Fri. Sep 20th, 2024

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සදහා අද (12) දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

රජය විසින් ක්‍රියාත්මක මෙම විශේෂ ප්‍රවාහන සැළැස්ම යටතේ අතිරේක බස් රථ ගමන් වාර 700ක් සහ අමතර දුම්රිය ගමන්වාර 12 ක් ධාවනයට එක් කර තිබෙනවා.

මගී අවශ්‍යතාව අනුව තවත් අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට සැළසුම් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන්. ජේ. ඉඳිපොළගේ කියා සිටියේ.

පෞද්ගලික බස් රථද අද ධාවනයට එක් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

එමෙන් සියලු අධිවේගී මාර්ගවල අතිරේක බස් රථ ගමන් වාර 150ක් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන කියා සිටියා.

මීට අමතරව මගීන්ට ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් සඳහන් කළේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *