ගොනාකෝවිලේ රොහා අල්ලන්න පත්ලෙන්ම පොලිසියට මුදල්..?

පාතාල කල්ලි නායක හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදුන් පොලිස් පරීක්ෂකවරයා, රොහාගේ ප්‍රතිවාදියෙකු වන කුඩු අංජු නැමැත්තාගෙන් රුපියල් ලක්ෂ 350ක මුදලක් ලබාගෙන ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟිනි.

2020 වසරේ සැප්තැම්බර් මස 24 වනදා පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී පාතාල කල්ලි නායක හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා ජීවිතක්ෂයට පත්වුණා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය එම ස්ථානයට ගොස් තිබුණේ පද්මලාල් නමැති පොලිස් පරීක්ෂකවරයාගෙන් ලද තොරතුරකට අනුවය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *