දේවස්ථාන 2239ක් වෙනුවෙන් පොලිසිය සුදානම්.

ශ්‍රී ලංකාව පුරා පොලිස් වසම්වල පිහිටා තිබෙන කිතුනු දේවස්ථාන 2978කින් දේවස්ථාන 2239ක් මහ සිකුරාදා (29) සහ පාස්කු ඉරිදා (31) දිනය සඳහා සුදානමින් සිටිනවා.

ඒ සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා පොලිසිය ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ.

එම බැතිමතුන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති අතර පොලිස් නිලධාරීන් , විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ බුද්ධි නිලධාරින් ඒ සඳහා යොදා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ

දේව මෙහෙයන් ආරම්භ කිරීමට පෙර පරිශ්‍රයන් බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි පරීක්ෂාවකට ලක් කිරීම සිදු කිරීමටත් පැමිණෙන පුද්ගලයන් හා ගමන් මලු පරීක්ෂාවකට ලක්කොට සුදුසු පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමටත් පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදී තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *