CID නිලධාරීන් ලෙස පෙනී සිට කෝටියක අල්ලස් ගත් 04ක් අත්අඩංගුවට.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත අදාළ සැකකරුවන්ව ඊයේ (29) පස්වරු 3.30ට පමණ කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ.

කොල්ලුපිටියේ පිහිටි නිවසක් පරීක්ෂාකර පැමිණිලිකරුට අයත් රුපියල් 12,000,000ක් සහ ඩොලර් 3,500ක් අදාළ සැකකරුවන් විසින් රැගෙන ගොස් තිබෙනවා.

පැමිණිලිකරුට විරුද්ධව විමර්ශනයක් පවතින බව සඳහන් කරමින් ඔවුන් එම මුදල් රැගෙන ගොස් ඇති අතර පසුව අදාළ සැකකරුවන් පැමිණ එම නිවසේ සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රය ද රැගෙන ගොස් ඇති බව සඳහන්.

ඉන් අනතුරුව පැමිණිකරුට දුරකථනයෙන් ඇමතුමක් ලබාදී ඔහුට විරුද්ධව සිදුකෙරෙන විමර්ශනයට උදව් කිරීමට සහ රැගෙන යන ලද විදේශ ගමන් බලපත්‍රය නැවත ලබාදීමට රුපියල් කෝටි 4ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති අතර පසුව එම මුදල කෝටි 3 හමාරක් දක්වා අඩුකර මුල් කොටස ලෙස රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙනවා.

එහිදී සිදුකළ පැමිණිල්ල මත අදාළ මුදල අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් හා එක් සැකකාරියක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අදාල සැකකරුවන් අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *