ඡන්දය කල්දැමීමට එරෙහි පෙත්සම් විභාගය කල් දමයි.

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සම් විභාගය කල් දමා තිබෙනවා.

මේ මස 29 වනදා දක්වා එය කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළ බව සඳහන්.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ගාමිණී අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

කෙසේ වෙතත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද දින නිසියාකාරව සංයුක්ත වී නොමැති වීම ඊට හේතුව බව සඳහන්.

2023 වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම අත්තනෝමතික ලෙස කල් දැමීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *