කොළඹ නල ජලය නිසා පාචනය හා වමනය ද ?

0
110

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් බෙදා හරින ජලය පානය කිරීමෙන් කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට පාචනය හා වමනය යන රෝග තත්ත්වයන් වැලඳී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම මණ්ඩලය පවසනවා.

ජනතාවට පානීය ජලය සපයනු ලබන්නේ නිසි ක්‍රමවේදයෙන් යටතේ සිදුකරන පිරිපහදු ක්‍රියාවලියකින් අනතුරුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ජලය පවිත්‍රකරණයෙන් පසුව නිරන්තරයෙන් රසායනාගාර පරීක්ෂණයකට භාජනය කරන බැවින් එම ජලය ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල බවත් ගංවතුර සමඟ කුමන ජලය පැමිණියත් අදාළ පිරිසිදු කිරීම් සිදු කර ප්‍රමිතියෙන් යුතු පානීය ජලය සපයන බැවින් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here