Sun. Sep 8th, 2024

අපි කවුරුත් උත්සාහ ගන්නේ ජීවිත වාසනාවන්ත කරගන්න.. ඇයටත් තියෙන්න ඇත්තේ ඒ අරමුණම විතරයි..

ඒ වෙනුවෙන් එමාෂි අවියක් කරගන්නේ කාටවත් සොරකම් කරන්න බැරි ඇය සතු අධ්‍යාපනයයි..

ඒ නිසාවෙන් ඇය කැනඩාවට යන්න තීරණය කරනවා.. ඒ අනුව කැනඩා කොන්කෝඩියා විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ දර්ශනපති පශ්චාත් උපාධිය හදාරන්න ඇය පටන්ගන්නේ අන්න ඒ අනුවයි..

ඇය කැනඩා කොන්කෝඩියා සරසවියේ තම උපාධිය හදාරමින් සිටින අතරතුරදී අත්විඳින්නට සිදුවුණේ කිසිවෙකුත් කිසිදා නොසිතූ ඉරණමක්..

කුරුණෑගල දොරටියාව, මල්ලවපිටිය පදිංචිව සිටි 29 හැවිරිදි ඩබ්ලිව්. එම්. එමාෂා විජේසිංහ නැමති විවාහක තරුණියට මෙලෙස නොසිතූ ලෙස ජීවිතයෙන් සමුගන්නට සිදු වෙන්නේ ඇගේ උසස් අධ්‍යාපනය අතරතුරයි…

උදරයේ ඇතිව තිබූ දරුණු පිළිකා තත්ත්වයක් හේතුවෙන් ඇය මෙලෙස මියගොස් තිබෙනවා.. මෙම සිසුවිය තම සැමියා සමග ශ්‍රී ලංකාවට පැමිණ මෙරටදීද පිළිකාව සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ..

වයඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර ඇය පේරාදෙණිය සරසවියේ උපාධිධාරිණියක්.. 2023 කැනඩාවේ කොන්කෝඩියා සරසවියට ඇතුල් වී ඇති එමාෂා තම රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග නැවත මෙම වසර මැදදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවටයි වාර්තා වෙන්නේ..

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *