දිවි ගැලවුණු ධීවරයින් දෙදෙනා “වෙළෙඳ නෞකාවක් මගින්” බේරාගෙන – ඉතිරි පිරිස මිය ගිහින්.

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් මත්පැන් බව සිතා පානය කිරීමෙන් රෝගීවූ ධීවරයින් දෙදෙනා සිංගප්පුරු ධජය යටතේ ගමන්කරන වෙළෙඳ නෞකාවක් මගින් බේරාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරනවා.

ඔවුන් සමග සිටි ධීවරයින් 6 දෙනාගෙන් සිව් දෙනෙක් මේවන විට ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බේරාගත් ධීවරයින් දෙදෙනාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාවට භාරදීමට නියමිතයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *