සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති අතර ඒ වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි. අපේක්ෂකයා පසුව තීරණය කෙරේ.
ක්‍රිකට් පිටියේ කාගේත් ආදරවන්තයා.. පැතුම් නිස්සංක පිය පදවිය ලබයි..
පැතුම් නිස්සංක කියන්නේ දැනටමත් විශිෂ්ඨයෙක්.. හදවතේ වීරයෙක් ගොඩක් දෙනෙක් ඔහු ගැන කිව්වේ එහෙම..
අපි කවුරුත් ආදරය කරන මේ ක්‍රිකට් ක්‍රීඩකයා ඊයේ තරඟයෙන් අනතුරුව හදිසියේම කණ්ඩායමෙන් ඉවත් වී ගොස් තිබෙනවා…
ඒ ඇයි ගොඩක් දෙනෙක් විමසුවේ අන්න ඒ ගැන.. ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු පැතුම් නිස්සංක අද පිය පදවිය ලබා තියෙනවා..
ඉතින් මේ වෙනකොටත් පැතුම්ට බොහෝ දෙනෙක්ගේ සුබපැතුම් ගලාගෙන එනවා.. ඒ විතරක් නෙවෙයි..
මේ සුබ පණිවිඩයෙන් පස්සේ පුංචි පුතාගේ මූණ දැකගෙනම පැතුම් ආයෙත් T20 තරඟය සඳහා සහභාගි වනු ඇති බවත් වාර්තා වෙනවා…

විජයදාස ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
විජයදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමට මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මෙලෙස පැවසීය,
“කැබිනට් මණ්ඩලයේ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන කිසිවෙකුත් තවම ඉදිරිපත් වී නෑ. අපි දෙන්නම ආගන්තුක පක්ෂවලින් තරග කරන්නේ. මම කල්පනා කළා ජනාධිපතිතුමා මේ ගැන මගෙන් මතය ඇහුවා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙම අමාත්‍ය ධුරයෙන් සමුගන්න තීරණය කළා. ඒ බව මම දැනුම්දී තිබෙනවා. අමාත්‍ය ධුර භාරගැනීම, නෙරපීම, ඉවත්වීම මට සාමාන්‍ය දෙයක්. මීට පෙර 6 වතාවක් මට පිරිනැමපු අමාත්‍ය ධුර මම භාරගෙන නෑ.”
ජනාධිපතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත් ට
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් පවසයි.
දැනටමත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජනබල වේගය සමග කටයුතු කරන අතර තම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නැතත් උත්තර මණ්ඩලයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට කටයුතු කරන බවට විශ්වාසයක් තමන් තුල පවතින බව ජාතික සංවිධායකවරයා සදහන් කරයි.
පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුප් හකීම් ඇතුළු පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ දැනටමත් එක්ව කටයුතු කරණ නිසා උත්තරීතර මණ්ඩලයේ සහයද සජිත් ප්‍රේමදාස ට ලැබෙන බව ජාතික සංවිධායක එම්.එස්.තවුපික් විශ්වාසය පල කරයි.
විනය කඩකිරීමක්: හෙද හෙදියන් NPP පළාත් පාලන සමුළුවට නිළ ඇඳුමෙන් පැමිණීම විවෙචනයට ලක්වේ
ජාතික ජන බලවේගයේ හෙද සමුළුව අද දිනයේදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙහිදී වඩාත් කැපී පෙනුණු කාරණයක් වන්නේ හෙද හෙදියන් සමහරක් තම වෘත්තීය නිළ ඇදුම භාවිතා කරමින් සමුළුවට පැමිණීමයි.
මෙම ක්‍රියාව හෙද වෘත්තීයමය ප්‍රමිතීන්ට සහ ගෞරවයට පටහැනි බවට දැඩි විවේචනයට ලක්වී තිබේ. තමන්ගේ වෘත්තීය නිළ ඇදුම, තමන්ගේ පුද්ගලික දේශපාලන කැමැත්ත සහ ප්‍රවෘත්ති පවත්වන ප්‍රදේශවල දී භාවිතා කිරීම, වෘත්තීයමය කේත වලට පටහැනි වීමක් බව විවේචකයින් පවසති.
ඔවුන්ගේ ගෞරවනීය වෘත්තීය ඇදුම පුද්ගලික අවශ්‍යතා සහ දේශපාලන ප්‍රයෝජන සඳහා භාවිතා කිරීම හෙද වෘත්තියේ පූජනීය භාවයට හානිකර බව පවසමින්, සමාජ මාධ්‍යයන්හි බොහෝ පිරිස් මෙයට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.
මෙම සිදුවීම, සුවසැරිය මෙන්ම රෝහල්වල සුවතා සේවාවන් පවත්වාගෙන යාමට සිදුවන අපහසුතාවයන් ගැනද ප්‍රශ්න ගොඩනගයි. මෙවැනි ක්‍රියා හෙද වෘත්තියෙහි විශාල පිරිසකගේ විරෝධයත්, සමාජයේ විශ්වාසයත් අහිමි කිරීමක් ලෙසින් සැලකිය යුතුයි.
විනය කඩකිරීම සහ වෘත්තීයමය ප්‍රමිතීන් පිළිබඳව ඇති ගැටලු මෙම සිදුවීමෙන් මතුව තිබෙන අතර, ඉදිරියේදී වෘත්තියමය ක්‍රියා පටිපාටීන් පිළිබඳව නැවත සැලකිල්ලකට ලක්විය යුතුයි.
ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට තරගය ආරම්භ වේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අපරාජිත කණ්ඩායමක් ලෙසින්. වත්මන් ආසියානු ශූරියන් වන ඉන්දීය කණ්ඩායමද මෙම තරගයට අපරාජිතව සුදුසුකම් ලැබීය.
ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පවසා සිටියේ, ක්‍රීඩාලෝලීන්ගෙන් ලැබුණු ශක්තිය තමන් ඇතුළු කණ්ඩායමට අවසන් මහා තරගය දක්වා යෑමට ආශිර්වායයක් වූ බවයි. එමනිසා, අවසන් මහා තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වීමට, තරගය නැරඹීමට පැමිණෙන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නීය.
මේ අවස්ථාව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වැදගත් මොහොතක් වන අතර, ක්‍රීඩාලෝලීන්ගේ සහාය මහත් වටිනාකමක් වේ.

ශ්‍රී ලංකාවේ කිසිදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයේදී 50% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගත්තහොත්, ඡන්ද විමසීමේදී සිදුවන්නේ කුමක් ද?
01. ඉහළම ඡන්ද ලැබූ අපේක්ෂකයින් දෙදෙනා හැර අනෙක් සියලුම අපේක්ෂකයින් තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
02. ඉවත් කරන ලද අපේක්ෂකයින්ගේ ඡන්ද පත්‍රිකාවල 2 වන සහ 3 වන මනාප ක්‍රියාත්මක වේ.
3. මනාපයක් ලෙස සලකුණු කර ඇති අවසන් අපේක්ෂකයා නොමැති ඡන්ද පත්‍රිකා පසෙකින් තබා ඇත.
04. ඉතිරි ඡන්ද පත්‍රිකා සඳහා: 2 වන මනාපය අවසන් අපේක්ෂකයෙකු සඳහා නම්, එම ඡන්දය ඔවුන්ගේ සංඛ්‍යාවට එකතු වේ.
05. 2 වන මනාපය ඉවත් කරන ලද අපේක්ෂකයෙකු සඳහා වන නමුත් 3 වන මනාපය අවසන් අපේක්ෂකයෙකු සඳහා නම්, එම ඡන්දය අවසන් අපේක්ෂකයාට හිමිවේ.
06. මෙම ක්‍රියාවලියෙන් පසු වැඩිම ඡන්ද ගණන් කරන අපේක්ෂකයා ජය ගනී.