Sun. Sep 8th, 2024

පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය ක්ලබ් වසන්ත නමැත්තාගේ බිරිඳ තවදුරටත් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය තරමක්දුරට යහපත් තත්ත්වයකට පැමිණ ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මීට පෙර ඇයව සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට පියවර ගත් බවට ද තොරතුරු වාර්තා වුණා‌.

ටැටු මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය ඇයගේ සැමියා ඉලක්ක කර සිදු කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහු ඇතුළු තවත් අයෙක් මිය ගියා.

බරපතළ තුවාල ලබා සිටි මැණික් විජේවර්ධන කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගත්තේ.

ඉන් අනතුරුව ඇය සැත්කම් තුනකට යොමු කළ බව සඳහන්.

එහි දී ඇයගේ පපු ප්‍රදේශයේ තිබූ වෙඩි උණ්ඩ ශල්‍යකර්මයකින් ඉවත් කිරීමටයි වෛද්‍යවරුන් කටයුතු කළේ.

මේ අතර නන්නාඳුන පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් පසුගියදා දිනක ඇයට මල්වඩමක් යවා ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

ඒ අනුව එම සිද්ධියෙන් පසු රෝහල අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණා.

මේ අතර අදාළ වෙඩි තැබීමෙන් මිය ගිය සෙසු පුද්ගලයා වන්නේ, ගායන ශිල්පිනි කේ.සුජීවාගේ සැමියා වන නයන වාසුල නැමත්තායි.

අදාළ වැටු මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා ක්ලබ් වසන්ත, ඔහුගේ බිරිඳ, ගායන ශිල්පිනි කේ.සුජීවා සහ ඇයගේ සැමියා සහභාගී වුණා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *