු හතරයි හිටියේ අපෝ… සර්, මම ඒ ගැන සර්ට කියන්න ඕන නෑනේ අපේ ලොක්කගේ හැටි’’ එසේ පැවැසූ තලතා අතුකෝරල පසුගිය 8 වැනිදා වැලිමඩදී පැවැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රචාරක රැලියේදී ඔහුට සහය පළකරමින් රැලියට එක් විය. එහිදී ඇය අපූරු කතාවක් කීය. ‘‘ඔන්න දැන් මගේ හිටපු ලොක්කා එයාගේ ආර්යාවයි නංගිවයි රට වටේ එක්කගෙන යනවා මට රිදවන්න. අපෝ… මම දන්නවා එයාලා ගැන. අපේ හිටපු ලොක්කා හීනෙන්වත් ජනාධිපති වෙන්නේ නෑ. ඒ වෙන එකක් හින්දා නෙවෙයි අර දෙන්නා ළඟින් තියාගෙන ඉන්න හින්දා.’’

කිරිඇල්ලට ගොම වැටෙයි

පසුගිය 9 වැනි දින සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක රැලියක් මහනුවර මධ්‍යම වෙළෙඳපොළ සංකීර්ණයේදී පැවැත්විණි. මෙහිදී සජිත් සමීපයෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල හා ඔහුගේ දියණිය අසුන් ගෙන සිටියේය. පවුල් දේශපාලනය එපා යැයි හඬක් නැගෙන මේ අවස්ථාවේ කිරිඇල්ල සිය දියණිය ප්‍රවර්ධනය කිරීමට ගන්නා උත්සහාය සහභාගි වී සිටි බෝහෝදෙනකුගේ විවේචනයට ලක් විය. ඉදිරියේදි පත්වන සමගි ජනබලවේග රජයේ අග්‍රමාත්‍යවරයා තමන් යැයි ජනතාවට ඇඟවීමට කිරිඇල්ල මන්ත්‍රිවරයා ගන්නා උත්සාහයද විශේෂයෙන්ම මහනුවර රැලියේදී මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබලයන්ට ජන රැලිය ඇමැතීමට ඉඩ නොදීමද දැඩි විවේචනයට ලක් විය. මහනුවර සජබ ප්‍රබලයන් වන මයන්ත දිසානායකට හා ඒ.එච්.එම්. හලීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මෙන්ම මෑතකදී සජබට සහය දැක්වීමට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රිවරයාටද මහනුවර රැලියේදි ජනතාව ඇමැතීමට ඉඩ නොලැබුණේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයාගේ බලපෑම නිසා බව රැලියේ සංවිධායකවරයකු පැවැසීය.

ජාජබෙන් පන්ති පාඩමක්

ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක හා ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පසුගිය 6 වැනිදා යටිනුවර ආසනයේ පරකැටවැල්ල ග්‍රාමයේ ජන රැලියකට සහභාගි විය. ජාජබ ප්‍රබල සාමාජිකයකු වූ ඊශ්‍රායලයේ රැකියාවක නියුතුවූවකුගේ නිවසේ මෙම රැලිය පැවැති විණි. එහිදී රැලිය ඇමුතූ ලාල්කාන්ත මෙසේ පැවැසීය. ‘‘අපේ අනුර සහෝදරයා මේ වන කොට දිනලා ඉන්නේ. අනුර සහෝදරයා ජනාධිපති වුණාට පස්සේ රට අස්ථාවර කරන්න කුමන්ත්‍රණයක් දියත් කරනවා කියලා කතාවක් තියෙනවා. ඒ නිසා අපි ජනතාවට කියන්නෙ අනුර සහෝදරයා දිනුවට පස්සේ මාලිමා රජයකට ආශිර්වාද කරන්න අප හා එකතු වෙන්න කියලා. ඒ නිසා තමයි අපි ජනතාවට දේශපාලන දැනුමක් ලබා දෙන්න උත්සහා කරන්නේ. දේශපාලන දැනුම තිබුණාම අනෙක් ප්‍රශ්න සියල්ලම විසඳෙනවා. එතකොට තමයි ඊට පස්සේ තමයි රට සමාජ, සංස්කෘතික හා ආර්ථික වශයෙන් වෙනස් වෙන්නේ. අපි කෝක කරන්නත් ඉස්සෙල්ලා දේශපාලනේ ගැන දැනුම ලබා ගන්න ඕන.’’

රනිල් දින්නොත් මහ ඡන්දේ කල් යයි?

ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රට පුරා පැවැත්වෙන ජනාධිපති ප්‍රචාරක රැස්වීම් මාලාවට එජාප කථිකයන් සහභාගි කර නොගැනීම පිළිබඳ එජාප සංවිධායකයෝ කනස්සල්ලෙන් පසු වෙති. පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් ජනාධිපති රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රොද බැඳ සිටීම එජාපය නොසලකා හැරීමක් ලෙස ඔවුහු සලකති.

ඉදිරි ජනාධිපතිවරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළොත් මහා මැතිවරණයට පෙර පළාත් පාලන ඡන්ද විමසීම පවත් වන බවත් ඊට සූදානම් වන ලෙසත් දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණේ එජාප සංවිධායකවරයකුට පවසා තිබේ.

නාරම්මල රැලිය හේදිලා

පසුගිය 10 වැනිදා ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාගේ ජන රැලි තුනක් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවිත්විණි. කුලිියාපිටියේ සජිත් ප්‍රේමදාසගේ රැලිය පැවැති අතර කුරුණැගල අනුර දිසානායකගේ රැලියද නාරම්මල රනිල් වික්‍රමසිංහගේ රැලියද පැවැත් විණි. නාරම්මල රනිල්ගේ රැලිය සම්බන්ධයෙන් ආරම්භයේ සිටම සංවිධායකයන් අතර එකඟතාවක් නොතිබිණි. ‘‘10 වැනිදා නාරම්ල රැස්වීම කරන්න එපා. 17 වැනිදා කුලියාපිටියට කුරුණෑගල ආසන දහ හතරෙම සෙනඟ ගෙනත් උපරිම ලොකුවට කරමු යැයි’’ කුරුණෑගල එජාප ප්‍රබලයා, අකිල විරාජ් කාරියවසම්ගේ අදහස විය. නමුත් කුරුණැගල පොහොට්ටු ප්‍රබලයකු වූ ශාන්ත බණ්ඩරගේ අදහස වුණේ, ‘‘නෑ, දහවැනිදා කුලියාපිටියට සජිත් එනකොට, කුරුණැගලට අනුර එනකොට අපි දහ වැනිදා කුරුණෑගල දිනේ දාලා තිබ්බ නිසා අපි කොහොම හරි රැස්වීම කරන්න ඕන’’ යන්නයි. ඒ අදහසින් ශාන්ත රැස්වීම සංවිධානය කළේය. අවසානයේ එජාප කුරුණෑගල දිස්ත්‍රික් නායක අකිල විරාජ් නාරම්මල රැලියට සහභාගී නොවූ අතර අනුර යාපා, මංජුලා දිසානායක, අසංක නවරත්න, ඩී.බී. හේරත් හා ශාන්ත බණ්ඩර සහභාගීත්වයෙන් රැලිය පැවැත් විණි. ජනරැලියට ජනතාවගේ සහභාගීත්වයද ඉතාම අවම මට්ටමේ විය. ජනාධිපතිවරයා මැදවච්චියේ සිට ගුවනින් කෙළින්ම නාරම්මලට පැමිණ ජනරැලිය ඇමතීය.

සජබ අවසන් තුරුම්පුව

දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙකක ප්‍රබල දේශපාලකඥයන් දෙදෙනකු බොහෝදුරට ඉදිරි දින කිපය තුළ දේශපාලන තීන්දුවක් ගැනීමට සැරසෙන බවට වාර්තා වේ. බොහෝදුරට මේ දෙදෙනා සජිත් ප්‍රේමදාසට සහය පළ කරන බවට ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බව බුද්ධි අංශ වෙතද වාර්තා වී තිබේ. නමුත් මේ දෙදෙනා මේ මොහොතෙත් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් බැහැලා වැඩ කරමින් සිටිති. මේ දෙදනාගෙන් ඒක් අයකු පසුපස ඔහුගේ අඩි පාරේම සජිත් වෙත යෑමට සූදානමින් සිටින බස්නාහිර දේශපාලන ප්‍රබලයකු ගැනද වාර්තා වේ. ඔහු බලා සිටින්නේ පෙර කී දේශපාලනඥයා සිය ස්ථාවරය ප්‍රකාශ කරන තුරුය. සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ තිබෙන අවසාන තුරුම්පුවද මෙය බව පැවැසේ. තලතා අතුකෝරල රනිල් වික්‍රමසිංහ වෙත යෑමට එකට එක කිරීමක් ලෙස ගීතා කුමාරසිංහ සජබට සම්බන්ධ කරගත් බව පැවැසෙන අතර මේ තිරය පසුපස ක්‍රියාකාරකම් කරන්නේ ජලනි ප්‍රේමදාසගේ හිතවතකු වන ලක්ෂ්මන් ෆොන්සේකා බවද පැවැසේ.

පුවත් මවන බිරිය

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී සමගි ජනබලවේගයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව සජිත්ට උපදෙස් දී ඇත්තේ සිය බිරිය වන ජලනි ප්‍රේමදාස හා සොහොයුරිය වන දුලාන්ජලි ජයකොඩිව මේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් කරන ලෙසයි. එසේ නොවුණහොත් මැතිවරණ ව්‍යාපාරයට ලොකු බලපෑමක් සිදු විය හැකි බවටද අනතුරු අඟවා තිබේ. එසේ අනතුරු හඟවා තිබියදිත් ජලනි ප්‍රේමදාස යාපනේ පැවැති ජනහමුවකට සහභාගී වීමට ගොස් ගුවන් හමුදාවෙන් ආචාර ලබා ගත්තා යැයි පුවතක් මවා දුන්නාය. එය මේ වන විට සජබ තුළ කලබැගෑනියක් ඇති කරන තැනට වර්ධනය වෙමින් පවතී.

සුජීව සේනසිංහ අජිත් පී. පෙරේරා, ඉරාන් වික්‍රරත්න, හර්ෂද සිල්වා, රංජිත් මද්දුමබණ්ඩර හා නලීන් බණ්ඩාර ද ඊට අමතරව සමගි ජනසන්ධානය නියෝජනය කරමින් චම්පික රණවක, මනෝ ගනේෂන්, රව්ෆ් හකීම් යන අය සජබ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෝ වෙති.
(සමන් සමරක්කොඩි -Aruna)