මෛත්‍රීට ‘කොළඹම’ අහිමිවන ලකුණු – ‘අත’ සජිත් අතට

කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් බහුතරය සමගි ජන බලවේගයට සහ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා තීරණය කර තිබෙනවා.

මිට පෙර බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා ද සමගි ජන බලවේගයට එක්වුණා.

ඉදිරියේ දී හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රිආරච්චි , හිටපු නගරාධිපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම් රණවක ඇතුළු පිරිසද තනිව හෝ වෙනත් සංවිධානයක් ලෙස සමගි ජන බලවේගය සමග එක්වීමට තීරණය කර ඇති බවයි සංවිධායකවරුන් පිරිසක් paththare.com වෙබ් අඩවියට සඳහන් කළේ.

ඒ අනුව නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධානින් බහුතරය ඉවත්ව යන බවයි ඔවුන් paththare.com වෙත සඳහන් කළේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *