Home Blog Page 7

වැඩ බලන පොලිස්පති කෙනෙක් පත් කරන්නෑ..- ජනපති දන්වයි..

ජනාධිපතිවරණ කාලසීමාව තුළ සති දෙකකට වරක් වැඩ දෙන බලන පොලිස්පතිවකු පත් කිරීමට සිදුවුවහොත් එම කරුණු මත පදනම තමන්ට එරෙහිව මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි යයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබේ.

ඒ අනුව තමන් මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටි බව ජනාධිපතිවරයා විසින් කතානායකවරයාට දැනුම් දී තිබේ.

මේ අතර පොලිස්පති ධුරයේ තනතුරු පුරප්පාඩුවක් සිදුවී නොමැති බවට ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී ඇතැයි වාර්තා වෙයි.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස්පති ධුරය පුරප්පාඩු වී නැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නැති බවටද උපදෙස් ලැබී තිබේ.

අධිකරණ තීන්දුව අනුව සිදුව ඇත්තේ පොලිස්පතිවරයාට රාජකාරී කරගෙන යාමේ බාධාවක් පමණක් යයිද නීති අංශවල අදහසයි.

ජනාධිපතිවරණයට කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි දාන්න යයි.

මෙවර ජනාධිපතිවරණයේදී ද කාඩ් බෝඩ් වලින් සකස් කරන ලද ඡන්ද පෙට්ටි භාවිත කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දැනට තිබෙන ලී ඡන්ද පෙට්ටි සංඛ්‍යාව සහ ඒ ඒ කාර්යාල සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සංඛ්‍යාව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව මේ වනවිට තොරතුරු ලබා ගනිමින් සිටින බව එහි සභාපති අර්.එම්.ඒ.එල්.රත්නායක පැවසීය.

අවශ්‍ය ඡන්ද පෙට්ටි සංඛ්‍යාවේන් මදිවන සංඛ්‍යාව සඳහා කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි යොදා ගැනීම සම්බන්ධව ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු කීවේය.

කාඩ් බෝඩ් වලින් සකස් කරන ලද ඡන්ද පෙට්ටි මුල් වරට භාවිතා කරනු ලැබූවේ ඉකුත් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයේදීය. එම ඡනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටි 3,000 ක් මිලදී ගෙන තිබුණි.

ජූලි 24 රෑ අහසේ සිදුවන වෙනස.

සෙනසුරු, චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය ජූලි 24 වනදා ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වනු ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

මෙය දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් බවත් ජූලි 24 මධ්‍යම රාත්‍රියෙන් පසුව ජූලි 25 වනදා පෙරවරු 00.40ට පමණ සඳ දෙස බැලීමෙන් එම සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි

එම සංසිද්ධිය දුරේක්ෂයක් හෝ දුරදක්නයක් ආධාරයෙන් වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකිවන අතර එක් ආකාශ වස්තුවක් තවත් ආකාශ වස්තුවක් ඉදිරියෙන් ගමන් කිරීම නිසා එහි දර්ශනය අවහිර වීමෙන් මෙවන් සංසිද්ධියක් සිදුවේ.

චන්ද්‍රයා, සෙනසුරු ග්‍රහලෝකය ඉදිරියෙන් ගමන් කරන විට එය පෘථිවියට නොපෙනී ගොස්, ආසන්න වශයෙන් පැය එකයි මිනිත්තු විස්සක් පමණ චන්ද්‍රයාගෙන් වැසී පවතියි.

එම සංසිද්ධිය පෘථිවියේ ඇතැම් ප්‍රදේශවලට පමණක් දැකගත හැකිවන අතර නැවත වරක් මෙවැනි සංසිද්ධිය ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන්නේ 2037 අප්‍රේල් 24 වනදා බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

ශ්‍රී ලංකා විවිධ ප්‍රදේශවලට එම සිදුවීම දර්ශනය වන වේලාවන් සුළු වශයෙන් වෙනස් වන අතර එම වේලාවන් පහතින් දැක්වෙයි.

රැකියාව නිසා අතරමග නතර වෙන්න සිද්ධ වුණා.

උපේකා රවිහාරි රණසිංහ කියලා කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක්. දෙවෙනි ඉනිම සීසන් 01 ටෙලි නාට්‍යයේ ලිහිණිගේ චරිතයට පණදුන් ශලිනි අතරමගදී ඒ චරිතයෙන් ඉවත්වුණා කියලා අපි හැමෝම දන්නවනේ.

ඉන් පසුව උපේකා තමයි ලිහිණිගේ චරිතයට පණ දුන්නේ. ඒත් කවුරුත් නොහිතූ විදිහට දෙවෙනි ඉනිම සීසන් වන් එකෙන් පසුව උපේකත් ලිහිණිගේ චරිතයට සමු දුන්නා. ඒත් දෙරණ නාළිකාවේම විකාශය වන ප්‍රාර්ථනා ටෙලි නාට්‍යය නිසා දැන් පළවෙනි ලිහිණිට දෙවෙනි ලිහිණි නිතරම මුණගැහෙනවාලු. ඒ ගැන උපේකා අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“ප්‍රාර්ථනා ටෙලි නාට්‍යය මේ දවස්වල අතිශයින් ජනප්‍රියයි. ඇත්තටම ඒක ලස්සන කතාවක්. ඒ වගේම මේ ටෙලි නාට්‍යය මට විශේෂයි. ප්‍රාර්ථනා ටෙලි නාට්‍යය නිසා මට දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ලිහිණිගේ චරිතයට පණ දුන්න ශලිනිව ඇත්තටම මුණ ගැහුණා. කාලයක් ඇය කළ ලිහිණිගේ චරිතයේ ඉතිරි කොටස මමත් කළානේ. ශලිනි මුණ ගැසීම වගේම ඇය සමග වැඩ කරන්න ලැබීම සතුටක්. පළවෙනි ලිහිණි හා දෙවෙනි ලිහිණි එකම ටෙලිනාට්‍යකදී මුණ ගැහෙනවා කියන්නේ අනපේක්ෂිත දෙයක්. අනපේක්ෂිත වුණත් දැන් මම ඇයගේ නංගි විදිහට ප්‍රාර්ථනා ටෙලි නාට්‍යයේ රඟපානවා. ටෙලි නාට්‍යයට වගේම මගේ චරිතයටත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලිහිණිලා දෙන්නම එකම කතාවක ඉන්නවා කියලා සමහරු කියනවා. ඉතින් ලැබෙන ප්‍රතිචාර ගැන හරිම සතුටුයි.”

රාජ්‍ය සේවකයින්ගේ වැටුප දැනෙන ගාණකින් වැඩි කරන්න යයි. ලබන මාසේ සිට ක්‍රියාත්මක වෙන ලකුණු

විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 5000කින් ඉහළ දැමීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙරට ජාතික පුවත්පතක් සඳහන් කළේ, එය ලබන මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති බවයි.

ඒ අනුව පසුගියදා ඉහළ දැමූ රුපියල් 10,000ක දීමනාව ද සමඟ රුපියල් 15,000ක් සෑම සේවකයකුටම හිමි වනු ඇති.

රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ සමාලෝචනය කර ලබන වසරේ සිට ඔවුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා කමිටුවක් ද පත් කර තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම කමිටුවට යෝජනා කර ඇත්තේ, ජනාධිපතිවරණයට පෙර මෙම වසරේ වැටුප් වැඩි කළ යුතු බවටයි.

ඊට මුදල් අමාත්‍යංශය සිය විරෝධය ප්‍රකාශ කර ඇති බව ද සඳහන්.