Home Blog Page 4

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති තරුණ හමුවකට සහභාගි විය. මෙහිදී ජනාධිපතිවරයා තරුණයන් සමග උරෙන් උර ගැටී අසුන් ගැනීම කාගේත් අවධානයට යොමු විය. තමන් සමග එකට අසුන් ගෙන සිටින ජනාධිපතිවරයාගෙන් එහි සිටි තරුණ තරුණියන් ප්‍රශ්න ඇසුවේ ඔහු රටේ ජනාධිපතිවරයා නොව තමන්ගේ මිත්‍රයකු ලෙස සලකමිනි. එහි සිටි එක් තරුණියක් ජනාධිපතිවරයාගෙන් විමසුවේ ‘‘සර්, කැමැති ගායක ගායිකාවන් සිටිනවා ද?’’ යනුවෙනි. මහ හඬින් සිනාසුනු ජනාධිපතිවරයා සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේය. ‘‘මම හොඳට සින්දු කියන හැමෝටම කැමැතියි’’ ජනාධිපතිවරයා පැවැසීය. ‘‘මම කැමැති සින්දුවක් මට ඇහෙනකෙට මට ඉබේම උරුවම් බෑවෙනවා. මම ඒක ඒ තරමටම මගේ ඇඟට ගන්නවා’’ යනුවෙන්ද ඔහු ඊට ඌනපූර්ණයක්ද එක් කළේය. එහිදී තවත් තරුණියක් ජනාධිපතිවරයාගෙන් ඇසුවේ ‘‘සර්, කවදාද අපිව පෝසත් කරන්නේ’’ යනුවෙනි.

“ඔයාට පොසත් වෙන්න ඕන නම් මේ රට පෝසත් වෙන්න ඕන. එතකොට මට පුළුවන් ඔයාලා හැමෝම පෝසත් කරන්න. ඒකට තමයි මම මේ ඡන්දේ ඉල්ලන්නේ’’. සිනා සෙමින් ඇය දෙස බැලූ ජනාධිපතිවරයා පැවැසීය.

හීනෙන්වත් ජනපති නොවන ලොක්කා

රත්නපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට දෙදිනකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු විය. ‘‘සර්, මම අනිද්දාට මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස් වෙනවා. මම කැමැති නෑ හරින්ටයි, මනූෂටයි වගේ අධිකරණයෙන් තීන්දුවක් අරන් මන්ත්‍රි ධුරයෙන් නෙරපනවාට. මම තව ටික දවසකින් ඔබතුමාට සහය දෙනවා. මම අවුරුදු 16ක් සර් ගාව හිටියා. ඒත් මට පොඩි ප්‍රශ්නයක්වත් වුණේ නෑ. ඒත් මම අපේ ලොක්කත් එක්ක අවුරුදු හතරයි හිටියේ අපෝ… සර්, මම ඒ ගැන සර්ට කියන්න ඕන නෑනේ අපේ ලොක්කගේ හැටි’’ එසේ පැවැසූ තලතා අතුකෝරල පසුගිය 8 වැනිදා වැලිමඩදී පැවැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රචාරක රැලියේදී ඔහුට සහය පළකරමින් රැලියට එක් විය. එහිදී ඇය අපූරු කතාවක් කීය. ‘‘ඔන්න දැන් මගේ හිටපු ලොක්කා එයාගේ ආර්යාවයි නංගිවයි රට වටේ එක්කගෙන යනවා මට රිදවන්න. අපෝ… මම දන්නවා එයාලා ගැන. අපේ හිටපු ලොක්කා හීනෙන්වත් ජනාධිපති වෙන්නේ නෑ. ඒ වෙන එකක් හින්දා නෙවෙයි අර දෙන්නා ළඟින් තියාගෙන ඉන්න හින්දා.’’

කිරිඇල්ලට ගොම වැටෙයි

පසුගිය 9 වැනි දින සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක රැලියක් මහනුවර මධ්‍යම වෙළෙඳපොළ සංකීර්ණයේදී පැවැත්විණි. මෙහිදී සජිත් සමීපයෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල හා ඔහුගේ දියණිය අසුන් ගෙන සිටියේය. පවුල් දේශපාලනය එපා යැයි හඬක් නැගෙන මේ අවස්ථාවේ කිරිඇල්ල සිය දියණිය ප්‍රවර්ධනය කිරීමට ගන්නා උත්සහාය සහභාගි වී සිටි බෝහෝදෙනකුගේ විවේචනයට ලක් විය. ඉදිරියේදි පත්වන සමගි ජනබලවේග රජයේ අග්‍රමාත්‍යවරයා තමන් යැයි ජනතාවට ඇඟවීමට කිරිඇල්ල මන්ත්‍රිවරයා ගන්නා උත්සාහයද විශේෂයෙන්ම මහනුවර රැලියේදී මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබලයන්ට ජන රැලිය ඇමැතීමට ඉඩ නොදීමද දැඩි විවේචනයට ලක් විය. මහනුවර සජබ ප්‍රබලයන් වන මයන්ත දිසානායකට හා ඒ.එච්.එම්. හලීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මෙන්ම මෑතකදී සජබට සහය දැක්වීමට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රිවරයාටද මහනුවර රැලියේදි ජනතාව ඇමැතීමට ඉඩ නොලැබුණේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයාගේ බලපෑම නිසා බව රැලියේ සංවිධායකවරයකු පැවැසීය.

ජාජබෙන් පන්ති පාඩමක්

ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක හා ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පසුගිය 6 වැනිදා යටිනුවර ආසනයේ පරකැටවැල්ල ග්‍රාමයේ ජන රැලියකට සහභාගි විය. ජාජබ ප්‍රබල සාමාජිකයකු වූ ඊශ්‍රායලයේ රැකියාවක නියුතුවූවකුගේ නිවසේ මෙම රැලිය පැවැති විණි. එහිදී රැලිය ඇමුතූ ලාල්කාන්ත මෙසේ පැවැසීය. ‘‘අපේ අනුර සහෝදරයා මේ වන කොට දිනලා ඉන්නේ. අනුර සහෝදරයා ජනාධිපති වුණාට පස්සේ රට අස්ථාවර කරන්න කුමන්ත්‍රණයක් දියත් කරනවා කියලා කතාවක් තියෙනවා. ඒ නිසා අපි ජනතාවට කියන්නෙ අනුර සහෝදරයා දිනුවට පස්සේ මාලිමා රජයකට ආශිර්වාද කරන්න අප හා එකතු වෙන්න කියලා. ඒ නිසා තමයි අපි ජනතාවට දේශපාලන දැනුමක් ලබා දෙන්න උත්සහා කරන්නේ. දේශපාලන දැනුම තිබුණාම අනෙක් ප්‍රශ්න සියල්ලම විසඳෙනවා. එතකොට තමයි ඊට පස්සේ තමයි රට සමාජ, සංස්කෘතික හා ආර්ථික වශයෙන් වෙනස් වෙන්නේ. අපි කෝක කරන්නත් ඉස්සෙල්ලා දේශපාලනේ ගැන දැනුම ලබා ගන්න ඕන.’’

රනිල් දින්නොත් මහ ඡන්දේ කල් යයි?

ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රට පුරා පැවැත්වෙන ජනාධිපති ප්‍රචාරක රැස්වීම් මාලාවට එජාප කථිකයන් සහභාගි කර නොගැනීම පිළිබඳ එජාප සංවිධායකයෝ කනස්සල්ලෙන් පසු වෙති. පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් ජනාධිපති රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රොද බැඳ සිටීම එජාපය නොසලකා හැරීමක් ලෙස ඔවුහු සලකති.

ඉදිරි ජනාධිපතිවරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළොත් මහා මැතිවරණයට පෙර පළාත් පාලන ඡන්ද විමසීම පවත් වන බවත් ඊට සූදානම් වන ලෙසත් දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණේ එජාප සංවිධායකවරයකුට පවසා තිබේ.

නාරම්මල රැලිය හේදිලා

පසුගිය 10 වැනිදා ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාගේ ජන රැලි තුනක් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවිත්විණි. කුලිියාපිටියේ සජිත් ප්‍රේමදාසගේ රැලිය පැවැති අතර කුරුණැගල අනුර දිසානායකගේ රැලියද නාරම්මල රනිල් වික්‍රමසිංහගේ රැලියද පැවැත් විණි. නාරම්මල රනිල්ගේ රැලිය සම්බන්ධයෙන් ආරම්භයේ සිටම සංවිධායකයන් අතර එකඟතාවක් නොතිබිණි. ‘‘10 වැනිදා නාරම්ල රැස්වීම කරන්න එපා. 17 වැනිදා කුලියාපිටියට කුරුණෑගල ආසන දහ හතරෙම සෙනඟ ගෙනත් උපරිම ලොකුවට කරමු යැයි’’ කුරුණෑගල එජාප ප්‍රබලයා, අකිල විරාජ් කාරියවසම්ගේ අදහස විය. නමුත් කුරුණැගල පොහොට්ටු ප්‍රබලයකු වූ ශාන්ත බණ්ඩරගේ අදහස වුණේ, ‘‘නෑ, දහවැනිදා කුලියාපිටියට සජිත් එනකොට, කුරුණැගලට අනුර එනකොට අපි දහ වැනිදා කුරුණෑගල දිනේ දාලා තිබ්බ නිසා අපි කොහොම හරි රැස්වීම කරන්න ඕන’’ යන්නයි. ඒ අදහසින් ශාන්ත රැස්වීම සංවිධානය කළේය. අවසානයේ එජාප කුරුණෑගල දිස්ත්‍රික් නායක අකිල විරාජ් නාරම්මල රැලියට සහභාගී නොවූ අතර අනුර යාපා, මංජුලා දිසානායක, අසංක නවරත්න, ඩී.බී. හේරත් හා ශාන්ත බණ්ඩර සහභාගීත්වයෙන් රැලිය පැවැත් විණි. ජනරැලියට ජනතාවගේ සහභාගීත්වයද ඉතාම අවම මට්ටමේ විය. ජනාධිපතිවරයා මැදවච්චියේ සිට ගුවනින් කෙළින්ම නාරම්මලට පැමිණ ජනරැලිය ඇමතීය.

සජබ අවසන් තුරුම්පුව

දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙකක ප්‍රබල දේශපාලකඥයන් දෙදෙනකු බොහෝදුරට ඉදිරි දින කිපය තුළ දේශපාලන තීන්දුවක් ගැනීමට සැරසෙන බවට වාර්තා වේ. බොහෝදුරට මේ දෙදෙනා සජිත් ප්‍රේමදාසට සහය පළ කරන බවට ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බව බුද්ධි අංශ වෙතද වාර්තා වී තිබේ. නමුත් මේ දෙදෙනා මේ මොහොතෙත් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් බැහැලා වැඩ කරමින් සිටිති. මේ දෙදනාගෙන් ඒක් අයකු පසුපස ඔහුගේ අඩි පාරේම සජිත් වෙත යෑමට සූදානමින් සිටින බස්නාහිර දේශපාලන ප්‍රබලයකු ගැනද වාර්තා වේ. ඔහු බලා සිටින්නේ පෙර කී දේශපාලනඥයා සිය ස්ථාවරය ප්‍රකාශ කරන තුරුය. සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ තිබෙන අවසාන තුරුම්පුවද මෙය බව පැවැසේ. තලතා අතුකෝරල රනිල් වික්‍රමසිංහ වෙත යෑමට එකට එක කිරීමක් ලෙස ගීතා කුමාරසිංහ සජබට සම්බන්ධ කරගත් බව පැවැසෙන අතර මේ තිරය පසුපස ක්‍රියාකාරකම් කරන්නේ ජලනි ප්‍රේමදාසගේ හිතවතකු වන ලක්ෂ්මන් ෆොන්සේකා බවද පැවැසේ.

පුවත් මවන බිරිය

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී සමගි ජනබලවේගයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව සජිත්ට උපදෙස් දී ඇත්තේ සිය බිරිය වන ජලනි ප්‍රේමදාස හා සොහොයුරිය වන දුලාන්ජලි ජයකොඩිව මේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් කරන ලෙසයි. එසේ නොවුණහොත් මැතිවරණ ව්‍යාපාරයට ලොකු බලපෑමක් සිදු විය හැකි බවටද අනතුරු අඟවා තිබේ. එසේ අනතුරු හඟවා තිබියදිත් ජලනි ප්‍රේමදාස යාපනේ පැවැති ජනහමුවකට සහභාගී වීමට ගොස් ගුවන් හමුදාවෙන් ආචාර ලබා ගත්තා යැයි පුවතක් මවා දුන්නාය. එය මේ වන විට සජබ තුළ කලබැගෑනියක් ඇති කරන තැනට වර්ධනය වෙමින් පවතී.

සුජීව සේනසිංහ අජිත් පී. පෙරේරා, ඉරාන් වික්‍රරත්න, හර්ෂද සිල්වා, රංජිත් මද්දුමබණ්ඩර හා නලීන් බණ්ඩාර ද ඊට අමතරව සමගි ජනසන්ධානය නියෝජනය කරමින් චම්පික රණවක, මනෝ ගනේෂන්, රව්ෆ් හකීම් යන අය සජබ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෝ වෙති.
(සමන් සමරක්කොඩි -Aruna)

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද දහවල් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී එළි දක්වන ලදි.
“රනිල් සමග රට දිනවන වසර 5ක්” යන තේමාව යටතේ එළිදැක්වූ එම ප්‍රතිපත්ති ප්‍රකාශය නම්කර ඇත්තේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ නමිනි.
එහි සාරාංශගත කරුණු කිහිපයක් පහතින් ඇති අතර
සම්පූර්ණ පිටු 62 කින් යුතු ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැන ක්ලික් කර කියවන්න

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මේ අවස්ථාවේ, බොහෝ දෙනා IMF (ජාත්‍යන්තර මුල්‍ය අරමුදල) සහාය ලබා ගැනීමක් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය බවට ප‍්‍රකාශ කළා. මෙම අදහස විශාල පිරිසක් විසින් පිළිගනු ලැබුවා, සහ IMF ආධාර ලබාගැනීමක් මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සුවපහසු වීමට ඉඩ තිබෙන බවට බලාපොරොත්තු දැක්වුවා.

නමුත්, බංග්ලාදේශය IMF ආධාර පතමින් ඩොලර් බිලියන 4ක් ලබාගත් රටක් වුණත්, එම මුදල් පරිපාටිය ඔවුන්ගේ ආර්ථික අර්බුදය දුරු කළේ නැහැ. IMF ආධාර ලබාගැනීමෙන් පසුව, බංග්ලාදේශයේ ආර්ථිකය තවදුරටත් අස්ථාවරව පවතී.

මෙම අවස්ථාව අපට සිතීමට දෙනේ: IMF ආධාර ලබාගැනීමක් පමණින් රටක ආර්ථිකය ස්ථාවර වේද? IMF විසින් සපයන ආධාර සහ දැනුම ප්‍රතිසංස්කරණයක් සමඟ එකට ක්‍රියාත්මක කරන විට, එම රටේ ආර්ථිකයට ලැබෙන ප්‍රතිඵල යථාර්ථවාදී විය යුතුය. බංග්ලාදේශයේ අත්දැකීම පෙන්වන්නේ IMF ආධාරයක් පමණක් රටක ආර්ථිකය සංවර්ධනය කළ නොහැකි බවයි. එයට අමතරව, ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ සහ බලවත් පාලන ක්‍රමවේදයන්ද එක් විය යුතුය.

ශ්‍රී ලංකාව සඳහා, IMF ආධාර ලබාගැනීමේදී ඉතා යථාර්ථවාදීව බලයත්මත්ව ක්‍රියාකළ යුතු අතර, බංග්ලාදේශයේ අත්දැකීම අනුව අපේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්පූර්ණයක් සඳහා අනිත් විකල්පයන්ද සොයා බැලිය යුතුය.

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මේ අවස්ථාවේ, බොහෝ දෙනා IMF (ජාත්‍යන්තර මුල්‍ය අරමුදල) සහාය ලබා ගැනීමක් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය බවට ප‍්‍රකාශ කළා. මෙම අදහස විශාල පිරිසක් විසින් පිළිගනු ලැබුවා, සහ IMF ආධාර ලබාගැනීමක් මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සුවපහසු වීමට ඉඩ තිබෙන බවට බලාපොරොත්තු දැක්වුවා.

නමුත්, බංග්ලාදේශය IMF ආධාර පතමින් ඩොලර් බිලියන 4ක් ලබාගත් රටක් වුණත්, එම මුදල් පරිපාටිය ඔවුන්ගේ ආර්ථික අර්බුදය දුරු කළේ නැහැ. IMF ආධාර ලබාගැනීමෙන් පසුව, බංග්ලාදේශයේ ආර්ථිකය තවදුරටත් අස්ථාවරව පවතී.

මෙම අවස්ථාව අපට සිතීමට දෙනේ: IMF ආධාර ලබාගැනීමක් පමණින් රටක ආර්ථිකය ස්ථාවර වේද? IMF විසින් සපයන ආධාර සහ දැනුම ප්‍රතිසංස්කරණයක් සමඟ එකට ක්‍රියාත්මක කරන විට, එම රටේ ආර්ථිකයට ලැබෙන ප්‍රතිඵල යථාර්ථවාදී විය යුතුය. බංග්ලාදේශයේ අත්දැකීම පෙන්වන්නේ IMF ආධාරයක් පමණක් රටක ආර්ථිකය සංවර්ධනය කළ නොහැකි බවයි. එයට අමතරව, ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ සහ බලවත් පාලන ක්‍රමවේදයන්ද එක් විය යුතුය.

