Home Blog Page 42

උසස් පෙළ පන්ති ආරම්භ කිරීම කළ යුතු ආකාරය මෙන්න

පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සිසුන්ගේ කැමැත්ත ආ ඔවුන් පෙන්නුම් කරන සාධන මට්ටම් අනුව ඉදිරි ජුනි මස 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ප්‍රතිඵල ලැබෙන තෙක් තාවකාලික පදනම යටතේ සිසුන් උසස් පෙළ හැදෑරීමට අපේක්ෂිත විෂය ධාරා අනුව පන්ති ආරම්භ කළ යුතුයි.

සාමාන්‍ය පෙළට සිසුන් පෙනී සිටි පාසලේ උසස් පෙළ පන්ති තිබේනම් එම පාසලේම එම සිසුන්ට පන්ති ආරම්භ කර තාවකාලිකව සිසුන් එම පන්තිවලට යොමු කළ යුතු වනවා..

එසේ නොවන හෝ සිසුන් හැදෑරීමට අපේක්ෂිත විෂය ධාරා නොමැති පාසල්වල සිසුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ යෝජිත පාසල් පොකුරු තුළ තිබෙන සුදුසු පාසල්වලට තාවකාලිකව අනුයුක්ත කළ යුතුය.ඒ සඳහා හිටපු පාසලෙන් ශිෂ්‍ය කාර්ය දර්ශකය (අස්වීම් සහතිකය)අවශ්‍ය නොවේ.

මෙලෙස තාවකාලිකව ආරම්භ කරන උසස් පෙළ පන්තිවල 12 ශ්‍රේණියට අදාල විෂය නිර්දේශ ඉගැන්විය යුතු බවත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත්වූ පසු විධිමත්ව එම පන්ති විධිමත්ව ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ත්‍ර#ස්තවාදය පරාජයට පත් කර අදට වසර 15ක්

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වනවා.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මානුෂිය මෙහෙයුම සඳහා නායකත්වය දුන් අතර ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළා.

මේ අතර 15ක් වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 දෙනෙකු ඊළඟ නිලයට උසස් කිරීමට පියවර ගෙන තිබෙන අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සෙබළුන් 1,300 කට වැඩි පිරිසකට උසස් වීම් ලබා දීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම රණවිරු දින සැමරුම් උත්සවය හෙට (19) පස්වරුවේ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතයි.

හෙට පස්වරු 4.00 ට රණවිරු දින සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත අතර ඒ හේතුවෙන් සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබෙන බව පොලීසිය සඳහන් කළා.

අද සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්.

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද (18) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇති.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල දහවල් 12.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එමෙන්ම දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක් තද සුළං තත්ත්වයක් ද පැවතිය හැකි බව සඳහන්.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මත්ද්‍රව්‍ය පුච්චන අධිබලැති උඳුන කෝටියකට වැඩියි. පළමු මත්ද්‍රව්‍ය තොගය අද පස්වරුවේ විනාශ කරයි.

යුක්තියෙන් ඇල්ලූ ‍මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකර තිබෙන අධිබලැති උඳුනේ ප්‍රථම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම අද (මැයි 18) සවස 5:00ට සිදුකිරීමට නියමිතව ඇත.

‍මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයගේ සහභාගිත්වයෙන් මෙය කරනු ඇත.

මෑතකදී නඩු කටයුතු අවසන් වූ පාකිස්තාන ජාතිකයන් 07 දෙනෙකු සන්තකයේ තිබී භාරයට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 279 ග්‍රෑම් 591ක් හා මෙතම්ෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45ක් ග්‍රෑම් 654ක ප්‍රමාණයක් අද විනාශ කෙරෙනු ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය සෙල්සියස් අංශක 800-1200 අතර දක්වා උෂ්ණත්වයකින් විනාශ කිරීම සිදු කළ යුතු අතර, ඒ සඳහා පැය 8ක කාලයක් ගත වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

රුපියල් මිලියන 11කට අධික මුදලක් වැය කර මෙම අධිබලැති උඳුන ශ්‍රී ලංකා පොලිසියේ වියදමින් මිලදී ගෙන ස්ථාපානය කර තිබේ.

ජුනි 27 සහ සැප්තැම්බර් 10 තීරණාත්මකයි: ජනාධිපති විවාදවලට දින නියම වේ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට පෙර විවාද දෙකකට එකඟ වී තිබෙනවා.

ඒ අනුව පළමු විවාදය ජූනි 27 වන දින CNN හි විකාශය වන බව කේබල් ප්‍රවෘත්ති ජාලය නිවේදනය කර ඇති අතර විවාදය සජීවී ප්‍රේක්ෂකයින් නොමැතිව ඇට්ලන්ටා චිත්‍රාගාරයකින් විකාශනය කෙරෙන බව සඳහන්.

ABC රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාව පවසා ඇත්තේ එය සැප්තැම්බර් 10 වන දින දෙවන ජනාධිපති විවාදය ප්‍රේක්ෂකයන්ගෙන් තොර චිත්‍රාගාරයක පවත්වනු ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් යන දෙදෙනාම එහිදී ධවල මන්දිරය ජයග්‍රහණය කිරීම සඳහා තරඟයේදී තීරණාත්මක විවාදයක් පවත්වනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.

14 හැවිරිදි දියණිය රෝහල් ගතකල පසු වෛද්‍යවරුන් හෙලිකල දෙයින් මවට ජීවිතයම එපා වෙයි.

වවුනියාව ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවියකගේ ජීවිතය අදුරු කර පවුකාරයින් පිරිසක් ගැන අසන්නට ලැබේ. පාසල් යන සිසුවියක වූ ඇයට තර්ජනය කර පවුකාරයින් පිරිසක් සිය ආසාව සපුරාගෙන තිබුනේ හිත්පිත් නැත්තවුන් ලෙසින්. මේ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

කෝටි 5ක ජංගම දුරකතනවලට සිදු වූ දේ, ගුවන්තොටුපලෙන් පන්නන්න බැරි වෙයි.

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීන ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්‍රයිව් තොගයක් සමග ඒවා ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (17) අලුයම අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු 59 හැවිරිදිය. අනෙක් ව්‍යාපාරිකයා කොළඹ – 14 පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.

ඔවුන් දෙදෙනා ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද අලුයම 04.55ට පැමිණ තිබුණා.

මෙම ජංගම දුරකථන සහ පෙන් ඩ්‍රයිව් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

රතුපස්වල චුදිතයන් නිදොස් කර නිදහස්.

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අනුව සියල්ලන් නිදොස් කර නිදහස් කර තිබෙනවා.

මීට වසර 11කට පෙර මෙම සිදුවීම වාර්තා වූ අතර, නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.