Home Blog Page 6

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ගමන්ගත් රථය යතුරුපැදියක ගැටීමෙන් අනතුරකට

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ගමන්ගත් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරකට ලක්ව තිබේ. කිලිනොච්චිය පොලීසිය සඳහන් කළේ, මෙම අනතුර ඊයේ (27) සවස සිදුවූ බවයි.

අනතුර Colombo සිට Jaffna දක්වා ගමන් කළ මන්ත්‍රීවරයාගේ රථය, කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව ප්‍රදේශයේදී යතුරුපැදියක් ගැටීමෙන් සිදුවී ඇති බව පොලීසිය පැවසීය.

අනතුරෙන් කිසිවෙකුට තුවාල සිදු නොවූ අතර, මන්ත්‍රීවරයාගේ වාහනයේ ඉදිරිපස කොටසට සුළු හානියක් සිදුවී ඇත.

අමාත්‍යාංශයේ බලපෑම් හේතුවෙන් අතළුවගේ සභාපති ධුරයෙන් ඉවතට!

මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනිසි බලපෑම් හේතුවෙන්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී. අතළුවගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇති අතර, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ද මෙම තීරණය දැනුවත් කළ බව අතළුවගේ මහතා පවසයි.

අතළුවගේ මහතා අමතරයෙන් තවත් පවසන්නේ, රාජ්‍ය සේවකයන්ට බලපෑම් සිදුකරනු ලබන නිලධාරියෙකු යටතේ සේවය කිරීමට ඇති අකමැත්ත මත ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි තම ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.

ජනාධිපතිවරණය සහ පළාත් පාලන අපේක්ෂකයින්ගේ අර්බුදය

ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ විවිධ සන්ධාන ගොඩනඟමින් තිබියදී, පසුගිය පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් බිම් මට්ටමේ අපේක්ෂකයින් අර්බුදයකට මුහුණපා සිටින බව වාර්තා වේ. 2018 පෙබරවාරි 10 දා පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර වැඩි වශයෙන් දිනා ගත්තහ.

2023 වසරේදී කැඳවූ පළාත් පාලන මැතිවරණය කල් දැමීමෙන් අනතුරුව, නාමයෝජනා අහෝසි නොවීම නිසා, බිම් මට්ටමේ අපේක්ෂකයින් දැඩි ගැටලුවකට මුහුණපා ඇත. ඔවුන් පවසන්නේ ජනාධිපතිවරණයේදී අලුත් ඡන්ද ලකුණක් ප්‍රවර්ධනය කිරීමට සිදුවීම නිසා පළාත් පාලන මැතිවරණයේදී තමන්ගේ ඡන්ද ලකුණ ප්‍රවර්ධන කිරීමට යලි වියදම් කිරීමට අපහසු බවයි.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අහෝසි කරන ලෙස අපේක්ෂකයින්ගේ එක් කොටසක් සිය නායකයින්ගෙන් ඉල්ලා ඇති අතර, නාමයෝජනා අහෝසි කළහොත් තවත් ගැටලු උද්ගත වන බව පෙන්වා දෙති. නව සන්ධානයක් සඳහා එකතුවන පක්ෂ එකඟතාවයකින් පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තු සකස් කළහොත්, දැනට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින්ට එකම ලැයිස්තුවෙන් තරඟ කිරීමට සලකා බැලිය යුතුය.

පක්ෂ අතර ඇතිවන එකඟතාව අනුව අපේක්ෂකයින්ගේ ප්‍රතිශතය තීරණය වන නිසා, දැනට නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයින්ගෙන් සලකිය යුතු පිරිසකට තරඟ කිරීමට අවස්ථාව නැතිවීමට ඉඩ ඇත. මේ හේතු මත, පළාත් පාලන අපේක්ෂකයින්ගේ අර්බුදය මේ දිනවල පක්ෂ අභ්‍යන්තරයේ බරපතළ ලෙස සාකච්ඡාවට භාජනය වන බව ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනපති සිහිනයෙන් කළබල වී ඇප මුදල පන්සලේ දාල ඇවිත්

ජනසෙත පෙරමුණේ ලේකම් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද (26) ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණා.