ශ්‍රී ලංකාව සඳහා, IMF ආධාර ලබාගැනීමේදී ඉතා යථාර්ථවාදීව බලයත්මත්ව ක්‍රියාකළ යුතු අතර, බංග්ලාදේශයේ අත්දැකීම අනුව අපේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්පූර්ණයක් සඳහා අනිත් විකල්පයන්ද සොයා බැලිය යුතුය.

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇති අතර, කලාපයේ ප්‍රධාන පාලමක් කඩා වැටීමෙන් පසු මුදා ගැනීමේ මෙහෙයුම් වලට බාධා එල්ල විය.

ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පැවසුවේ පුද්ගලයන් 70 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර බොහෝ පිරිසක් චාලියාර් ගඟේ ගසාගෙන යාමට ඉඩ ඇති බවයි.

තත්වය බරපතලයි. ගලවා ගැනීම සඳහා රජය සියලු ආයතනවලට බලපෑම් කර ඇත, ”ප්‍රාන්තයේ වයනාඩ් දිස්ත්‍රික්කයේ නායයෑම්වලින් පසු ප්‍රාන්ත වන සංරක්ෂණ අමාත්‍ය ඒ කේ සසීන්ද්‍රන් මාධ්‍ය වෙත පැවසීය. දවස පුරා වැඩි වර්ෂාවක් පුරෝකථනය කරන ලදී.

ඔලිම්පික් ඉතිහාසයේ ලංකාවේ නම රන් අකුරින් ලියවෙයි – සමාරම්භක උළෙලේ හොඳම සංස්කෘතික ඇඳුම් අතර ලංකාවට තෙවැනි තැන

2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලේ හොඳම සංස්කෘතික ඇඳුම් 11 සංවිධායකයින් විසින් නම් කර තිබෙනවා.

ඒ අතර තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකීය සංස්කෘතිය විදහා දක්වමින් නිර්මාණය කළ විලාසිතාව සමත්ව තිබේ.

එම විලාසිතා අතර පළමු ස්ථානය මොංගෝලියාවටත්, දෙවැනි තැන මෙක්සිකෝව විසිනුත් හිමිකරගැනීමට සමත්ව ඇති බව සඳහන්.

ආසියානු කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ විශිෂ්ට දක්‍ෂතා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 500,000 ක ත්‍යාගයක් පිරිනමා ඇත. කණ්ඩායමේ සුවිශේෂී උත්සාහය සහ කැපවීම ජාතියට අභිමානයක් සහ පිළිගැනීමක් ගෙන අවා.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර වේදිකාවේ ඔවුන්ගේ දක්ෂතා රන් අකුරින් ලියවුනා.

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.
අද පැවති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.මෙහිදී දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82නෙකු සිටින අතර මෙයින් 79 ක් රැස්වීමට එක්ව සිටියහ.

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ යෝජනාවට විරුද්ධ වූයේ පැමිණ සිටි සාමාජිකයින්ගෙන් 11 දෙනෙකු පමණි. තවද පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සදහා සහය දෙන අයට විරුද්ධව විනය පියවර ගැනීම සදහා වූ යෝජනාවට විරුද්ධ වූයේ 06 දෙනෙක් පමණි.


අදාළ තීරණයට එළඹ ඇත්තේ දේශපාලන මණ්ඩලය තුළ ඡන්ද විමසීමකින් අනතුරුවය.
ඒ අනුව පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.
අද පැවති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.මෙහිදී දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82නෙකු සිටින අතර මෙයින් 79 ක් රැස්වීමට එක්ව සිටියහ.

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ යෝජනාවට විරුද්ධ වූයේ පැමිණ සිටි සාමාජිකයින්ගෙන් 11 දෙනෙකු පමණි. තවද පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සදහා සහය දෙන අයට විරුද්ධව විනය පියවර ගැනීම සදහා වූ යෝජනාවට විරුද්ධ වූයේ 06 දෙනෙක් පමණි.


අදාළ තීරණයට එළඹ ඇත්තේ දේශපාලන මණ්ඩලය තුළ ඡන්ද විමසීමකින් අනතුරුවය.
ඒ අනුව පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති අතර ඒ වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි. අපේක්ෂකයා පසුව තීරණය කෙරේ.