ජුනි 27 සහ සැප්තැම්බර් 10 තීරණාත්මකයි: ජනාධිපති විවාදවලට දින නියම වේ.

0
66

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට පෙර විවාද දෙකකට එකඟ වී තිබෙනවා.

ඒ අනුව පළමු විවාදය ජූනි 27 වන දින CNN හි විකාශය වන බව කේබල් ප්‍රවෘත්ති ජාලය නිවේදනය කර ඇති අතර විවාදය සජීවී ප්‍රේක්ෂකයින් නොමැතිව ඇට්ලන්ටා චිත්‍රාගාරයකින් විකාශනය කෙරෙන බව සඳහන්.

ABC රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාව පවසා ඇත්තේ එය සැප්තැම්බර් 10 වන දින දෙවන ජනාධිපති විවාදය ප්‍රේක්ෂකයන්ගෙන් තොර චිත්‍රාගාරයක පවත්වනු ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් යන දෙදෙනාම එහිදී ධවල මන්දිරය ජයග්‍රහණය කිරීම සඳහා තරඟයේදී තීරණාත්මක විවාදයක් පවත්වනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here