එහෙත් අදාළ ඇප මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය මුදල් උන්වහන්සේ ගෙනවිත් නොමැති බවයි වාර්තා වෙන්නේ.

එම නිසා ඇප මුදල තැන්පත් කිරීමට උන්වහන්සේට නොහැකිවී තිබෙනවා.

එහිදී උන්වහන්සේ සඳහන් කර ඇත්තේ, අදාළ ඇප මුදල එළඹෙන සඳුදා දින රැගෙන පැමිණෙන බවයි.

මහින්දගේ දකුණු අතත් ඔහු හැර යයි.. කුමාරසිරි හෙට්ටිගේ සජිත්ට එක්වෙයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස කටයුතු කරන ලද කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගය හා එක්වී තිබේ.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහු පත්කර ඇත්තේ මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයටයි.

හෙට්ටිගේ මහතා දශක කිහිපයක් තිස්සේම මහින්ද රාජපක්ෂ මහතාට අතිශය සමීපව දේශපාලන කටයුතුවල යෙදුනේය.

ආණ්ඩුව පැරදුනාම සමහර මාධ්‍ය ආයතනවලට මොකක් වෙයිද දන්නෑ.. වහලා දාන්නත් වෙයි..

අද බලයේ ඉන්න අය පැරදුණාම සමහර ජනමාධ්‍යවලට කුමක් වෙයිද දන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

දේශපාලන රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව කීවේය.

‘දැන් අප මේ කතා කරන වේලාවේ බලයේ ඉන්නෙ පරදින අය. සමහර ජනමාධ්‍යයත් ඒගොල්ලන්ගෙයි. පරදින්න ඉන්න අයගෙයි. ඒගොල්ල පැරදුනාට පස්සෙ මේ සමහර ජනමාධ්‍ය ජනතාවගෙ ඒවා බවට පත් වෙනවා. සමහර ඒවට මොනව වෙයිද දන්නෙ නැහැ. වහල දායිද මොකක් වෙයිද දන්නෙ නැහැ. ජනමාධ්‍ය ආයෙ නොකර ඉඳියි ද දන්නෙ නැහැ. ඒ තරම් පච කියන්නෙ සමහර ජනමාධ්‍ය මඟින්. එක මාධ්‍යයක් තිබෙනවා අකුරු දෙකයි තිබෙන්නේ. එකට මඩ ටී.වී. කියන්නත් පුළුවන්. උදේ හිටන් රූ වෙනකල් මඩ’ යැයි ද හෙතෙම කීවේය.

පොලිස්පති ගැන ජනපතිටවත්, මටවත් කරන්න දෙයක් නෑ.. ආයෙත් උසාවියටම යන්න..- කතානායක තීන්දුව දෙයි..

ව්‍යවස්ථා දායක සභාවෙන් පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම අනුමත කිරීමේදී කිසිදු වැරදි ක්‍රියාවලියක් සිදුව නැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

එසේ පත්කරන ලද පුද්ගලයෙකු එම ධුරයෙන් ඉවත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නියමිත ක්‍රියා පටිපාටියක් ඇතැයිද හෙතෙම කියා සිටියි.

එම ක්‍රියාවලියෙන් තොරව ව්‍යවස්ථා සභාවෙන් විධායකයින් නිර්දේශ මත පත්කරන ලද පුද්ගලයෙකු ඉවත් කිරීමට කිසිදු හැකියාවක් නැති බවත් හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම ජනාධිපතිවරයාද මැතිවරණ තත්ත්වය තුළ පොලිස්පතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් කිසිවක් සිදුකළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් තමන්ද පෙර ස්ථාවරයේම සිටින බවද හෙතෙම කියා සිටියේය.

ඒ අනුව පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයකුට අධිකරණයට ගොස් කරුණු විමසීමක් යළි සිදු කළ හැකි බවද හෙතෙම කියා සිටියේය.

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පොලිස්පති ධූරය අත්හිටුවමින් වැඩ බලන පොලිස්පතිරයකු පත් කරගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායකවරයා මෙම මේ බව පැවසීය.

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා