තවත් රාජ්‍ය නායකයෙක් ගමන්ගත් යානයක් අතුරුදන්.

Chilima

ඒ පිළිබඳව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මලාවි රාජ්‍යයේ ආරක්ෂක බළකායට අයත් ගුවන් යානය ඊයේ (10) උදෑසන ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත්ව ගිය පසුරේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගිය බව එම නිවේදනයේ සඳහන් වනවා.

අදාළ ගුවන් යානය ගොඩබෑමට නියමිතව තිබුණේ Mzuzu ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙතයි.

මලාවි රාජ්‍යයේ ජනාධිපති Lazarus Chakwera පැවසුවේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

සොල්දාදුවන් තවමත් භූමියේ සෝදිසි කිරීම් සිදුකරන අතර යානය සොයා ගන්නා තෙක් මෙහෙයුම දිගටම කරගෙන යා යුතු බවට ජනාධිපතිවරයා නියෝග දැඩි කර තිබෙනවා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ එය හදවත කම්පා කරවන දෙයක් බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *